Featured

1815 දී උඩරට ගිවිසුම මගින් iii වන ජොර්ජ් රජුට රට පවරා දීමත්, 2015 දී ජනාධිපතිවරණයෙන් රට මෛත්‍රීට පවරා දීමේත් වෙනසක් නැත

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිංහලයන්ට සහ බුදු දහමට නිගරැ කරන්නේ යැයි බ්‍රිතාන්‍යයන්ට සහාය දුන් උඩරට නිළමේවරැ කන්ද උඩර‍ට ගිවිසුම මගින් ජොන් ඩොයිලිගේ මග පෙන්වීම සහිතව රටේ ස්වාධීනත්වය බ්‍රිතාන්‍ය කිරීටයේ රජු වූ iii වන ජොර්ජ් රජුට 1815 දී භාර දුන්නේ ය. පෙර දිග ධාන්‍යාගාරය වශයෙන් නම් පටබැද තිබූ ලංකාව උඩර‍ට ගිවිසුමත් සමගම බටහිර රටවල න්‍යාය පත්‍රයට නටන රෑකඩ කොළණියක් බවට පත් විය. ඒ ආකාරයටම රාජපක්ෂ පාලනය හොර ගුහාවක් බවත් ඒ වෙනුවට යහපාලන – සංහිදියා පාලනයක් ගෙන එන බව කියමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාට රටේ පාලනය වර්ෂ 2015 දී භාර දුන්නේ ය.

යම් රටක් පාලනය කිරීමට වඩා පහසු වන්නේ ආගම නොව නීතිය බව ඇරිස්ටෝටල් සමයේ සිටම බටහිර රාජ්‍යයෝ තේරැම් ගෙන සිටියහ. ඒ අනුව ලංදේසීන්ගේ පාලන සමයේදී ලංකාවේ පහතරට පළාත් පාලනය කිරීමට යොදාගෙන තිබූ රෝම ලන්දේසි නීතිය සමග ඉංග්‍රීසි පොදු නීතියද මුළු රටම පාලනය කිරීමට බ්‍රිතාන්‍යයෝ යොදා ගත්හ. බ්‍රිතාන්‍ය පාලනයේ මුල් කාලයේ දී සුදු නඩුකාරවරැ සහ සුදු නීතීඥවරැ ලාංකිකයන්ගේ නඩු විසදූහ. අපට ආගන්තුක වූ නීති ක්‍රමයක් මගින් ලාංකිකයන්ට නොතේරෙන භාෂාවෙන් නඩු විභාග කරද්දී ජනතාව අසරණව ඒ දෙස බලා සිටියා මිස කළ හැකි දෙයක් නො වීය.

ලෙනඩ් වුල්ෆ් විසින් ලියන ලද The Village in the Jungle කෘතිය (බැද්දෙගම ලෙස සිංහලයට පරිවර්තනය වී කෘතියක් සහ චිත්‍රපටියක් ලෙස එළිදැක් වී ඇත.) පරිශිලනය කිරීමේදී එදා සමාජයේ ජීවත් වූ අහිංසක පවුල් විනාශ වී ගිය ආකාරය පැහැදිලි කර ගත හැකිය.

ඇහැළේපොල පවුල ඝාතනය කිරීම ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කෘර පාලනයේ ප්‍රතිඵල බවට ඉතිහාසය විසින් කථා (stories) නිර්මාණය කරද්දී බ්‍රිතාන්‍ය නීතිය සහ විධිමත් අධිකරණ පද්ධතියක් ස්ථාපනය වී තිබෙද්දී 1971 සහ 1988-1989 කාලයේදී තරැණ තරැණියන් දස දහස් ගණනින් මහමග පුළුස්සා දැමීම සම්බන්ධව කථා (stories) නිර්මාණ කරන්නේ නැත. එදා ජොන් ඩොයිලි බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් සිය යුතුකම් මනා ලෙස ඉටු කළ බව පැහැදිලි වුවද, වර්තමානයේ බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් සිය යුතුකම් ඉටුකරන්නේ කවුද යන්න පැහැදිලි කර ගැනීමට නො හැකි තරමට ලංකාවේ ප්‍රශ්නය සංකීර්ණ කර ඇත. දේශපාලන ප්‍රතිවාදියා කවුද දේෂපාලන මිතුරැ කවුද යන්න තේරැම්ගත නොහැකි මට්ටමට ලංකාවේ දේශපාලනය පැටලුම් සහිත නූල් බෝලයකි. මොහොතකට පෙර රාජපක්ෂ කදවුරේ කදවුරැ බැද සිටින මන්ත්‍රීවරයා මොහොතකට පසු බලන විට යහපාලන – සංහිදියා හයිබ්‍රිඩ් ආණ්ඩුවේ කොටස් කරැවෙකි. අද ප්‍රගතිශීලී කදවුරේ කදවුරැ බදින දේශප්‍රේමියා සුළු මොහොතකට පසු ප්‍රතිගාමී කදවුරේ මාර්ගෝපදේශකයෙකි.

1815 දී උඩරට ගිවිසුම මගින් රට iii වන ජොර්ජ් රජුට භාර කිරීමේ සහ 2015 දී ජනාධිපතිවරණයෙන් රට යහපාලන – සංහිදියා හයිබ්‍රිඩ් පාලනයන්ට එනම් මෛත්‍රී-රනිල් ද්විත්වයට භාර කිරීමේ ක්‍රියාවලියේ සැගවී ඇති චරිත හදුනා නො ගෙන රටේ නිදහස ගැන සාකච්ඡා කිරීම ප්‍රායෝගික නො වන බව තවමත් මෙරට උගත්තු වටහා ගෙන නැත. ඒ සදහා ප්‍රවේශයක් ලබා දීම මෙම ලිපියෙන් අපේක්ෂා කරයි.
1815 දී උඩරට ගිවිසුම සහ 2015 ජනාධිපතිවරණ ප්‍රතිඵලය සමපාතවන ආකාරය මැනවින් තේරැම්ගත හැක්කේ වර්තමාන යහපාලන – සංහිදියා හයිබ්‍රිඩ් පාලකයන්ද ඊනියා ජාතික ආණ්ඩුව අටවා ඇමතිවරැ වැඩිකර ගැනීමට, උතුරැ පළාත් සභාවේ සිංහල භාෂා කප්පාදුවට සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී කොල්ලය සිදු කිරීමේ චූදිතයන් වී ඇති ආකාරය අවබෝධයෙනි.

එය වඩාත් වැටහෙන්නේ VAT වලට එරෙහිව ඇති ජනතා විරෝධය ඊනියා ජාතික ආණ්ඩුව අටවා ඇමතිවරැ වැඩිකර ගැනීමට, උතුරැ පළාත් සභාවේ සිංහල භාෂා කප්පාදුවට සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී කොල්ලයට එරෙහිව ජනතාව අතර නැත්තේ ඇයි යන ගැටළුවද මතු වීමෙනි. පක්ෂ පාට බේද නොතකා ජනතාව VAT වලට එරෙහි වෙති. අධිකරණයද VAT වලට එරෙහිව එඩිතරව තීන්දු දෙති. VAT වලට එරෙහිව එඩිතරව තීන්දු දෙන අධිකරණ සහ VAT වලට එරෙහි වන ජනතාව ඊනියා ජාතික ආණ්ඩුව අටවා ඇමතිවරැ වැඩිකර ගැනීමට, උතුරැ පළාත් සභාවේ සිංහල භාෂා කප්පාදුවට සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී කොල්ලයට එරෙහිව මුනිවත රකිති. මෙය දෙබිඩි රංගනයක් වුවත් සිදුවන්නේ එයයි.

1815 දි බ්‍රිතාන්‍යයන් ලංකාව යටත්කර ගැනීමත් සමගම රටේ නීති පද්ධතිය සියතට ගැනීමට ක්‍රියා කළේ තීතිය අතට නො ගෙන රටක් යටත්කර ගැනීම කළ නොහැකි බව දන්නා හෙයිනි. 1815 දී අපෙන් උදුරා ගත් නිදහස යළි ආපසු ලබා ගැනීම සදහා විවිධ අරගල දියත් කිරීමට විවිධ පුද්ගලයින් උත්සාහ කළ අතර එහි ප්‍රතිඵල ලෙස 1947 අයිවෝ ජෙනින්ග්ස් ව්‍යවස්ථාවත්(සොල්බරි), 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවත්, 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවක් නීතිගත කර ගනු ලැබීය. දැන් නැවත මුළු පාර්ලිමේන්තුව ම ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයක් බවට පත් කර ගනිමින් යළිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරගනිමින් සිටිති. ඒ සම්මත කරන්නට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොපමණ කාලයක් පවතීද යන්න කීමට තවම අවස්ථාව නොවේ. පැහැදිලිව තේරැම් ගත යුත්තේ 1947, 1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම ඉදිරියේදී එන්නට යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද නොබෝ දිනකින්ම කුණු කූඩයට යන බවට විද්‍යාමාන වන පෙරනිමිති දැන්ම පෙන්නුම් කරන බවයි. එනම් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ ක්‍රමවේදයම බලහත්කාරය වෙලාගෙන තිබීමය. මන්ත්‍රීවරයන්ගේ හෘදයසාක්ෂිය යහපාලන – සංහිදියා හයිබ්‍රිඩ් පාලකයන් විසින් පැහැර ගෙන ඇත්තේ නීතිවිරෝධී ජාතික ආණ්ඩුවක් බලහත්කාරයෙන් පිහිටුවීම සහ විධායක ජනාධිපති ධූරයේ බලතල මගින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ග්‍රහණයට ගැනීමෙනි. 1815 දී උඩරට ගිවිසුම මගින් iii වන ජොර්ජ් රජු රට පවරා ගැනීමෙන් පසු ලංකාව පාලනය කරන ලද්දේත් බලහත්කාරය සහ තමන්ගේ නීතිය සහ තමන්ගේ අධිකරණ මගිනි.

නූතන ලෝකයේ රටක පාලන ආයතන ත්‍රිත්වය වන විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන ආයතන අතරින් ජනතාව විසින් තෝරාගනු නො ලබන තැනැත්තන්ගෙන් අධිකරණ විනිසුරැවරැ සමන්විත වන්නේ පාරදෘශ්‍යභාවය සහ ස්වාධීනත්වය අන් හැමටම වඩා අධිකරණයෙන් ජනතාව බලාපොරොත්තුවන හෙයිනි. ඒ නයින් බලන විට VAT වලට එරෙහිව ඇති ජනතා විරෝධය ඊනියා ජාතික ආණ්ඩුව අටවා ඇමතිවරැ වැඩිකර ගැනීමට, උතුරැ පළාත් සභාවේ සිංහල භාෂා කප්පාදුවට සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී කොල්ලයට එරෙහිව අධිකරණයේ භූමිකාව ද්විත්වාකාර බව පෙනෙන්ට ඇත.

කැළණිය විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියකට දැයේ උපාධි අපේක්ෂක, අපේක්ෂිකාවෝ සති ගණනාවක් බන්ධනාගාරගත කරන අධිකරණ, අලි ජාවාරමකට සම්බන්ධ එක්තරා මහේස්ත්‍රාත්වරයකුට තවත් මහේස්ත්‍රාත්වරයකු මගින් නීති විරෝධීව ඇප ලබා දී නීතිපති හරහා මහාධිකරණයේ නඩු දම්මවා එකී නීතිවිරෝධී ඇප නියෝගය නීතියට අනුකූල වන ලෙස රෑපාන්තරණය කර ගනී. එමෙන්ම මොළයේ ලේ පණින්නට සහෝදර සිසුවකුට පහර දෙන යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නායකයකුට පහර කෑ සිසුවාගේ මොළයේ ශල්‍යකර්මය කිරීමටත් පෙර අධිකරණය මගින් ඇප ලැබේ. මෙවන් නීති පද්ධතියක් ක්‍රියාත්මක වන රටක නන්දා මාලනී ගායනා කරන “කුමට එරට අධිකරණය, නීතිය සහ විනිසුරන්” ගායනය යථාර්තයක් බවට ද පත් කරයි.

ඒ අතර රටේ ජනතාව VAT වලට එරෙහිව ඇති දැවැන්ත උද්ඝෝෂණ රටේ සෑම නගරයකම පවත්වනු පෙනේ. ඒ සමගම ශ්‍රේෂ්ඨාධිකරණයද VAT වලට එරෙහිව සාධනීය නියෝගයක් ලබා දුන් බවත් ජනතාව අතර මතයක් ඇති කරයි. ඒ ආකාරයටම ඊනියා ජාතික ආණ්ඩුව අටවා ඇමතිවරැ වැඩිකර ගැනීමට, උතුරැ පළාත් සභාවේ සිංහල භාෂා කප්පාදුවට සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී කොල්ලයට එරෙහිවද ජනතාව අතර විරෝධයක් ඇතත් එය VAT වලට එරෙහිව ඇති දැවැන්ත උද්ඝෝෂණ තරම් ප්‍රභල නො වන්නේ ඇයි?

2015 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජාතික ලැයිස්තුව කොල්ලකෑම සදහා යහපාලන – සංහිදියා හයිබ්‍රිඩ් පාලකයන්ගේ නීතීඥවරැ වන ෆයිසර් මුස්තාෆා, වැලිඅමුණ ඇතුළු නැසීගිය විශ්ව වර්ණපාල සහ සුසිල් ප්‍රෙම්ජයන්ත ඇතුළු කණ්ඩායම නීති ගැට ගසන අවස්ථාවේ අද VAT වලට එරෙහිව හඩ නගන නීතීඥවරැ උන් හිටි තැන් හොයා ගත නොහැකි විය. ඒ ආකාරයටම යහපාලන – සංහිදියා හයිබ්‍රිඩ් පාලකයන් නීති විරෝධීව VAT වැඩි කරනු ලැබූයේද අත් වැරැද්දකින්ද? VAT සම්බන්ධ නීතිය නොදැනුවත්කම නිසා ද? නැතහොත් හිතාමතා ජනතා අවධානය වෙනතක හරවා ඉදිරියේදී සම්මත කරන්නට යන ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේ උගුලක් ලෙසද යන්න බුද්ධියෙන් ගෝචර කළ යුතුය.

VAT වලට එරෙහිව ඇති දැවැන්ත උද්ඝෝෂණ පැවැත්වීමට ජනතාව පෙළඹෙන්නේ තමන්ගේ සාක්කුවට සෘජුවම VAT බලපාන හෙයින්ද? නෙඑසේ නම් යහපාලන – සංහිදියා හයිබ්‍රිඩ් පාලකයන් නීති විරෝධීව VAT අයකර ගැනීමට ක්‍රියා කරන හෙයින්ද? යහපාලන – සංහිදියා හයිබ්‍රිඩ් පාලකයන්ගේ නීති විරෝධී ක්‍රියාවන්ට ජනාතාව විරැද්ධ වන්නේ නම් VAT වලට උද්ඝෝෂණ පවත්වන උනන්දුවෙන්ම ඊනියා ජාතික ආණ්ඩුව අටවා ඇමතිවරැ වැඩිකර ගැනීමට, උතුරැ පළාත් සභාවේ සිංහල භාෂා කප්පාදුවට සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී කොල්ලයට එරෙහිවද උද්ඝෝෂණ කළ යුතුය. ජනතාව එසේ උද්ඝෝෂණ කළේ හෝ උද්ඝෝෂණ කරන්නේ හෝ නැත. එනම් පුද්ගලිකව තමන්ගේ සාක්කුව හිස් කරන VAT වලට එරෙහිවන ජනතාව තමන්ගේ සාක්කුවට සෘජුවම බලනොපාන ඊනියා ජාතික ආණ්ඩුව අටවා ඇමතිවරැ වැඩිකර ගැනීමට, උතුරැ පළාත් සභාවේ සිංහල භාෂා කප්පාදුවට සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී කොල්ලයට එරෙහි නොවෙති. ජනතාව රගන මේ දෙබිඩි රංගනය අධිකරණයද රග නොපාන්නේ යැයි කිව හැකි නො වේ. 1815 දී උඩරට ගිවිසුම මගින් iii වන ජොර්ජ් රජුට රට භාරදීමෙන් පසු ස්වදේශිකයෝ කිහිප දෙනකු බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත් වූ අකාරයට යහපාලන – සංහිදියා හයිබ්‍රිඩ් පාලකයන්ගේ නීතිවිරෝධී කටයුතු යුක්ති යුක්ත කිරීම වර්තමානයේද සුළභව සිදු වෙයි.

VAT වලට එරෙහිව උද්ඝෝෂණ පවත්වන උනන්දුවෙන්ම යහපාලන – සංහිදියා හයිබ්‍රිඩ් පාලකයන් ගේ නීතිවිරෝධී පාලන ක්‍රමයට එරෙහිවද උද්ඝෝෂණ කිරීමෙන් මේ තත්ත්වය යම් පමණකට පාලනය කර ගත හැකි වෙයි. යහපාලන – සංහිදියා මන්තරයෙන් පමණක් ආණ්ඩුවකට ජීවය පවත්වා ගත නො හැකිය. අලුත් හොරැ කොටුකර ගැනීම, පරණ හොරැ අඛණ්ඩව සිරගත කිරීම, මාළඹේ SAITM විරෝධය, ECTA විරෝධය අතර VAT උද්ඝෝෂණ ද යහපාලන – සංහිදියා හයිබ්‍රිඩ් පාලකයන්ගේ නීතිවිරෝධී පාලනය සීමා කිරීමට සමත් වී නැත. ඒ සියලු උද්ඝෝෂණ තිබියදී යහපාලන – සංහිදියා හයිබ්‍රිඩ් පාලකයන් නීතිවිරෝධීව ස්ථාපනය කරගෙන ඇති ජාතික ආන්ඩුව පවා මුලදී කියා සිටි පරිදි වසර 02ක් නොව 2020 දක්වා එනම් වසර 5දක්වාම දීර්ඝව ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කර ඇත.

යහපාලන – සංහිදියා හයිබ්‍රිඩ් පාලකයන් ගේ නීතිවිරෝධී පාලන ක්‍රමය යම්තාක් දුරකට හෝ පාලනය නොකර ජාත්‍යන්තර යුධ අපරාධ ව්‍යහයකින් ගැලවීම මිරිගුවක්ම වෙයි. මන්ද ජාත්‍යන්තර යුධ අපරාධ ව්‍යහයක් රටේ යම් කොටසකගේ ආදායම් ඉහළ දමන මර්ගයක් බවට මේ වන විටත් පත් වී තිබීමය. එයින් කියන්නේ VAT වලට උද්ඝෝෂණ පවත්වන්නන් ම ජාත්‍යන්තර යුධ අපරාධ ව්‍යුහයට පක්ෂව ද උද්ඝෝෂණ පවත්වනු ඇති බවයි.
ජාත්‍යන්තර යුධ අපරාධ ව්‍යහයක් රටේ ස්ථාපනය කරවීම විදේශ ආධාර වැඩි වීමට හේතුවන්නේ නම් මේ ඊනියා VAT විරෝධීන්ට ජාත්‍යන්තර යුධ අපරාධ ව්‍යුහය වෙනුවෙන්ද උද්ඝෝෂණ පැවිත්වීම සංවිධානය කිරීම සුළු දෙයකි. එමෙන්ම තමන්ගේ අධිකරණ පද්ධතියේ පූර්වජයන්ගේ උපදේස් අනුව ජාත්‍යන්තර යුධ අපරාධ ව්‍යුහය වෙනුවෙන් පෙනී සිටීමට ද, ජාත්‍යන්තර යුධ අපරාධ ව්‍යුහය අනියමින් හෝ ක්‍රියාත්මක කිරීමට ද, අද VAT විරෝධී තීන්දු දුන් අධිකාරීන් පසුබට නොවනු ඇත.

මේ ආකාරයේ පාලන ක්‍රමයක් වර්තමානයේ ක්‍රියාත්මක වීම 2015 ජනාධිපතිවරණයේදී යහපාලන – සංහිදියා හයිබ්‍රිඩ් පාලනයක් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශකළ ඡන්ද දායකයන්ගේ අපේක්ෂාව වූවා විය නො හැකිය. මේ වන විට එදා යහපාලන – සංහිදියා හයිබ්‍රිඩ් පාලනයක් වෙනුවෙන් පෙනී සිටි පුරවැසි බලය මෙන්ම සිවිල් ක්‍රියාධරයන් තමන්ට වැරැද්දන් වූවාද යන්න පිළිබද පසුවිපරම් කරමින් සිටී. වර්තමානයේ පවා යහපාලන – සංහිදියා හයිබ්‍රිඩ් පාලකයන් විළිවසා ගන්නේ රාජපක්ෂ පාලනයේ හොරැන් නීතියේ රැහැණට කොටුකරන සළුවෙනි. මේ සළුව තව කොතෙක් දුර යහපාලන – සංහිදියා හයිබ්‍රිඩ් පාලකයන්ගේ හෙළුව වසන්නේද යන්නද අවිනිශ්චිත ය.

විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ ත්‍රිත්වයම ක්‍රියා කළ යුත්තේ ජනතාවගේ පරමාධිපත්‍යයි. ජනතාව තමන් සතු බලය හෑල්ලු කර නො ගන්නා තරමට ම විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ ආයතනද පාලනය කරගත හැකිය. විශ්ව විද්‍යාල සිසුන්ද, බහුජන සංවිධාන ඇතුළු ජනතාව ක්‍රියා කළ යුත්තේ තමන්ගේ සාක්කුව හිස්කරන VAT වැඩි කිරීම වැනි අවස්ථාවලදී සහ මාළඹේ SAITM විරෝධය, ECTA විරෝධයේදී ඊට එරෙහි වනවා මෙන්ම රටේ නිදහස, රටේ නෛතික නිදහස ලගා කර ගන්නා ආකාරයේ මැදිහත්වීමකට ද ඒකරාශී වීමකට ය. වර්තමාන දේශපාලන නායකයන් මෙන්ම ඒකාබද්ධ විපක්ෂය ද, විශ්ව විද්‍යාල සිසුන්ද සිදු නො කරන්නේ ද එයයි.

1815 දී උඩරට ගිවිසුම මගින් රට iii වන ජොර්ජ් රජුට පවරා දීමේ අවනඩුව ඇහැළේපොළලා ඇතුළු උඩරට නිළමේවරැ තේරැම් ගන්නා විට අශ්වයා ඉස්තාලයෙන් බොහෝ දුර ගොස් ය. එමෙන්ම 2015 දී ජනාධිපතිවරණයෙන් ජයගත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද සිය යහපාලන – සංහිදියා හයිබ්‍රිඩ් ප්‍රතිපත්ති කෙළෙසා දමන බව ජනතාව තේරැම් ගන්නා විටද අශ්වයා ඉස්තාලයෙන් ගොස් බොහෝ දුරය.

Top