Breaking
23 Feb 2025, Sun

මහින්ද පාලනය ගැන බොරු කියමින් රටේ සල්ලි බිලියන 50කට රනිල් කෙලවලා -පච රනිල් ගැන මහින්දගෙන් නිවේදනයක්

මාගේ පාලන සමයේ රජයේ මුදල් අවභාවිතය ගැන සාවද්‍ය ප‍්‍රචාර ගෙන යන අතර වත්මන් අණ්ඩුව භණාඩාගාර බැදුම්කර මගඩියක් හරහා රටට බිලියන 50ක පාඩුවක් දැනටම සිදුකොට ඇති බවත් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගෙන් හරි අඩක් අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවකට අත්සන් කොට තිබේ. වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායේ මුලූ ඉතිහාසය පුරාම මෙතරම් විශාල මන්ත‍්‍රීවරු ප‍්‍රතිශතයක් විශ්වාස භංග යෝජනාවකට අත්සන් තැබූ මුල් අවස්ථාව මෙය විය හැකි බවද නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි.

අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව.

පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගෙන් හරි අඩක් අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවකට අත්සන් කොට තිබේ. වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායේ මුලූ ඉතිහාසය පුරාම මෙතරම් විශාල මන්ත‍්‍රීවරු ප‍්‍රතිශතයක් විශ්වාස භංග යෝජනාවකට අත්සන් තැබූ මුල් අවස්ථාව මෙය විය හැක. මෙවන් තත්වයක් උද්ගත වීම ගැන මම මවිත නොවන්නේ මේ ආණ්ඩුවේ සදාචාර විරෝධී හැසිරීම මමද සෘජුවම අත්දැක තිබෙන නිසාය. මීට සතියකට පමණ පෙර මහා මාර්ග අමාත්‍යංශය විසින් ණයට ගත් රුපියල් බිලියන 28 ක මුදලක් මහාමාර්ග තැනීමට නොව හෙලිකොප්ටර් ගමන් යෑමට හා දන්සැල් පැවැත්වීම වැනි වෙනත් කටයුතු සඳහා මා විසින් අවභාවිතයට ලක් කර තිබෙන බව අගමැතිවරයා මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කර සිටියේය.

නමුත් මහාමාර්ග අමාත්‍යංශයේ ලියවිලි වලින් ජාතික ඉතිරිකිරිමේ බැංකුවෙන් ලබා ගත් මෙම කෙටි කාලීන ණය මුදල වියදම් වූ ආකාරය පැහැදිලි වෙයි. ඉන් රුපියල් බිලියන 6.5 ක් වැය කොට තිබුණේ පිටත වටරවුම් මාරගය හා ”එක්සත් රාජධානියේ යකඩ පාලම් ව්‍යාපෘතිය” ඇතුලූ විදේශීය මූල්‍ය ප‍්‍රතිපාදන මත ඉදි කෙරෙන ව්‍යාපෘති 22 ක දේශීය පංගුව ගෙවීමටය. තවත් රුපියල් බිලියන 14 ක් මාර්ග පළල් කිරීම හා වැඩිදියුණු කිරීමටත්, රුපියල් බිලියන 4 ක් පාලම් නඩත්තුව හා අලූත්වැඩියාවටත්, අවසන් බිලියන් 3.7 මගනැගුම ග‍්‍රාමීය මාර්ග ව්‍යාපෘතිය සඳහාත් යොදවා ඇත. මේ බිලියන 28 ක මුදල මහා මාර්ග වලට නොව වෙනත් කටයුතු වලට අවභාවිත කර තිබෙනවා යැයි අගමැතිවැයා කී කතාව සම්පූර්ණ මුසාවකි.

මාගේ පාලන සමයේ රජයේ මුදල් අවභාවිතය ගැන සාවද්‍ය ප‍්‍රචාර ගෙන යන අතර වත්මන් අණ්ඩුව භණාඩාගාර බැදුම්කර මගඩියක් හරහා රටට බිලියන 50ක පාඩුවක් දැනටම සිදුකොට ඇත. මේ අතරතුර මෑතකදී පිහිටුවන ලද කැබිනට් අනු කමිටුවකට සෘජුවම වගකියන ”ගෙස්ටාපෝ” තාලයේ පොලිස් ඒකකය හරහා මේ ආණ්ඩුව තම දේශපාලන විරුද්ධවාදීන් බන්ධනාගාර ගත කරමින් සිටී. වත්මන් අණ්ඩුව යටතේ සිදු කෙරෙන බොරු ප‍්‍රචාර, මහා පරිමාණ දුෂනය හා පෙර නොවූ විරූ ආකාරයේ දේශපාලන විරුද්ධවාදීන් දඩයම මේ ෙඓතිහාසික විශ්වාස භංග යෝජනාවට හේතුවී ඇත.

මහින්ද රාජපක්‍ෂ
හිටපු ජනාධිපති     

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.