Featured

රට,රණවිරුවන් පාවාදුන් බෙදුම්වාදී සිරිසේන පනතේ සිංහල පිටපතක් නෑ

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතට මුල් වී ඇති බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතිය (International Convention for the Protection of All Persons from Enforced Disappearances)සිංහල භාෂාවෙන් ලබා ගැනීම සදහා ජනාධිපති වෙත ඉල්ලීමක්.

OPM01

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් යම් කිසි ජාත්‍යන්තර ගිවිසුමකට හෝ සම්මුතියකට එළඹුන අවස්ථාවක එකී ගිවිසුම හෝ සම්මුතිය ස්ව්‍යංක්‍රීයව බලාත්මක නොවේ. ශ්‍රී ලංකාව තුළ එය බලාත්මක කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157ව්‍යස්ථාවේ ප්‍රතිපාදන අනුගමනය කිරීමට ආණ්ඩුවට සිදුවෙයි.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතිය (International Convention for the Protection of All Persons from Enforced Disappearances)සදහා ශ්‍රීලංකාව වර්ෂ 2015 දෙසැම්බර් මස 10 දින අත්සන් තබා ඇත.

1966 දෙසැම්බර් මස 16 වැනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරනු ලැබ 1976 මාර්තු මස 23 වන දින බලාත්මක වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකා රාජ්‍යයද පාර්ශවයක් වු හෙයින් 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පනත පනවමින් ජාත්‍යන්තර සම්මුතීන් වලට ලංකාව තුළ අවශ්‍ය ප්‍රමාණයට නීතිමය අධිකාරිය ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් ජාත්‍යන්තර ගිවිසුමකට හෝ සම්මුතියකට එළඹුන අවස්ථාවකදීඑය ශ්‍රී ලංකාව තුළ බලාත්මන කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 157 ව්‍යවස්ථාවේ විධිවිධාන අනුගමනය කිරීමෙන් හෝ පනත් සම්මත කරන විධිවිධාන අනුගමනය කරමින් බලාත්මක කරගනු ලැබේ. සේපාල ඒකනායක ඉතාලියේ “අලිතාලියා”ගුවන්යානා පැහැර ගැනීම සම්බන්ධව නඩු විභාග කරමින් වරදකරැ කරන ලද්දේද ගුවන්යානා ආරක්ෂාව සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතින් ලංකාවේ පාර්ලිමේන්තුව මගින් බලාත්මක කරමිනි. වරද කරන අවස්ථාවේ ලංකාවේ නීතියේ වරදක් ලෙස නොසැළකුවද ජාත්‍යන්තර සම්මුතියකින් ලංකාව බැදී ඇති අවස්ථාවක එකී වරද සම්බන්ධව අතීතයට බලපාන පරිදි දණ්ඩන පැනවීමට ලංකාවේ අධිකරණවලට අධිකරණ බලය ඇත.

2016.08.11 වන දින සම්මත කිරීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීජනරජයේ ගැසට් පත්‍රය 2016 මැයි මස 27 වන දින ii වනකොටසේ අතිරේකයක් ලෙස පළ කළ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත් කෙටුම්පතේ 27.iii වගන්තියේ “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතියේ”^International Convention for the Protection of All Persons from Enforced Disappearances)අතුරැදහන් තැනැත්තාට අදාල ප්‍රතිපාදන ලංකාව තුළ වලංගුවන බව සදහන් කර ඇත.

එමෙන්ම අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීමකර්තව්‍ය ඉටු කිරීම) පනත් කෙටුම්පත 20.08.11 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කළබව කථානායකවරයා විසින් තීරණය කර ඇති හෙයින් එකී පනතට කථානායකවරයාආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව යටතේ සිය අත්සන තැබූ පසු එය නීතියක් බවට පත්වන අතර,තවද ඉන්පසු එකී පනතේ වලංගුතාවය පිළිබදව පරීක්ෂා කිරීම,ඒ පිළිබදව මතයක් ප්‍රකාශ කිරීම හෝ කවර ආකාරයෙන් සිය මතය ප්‍රකාශ කිරීමට කිසිම අධිකරණයට නො හැකිබව ද,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.3 ව්‍යවස්ථාවේ දැක් වේ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත් කෙටුම්පතේ 27.(iii) බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතියේ ප්‍රතිපාදන ඇතුළත් කර ඇති හෙයින් එකී ජාත්‍යන්තර සම්මුතියේ ජාතික භාෂාවෙන් වූ පරිවර්ථන සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙතම ලබා දීමේ වගකීමක් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත ද ඇත.

ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර සම්මුතියක් අත්සන් කර ඇති අවස්ථාවක එය පාර්ලිමේන්තුව මගින් බලාත්මක කරන අවස්ථාවක එකී සම්මුතියේ පිටපත් ජාතික භාෂාවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන අවස්ථාවක එකී පනත අධිකරණය මගින් බලාත්මක කිරීමට යාමේදී ලාංකීය පුරවැසියන්ට බලවත් අසාධාරණයක් සිදු වීම වැළක්විය නො හැකිය.

පුද්ගලයන් තමන්ගේ භාෂාව මගින් වෙනස්කමකට ලක් නොකිරීම මූලික මානව අයිතිවාසිකමක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයද පිළිගෙන ඇත. ඒ අනුව 2016.08.11 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතට අදාලත්වයක් සහ සම්බන්ධතාවයක් ඇති බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතිය (International Convention for the Protection of All Persons from Enforced Disappearances)සිංහල භාෂාවෙන් ලබා ගැනීමෙන් තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකර ගැනීමට ලාංකීකයන්ට පුළුල් අවස්ථාවක් ලැබේ.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතට මුල් වී ඇති බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතිය (International Convention for the Protection of All Persons from Enforced Disappearances)සිංහල භාෂාවෙන් ලබා ගැනීම සදහා ජනාධිපති වෙත කරන ලද ඉල්ලීමක් පහත දැක්වේ.

OPM02 OPM03

Top