පසුගිය අගෝස්තු 11 වැනි දින පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත කරගත් අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත අදාල වන කණ්ඩායම් 03ක් පිළිබදව එකී පනතේ 27iii) වැනි වගන්තියේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන්ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේඇති ප්‍රතිපාදන අදාල කර ඇත.
අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනතට කථානායකවරයා විසින් 2016.08.23 වැනි දින අත්සන් කර ඇති හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.3 ව්‍යවස්ථාව යටතේ එය නීතියක් බවට පත් වී ඇති අතර එනයින්ම එකී පනතේ 27. iii)යටතේ දක්වා අති බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේප්‍රතිපාදනද ලංකාවේ නීතියේ කොටසක් බවට පත් වී බලාත්මක කරගෙන ඇති බවද පැහැදිලිය.(මෙම ජාත්‍යන්තර සම්මුතිය රාජ්‍ය භාෂාවෙන් ලබා දීමහෝ පනතේ උපලේඛනයක හෝ දක්වා නැත)
ජාත්‍යන්තර සම්මුතියක ප්‍රතිපාදන ලංකාවේ නීතිය මගින් පිළිගෙන බලාත්මක කර ගැනීමට අදාලව සේපාල ඒකනායක ගුවන් යානා පැහැර ගැනීම සම්බන්ධ නෛතික ක්‍රියාවලිය මනා පැහැදිලි කිරීමක් කරයි.
සේපාල ඒකනායක ගුවන් යානා පැහැර ගැනීම සහ ජාත්‍යන්තර සම්මුති
සේපාල ඒකනායක විසින්1982 ජූනි 30 වැනි දින ටෝකියෝ සිට රෝමය දක්වා ගමන් කළ අලිතාලියා ගුවන් යානය පැහැරගත් අවස්ථාවේ ඔහු වරදකරු කිරීමටඑවකට පැවති නීතියක් නොතිබුණි. වරද කරන අවස්ථාවේ එය වරදක් ලෙස දක්වන නීතියක් නොවේ නම් ඒ සම්බන්ධව නඩු විභාග කළ නො හැකිය.චෝදනා ගොනු කළ නො හැකිය. ගුවන් යානා පැහැර ගැනීම ලංකාවේ නීතය තුළ වරදක් නොවුණද එය වරදක් ලෙස හදුනාගත් ජාත්‍යන්තර සම්මුතියකට ලංකාව 1963දී අත්සන් තබා සිටි හෙයින් සියලු ලංකිකයන් 1963 සිට එකී ජාත්‍යතන්තර සම්මුතියේ දැක්වෙන වැරදි නොකිරීමට බැදී සිටින බවට නෛතික තර්කය ගොඩ නගමින් 1982 අංක 24 දරන ගුවන් යානාවලට එරෙහි වූ වැරදි පිළිබද පනත 1982 ජූලි මස 26 දින සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුව ක්‍රියා කරන ලදී.
ලංකාවේ සිටි ඉතාලි තානාපතිFranco Micieli de Biaseමගින් ඉතාලි රජය ජේ. ආර්. ජයවර්ධන පාලනයට සිදු කළ රාජ්‍ය තාන්ත්‍රික බලපෑම්වල සහ ඔහු 1982 ජූලි 03වැනි දින පොලීසියට කළ පැමිණිල්ලේ ප්‍රතිඵලයක් ලෙස 1982 අංක 24 දරන ගුවන් යානාවලට එරෙහි වූ වැරදි පිළිබද පනත 1982 ජූලි මස 26 දින පාර්ලිමේන්තුව මගින් සම්මත කර ගනිමින් 1963 තරම් ඈත අතීතයේ ලංකාව අත්සන් කළ ජාත්‍යන්තර සම්මුතියක් බලාත්මක කරමින් අතීතයට බලපාන නීති පැනවීම මෙහිදී සිදුකර ගන්නා ලදී.
සේපාල ඒකනායක ගුවන් යානා පැහැර ගැනීම සම්බන්ධව 1982 ජූනි 30 දින සිදු කළ වරදකට 1982 ජූලි මස 26 දින දඩුවම් කිරීමට එනම් අතීතයට බලපාන පරිදි අපරාධ නීති පැනවීමේ නෛතික තත්ත්වය තවදුරටත් විමසා බැලීම මෙහිදී වැදගත් වෙයි.
1982 අංක 24 දරන ගුවන් යානාවලට එරෙහි වූ වැරදි පිළිබද පනත මගින් 1963 සැප්තැම්බර් මස 14 දින ටෝකියෝ හි දී අත්සන් කරන ලද ගුවන් යානා තුළ කරනු ලබන වැරදි සහ ඇතැම් වෙනත් ක්‍රියා හා සම්බන්ධ සම්මුතියප්‍රතිපාදන ලංකාවේ නීතියට හදුන්වාදුන් අවස්ථාවේ පවා අදාල ජාත්‍යන්තර සම්මුති කොටස් / ව්‍යවස්ථා එකී පනතේ උපලේඛනයේ අන්තර්ගත කරමින් ක්‍රියා කර ඇති.
1982 අංක 24 දරන ගුවන් යානාවලට එරෙහි වූ වැරදි පිළිබද පනතේ දැක්වෙන ජාත්‍යන්තර සම්මුතිවල අදාල ව්‍යවස්ථා එම පනතේ උපලේඛනයේ දක්වා තිබුණද අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනතේ 27 iii) වගන්තිය මගින් දැක්වෙන ජාත්‍යන්තර සම්මුතියේ අදාලවන කොටස එම පනතේ උපලේඛනයක නො දැක්වීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග පමණක් නොව නීතිය නොදැනීම සමාවට කරුණක් නොවනබවට වන නීති මූලධර්ම වැනි පිළිගත් නීති මූලධර්ම සියල්ලම උල්ලංඝණය කරමින් මෙම පනත පනවා ඇති බව පෙනී යයි. එමෙන්ම එකී ජාත්‍යන්තර සම්මුතිය ලංකාවේ නීතියට වෙනත් පනතක් තුළට රිංගවා ඇතුළත් කර ඇති බව පෙනේ.
27 iii) වගන්තිය මගින් දැක්වෙන ජාත්‍යන්තර සම්මුතිය වෙනම රටක් දක්වා යාමට දුන් මාර්ග බලපත්‍රයක් ද ?
ඇල්ෆ්‍රඩ් දොරෙඅප්පා ඝාතනය
1926 ජූනි 15 දින උපත ලැබූ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා වෘත්තීයෙන් නීතීඥවරයෙකු වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු විය. යාපනය නගරාධිපතිව සිටි ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මහතා ඔහුගේ දියණිය වන ඊශා සමග වර්ෂ 1975 ජූලි 27 දින මහවිෂ්ණු කෝවිලට සිය ආගමික කටයුතු සදහා සම්බන්ධ වී සිටියහ. එහිදී මුහුණ ආවරණය කරගත් තැනැත්තෙක් දොරේඅප්පා මහතාට වෙඩිතබා ඝාතනය කරනු ලැබීය. ඒ අවස්ථාවේ ජාත්‍යන්තර යුධ නිරීක්ෂකයන්ට හෝ ජාත්‍යන්තර යුධ කණ්ඩායමකට උතුරට පැමිණීමට නීතිමය සිදුරක් විවර කර දීමට ලංකාවේ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ගිවිසුමකට හෝ ජාත්‍යන්තර සම්මුතියකට එළඹී නො තිබුණි.
අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් ඝාතනය
අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් මහතා 1977 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පිහිවන ලද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක වූ අතර ඔහු 1927 අගෝස්තු මස 26වැනි දින උපත ලැබීය. අමිර්තලිංගම්, යෝගේශ්වරන්, සිවසිත්තම්බරන් මහත්වරැන් ඝාතනය කිරීමට 1989 ජූලි 13 ගත් උත්සාහයකදී යෝගේශ්වරන් මහතා සමග අමිර්තලිංගම් මහතාද මිය ගියේ ය. ඒ අවස්ථාවේ ජාත්‍යන්තර යුධ නිරීක්ෂකයන්ට හෝ ජාත්‍යන්තර යුධ කණ්ඩායමකට උතුරට පැමිණීමට නීතිමය සිදුරක් විවර කර දීමට ලංකාවේ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ගිවිසුමකට හෝ ජාත්‍යන්තර සම්මුතියකට එළඹීනො තිබුණි.
නීලන් තිරැචෙල්වම් ඝාතනය
1944 ජනවාරි මස 31වැනි දින උපත ලැබූ නීලන් තිරැචෙල්වම් මහතා කීර්තිමක් නීතීඥවරයෙකු විය. පුතුන් දෙදෙනකුගේ පියෙකු වූ තිරැචෙල්වම් මහතා සිය කාර්‍යාලය පිහිටි කිංසි ටෙරස්හිදී නාදුනන තැනැත්තෙකුගේ පිපුරැම් ද්‍රව්‍යකින් වර්ෂ 1999 ජූලි 29 දින උදේ 9.30ට පමණ ඝාතනය විය. ඒ අවස්ථාවේ ජාත්‍යන්තර යුධ නිරීක්ෂකයන්ට හෝ ජාත්‍යන්තර යුධ කණ්ඩායමකට ලංකාවට පැමිණීමට නීතිමය සිදුරක් විවර කර දීමට ලංකාවේ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ගිවිසුමකට හෝ ජාත්‍යන්තර සම්මුතියකට එළඹී නො තිබුණි.
ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය
1932 අප්‍රේල් 12 දින උපත ලැබූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා ලංකාවේ සිටි කීර්තිමක් විදේශ ඇමතිවරයකු විය. ස්නයිපර් තුවක්කු කරැවෙකුගේ වෙඩි ප්‍රහාරයකින් 2005 අගෝස්තු 12 රාත්‍රී 9.00ට පමණ ඔහු ඝාතනය විය. ඒ අවස්ථාවේ ජාත්‍යන්තර යුධ නිරීක්ෂකයන්ට හෝ ජාත්‍යන්තර යුධ කණ්ඩායමකට ලංකාවට පැමිණීමට නීතිමය සිදුරක් විවර කර දීමට ලංකාවේ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ගිවිසුමකට හෝ ජාත්‍යන්තර සම්මුතියකට එළඹී නො තිබුණි.
2009 මැයි 19 දින නන්දිකඩාල් කළපුවේදී සිදුවූ අවසන් සටන ජයගැනීම සහ එහිදී මතු වූ ජාත්‍යන්තර බලපෑම් පාලනය කිරීම වැනි සිදුවීම් ඉදිරියේ දී සිදුවෙයිද?
1978 ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනයේ සිට වර්ෂ 30ක් පමණ සිදුවූ ඝාතන රැල්ල නිමා කරමින් 2009 මැයි මස 19වැනි දින සියලු සංග්‍රාම අවසන් කිරීමට ලංකාවේ ආණ්ඩුවට හැකි විය.
2009 මැයි මාසයේ පැවති අවසන් සටන අවස්ථාවේදී විදේශීය රටවලින්, බලවත් රටවල රාජ්‍ය නායකයන්ගෙන් විවිධ ඇමතුම් ලංකාවේ රාජ්‍ය නායකත්වය වෙත පැමිණි බව වාර්ථා වී ඇත. ඒ බව එවකට පැවති රජයේ ප්‍රධානීන්ද පවසා ඇත. ඒ අවස්ථාවේ දුරකථන ඇමතුම් සහ විවිධ රාජ්‍ය තාන්ත්‍රිකයන් පැමිණියා මිස යුධ නැව් හෝ යුධ ගුවන් යානා හෝ යුධ ආධාර පැමිණියේ නැත. සටන අවසන් වන සමයේ එසේ යුධ නැව් හෝ යුධ ගුවන් යානා හෝ යුධ ආධාර නො පැමිණීමට බල පෑ ප්‍රධාන කරුණ වූයේ ඒ අවස්ථාවලදීජාත්‍යන්තර මැදිහත්වීමකට අදාල කිසිදු ජාත්‍යන්තර සම්මුතියකට ලංකාව වෙනුවෙන් අත්සන් කර නො තිබීමය. 2009 මැයි මස වනවිට බෙදුම්වාදී සටන රජයේ ජයග්‍රහණයෙන් කෙළවර වූයේ එවකට වලංගුව පැවති යුද්ධමය මැදිහත් වීමකට අදාල ජාත්‍යන්තර සම්මුතියකින් ලංකාව බැදී නො තිබීම බවට විවාදයක් තිබිය නො හැකිය.
ජාත්‍යන්තර මැදිහත්වීම් සම්බන්ධව වර්තමානයේ පවතින නෛතික තත්ත්වය 1978 – 2009 දක්වා පැවති කාලසීමාවට සමාන නොවේ. 2015.12.10 දින සිට ලංකාව බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන්ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය නම් නෛතික ලේඛනය පිළිගෙන සිටී. එනම් එකී ජාත්‍යන්තර සම්මුතිය ක්‍රියාත්මක කිරීමටද බැදී සිටී. එමෙන්ම එකී ජාත්‍යන්තර සම්මුතිය අනුව 2015.12.10 දින සිට ලංකාව සම්බන්ධව විදේශීය යුධ, තාක්ෂණ, අධ්‍යාපන මැදිහත්වීමකට විදේශීය රටවලට ඇති අයිතිය ලංකාව විසින් පිළිගෙන ඇති බව නිගමනය කළ හැක්කේ එහි 42 ව්‍යවස්ථාව මගින් ජාත්‍යන්තර යුක්ති අධිකරණය (International Court Of Justice) ක්‍රියාවලිය ලංකාවද පිළිගෙන ඇති හෙයිනි. ඒ අනුව විදේශීය මැදිහත් වීමකට ජාත්‍යන්තර සම්මුතිය මගින් අවසර දී ඇත. වඩා අහිතකර තත්ත්වය වන්නේ මෙතෙක් එකී ජාත්‍යන්තර සම්මුතිය රාජ්‍ය භාෂාවෙන් ලාංකිකයන් අතට පත් නොකර අතුරැදහන් කාර්‍යාල පනතේ27 iii) වගන්තිය මගින් ලංකාවේ නීතිය තුළට ගැනීම ය.
එනම් ඉදිරියේදී 2009 මැයි 19 දින නන්දිකඩාල් කළපුවේදී සිදු වූ අවසන් සටනජයගැනීම සහ එහිදී මතු වූ ජාත්‍යන්තර බලපෑම් නොතකා සිටීම වැනි තීරණාත්මක සිදුවීම් සිදු නො වන ලෙස සියලු නෛතික පටිපාටීන් සකසා ගැනීමට සහ අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ලංකාවේ ඕනෑම ස්ථානකට ජාත්‍යන්තර හමුදා ගොඩ බැස්සවීමට අවශ්‍ය පසුබිමමෙම සම්මුතිය මගින් බලවත් රටවලට අවස්ථාව සළසා දී ඇති තත්ත්වයක් පැන නැගී ඇත.
එනම් ඉදිරියේ මතුවිය හැකි බෙදුම්වාදී අරගයකදී 2009 මැයි 19 දින නන්දිකඩාල් කළපුවේදී සිදුවූ පරිදි අවසන් සටන ජයගැනීම සහ එහිදී මතු වූ ජාත්‍යන්තර බලපෑම් පාලනය කිරීම ඉදරියේ දී සිදු නොවන බව පැහැදිලිය. එනම් ඉදිරියේ සිදුවන බෙදුම්වාදී අරගයක් අනිවාර්‍යය සෘජු විදෙස් හමුදා මැදිහත්වීමක් දක්වා වර්ධනය වන බවත් මේ වනවිටත් එයට අවශ්‍ය නෛතික අවසරය සහ මාර්ගය විවෘත කරගැනීමබලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන්ආරක්ෂාකිරීම සඳහා වූජාත්‍යන්තර සම්මුතියහරහා බලවත් රටවල් ලබාගෙන ඇති බවත් කිව හැකිය.
වෙච්ච දේට මක් කොරන්නද කීවා මෙන් යන යකා කොරහත් බිදගෙනම ගොස් ඇත.
1975 දොරේඅප්පා ඝාතනය අවසන් වූයේ 2009 නන්දිකඩාලා කළපුවේ දී ය. ඒ අතරතුර මියගිය මිනිස් ජීවිත සංඛ්‍යාව කොතෙක්ද? ඒ සම්බන්ධව බුද්ධියෙන් නො විමසා ජාත්‍යන්තර සම්මුතිවලට එළඹී, එකී සම්මුති රාජ්‍ය භාෂාවෙන් පවා නොදී මේ කරන ක්‍රියාදාමය යහපත් සමාජයකට අනුචිතය.
අතුරුදහන් වූවන්ගේ කාර්‍යාල පනත මගින් අතුරුදහන් තැනැත්තන්ගේ ඉරණම සොයන්නට ගොස් විදේස් රටවලට ලංකාවේ ජනසමාජයට ඇතුළු වීමට ජාත්‍යන්තර සම්මුති මගින් අවස්ථාව සළසා දීමෙන් අද ජීවත්වන සහ ඉදිරියේ ජීවත්වන ලාංකිකයන්ගේ ඉරණම අදුරු කිරීම බුද්ධිමත් පාලකයන්ගේ යුතුකම නොවේ.
එකක් කඩතොලු වහන්නට ගොස් සියක් කඩතොලු හදා ගත් ඉදුරුවේ ආචාරියාට වූ නස්පැත්තියද රට කරවන ඇත්තෝ නිතර සිහි කළ යුතු ය.
නීතීඥ උණවටුන කේ. අරැණ ලක්සිරි B.Sc(Col),PGDC(Col)
2016.09.06