Featured

ශ්‍රීලනීප ප්‍රභලයන් ගැන වහාම පරික්ෂණ -ඇමති සාගලගෙන් FCID,CIDට නියෝග

මෙම දූෂනය සම්බන්ධයෙන් FCID ය වෙත පැමිණිලි කරන ලද නමුත් අද දක්වා ඒවා විභාගයට ගෙන නැත. කිසියම් දේශපාලන බලධාරියෙක් මෙය යට ගන්න යැයි බලපෑම් කරනවා විය හැකි වුවද පසුගිය සිකුරාදා නීතිය හා සාමය පිලිබඳ ඇමැති සාගල රත්නායක මහතා FCID යේ සහ CID යේ ලොක්කන් කැඳවා නියෝග කෙළේ දැනට ලැබී තිබෙන කිසිදු පැමිණිල්ලක් ගැන පරීක්ෂණ පැවැත්වීම් නතර නොකරන ලෙසය. කිසිදු ෆයිලයක් කවුරු කීවත් වසා නොදමන ලෙසය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අමාත්‍යධුර දරණ අය මෙන්ම ශ්‍රීලනිපය නියෝජනය කරමින් යහපාලන ආණ්ඩුව නියෝජනය කරන ඔනැම අයෙකු වෙනුවෙ ඉදිරිපත් වි ඇති චොදනා සම්බන්ධයෙන් වහාම පරික්ෂණ සිදුකරන ලෙස නීතිය හා සාමය පිලිබඳ ඇමැති සාගල රත්නායක මහතා FCID යේ සහ CID යේ ලොක්කන් කැඳවා නියෝග කර ඇති බව අප දේශපාලන වාර්තකරු අනාවරණය කළා.පසුගියදා අරලියගහ මන්දිරයට මෙම් නිළධාරීන් කැදවා ඇති අතර එම අවස්ථාවට යහපාලන හුරතලා අන් පොලිස්පති පුජිත් ජයසුන්දරද සහභාගි වි තිබේ.

මෙහිදි FCID යේ සහ CID යේ ලොක්කන් පෙන්වා හි ඇත්තේ ශ්‍රීලනිප ප්‍රබලයන් සම්බන්ධයෙන් ඇති චොදනා පිළිබඳව සාක්ෂි ඔනෑවටත් වඩා තිබුනද ආණ්ඩුවේ ඉහල තැන්වලින් සිදුකරන බලපෑම් හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකිරිමට දැඩි ලෙස් බාධාවන් එල්ල වෙමින් තිබේන බවයි.

රාජිත සේනාරත්න ඇමැතිවරයා ධීවර ඇමැති ධූරය දැරූ යුගයේ සිදුවූ බරපතල දූෂණයක් ගැන FCIDයට ලැබි ඇති පැමිණිල්ල ගැනද එහිදි වැඩිපුර අවධානය යොමුවි ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉක්මන් පරික්ෂණ අරඹා නීතිය ක්‍රියාත්මක කිරිමටද අමාත්‍යවරයා නියෝග කර තිබේ.

රාජිත සේනාරත්න ඇමැතිවරයා ධීවර ඇමැති ධූරය දැරූ යුගයේ සිදුවූ බරපතල දූෂණයක් ගැන FCID යට කරන ලද පැමිණිල්ලක තතු මෙසේය.

මෙම දූෂණය සිදුකර ඇත්තේ රාජපක්ෂ ආන්ඩවේ අවසාන කාලයේදී ය. මෙය පොඩි පහේ දූෂනයක් නොවේ. සියයට 2000 ක ගැහිල්ලකි. මිලියන 9 ක වැඩේට මිලියන 177 ක් අනුමත කරවාගෙන ගැහූ, හෙණ ගහන ගැහිල්ලකි

ධීවර සහ ජලජ සම්පත් ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති ප්‍රවර්ධන කිරීමේ හා අධීක්ෂණය කිරීමේ ඒකකය (PIMU) නමින් ඒකකයක් තිබේ. එම ඒකකය මගින් සිලාවතුර (මන්නාරම් දිස්ත්‍රික්කය) ගුරුනගර් (යාපනය දිස්ත්‍රික්කය) සහ ගන්දර (මාතර දිස්ත්‍රික්කය) යන ප්‍රදේශ වල ධීවර වරායන්හි පහසුකම් අධ්‍යයනය සහ මූලික සැලසුම් කිරීමට ව්‍යාපෘතියක් ආරම්භ කෙළේය.

මෙකී ව්‍යාපෘතිය ඉටු කිරීමට බාර දුන්නේ ‘පවර් ඒෂියා‘ (Power Asia) නමැති සමාගමකට ය. ‘පවර් ඒෂියා‘ සමාගම ඒ සඳහා අය විය යුතු මුදල ලෙස දැක්වූයේ රුපියල් මිලියන 177 කි. එසේ වී නමුත් මෙවැනි අධ්‍යයන කටයුත්තක් සඳහා විශේෂඥ උපදෙස් ලබා ගැනීමට දිවයිනේ දැනට ස්ථාපිත කීර්තිමත්ම ආයතනයක් වුව අය කරන්නේ රු.මිලියන 9 කටත් අඩු මුදලකි. ඒ අනුව ධීවර සහ ජලජ සම්පත් ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති ප්‍රවර්ධන කිරීමේ හා අධීක්ෂණය කිරීමේ ඒකකය විසින් මෙකී ව්‍යාපෘතිය ඉටු කිරීමට ගෙවන ලද මුදල සාමාන්‍යයට වඩා සියයට 2000 කින් වැඩි මුදලකි. මෙය පැහැදිලිවම මහජන මුදල් සාවද්‍ය පරිහරණයකි. දූෂනයකි

මෙහි අපූරුව නම් ඉහත කී ධීවර අමාත්‍යාංශයේ ඒකකය මෙම ව්‍යාපෘතිය පවර් ඒෂියා වෙත බාර දීමට තීන්දු කරන කාලය මසකටත් අඩු කාලයක් වීමය. ‘පවර් ඒෂියා‘ සමාගමේ කෙටි කාලීන ව්‍යාපාරික ඉතිහාසය තුල මෙවැනි වටිනාකම් සහිත එකදු කාර්යයක් හෝ ඊට පෙර සිදුකර නොමැති අතර එම ආයතනය සතුව මෙවැනි ඉංජිනේරු අධ්‍යයනයක් සඳහා පළපුරුද්දක් හෝ පෙර අත්දැකීම්ද නැත.

මෙකී ‘පවර් ඒෂියා‘ ආයතනය විසින් සිලාවතුර, ගුරුනගර්, ගන්දර ධීවර වරායන් ගොඩ නැගීමට යන වියදම් ලෙස දක්වා තිබූ ගණන් හිලව්ද පුදුම එළවන සුළුය. ඔවුන් දක්වා තිබුනේ එක් ධීවර වරායක් සඳහා රු.මිලියන 6000 ක් ලෙස තුනට රු.මිලියන 18,000 ක් වියදම් වන බවකි. නමුත් දැනටමත් ස්ථාපනය කෙරෙමින් පවතින කැළණිය ධීවර වරාය සඳහා වැයවන මුදල රු. මිලියන 900 කි. ඒ අනුව පවර් එ්ෂියා හුවා දක්වන ගණන් සියයට 700 ක් වැඩි මුදලකි.

http://www.lankanewsweb.today/archives/11205

Top