Featured

පොලිස්පති ධුරය පුජිත්ට අහිමි වෙයි…FCID ලොක්කා පොලිස්පති!

එජාප ආණ්ඩුව පවත්වා ගැනිම සදහා FCID ය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර පොලිස්පති ධුරයට පත්කිරිම අනිවාර්යයෙන් කලයුතු වැඩක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එජාප රනිල් පිළේ ප්‍රභලයන් සමග පැවැති සාකච්ඡාවකදි අනාවරණය කර තිබේ.අදාළ සාකච්ඡා සදහා එකතු වි සිටි පොලිසිය භාර  අමාත්‍ය සාගල රත්නායකද එය අනුමත කර ඇති අතර රාජපක්ෂලා සහ ඔහුගේ අනුගාමිකයන් මර්දනය කිරිම සදහා කටින් පමනක් නොව ක්‍රියාවෙනුත් වැඩ පෙන්විමට වෛද්‍යලංකාර සමත්ව ඇති බවයි සාගල එහිදි පෙන්වා දි ඇත්තේ.

වත්මන් පොලිස්පතිවරයාගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පොලිසිය භාර අමාත්ත‍යවරයා ලෙස තමන් කිසිසේත්ම සැහැහිමකට පත් නොවන බව සාගල රත්නායක පුල පුලා පවසා තිබේ.

‍පොලිස්පති පූජිත් ජයසුන්දර පොලිස්පති විමට පෙර කටින් කී තරම් දක්ෂයෙකු නොවන බවත් සියල්ලන්ටම වඩා ඔහු සිරිසේන අනුගාමිකයෙකු විම හේතුවෙන් රාජපක්ෂලාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විමේදි කලමැරිමේ ක්‍රියාවලියක නිරතවන බවද රනිල් පිළේ අදහස වි තිබේ.වත්මන් ආණ්ඩුවේ පැවැත්ම මුළුමනින්ම රඳා පවතිනුයේ FCIDයේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් බවත් ඉදිරියේදි එය පුලුල් කිරිම සදහා රවි වෛද්‍යලංකාර වැනි තමන්ට අවනත අයෙකු පොලිස්පති ලෙස පත්කිරිම අතිශය වැදගත් බවයි එහිදි රනිල් පිළ පෙන්වා දි ඇත්තේ.

පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම විමර්ශණයක් ක්‍රියාත්මක කරමින් තිබේන අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර් ලතීෆ් මහතා පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිළධාරීවරයා ලෙස පත් කිරීමට පොලිස් කොමිසම නිර්දේශ කළ පසු පුජිත්ගේ හැසිරිම සහ පුජිත් සම්බන්ධයෙන් එල්ල වි තිබේන විවිධ දුෂණ චොදනා සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡාවට ලක්ව තිබේ.

පොලිස්පති ඇන ගත් හැටි 

සිය ප්‍රථම නිල රාජකාරිය ලෙස කිලිනොච්චිය ප්‍රදේශය භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතාට එල්ල වී ඇති දේශපාලන බලපෑම් මත කිලිනොච්චියෙන් මාරුකර යැවීමට සිදුවන බවට ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කර ඇතැයි කියන ප්‍රකාශය නීතියට පටහැනි බල රහිත ප්‍රකාශයක් වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

පොලිස්පති ධුරයේ රාජකාරී භාර ගැනීමෙන් පසුව කිලිනොච්චිය දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකදී ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමා අමතමින් තමාව කිලිනොච්චියෙන් මාරුකර හරින ලෙස දේශපාලන බලපෑම් එල්ල වී ඇති බැවින් ඒ අනුව කටයුතු කිරීමට සිදු වන්නේ යැයි ප්‍රකාශ කළ බව පෙන්වා දෙමින් පාලිත සිරිවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබිණි.‍

පොලිස්පතිවරයාගේ එකී වාචික ප්‍රකාශය නීතියට පටහැනි මෙන්ම එය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන ප්‍රකාශයක් බැවින් එකී වාචික ප්‍රකාශය අනුව කටයුතු කිරීම වළක්වන්නැයි පෙත්සම්කරු සිය මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් ඉල්ලා තිබුණි.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන් හා විනිසුරු අනිල් ගුණරත්න යන විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම කැඳ වූ අවස්ථාවේ අගවිනිසුරුවරයා අධිකරණයේදී පෙන්වා දී ඇත්තේ සහකාර ‍පොලිස් අධිකාරී ධුරයේ සිට ඉහළ ධුර හොබවන නිලධාරීන් ස්ථාන මාරු කළ හැක්කේ ජාතික ‍පොලිස් කොමිසමට පමණක් බවයි. එබැවින් ‍පොලිස්පතිවරයා පෙත්සම්කරුට ස්ථාන මාරු ලබා දෙන බව සඳහන් කිරීම නීතියට පටහැනි හා බලරහිත එකක් බවටද

ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කොට ඇත. පළමුවන වගඋත්තරකාර ‍පොලිස්පතිවරයාගේ වාචික ප්‍රකාශය අනුව කටයුතු කළහොත් වහාම අධිකරණය හමුවට පැමිණීමේ අයිතිය පෙත්සම්කරුට ඇති බවද අගවිනිසුරුවරයා පෙන්වා දෙමින් ‍පොලිස්පති පූජිත් ජයසුන්දර පළමු වගඋත්තරකරු ලෙස නම් කොට තිබූ අතර ජාතික ‍පොලිස් කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සිරි හෙට්ටිගේ, ‍ලේකම් ආරියදාස කුරේ, ජාතික ‍පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයින් හයදෙනා, අමාත්‍ය සාගල රත්නායක හා නීතිපතිවරයා සෙසු වගඋත්තරකරුවන් වෙති. එම පෙත්සම තම අධිකරණය විසින් නිකුත් කළ පෙර කී නියෝගයට යටත්ව අවසන් කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී අවසර ලබා දී ඇත.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එස්. බාරි මහත්මිය ද අධිකරණයට පෙන්වා දී ඇත්තේ සහකාර ‍පොලිස් අධිකාරි ඉහළ නිලයක් දරන නිලධාරීන්ට ස්ථාන මාරු ලබාදීමේ බලය ඇත්තේ ජාතික ‍පොලිස් කොමිසමට බවට නීතිපතිවරයාද පිළිගන්නා බවයි.

 

Top