Anonymous Reporter
අතුරුදහන් වූවන්ගේ කාර්යාලය තුළින් සන්නද්ධ හමුදා පාවා දෙනවා -රට වෙනුවෙන් මහින්ද සටනේ
By Admin - July 20, 2016
රටේ සියලුම දේශපාලන හා ආර්ථික ව්‍යාකූලතා මධ්‍යයයේ වුවත් ආණ්ඩුව ‘අතුරුදහන් වූවන්ගේ කාර්යාලය’ නමින් හැඳින්වෙන ආයතනයක් පිහිටුවීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. මෙය පසුගිය වසරේ සැප්තැම්බර් මස ආණ්ඩුව බටහිර බලවතුන් සමග එකතු වී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ‘යටගියාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට’, පිහිටුවීමට එකග වූ ආයතනවලින් එකකි. යෝජිත අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත් කෙටුම්පතේ අපේ ආරක්ෂක හමුදා දඩයම් කිරීමට සම්පාදනය කර ඇති වගන්ති ගණනාවක්ම තිබෙන අතර ඉන් කිහිපයක් මෙහිදී ගෙනහැර දැක්වීමට මම කැමැත්තෙමි.
- මෙකී අතුරුදහන් වූවන්ගේ කාර්යාලය ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ හෝ යුක්තිය පසඳලීමේ ආයතන පද්ධතියේ කොටසක් වන්නේ නැත. මෙය පාර්ලිමේන්තුව විසින් සංස්ථාපිත ස්වාධීන ආයතනයක් වන අතර එයට රජයේ ආයතනවලට බලපාන සාමාන්‍ය නීතිරීති වලට පිටින් කටයුතු කිරීමට හැකියාව ලැබේ.
- මෙය ‘කාර්යාලයක්’ ලෙසට හැඳින්වුව ද එය සැබවින්ම විමර්ශන සභාවකි. මෙම අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට සාක්ෂිකරුවන් ගෙන්වා පරීක්ෂා කිරීමටත්, කැඳවුම් නියෝග නිකුත් කිරීමටත්, විභාග පැවැත්වීමටත් බලය ඇත. මෙම ආයතනයේ නිළධාරීන්ට වරෙන්තුවක් නොමැතිව වුවද, රෑ දවල් ඕනෑම වෙලාවක පූර්ව දැනුම්දීමකින් තොරව, ඕනෑම පොලිස් ස්ථානයකට, බන්ධනාගාරයකට හෝ ත්‍රිවිධ හමුදා කඳවුරකට ඇතුල් වීමටත්, විමර්ශනය කිරීම සඳහා ඕනෑම ලියවිල්ලක් හෝ භාණ්ඩයක් තම සන්තකයට ගැනීමටත් බලය ඇත. මෙකී කාර්යාලයට සහයෝගය නොදක්වන ඕනෑම අයෙකුට උසාවියට අපහස කිරීමේ චෝදනාව යටතේ දඩුවම් කළ හැක.
- පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති පනත් කෙටුම්පතට අනුව අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ සාමාජිකයන් හත් දෙනාට විමර්ෂන පැවැත්වීම පිළිබඳ අත්දැකීම් මෙන්ම මානව අයිතීන් නීතිය හා ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබදව දැනුමක්ද තිබිය යුතු බව කියවේ. මේ අනුව එහි සාමාජිකයන් වීමට සුදුසුකම් ලබන්නේ බටහිර මුදල්වලින් නඩත්තු වන රාජ්‍ය නොවන සංවිධානවල සමාජිකයන් සහ බටහිර අනුග්‍රහය යටතේ පවත්වාගෙන යන ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණවල සේවය කළ අය පමණි.
- පනත් කෙටුම්පතේ 21 වන වගන්තියට අනුව ඕනෑම විදේශීය පුද්ගලයෙකුගෙන් හෝ ආයතනයකින් ඍජුවම අරමුදල් ලබා ගැනීමට අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට බලය පැවරේ.
- ආයතනයේ රාජකාරී කටයුතු සම්බන්ධයෙන් අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට ඕනෑම විදේශීය පුද්ගලයෙකු හෝ සංවිධානයක් සමග ගිවිසුම්වලට එළඹීමට හැක.
- අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ සාමාජිකයන්ට එම ආයතනය තුළ විවිධ අංශ හා ඒකක පිහිටුවා තමාගේ බලතල එම ඒකකවලට පැවරිය හැක. කාර්යාලයේ සේවකයන් පත් කරන්නේත්, ඔවුන් සේවයෙන් පහ කරන්නේත් එම ආයතනය විසින්ම පමණි. මේ කාර්යාලයේ සේවකයන් ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතු බවට කිසිදු වගන්තියක් පනත් කෙටුම්පතේ නැත.
- මෙම කාර්යාලයට, අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගෙන් හා මිතුරන්ගෙන් මෙන් ම වෙනත් ඕනෑම දේශීය හෝ විදේශීය පුද්ගලයෙකුගෙන් හෝ සංවිධානයකින් වුවද පැමිණිළි භාරගත හැක.
- ත්‍රිවිධ හමුදා හා බුද්ධි අංශ ඇතුලු සියලුම ආණ්ඩුවේ ආයතන මෙකී අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට සම්පූර්ණ සහයෝගය ලබා දීමට බැඳී සිටින අතර රාජ්‍ය රහස් පනතේ විධි විධාන ද එහිදී බල රහිත වේ.
- අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිළිබඳ පනත් කෙටුම්පතේ 12(ඇ)(iii) වගන්තියට අනුව සාක්ෂි ආඥා පනතේ නියමයන් නොසලකා හරිමින් වුවද ඕනෑම ප්‍රකාශයක් හෝ භාණ්ඩයක් ‘සාක්ෂි’ ලෙසට පිළිගැනීමට මෙම කාර්යාලයට බලය පැවරේ.
- මෙම කාර්යාලයේ වැඩ කටයුතු සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත බල රහිත වේ. මෙකී කාර්යාලයේ නිළධාරියෙකුට ලැබුණු රහස් තොරතුරු ගැන කරුණු විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණයද ඇතුලුව මොනම උසාවියකටවත් බලයක් නැත.
මෙම කරුණු අනුව අපට පෙනී යන්නේ මෙම අතුරුදහන් වූවන්ගේ කාර්යාලය යහපාලන ආණ්ඩුව පිහිටුවීමට එකග වී තිබෙන යුධ අපරාධ විමර්ෂණ යාන්ත්‍රණයේ එක් කොටසක් බවයි. මෙම පනත් කෙටුම්පත නීතියක් බවට හැරවීමට ඡන්දය දෙන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රටත්, ජාතියත්, සන්නද්ධ හමුදාවනුත්, පාවා දීම සම්බන්ධයෙන් ජනතාවට වගකීමට සිදුවනු ඇත.
මහින්ද රාජපක්ෂ
හිටපු ජනාධිපති
20 July 2016
Betraying the armed forces through the ‘Office of Missing Persons’
In the midst of all the political and economic chaos in the country, the government has placed before parliament draft legislation to set up an Office of Missing Persons. This is one of several institutions to be established ‘to deal with the past’ in terms of the UNHRC resolution that the yahapalana government co-sponsored with the Western powers in September last year. The Office of Missing Persons Bill has many provisions designed to persecute our armed forces and I wish to highlight some of them as follows.
- The Office of Missing Persons will not be a part of Sri Lanka’s State law enforcement and justice system, but an independent body incorporated by parliament which gives its members the power to function outside the normal rules and regulations that guide state institutions.
- Even though it is described as an ‘office’ the proposed OMP will be a tribunal for all practical purposes which can examine witnesses, issue summons and hold hearings. Its officers canenter without warrant, at any time of day or night, any police station, prison or military installation and seize any document or object they require for investigations. Anyone who fails or refuses to cooperate with the OMP may be punished for contempt of court.
- The seven ‘members’ of the OMP are to have experience in fact finding and expertise in human rights law and international humanitarian law which means that the appointees will for the most part be representatives of Western funded NGOs or those who have worked with Western sponsored international war crimes tribunals.
- According to Section 21 of the draft legislation, the OMP will have the power to receive funding directly from any foreign source.
- The OMP can acting on its own, enter into agreements with foreign persons or organisations concerning its work.
- The ‘members’ of the OMP can establish units and divisions and delegate their powers and functions to those entities. They can also can appoint and dismiss staff and consultants. It is not specified in the draft law that the members or staff of the OMP have to be Sri Lankan citizens.
- Complaints can be received not only from relations and friends of missing persons but from any interested party both local and foreign.
- Government bodies at all levels including the armed forces and intelligence services are mandatorily required to render fullest assistance to the OMP and the provisions of the Official Secrets Act will not apply to the proposed institution.
- According to Section 12 (c) (iii) the OMP can admit as evidence any statement or material disregarding the criteria laid down in the Evidence Ordinance.
- The provisions of the Right to Information Act will not apply to the work of the OMP. No court, not even the Supreme Court can order any officer of the OMP to submit to courts any material communicated to him in confidence.
The foregoing makes it clear that this Office of Missing Persons is meant to be an integral part of the judicial mechanism to deal with allegations of war crimes that the yahapalana government has undertaken to establish. If this draft legislation becomes law, every member of parliament who votes for it will be held responsible by the people for betraying the country and the armed forces.
MahindaRajapaksa
Former President of Sri Lanka