Breaking
24 Feb 2025, Mon

මෙදා පාර උපරිම ආසන 60යි – සජිත්ව බිල්ලට දෙමු

මහා මැතිවරණයේ ලැබෙන අන්ත පරාජ සමග අනිවාර්යයෙන් තමන්ට පාක්ෂිකයන් එලවා පහරදෙන බැවින් මහා මැතිවරණයේ අගමැති අපේක්ෂකත්වයට වෙනත් කෙනෙකු නම් කිරිමට මේ වනවිට රනිල් වික්‍රමසිංහගේ කොලු රැන කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය සියලුම බලයන් යොදවා තරග කලත් ආසන 60ක් ඉක්ම විම ඉතාමත් අපහසු මට්ටමක පවතින බව ඊයේ රාත්‍රීයේ වික්‍රමසිංහ මහතාගේ නිවසේ රැස්වු කණ්ඩායම පෙන්වා දි තිබේ.
ගෙවුනු දින කිහිපයම තුල රාජ්‍ය බලය යොදා ගනිමින් ආසන මට්ටමින් මෙම සමික්ෂණය කර ඇති අතර දෙමළ හා මුස්ලිම් ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක් පක්ෂයට අහිමි වි ඇති බවද එම වාර්තා පෙන්වා දි තිබේ.
ඒ අනුව අගමැති තනතුර සදහා වෙනත් අයෙකු නම්කොට මෙම මැතිවරණයට ඉදිරිපත් කිරිම නුවණට හුරුබව රනිල් වාදින් පෙන්වා දි තිබේ.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මේ වනවිට නම් කොට ඇතත් එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රී කණ්ඩායමක් විසින් ඒ සදහා සජිත් ප්‍රේමදාස යෙදවීම සදහා සැලසුමක් සකස් කරමින් පවතින බවට තොරතුරු වාර්තාවේ.
පොදු අපේක්ෂකත්වය සදහා නම් කිහිපයක් යොජනා වි ඇති අතර රනිල්ට ප්‍රභලම අභියෝගයක් වන  සජිත් ප්‍රේමදාස බිල්ලට දිම සදහා සුදානම් වන බවයි වාර්තා වන්නේ.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා හෙට විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.හෙට පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කිරීමට නියමිතයි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.