LNN SPY

රවී විරෝධීන්ට වැඩක් දෙන්න රවී මෙහෙයුමක…. මලික් ගැන ඔත්තුව දුන්නේ රවී..

Published on: Feb 21, 2018- එජාප අර්බුදය උත්සන්න විමත් අමාත්‍ය සංශෝධනය කර ලගටම පැමිණිමත් සමග පසුගිය පලාත් පාලන මැතිවරනයට පෙර එජාපය වෙනුවෙන් බිල්ලට දුන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක එජාපයේ රවී විරෝධින් මර්දණය කිරිම සදහා සිය මෙහෙයුම් දියත් කරමින් සිටින බව වාර්තා වේ.

මලික් සමරවික්‍රම ඇමතිවරයාට අයත් සමාගමකට අනූනව අවුරුද්දකට නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබා දී තිඛෙන ඉඩමක් පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීම පිිටුපස රවී කරුණානායක මන්ත්‍රීවරයා සිටින බව මේ වනවිට අනාවරණය වි තිබේ.

රාජගිරිය, වැලිකඩ පොලිසිය ආසන්නයේ පිිහිටුවා තිඛෙන පර්චස් 36 ක එම ඉඩම ලබා දී ඇත්තේ කෝටි 18 කට බවද, මෙම ප්‍රදේශයේ ඉතාම ඉහළ වටිනාකමක් සහිත ඉඩම ලබා දීමේ දී බරපතළ මූල්‍ය පාඩුවක් අධිකාරියට කර තිඛෙන බවද දක්වමින් අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක විසින් පැමිණිල්ල පසුගිය සතියේ භාර දී තිබිණි.

එහෙත් තතු දත් ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙය ජනක රණවක විසින් සද්භාවයෙන් කරන ලද පැමිණිල්ලක් නොවන බවය. ඔහු නගරාධිපති ධුරය දරමින් සිටි සමයේ මේ පිළිබඳව කරුණු හෙළි කිරීමට අවස්ථාව ඕනෑ තරම් තිබූ අතර, එසේ නොකර දැන් හදිසියේ පැමිණිල්ල කර ඇත්තේ රවී කරුණානායකගේ අවශ්‍යතාවයට අනුව බව දේශපාලන අංශ හෙළි කරයි.

රවී කරුණානායක ඇමතිවරයා බැඳුම්කර වංචාව පිළිබඳ වැරදිකරු කරන සැලසුම් සියල්ල මලික් සමරවික්‍රම ඇමතිවරයාගේ බවට චෝදනාවක් විවිධ අවස්ථාවල දී මතු කර තිබිණ. නමුත්, රවී කරුණානායක එය ප්‍රසිද්ධියේ තවමත් සෘජුව ප්‍රකාශ කර නැති අතර, ජනාධිපතිවරයාට පෞද්ගලිකව මලික් ඇමතිවරයා සම්බන්ධයෙන් බරපතළ කරුණු රැසක් ලබා දී ඇති බව අනාවරණය වේ. එම කරුණු අතුරින් එකක් වූ මේ ඉඩම සම්බන්ධ වංචාව ගැන පැමිණිල්ල කිරීමෙන් වක්‍ර ප්‍රහාරයක් දියත් කර ඇති බව අනාවරණය වේ.

Top