Breaking
23 Feb 2025, Sun

යහපාලන කාලය තුල 64 වතාවක් යට ඇදුමෙන් රත්තරං ඇද්ද රත්තරං කාගේද?

ඩුබායි සිට තම යට ඇඳුමේ සඟවාගෙන රත්තරන් කිලෝ දහයක් ශ්‍රී ලංකාවට  ගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන්  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත්  ගණකාධිකාරීවරියක් ලෙස තම ගුවන් ගමන් බලපත්‍රයේ සදහන් කර තිබුනද ඇය කිසිම ආයතනයක එවැනි තනතුරක් දරා නෑ.

කාන්තාව එම රත්තරන් තොගය සමග කොළඹ රේගු මධ්‍යම විමර්ශණ ඒකකයට බාර දෙන ලෙස ඉහළින් ආ  නියෝගයක් නිසා ගුවන්තොටුපොළ රේගුව මගින් කරගෙන ගිය රේගු පරික්ෂණය අතරමග නවතා දැමීමට සිදු වු බව වාර්ථා වෙයි.

අලුයම 1.10ට පමණ ගුවන්තොටුපොළට පැමිණි එන්.එක්ස්. 567 දරන ගුවන්යානයෙන් පැමිණි මේ කාන්තාව 31 හැවිරිදි වර්ණා බහරු යන නාමයෙන් හැදින්වෙන ඇය යහපාලනය ආරම්භ වු දිනට දින 5කට පසු සිට මේ වන විට ඩුබායි ගොස් ඇති වාර ගණන 64ක් වේ.

සාමාන්‍යයෙන්   නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට උත්සහ කර ගුවන්තොටුපොළේදී රේගුව මගින්  අත් අඩංගුවට ගනු ලැබු රත්තරන් වැනි භාණ්ඩ ගෙන ආ තැනැත්තා තමන් එය ගෙන ආ බවට වරද පිළිගනීනම් ගුවන්තොටුපොළේදීම  එම භාණ්ඩ  රාජසන්තක කර දඩ මුදලක් නියම කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වෙයි. එසේ  උවත්  මෙම රත්තරන් තොගය මධ්‍යම විමර්ශණ ඒකකයට බාර දීමට හදිසියේ ඉහළින්  නියෝගයක් ලැබීම නිසා යම් මත බේදාත්මක වාරතාවරණයක් රේගු නිලධාරීන් තුළ ඇති වී තිබිණි.

අතිරේක රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ දැනුම්දිමක් මත ඇය මධ්‍යම විමර්ශණ ඒකකයට රැගෙන යැම පසුපස ඇති රහස අනාවරණය වී තිබේ.අදාළ අතිරේක රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සහ ඇය අතර කාලයක සිට පවතින අනියම් සබඳතාවය සහ ඇය සමග මෙම ජාවාරමේ යෙදෙන යහපාලන රජයේ ප්‍රබලම අමාත්‍යවරයා පිළිබඳව මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.ඔහු කවුරුන්ද යන්න අප ඉතා ඉක්මනින්ම අනාවරණය කිරිමට සුදානම්.

විශේෂ ලියුම්කරු 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.