Breaking
6 Feb 2025, Thu

රටේ ආර්ථිකය චකබ්ලාස් වේ -රුපියල් කෝටි 5000ක මුදල් නොට්ටු අච්චු ගසයි

රුපියල් කෝටි 5000ක මුදල් නොට්ටු මුද්‍රණය කිරිමට මහාභාණ්ඩාගාරය සුදානමින් සිටින බව වාර්තා වේ.ගෙවිගිය දින 150ක කාලය තුල රටේ ආර්ථිකය මෙහෙයවිමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව අසමත් විමත්,මහා බැංකු බැදුම්කර හරහා කෝටි 4500ක් ඉක්මවා වංචාවක් සිදුවිම,අනිකුත් අමාත්‍යාංශය හරහා සිදුවන විශාල පරිමාණයේ දුෂණ  සහ ආයෝජකයන් රටේ ආර්ථික දායකත්වයෙන් ඉවත්විම රටේ ආර්ථික අර්බුදයට මුලිකම හේතුව වි තිබේ.

මේ හේතුවෙන් රජයේ වියදම් දැරීමට අවශ්‍ය මුදල් නොමැති වීම නිසා සල්ලි අච්චු ගැසීමට සූදානම් වන බව මහාභාණ්ඩාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

රටක මුදල නිකුත් කරණු ලබන්නේ ජාතික ආදායම් ඉපයීමට සමාන්තරව වන අතර, රජයන් මුහුණ දෙන මූල්‍ය අර්බුදවලට තාවකාලික පිළියම් වශයෙන් ජාතික නිෂ්පාදිතයක් නොමැතිව අතිරික්ත මුදල් අච්චු ගසා රජයේ වියදම් දැරීමට යොදා ගැනීම ”සල්ලි අච්චු ගැසීම”යනුවෙන් සාමාන්‍ය ව්‍යාපාරයට නැගී ඇත.

මේ ආකාරයට සල්ලි අච්චු ගැසීම නිසා රට තුළ භාණ්ඩ හා සේවාවන්ගේ මිල වේගයෙන් ඉහළ යන අතර, විදේශ විනිමය ගනුදෙනුවලදී අදාළ මුදල් ඒකකය බිඳ වැටීමද සිදුවේ. මේ වන විට ද රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂ්ව පසුගිය මාස දෙක තුළ සියයට තුනකින් පමණ (රුපියල් 5/=කින් පමණ) කඩා වැටී ඇත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මේ වන විට ඩොලරය රුපියල් 130/= සිට රුපියල් 135/= දක්වා වී ඇත. රජය සල්ලි අච්චු ගැසුවහොත් ඩොලරය රුපියල් 140/= ඉක්මවා යනු ඇතැයි පුරෝකථනය කර තිබේ.

මේ අතර පසුගිය සතියේ ශී‍්‍ර ලංකා මහ බැංකුව ජාත්‍යන්තර සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමකින් ඩොලර් මිලියන 998ක් (රු:මිලියන 130000ක්) පමණ වූ විදේශීය ණය මුදලක් ලබාගත් අතර, ගෙවී යන සතිය තුළ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන් රුපියල් මිලියන 22000ක කෙටිකාලීන ණය මුදලක දේශීය වශයෙන් ද ලබාගෙන තිබේ.

මෙම  2015වසරේ මුල් සිවි මාස තුළදී රජය විසින් ලබාගත් ණය ප්‍රමාණය මුළු දේශීය ණය ලබාගැනීම රුපියල් බිලියන 526.2 ක්  බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට වාර්තා කර තිබේ.මීට අමතරව, මෙම කාල සීමාවේදී විදේශ ණය ලෙස ලබාගෙන තිබෙන ප්‍රමාණය රුපියල් බිලියන 158ක් .

මේ අනුව, මෙම මාස 4 තුලදි  භාණ්ඩාගාර බැඳුම්කර (Treasury Bonds) වලින් රුපියල් බිලියන 311.7ක්ද, භාණ්ඩාගාර බිල්පත් (Treasury Bills) වලින් රුපියල් බිලියන 83.6ක්ද, ශ්‍රී ලංකා සංවර්ධන බැංඳුම්කර (Sri Lanka Development Bonds) වලින් රුපියල් බිලියන 113.5ක්ද, ශ්‍රී ලංකා මහ බැංකු අත්තිකාරම් (Central bank advances) වලින් රුපියල් බිලියන 09ක්ද, බැංකු අයිරා (Bank overdrafts) වලින් රුපියල් බිලියන 8.2ක්ද, ලබාගෙන තිබේ.

2015 ජූනි 8දා බලයට පැමින යන්තම් මාස හයක් ගත වන විට, එක්සත් ජාතික පක්ෂයේ සුලුතර ආන්ඩුව, භාන්ඩාගාර බිල්පත් හා බැඳුම්කර හරහා රුපියල් බිලියන 378 (ඇ. ඩොලර් බිලියන 2.8) ක් නයට ගෙන ඇති අතර, එය පසුගිය මුලු වර්ෂය සඳහා එකතුව වූ රුපියල් බිලියන 260ට වඩා වැඩිය. ඊට අමතරව, වසරකට සියයට 5.26 ක පොලී අනුපාතයකට දස අවුරුදු ස්වෛරී සහ සංවර්ධන බැඳුම්කර නිකුත් කරමින් රජය ගිය සතියේදී ඇමරිකානු ඩොලර් බිලියන 1 නය ලබා ගත්තේය.

මැයි 29 දා පැවති මාධ්‍ය හමුවකදී, මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍ර‍න් හා මුදල් ඇමති රවි කරුනානායක පාරම් බෑවේ, කෙටි කාලයක් තුල බැඳුම්කර අලෙවි කිරීමට හැකිවීම, “ආන්ඩුව කෙරෙහි ඇති විශ්වාසනීයභාවය ගැන ප‍්‍රකාශනයක්” බවය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.