2017 අප්‍රියෙල් 27 වෙනිදා මලික් සමරවික්‍රම අමාත්‍ය තුමන් සහ ඉන්දීය විදේශ අමාථ්‍යවරිය ශුෂ්මා ෂුවරාජ් මහත්මියත් අතර ඇතිවුනු ගිවිසුමේ ඉතා පැහැදිලිවම මේ වරාය විතරක් නෙමේ සමස්ථ ත්‍රිකුණාමලයම විවිධ කාර්යන් සදහා ත්‍රිකුණාමලයට ලබාදීමට ප්‍රතිපත්තිමය එකගතාවයක් ඇතිකරගෙන තියෙන බව (2017.05.25)දින පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය සදහා වූ මහජන කොමිෂන් සභාවේදී අදහස් දක්වමින් කියා සිටියා.
චීනය හම්බන්තොටටත් ඉන්දීයාව ත්‍රීමලේටත් ඇස ගැසීමට හේතු
අපේ වෙළදාමෙන් 95% කටත් වඩා සිදු වෙන්නේ වරායන් හරහා. අන්තර් ජාලය හරහාවැඩසටහන්, අධ්‍යාපනය යනාදියත් ගුවණ්සේවය හරහා මල් වගේ ද්‍රව්‍යයනුත් වෙළදාම සුළු වශයෙන් සිදු උනාට අතිශ්‍යය බහුතරයක් වෙළදාම ශ්‍රී ලංකාව සිදුකරන්නේ වරායන් හරහායි.
ශ්‍රි ලංකාවේ පිහිටිම ඉතිහාසය පුරාවටම ශ්‍රී ලංකාවට ශාපයක් වී පැවතුනා. දිගින් දිගටම අපේ රටට ඉන්දීය ආක්‍රමණ එල්ල වන්නේ අපේ පිහිටීම නිසා. පෘතුගීසීන් ලන්දේසීන් ඉංග්‍රීසීන් අපේ රට අත්පත් කර ගත්තේ මෙරට පිහිටීම නිසා. ඒ වගේම සාර්ථක නොවුවත් ඩෙන්මාකය හා ප්‍රංශයද අප රට අත්පත් කර ගැනීමට උත්සහා දැරුවේ මේ නිසයි.
ශ්‍රී ලංකාව ආසියාවේ හරි මැද පිහිටි රටක්. ඒ නිසාම තමයි මවුන් බැටන් සාමි වරයා දෙවන ලෝක යුධ සමයේ ආසියානු යුධ මධ්‍යස්ථානය මහනුවර පිහිටුවන්න කටයුතු කලේ. අපේ දැන් අවධානය යොමුවිය යුත්තේ ඉතිහාසය පුරාවටම ශ්‍රී ලංකාවට සාපයක් වු ශ්‍රී ලංකාවේ පිහිටීම ශ්‍රී ලංකාවට ආශිර්වාදයක් කරගන්නේ කොහොමද කියන එකයි.
ජාත්‍යන්තර වෙළදාමේදී ශ්‍රී ලංකාවේ පිහිටීම වාසියට හරවා ගැනීමට අපි කළයතු දේ නොකල යුතු දේ මොනවාදැයි අපි සලකා බැලිය යුතුයි. මොකද ඒ සම්බන්දයෙන් වන තීරණාත්මක කාරණා පිළිබදව මෙරට ආණ්ඩුව ප්‍රථිපත්තියකින් තොරව මේ වන විට පියවර ගණිමින් සිටින නිසා.
ශ්‍රී ලංකාව ආසියාවේ හරි මැදින් පිහිටයත් එහි පිහිටීම අපි නිසි ලෙස ප්‍රයෝජනයට නොගත් නිසා තමයි ශ්‍රී ලංකාව දෙපැත්තෙන් ඩුබායි සහ සිංගප්පූරුව කියලා විකල්ප කේන්ද්‍ර දෙකක් මතු උනේ. සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යු මැතිතුමන් From third world to first කියන තමන්ගේ ග්‍රන්ථයෙන් ස්තුති වන්ත වෙනවා ශ්‍රි ලංකාවේ වෘතීය සමිති ව්‍යාපාරයට. මන්ද 60 දශකයේ කොළඹ වරායේ නිරන්තර වැඩ වර්ජන නොතිබුනේ නම් සිංගප්පුරුව නැමැති දියුණු රට බිහි නොවීමට ඉඩ තිබුණා කියලා.
අතීතයේදීත් අනුරපුර හා පොළාන්නරු යුග වල යුරෝපය සහ ආසියාවේ වෙළද කේන්ද්‍රස්ථානය බවට යුරෝපය පත්වී තිබුණා. අපි වගේ කුඩා රටක් අප බලාපොරොත්තු වෙන ආර්ථික සංවර්ධනය ලගා කර ගන්නනම් මේ ආණ්ඩුව කතා කරන ආනයන අපනයන වෙළදාමටත් වඩා වැදගත් වන්නේ අන්තරාල වෙළදාම හෙවත් වෙළද හුවමාරු මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව දියුණු කිරීමයි. මේ සදහා වරාය කියන එක අතිශයින්ම වැදගත්.එ
අද අප සතු ප්‍රධානතම වරායන් වන මාගම්පුර වරාය චීනයටත් ත්‍රිකුණාමල වරාය ඉන්දියාවටත් ලබාදීමේ ප්‍රථිපත්තිමය තීන්දුවක අද මේ රජය ඉන්නවා. මේ තීන්දුව අපේ අනාගත ජාත්‍යන්තර වෙළදාම් සදහා කෙසේ බලපායිදැයි තීරණය වෙන්නේ ජාත්‍යන්තර ප්‍රවනතා සලකා බැලීමේදී. ඉන්දියාව ත්‍රිකුණාමල වරායටත් චීනය මාගම්පුර වරායටත් අවධානය යොමුකිරීමට බලපාපු ප්‍රවණතා දෙකක් තියෙනවා.
චීන හිටපු ජනපති ජින්ටාවෝ මහතා වරක් ප්‍රකාෂ කලා චීනටයට ඇති ලොකුම අභියෝගය තමයි මලක්කා දෙගිඩියාව බව. එනම් චීනයට අවශ්‍ය ඉන්ධන වලින් 80% ගෙන එන්නේ මලක්කා සමුද්‍ර සන්දිය හරහා. මැලේසියාව ඉන්දුනීසියාව සහ සිංගප්පූරුව කියන රටවල් තුනේ එම රටවලට අයත් මුහුදු සීමාව හරහායි. මේ මුහුදු මාර්ගය හැදිලා තියෙන්නේ. චීනය සහ ඇමරිකාව අතර ඇතිවන යුධමය වාතාවරණයකදී මෙම රටවල් තුණ ඇමරිකාවට සහය පළකලහොත් ඒ හරහා චීනයට එන තෙල් නැව් බාධා කලත් චීන ආර්ථිකය එක සතියක් ඇතුලත බිමට සමතලා වෙනවා කියන එක චීනය දැකලා තියෙනවා.
මෙයට පිලියමක් ලෙස පසුගිය වර්ෂයේ ඉතාම පටු තීරණයක් වු තායිලන්තයේ ක්‍රා ප්‍රදේශය හරහා ඇලක් කැපීම සදහා තායිලන්තය හා චීනය අතර ගිවිසුම් අත්සන් වුනා. මේ හරහා අන්දමන් මුහුද හා දකුණු චීන මුහුද යා කෙරෙනවා. ඩොලර් බිලියන 80 වියදමින් ඉදිවෙන කිලෝමීටර් 42 දිගැති මේ ඇළ මාර්ගයයේ වැඩ තව වසර දහයකින් අවසන් වීමට නියමිතයි. මේ ඇළ ඉදිකිරීමේන් පස්සේ ජපානය චීනය කොරියාව පිලිපීනය වියට්නාමය යනාදි රටවලට ගමන් කරන මුහුදු ගමන කිමි 1200කින් කෙටි වෙනවා. ඒ නිසා එම රටටවලට පැමිනෙන නැව් තව දුරටත් සිංගප්පුරුව හරහා යෑමේ අවශ්‍යතාවක් නෑ. අපි දන්නවා සුවස් ඇළ කැපීමෙනේ පසු ලෝකයේ තිබුණු කාර්ය බහුලම වරායක් වු සුභපැතීමේ තුඩුව වරාය අද හොල්මන් වරායක් බවට පත්වී තියෙනවා. එලෙසම මේ මොහොතේ ආසියාවේ වැදගත්ම වරාය වන සිංගප්පුරු වරාය අනාගතයේ තවත් වසර 10 කින් පසුව ක්‍රමාණුකූලව සුභපැතීමේ තුඩුව වරායට අත් වු ඉරනමම අත්වීමට නියමිතයි.
මුහුදු ගමන් මාර්ගය ක්‍රා දක්වා වෙනස් වීමේදී අපේ හමිබන්තොට වරාය අසලින් තමයි මේ නව මුහුදු ගමන් මාර්ගය වැටෙන්නේ. එවිට ආසියාවේ වැදගත්ම වරාය ලෙස සිංගප්පුරු වරායට හිමිව ඇති තත්වය එදාට හිමිවන්නේ හම්බන්තෙට මාගම්පුර වරායටයි. තව වසර දහයත් පනහත් අතර මේ ලෝකයේ ඇතිවන වෙනස කලින්ම දැක්ක නිසා තමයි චීනය ඩොලර් බිලියන 1.1 වැනි තුට්ටු දෙකේ මුදලකට මේ වරායේ අයිතිය ගන්නට හදන්නේ.
1970 දශකයේ සිංගප්පුරුවේ ජාතික ආදායමෙන් තුනෙන් එකක් ලැබෙන්නේ සිංගප්පුරු වරාය හරහා. ශ්‍රී ලංකාවට ඒ සිංගප්පූරුව ගිය ගමන යාමට තිබෙන ස්වර්ණමය අවස්ථාව තමයි පසුගිය ආණ්ඩුවෙන් ඉදිකල මාගම් පුර වරාය. ක්‍රා ඇල ගැන අවබෝධයකින් තොරව අපේ ආණ්ඩුව මේ වරාය ඉදිකලත් ක්‍රා ඇලේ ඉදිකිරීමත් සමගම අතිශයින් උපාය මාර්ගිකව වැදගත් වරායක් බවට මෙය අද පත්වෙලා තියෙනවා. ජාත්‍යන්තර වෙළදාමේදී අපේ භූමියේ වාසය අපට ලබාගන්නට තියෙන ස්වර්ණමය අවස්ථාව අපිට මග හැරෙනවා මේ වරාය චීනයට ලබාදීමෙන්.
ඒ වගේම ත්‍රිකුණාමල වරාය ගැන ඉන්දියාවේ උනන්දුව කුමක්ද? එක්දහස් අටසිය ගනන්වල සිටම ඉන්දියාවට තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි නැගෙනහිර ඉන්දියාව සහ බස්නාහිර ඉන්දියාව යා කෙරෙන මුහුදු මාර්ගය වැටිලා තියෙන්නේ ලංකාව වටායි. එක්පසක ඉන්දියාවේ මුම්බාය ප්‍රධාන වරායක් වෙද්දි ඉන්දියාවෙ අනික් පස කල්කටා ප්‍රධාන වරායක් වෙනවා. මේ වරායන් දෙක අතර බඩු ගෙන යන්නේ ලංකාව වටේ ගමන් කිරීමෙන්. පොක් සමුද්‍ර සන්දියේ නොගැඹුරු මහුද සහ හනුමා පාලම ලෙස ප්‍රකට හුණු ගල් පර නිසා නැව් වලට ගමන් කිරීමේඅවස්ථාව අහිමි වී තියෙනවා. 1997 සේතු සමුද්‍රම් නැමැති ව්‍යාපෘතිය හරහා මේ හනුමා පාලම හෙවත් හුණු ගල් පරය කඩලා මුහුදු හාරලා පෝක් සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමනා ගමනය ආරම්භ කිරීමට ඉන්දියාව උත්සහ කළා. ආගමික හා පාරිසරික හේතු මුල් කරගෙන මෙයට බලවත් විරෝධයක්ආවා. ඒ වගේම හුණු ගල් පරය කැඩීම බාරගත් සමාගම එය කඩා දැමීමට අපොසත් වෙද්දී ඉන්දියාව තුල මතයක් පැතිරුණා රාම දෙවියන් හා හනුමන් දෙවියන් මුලිකත්වයෙන් ඉදිකල මේ පාලම බිද දැමීම ඉන්දියාවට සාපයක් බවට. අවසානයේ 2010 දී ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරනය මේ ව්‍යපෘතිය නතර කලා.
ඒ නිසා ඔවුන්ගේ අන්තරාල වෙළදාම සදහා දැනට කොළඹ වරාය පාවිච්චි කරනවා. කොළඹ හා මාගම්පුර වරායන්වල චීන බලපෑම නිසා ඔවුන් තෝරාගෙන තියෙනවා ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට නතුකර ගැනීමට. එක පැත්තකින් ආසියාවේ වැදගත්ම වරායක් වීමටනියමිත මාගම්පුර වරාය ඉතාමත්ම අඩු ලන්සුවකට චීනයට ලබාදෙන අතරේ උපාය මාර්ගිකව වැදගත් ස්වාභාවික වරායක් වන ත්‍රිකුණාමල වරාය ඉන්දියාවේ ප්‍රශ්නයක් විසදා ගැනීම සදහා ඉන්දියාවට ලබාදෙනවා.
මේ ගණුදෙනු වල ඉලක්කම් අපි දන්නැතිඋනත් 2017 අප්‍රියෙල් 27 වෙනිදා මලික් සමරවික්‍රම අමාත්‍ය තුමන් සහ ඉන්දීය විදේශ අමාථ්‍යවරිය ශුෂ්මා ෂුවරාජ්මහත්මියත් අතර ඇතිවුනු ගිවිසුමේ ඉතා පැහැදිලිවම මේ වරාය විතරක් නෙමේ සමස්ථ ත්‍රිකුණාමලයම විවිධ කාර්යන් සදහා ත්‍රිකුණාමලයට ලබාදීමට ප්‍රතිපත්තිමය එකගතාවයක් ඇතිකරගෙන තියෙනවා.
අපේ රට සංවර්ධනය කිරීමට අන්තරාල වෙළදාමට වෙළද කේන්ද්‍රස්ථානයක් කර ගැනීමට තියෙන හොදම මග, ඒ වගේම ඒ සදහා තියෙන හොදම මග මාගම්පුර වරාය සහ ත්‍රිකුණාමල වරාය ලෝක බලවතුන් දෙදෙනෙකුට පැවරීමෙන් පසු අපේ දිගුකාලීන වෙළද අරමුණු ඉටුකර ගැනීම සදහා අපිට ස්වාධීනත්වයක් රැකේද කියන ප්‍රශ්නය මතුවෙනවා.
අපිට හොද පාඩමක් පැනමාව උගන්වලා තියෙනවා. මේ ක්‍රා ඇල වගේම ලෝකයේ පළමුවතාවට කැපුණේ පැනමා ඇල. කොළොම්බියාවෙන් පැනමා වෙන්වීමේ සටනට උදව් කළේ ඇමරිකා එක්සත් ජනපදය. ඒ නිසා තමන්ගේ මිත්‍ර ඇමරිකාවට සැලකීමක් විදහට තමන්ගේ රට මැදින් පැනමා ඇල ඉදිකිරීමට පැනමා ආණ්ඩුව ඇමරිකාවට අවස්ථාවක් දුන්නා. ඇල ඉදිකරාට පස්සේ මේ අය කිව්වා ඇලට සේවය සපයන්න කර්මාන්ත ශාලා මේ ඇල දිගේ ඉදි කරන්න ඕනේ ඒවා කරන්න එන ඇමරිකානුවන්ට නිවාස ඉදිකරන්න ඕනේ, රෝහල් සහ පාසල් ඉදිකරන්න ඕනේ, දුප්පත් පැනමාවත් අපේ මිත්‍රයානේ කියලා ඇමරිකාවට මේ සියල්ල කර ගන්න ඉඩ දුන්නා. වසරකට ඩොලර් බිලියන 2කේ සම්පුර්ණ ආදායම ඇමරිකාව ලබා ගත්තා විතරක් නෙවෙයි පැනමාවේ දේශපාලනය ඇමරිකාව පාලනය කරන්න පටන් ගත්තා.
පැනමාව ඇමරිකාවට යටත් විජිතයක් බවට පත්වුණා. වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි උපාය මාර්ගිකව වැදගත් පැනමා ඇල ඇමරිකාවේ පාලනයට දීමේ 1903දී පැනමාව ගත්ත තින්දුව නිසා. 1970 දශකයේ බිහිවුණු පැනමාවේ ජනාධිපති ඕමා ටොරිජෝෂ් ( Omar Torrijos) තීරණයකරනවාමේ ඇලයලිපැනමාවටලබාගැනීමට.ඒසඳහාඅරගෙනගියදිර්ඝකාලීනඅරගලයේප්‍රතිඵලයක්විදිහට 1977 දීඇමරිකාඉතිහාසයේහිටියහොදමජනාධිපතිවරයාවනජිමිකාටර්යුගයතුලගිවිසුමක්අත්සන්කරනවා 1999 වසරේදීපැනමාඇලනැවතපැනමාවටලබාදෙන්න. නමුත්රොනල්ඩ්රේගන් (Ronald Reagan) ජනාධිපතිවරයාබලයට පත් වූණාට පස්සේ ගිවිසුම ආහෝසි කර ගන්න පැනමාවට දිගින් දිගටම බලපෑම් කලා පැනමාව ප්‍රතික්ෂේප කලා. මෙහි ප්‍රතිඵලය වුණේ 1981 දී ඔමාර් ටොරිජෝෂ් ( Omar Torrijos) ජනාධිපතිවරයාගමන්කරමින්සිටිගුවන්යානයට CIA සංවිධානය බොම්බයක් අටවලා ජනාධිපතිවරයා මරා දෑමීම.
ඊට පස්සේ එන මැනුවෙන් නොරිගා(Manuel Noriega) ජනාධිපතිවරයාටකියනවාඅපේව්‍යාපෘතියට අත තිබ්බාම වෙච්ච දේ දැක්කා නේද ඔබ ඒ නිසා පැනමා ඇල ඇමරිකාවට අවශ්‍ය විදිහට නතු කර ගන්න ඉඩ දිය යුතුයි කියලා. නමුත් පැනමාවේ වාසනාවට තමන්ගේ ජිවිතය ගැන නොසිතා ඔහු ඒ සටන ඉදිරියට ගෙන යනවා. එහි ප්‍රතිඵයක් විදිහට 1989 දී පැනමා ඇල දෙපැත්තේ කඳවුරු වල සිටි ඇමරිකානු හමුදාව හදිසියේම පැනමාවට ඇතුළු වෙලා ජනාධිපතිවරයා පැහැරගෙන ඇමරිකාවට අරගෙන යනවා. ඊට පස්සේ ඇමරිකාවේ දී ඔහුට විරුද්ධව මත්කුඩු ජාවාරමේ යෙදුනාය කියලා චෝදනාවක් එල්ල කරනවා. වසර 40ක් හිර ගෙදරට යවනවා. ලෝක ඉතිහාසයේ මෙවැනි සිදුවීමක් වෙලා තියෙන්නේ පැනමාවට විතරයි. එක් ජනාධිපතිවරයෙක් ජිවිතය පුජා කරලා තවත් ජනාධිපතිවරයෙක් වසර 40ක් හිරගෙට ගිහිල්ලා තමයි උපාය මාර්ගිකව වැදගත් පැනමා ඇල නැවත පැනමාවට ලබා ගැනීමට පුළුවන් වුණේ. මේ කාරනෙන් අපිට කියා දෙන පාඩම තමයි මාගම්පුර වරාය, ත්‍රිකුණාමලවරාය ලබා දීම කෙතරම් පහසු වුණත් පුංචි මුදලකට අත්හැරිමට අපි සුදානම් වුණත්, එය යලිත් ලබා ගැනීමේ දි ජිවිත වලින් වන්දි ගෙවන්න වන දිර්ඝ කාලින සිවිල් යුද්ධ වලට මහ බලවතුන් සමග පැටලෙන මහා වන්දියක් ගෙවිය යුතු කාරණයක් කියාය. පැනමාවට සිටියේ එක ලෝක බලවතයි, ඇමරිකා එක්සත් ජනපදය පමණයි.
අපිට ත්‍රීකුණාමලය ඉන්දීයාවට මාගම්පුර වරාය චීනයට වගේම දැනට නිල නොවන පරිදි තොරතුරු තියෙනවා වරාය නිලධාරින් අපිට දැනුම් දෙමින් තිබෙනවා කිසිම ලිඛිත සාක්ෂියක් මා සතුව නැතත් ඕස්ට්‍රේලියානු සමාගමක් හරහා කොළඹ වරායේ කළමණාකරනය ඇමරිකාවට ලබා දීමට සාකච්චා ආරම්භ වී තිබෙනවා කියලා. අපි ඒක ලෝක බලවතෙක් වෙනුවට තුන්දෙනෙක් රට ඇතුලට දාගත්තොත් පැනමාවට වඩා අමිහිර ඉරණමකට තමයි අපිට මුහුණ දෙන්න වෙන්නේ. ඒ නිසා අපි යන්න කිව්වම නොයන කෙනෙක් ඇතුලට ගන්න එපා. ඉන්දියානු සාමසාධක හමුදාව පිළිබද අපිට අත්දැකීම් තියෙනවා අපේ රට ජනාධිපතිවරයා ලිඛිතව ගෙන්න ගත්තාකියලා තමයි නිල නිවේදනයේ තියෙන්නේ නමුත් ඊළග ජනාධිපතිවරයා 1989 ජනවාරි 02 දින ප්‍රේමදාස ජනාධිපතිවරයා ප්‍රසිද්ධ ඉල්ලීමක් කරා ඉන්දියානු හමුදාවට යන්න කියලා. ඉන්දියාවේ ප්‍රතිචාරය වුනේ ,නෑ අපි ආව වැඩේ කරලා මිසක් යන්නේ නෑ කියලා. මොකද අපේ ගේ අස්සට බල්ලෙක් ආවොත් කොස්සෙන් ගහලා එළවන්න පුළුවන් නමුත් සිංහයෙක් ආවෝත් සිංහයාට ගේ බාර දිලා අපිට එළියට බහින්න තමයි වෙන්නේ. කුඩා රටක් සමග නම් මේ ගනුදෙනු කරන්නේ අපිට විසදා ගන්න ලෙසියි. නමුත් මහ බලවතුන් සමග ගනුදෙනු කරන විට අපිට එහෙම ස්වාධිනව කටයුතු කරන්න බෑ. ශ්‍රි ලංකාවේ දියුණුවට නම් පිහිටිම අනුව ලැබුණු උපාය මාර්ගිකව වැදගත් ඇති සියළුම දේ ශ්‍රි ලංකාවේ සම්පුර්ණ පාලනය යටතේ තිබිය යුතුයි. ණය ආයෝජන ලබා ගත්තාට කමක් නෑ නමුත් පාලනය විදේශිකයන් නතු කළොත් යලි කවදාවත් ලබා ගැනීමට නොහැකි වෙනවා.
තේ රබර් පොල් වෙනුවට අරළු බුළු නෙල්ලි රට යවමු
අපේ රටේ ප්‍රධානම අපනයනය වන්නේ ඇගළුම්. නමුත් ඇගළුම් වල ශුද්ධ විදේශ විනිමය ඉපයිම් ඉතාම පහල මට්ටමක තියෙන්නේ. ඇගළුම් විකුණා ඩොලර් ගෙනාවට පසු රෙදි,නුල් බොත්තම්, යන්ත්‍රසුත්‍ර, තාක්ෂණය සහ කළමණාකරනය, ආයෝජනය යන සියල්ල පිටරටින් ගෙන එන නිසා අපිට ඉතිරි වන්නේ ශ්‍රමය සඳහා සුළු ප්‍රමාණයක් පමණයි අපිට ඉතිරි වෙන්නේ ඇගළුම් විකුණා ලබන ලාභයෙන්. අපි ප්‍රමුඛතාවය ලබා දිය යුත්තේ දේශිය සම්පත් සහ දේශිය දැනුම මත පදනම් වුණු අපනයන සදහා. මේ සඳහා ඇති හොදම නිදසුන තමයි සිංහල වෙදකම. අවසනාවකට අපේ රටේ විශ්ව විද්‍යාල වල උගන්වන්නේ සිංහල වෙදකම නෙවෙයි ආයුර්වේදය නමින් හදුන්වන ඉන්දියානු වෙදකම. නමුත් ඉන්දියානු වෙදපොත් වල පවා සිංහල වෙදකම ගැන විශේෂයෙන් කතා කරලා තියෙනවා. ඉන්දියානු රජවරු ලංකාවට ඇවිත් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. රාවනා රජතුමාගේ සිට බුද්ධදාස රජතුමා දක්වා මේ කේෂ්ත්‍රයෙන් හපන්කම් පාපු රජවරු ඉදලා තියෙනවා. සිංහල වෙදකම තිබ්බත් වෙදකම වගේම ආයුර්වේදයෙන් වෙනස් වූ ස්වාධින වේදකමක්. විශේෂයෙන්ම විෂ වෙදකම, රස වෙදකම, කැඩුම්බිදුම් වෙදකම, ඇස් වෙදකම යන කේෂ්ත්‍රවල ඉන්දියාවට වඩා ලංකාව ඉස්සරහින් සිටිනවා. අදටත් ජර්මනියේ ඉන්දියාවේ ආයුර්වේදයට නැති ඉල්ලුමක් අපේ වෙදකමට තියෙනවා. අපි සිංහල වෙදකම අපේ ප්‍රධාන අපනයන භාණ්ඩය බවට පත්කර ගත්තොත් බටහිර වෙදකමෙන් සුව කල නොහැකි පිළිකාව, ආතරයිටිස්, ලෙඩෙත් එක්ක ජිවත් වෙන්න කියන දියවැඩියාව වගේ රෝග නිට්ටාවට සුව කිරිමේ හැකියාව සිංහල වෙදකමේ තියෙනවා.
අපේ ප්‍රධාන අපනයන බෝග විදිහට වවන්නේ තේ,පොල්,රබර් වලට දැඩි තරගකාරිත්වයක් තියෙනවා ලෝක වෙළදපොළතුල. වෙනත් රටවල මේවා මීට වඩා අඩුමිලට වැඩි පලදාවක් ගන්න වගාකරන නිසා. සිංහල වෙදකම නම් අපේ ප්‍රධාන අපනයන වෙන්නේ අපිට වගා කරන්න වෙන්නේ අරළු, බුරු නෙල්ලි. මේවට කිසිම රටකින් කිසිම තරගකාරිත්වයක් නෑ. අපේ බෙහෙත් අපේ වට්ටෝරු කිසිම රටක නෑ. ඒක නිසා අපි ලෝකය පුරා අපේ රෝහල් විවෘත කරමින් අපේ රටට ආවේනික වූ ශාක වලට ලෝක පරිමානයේ දැවැන්ත ඉල්ලුමක් හදමින් අද සවුදි ආරාබිය තෙල් වලින් ලබන ආදායමට වඩා වැඩි අපේ දේශිය ඹෟෂධ ලෝකයට හදුන්වා දීමෙන් ලබන්න පුළුවන්. මොකද තෙල් නැතුව ඉන්න පුළුවන් මිට අවුරුදු 150කට කලිනුත් අපි තෙල් නැතුව හිටියා. තව වසර 40කට පසුවත් අපිට තෙල් නැතුව ඉන්න වෙනවා. නමුත් ඹෟෂධ නැතුව අපිට පවතින්න විදිහක් නෑ. මම මේ උදාහරණය ගත්තේ දේශිය සම්පත් සහ දේශිය දැනුම මත පදනම් වුණු අපනයන සදහා මුල්තැන ලබා දුන්නොත් අපිට අපනයන කේෂ්ත්‍රයේ අපි මුහුණ දී ඇති පසුබෑම් වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ.
පිරිසිදු බුදුදහම රැකගත් එකම රට ලංකාව විදිහට අපිට සුවිශේෂි වටිනාකමක් හිමිවෙනවා. ශ්‍රි ලංකාව ලෝක වාර්තාවක් තියලා තියෙනවා අපි වසර 2300ක් බුදු දහම බහුතර ජනතාවගේ ආගම විදිහට පිළි අරගෙන තියෙනවා.මේ ලෝකයේ කිසිම රටක් නෑ වසර 2300ක් වගේ දිගුකලක් එකම ආගමක් සමග බහුතර ජනතාවක් සමග බද්ද වුනු. බුදුදහම සහ ශ්‍රි ලංකාව අතර ඇති ඒ සුවිශේෂි සම්බන්ධය වෙනත් කිසිම රටකට වෙනත් ආගමක් පිලිබද අයිතිවාසිකමක් කියන්න බෑ.බොහොමක් දෙනා භාවනාව ගැන දැනගන්න බුරුමයට යනවා වගේ, සිල්රැකීම බලන්න තයිලන්තයට යනවා වගේ බෞද්ධ දර්ශනය හදාරන්න එන්නේ ලංකාවට. අපිට පුළුවන් විශ්ව විද්‍යාලතුල බෞද්ධ දර්ශනය ලෝකයට උගන්වන්න එදා මහා විහාරයේ තිබුණා වගේ අපිට යලිත් විශ්ව විද්‍යාල බුදු දහම ලෝකයට බෙදන මධ්‍යස්ථානයක් කරන්න පුළුවන්. ඒ වගේම ලෝකයේ ලොකු පිපාසයක් ඇති වෙලා තියෙනවා භාවනාව ඉගෙන ගන්න විශේෂයෙන් විදර්ශනා භාවනාව ගැන දැන ගන්න ලෝකයේ ලොකු උනන්දුවක් ඇතිවෙලා තියෙනවා. ඒ භාවනාව තේරුම් ගත්ත අතලොස්සයි ලෝකයේම ඉන්නේ. අපිට භාවනා කුටි හදලා ලෝකයේ ඉන්න ජනතාවට තමන්ගේ විවේකය භාවනායෝගීව ගත කරන්න දෙන්න පුළුවන්ආණ්ඩුව මැදිහත් වෙලා මේකට ප්‍රසිද්ධියක් ලබා දෙනවා නම්. සිංහල වෙදකම වගේම මම මේ බුදුදහම ව්‍යාපාරික භාණ්ඩයක් කර ගන්න හදනවා නෙවෙයි. නමුත් අද අපේ ඉන්න අහිංසක අම්මලා අක්කලා නංගිලා මැදපෙරදිගට මස් වලට විකුණනවට වඩා මේ උතුම් ධර්මය ලෝකයට බෙදීම හරහා යම් ආදායමක් ලබනවානම් ඒක නම්බුකාරයි කියලයි මම දකින්නේ.