Political

16 කල්ලිය කෙලවා ගැනිම අරබයි… බැංකු රථගාලේදී පර්පෙචුවෙල් චෙක්පතකින් රුපියල් මිලියනයක් ගත් 16 කල්ලියේ මන්ත්‍රී මාට්ටු

Published on: May 25, 2018- පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ සහෝදර සමාගමක් වන ‘වොල්ට් ඇන්ඩ් රෝ’ සමාගමෙන් දුන් චෙක් පතක් තමා ආරක්‍ෂාව සළසමින් සිටින පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයාගේ දැනුම්දීම මත බැංකුවකින් මාරූ කොට රුපියල් මිලියනයක මුදලක් එම බැංකු රථගාලේදී මන්ත්‍රීවරයාට ලබාදුන් බව ඔහුගේ ආරක්‍ෂක නිලධාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට පවසා ඇතැයි ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට ඊයේ (24) දැනුම් දී තිබේ.

මෙම සිද්ධියට අදාළව මන්ත්‍රී ආරක්‍ෂකයාගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබාගනිද්දී ඔහු මේ බව අනාවරණය කොට ඇතැයි දැනුම් දුන් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා අදාළ මන්ත්‍රීවරයාගේ නම නඩු වාර්තාවේ සඳහන් කොට ඇතත් එම නම විවෘත අධිකරණයේදී නොපවසන බවද ප්‍රකාශ කර ඇත.

( මන්ත්‍රීවරයාගේ නම දයාසිරි ජයසේකර

චෙක්පත් අංකය – 566635

Walt & Row Associates (pvt) Ltd

A/C 0073900773)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ බවත් එම විමර්ශනයේදී මන්ත්‍රී ආරක්‍ෂකයා විසින් මාරුකළ බව කියන චෙක් පත සොයාගෙන ඇති බවත් එහි මන්ත්‍රී ආරක්‍ෂකයාගේ අත්සන ඇති බවත් යසන්ත කෝදාගොඩ මහතා අනාවරණය කර තිබේ.

එමෙන්ම ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගමෙන් ලබාදුන් රුපියල් මිලියනයක චෙක් පතක් මාරු කොට එම සමාගමේම ප්‍රධාන විධායක නිලධාරීවරයාට බාරදුන් බව මෙන්ඩිස් සමාගමේ සේවකයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පිළිගෙන ඇතැයිද ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගම මෙන්ම ‘වොල්ට් ඇන්ඩ් රෝ’ සමාගමද එහි මුදල් වෙනත් පුද්ගලයින්ට දීමේ ක්‍රමවේදයක් අනුගමනය කොට ඇතැයිද යසන්ත කෝදාගොඩ මහතා අධිකරණය හමුවේ අනාවරණය නර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැදුම්කර නිකුතුවේදී අක්‍රමිකතාවක් සිදුවීම සහ රජයට පාඩු සිදුකළැයි මාස තුනකට අධික කාලයක් පුරා රක්ෂතිබ බන්ධනාගාර ගත කොට සිටින පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන නමැත්තන් ලබන මස 07 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර බාරයේ රඳවා තැබීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද නියෝග කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී අනාවරණය නොකළ යුතු මූල්‍ය සංවේදිතාවයක් ඇති රහස්‍ය තොරතුරු මහ බැංකුවේ යම් යම් පාර්ශ්වයන් විසින් ලබාදී තිබේද යන්න සම්බන්ධයනේ විමර්ශනයක් සිදුකරන ලෙසට මහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 2016 නොවැම්බර් මස 25 වැනිදා පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණීල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කොට ඇත.

Top