Featured

ලංකාවේ අභිරහස් කලාපය ඉරණවිල “ඇමරිකානු හඬ” වසා දැමේ

මෙරට දේශපාලන ක්‍ෂේත්‍රයේ මහත් ආන්දොaලනයකට තුඩුදී තිබූ ඉරණවිල වොයිස්‌ ඔෆ් ඇමරිකා නමැති සම්ප්‍රේෂණ මධ්‍යස්‌ථානය වසා දැමීමට ඇමරිකානු රජය තීරණය කර ඇත.

1993 වසරේ ඉදිකළ මෙම ඇමරිකානු සම්ප්‍රේෂණ මධ්‍යස්‌ථානය අක්‌කර 500 ක භූමි ප්‍රදේශයක ක්‍රියාත්මක විය. ඇමරිකානු රජය යටතේ පාලනය වූ මෙම සම්ප්‍රේෂණ මධ්‍යස්‌ථානයට තානාපති මුක්‌තිය හිමිවීම නිසා මෙරට ආරක්‌ෂක අංශවලටද එම ස්‌ථානය තහනම් කලාපයක්‌ වී තිබුණි.

මෙම සම්ප්‍රේෂණ මධ්‍යස්‌ථානයෙන් අග්නිදිග ආසියාවටම සම්ප්‍රෙෂණ ක්‍රියාදාමය දියත් විය.

මෙකී වොයිස්‌ ඔෆ් ඇමරිකා හෙවත් ඇමරිකානු හඬ මධ්‍යස්‌ථානය මගින් ඉන්දීය සාගරයේ යාත්‍රා කෙරෙන ඇමරිකානු නාවික යාත්‍රා සමග සබඳකම් පැවැත්වූ බවටද චෝදනා එල්ල විය.

කීර්ති වර්ණකුලසූරිය
ලංකාවෙ අභිරහස් කලාපය (ඇමැරිකන් හඬ)

ලොකයේ තිබෙන කිසිවෙකුටත් ඇතුලු වීමට හෝ පිටවීමට නොහැකි අධිආරක්ෂිත කලාප ගැන ඔබ කොතෙකුත් අසා ඇති බවට සැකයක් නැත. අධිආරක්ෂිත කලාප කියු සැනින් ඔබගේ මතකයට එන්නේ 51 කලාපය බව නිසැකය. නමුත් අද මම පවසන මේ තොරතුරු හලාවත, ඉරණවිල ප්‍රදේශයේ පිහිටි ඇමැරිකන් වොයිස් ලෙස හදුන්වන ගුවන් විදුලු සංප්‍රේෂණාගාරයක් මුවාවෙන් පවත්වා ගෙන යන ලංකාවෙ පිහිටි ඇමැරිකන් ආධිපත්‍ය යටතේ ක්‍රියාත්මක වන අත්භූත ස්ථානයක් පිළිබදවයි. මෙය J.R Jayawardhana පලන සමයටත් පෙර සිට ලංකාවේ ක්‍රියාත්මක වී ඇත. නමුත් එම රජය යටතේ මෙය තවත් ශක්තිමත් වී තිබේ. voice of america නිසා රජයට විශාල මුදලද ලැබේ. එම ස්ථානය අකණ්ඩව පවත්වා ගෙන යැමට ඉඩ ලබා දිම හෙතුවෙන් ඔවුන් විශාල බදු මුදලක් රජයට සපයනු ලබයි. අතිතයේ සිට එය එසේ පවත්වා ගෙන තිබේ.

මෙම ස්ථානය ලබාගැනීම වෙනුවෙන් ඇමැරිකන් හඬ සමාගම විශාල වැඩ කොටසක් සිදු කර තිබේ. එකල චන්ද්‍රිකා බණ්ඩාරණායක බලයට පත් වන සමයේ ජනපති වීමට ප්‍රතම එම ප්‍රදේශයේ මිනිසුන් මෙයට දැඩි විරෝදයකින් සිටි නිසා මෙම ස්ථානය ඉවත් කරන බවට ඇය පොරොන්දු වී තිබේ. ඒ වන විට අක්කර 40ක් පමණ භූමි ප්‍රදේශයක එය වියාප්තව තිබී ඇත. ඇය බලයට පත් වීමෙන් පසු එයට තව රජ්‍ය අනුග්‍රහය සැපයූ බවට පිළිගත හැකි සාක්ෂි තිබේ. එයට හෙතුව මෙය අක්කර 400ක් දක්වා විශාල කිරීමර රජ්‍ය අනුග්‍රහය ලැබීමයි. මෙයට එරෙහිව විශාල ජනතා විරෝදයක් පැවතියත් දිනෙන් දින මෙය සංවර්ධනය විය. යුද්දය පැවති සමගේ මෙම ප්‍රදේශය අශ්‍රිතව අත්භූත එලි විශාල ප්‍රමාණයක් නිතර දැක ගත හැකි වූ බව ගම් වාසින් දැක තිබේ. මෙම ස්ථානයට සතෙක්ටවත් ඇතුලු වීමට නොහැකි සේ වොට් 33000ක පමණ ධරිතාවකින් යුත් විදුලි වැටක් ඉදිකර තිබේ. එය අදත් ක්‍රියාත්මක තත්වයේ පවතී. ගම් වැසියන්ගෙන් ලද තොරතුරු වලට අනුව එක් අවස්ථාවක විදුලු වැටට අසුවු පුද්ගලයෙකු මිය ගිය පුවතක්ද වාර්ථා වේ.

කෙසේ වෙතත් එහි සෙවයේ නියුතු පිරිස් පවසන්නේ මෙය රටවල් 14ක් සමග සම්බන්ධව ක්‍රියාත්මක වන ගුවන් විදුලි තරංග සම්ප්‍රේෂණාගාරයක් බවයි. තවත් අයෙකු සද්දන් කරන්නේ ලොකයේ විවිද රටවල් වල ඔත්තු බැලීමට මෙම ස්ථානය යොදා ගන්නා බවයි. වර්ථමානය වන විට මෙහි විශාල ගුවන් පථයක්ද ඉදි කර ඇති අකාරය දැකගත හැකිය. ලංකාවෙ ජනධිපතිට හෝ රක්ශක අංශවලට පව ඇතුලු වීමට නොහැකි මෙහි පරික්ෂණාගාර වල සිදුවන්නේ කුමක්ද? එය තවමත් විසදුවක් නොමැති ගැටලුවකි. පසුගිය වර්ෂයේ මෙම ස්ථානය අශ්‍රිතව භිරහස් එලි, සක්වල යාන ලෙස සලකන අකාශ වස්තූ දර්ශනය වීම් ප්‍රවුත්ති ඔස්සේ පව විකාශය වී තිබුනි.

මධ්‍යම රත්‍රීයෙ 2 සිට පාන්දර 4 වන තෙන් විවිද අත්භූත එලි එම ස්ථානය අවට අහසේ සැරි සරන බව අපට ගම් වාසින් විසින් තොරතුරු ලබාදුනි. ජනතාව බියට පත් වන අන්දමේ සිදුවීම් මේ එලි සම්බන්ධව වර්ථා වේ. එනම් එක් අවස්ථාවක මෙම අභිරහස් අලෝකවලින් කිරණ ධාරාවක් මිනිසුන් පිරිසක් වෙත එල්ල වීමයි. ඔබ් එම ප්‍රදේශයේ සැරිසැරුවොත් මෙවැනි පුවත් ඕන තරම් අසන්නට පුළුවන්.

අතීතය හා සංසන්ධනාත්මකව බැලීමෙදි වර්ථමානයේ මෙහි යම් යම් වෙනස්කම් දැකගත හැකිය. එකල කිසි සේත් මෙයට ඇතුලු වීමට නොහැකි වූවත් වර්ථමානයේ විශේෂ අවසරයක් ලබා ගෙන මෙහි ඇතැම් කොටස් නැරඹිය හැකිය. නමුත් හොදින් මතක තබා ගන්න මෙහි නැරඹිමට ජනයාට අවසර ඇත්තේ ඉතා සුළු කොටසක් පමනි. මෙහි ක්‍රියාත්මක පරික්ෂණාගරා ඇතිලු ස්ථාන රාශියකට ජනතාවට කිට්ටුවටවත් ඇතුලු වීම දඩුවම් ලැබිය හැකි වරදකි. වර්ථමානයේ ලංකිකයන්ද මෙහි රැකියාවල නියත වුවත් එහි ඇතුලාන්තයේ සිදු වන්නේ කුමක්ද යන්න පිළිබද ඔවුන්ද කිසිවක් නොදනී. ලංකිකයන් සෙවයේ නියුක්ත වන්නේ එක්තරා කොටසක පමණි. ඔවුන්ට එහි ඇති ඉයලුම ස්ථානවලට ඇතුලත් වීමට නොහැකි අතර එහි සේවය කරන විදේශිකයන්හට පමණක් එම අවසරය ඇත.

Top