LNN SPY

කිසිසේත්ම මෛත්‍රීට අවස්ථාවක් නෑ රනිල් යාපනයේදි කියයි.. මෛත්‍රීට මඳ කීපේ…. එජාපයේ පලු අරී… එජාපයේ ජනාධිපති අපේක්ෂක සටන උග්‍ර අතට 4 දෙනෙකු සටන් බිමේ…

ඊයේ(30) සාධාරණ සමාජයක් උදෙසා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 76 වැනි ජන්ම දිනය සැමරුම වෙනුවෙන් කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද පැවැති උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂයට දිගට හරහට පහරදිමට හේතු වි ඇත්තේ මෛත්‍රීගේ පොදු අපේක්ෂක සිහිනය බිද වැටිම බව වාර්තා වේ.

“පොදු අපේක්ෂකයා ජනාධිපති කරලා ආණ්ඩුවක් පිහිටුවගේන මහ බැංකුව කඩන්න කියලා සෝභිත හාමුදුරුවෝ කිව්වේ නැහැ.” යනුවෙන් එජාපය ඉලක්ක කර සිරිසේන පහරදුන් අතර එම පහරදිමට ප්‍රධානම හේතුව වි ඇත්තේ ඊළග ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයෙකු ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිසේත්ම අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් නොකිරිමට එක්සත් ජාතික පක්ෂය තින්දු කිරිම නිසා බව යැයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කර සිටි.

2020 ජනාධිපතිවරණය සඳහා අලුත් නමකින් සහ ලකුණකින් යුතු පුළුල් දේශපාලන සන්ධානයක් ලෙස ඉදිරිපත් වීමට කටයුතු කලයුතු බවට ශ්‍රිලංකා නිදහස් පක්ෂය යෝජනාවක් එක්සත් ජාතික පෙරමුණට ඉදිරිපත් කර තිබු අතර එම යෝජනාව සම්බන්ධයෙන් අප මිට පෙරද අනාවරණය කළා. කෙසේනමුත් එජාප අර්බුදය විසදා ගැනිම සදහා ගත් තින්දු හේතුවෙන් එම යෝජනාව් එජාපයෙන් ප්‍රතිකේෂ්ප කරදමා තිබේ.

මේ වනවිට එක්සත් ජාතික පක්ෂ නායකයා නිළවශයෙන් මේ පිළිබඳව සිය තය පලකර ඇති අතර පසුගිය 28 වැනිදා සිට අගමැති රනිල් උතුරේ සංචාරයක නිරත වි සිටින අතරතුර උතුරේ මාධ්‍යවේදීන් ඊළඟ ජනාධිපති මැතිවරණය සදහා වත්මන් ජනාධිපතිවරයාම අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කරන්නේද යන්න නැගු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා සදහන් කර ඇත්තේ “කිසිසේත්ම වත්මන් ජනාධිපතිවරයාට තම පක්ෂයේ සහය නොලැබෙන බවයි.”එම අවස්ථාවට උතුරේ ප්‍රබල දේශපාලඥයන් රැසක්ම එක්ව සිටි ඇති අතර රනිල් තරයේ පවසා ඇත්තේ තමන් යලිත් පොදු අපේක්ෂකයෙකුට සහය ලබා නොදෙන බවයි.

මේ වනවිට එජාපයේ ජනාධිපති අපේක්ෂක සටන උග්‍ර අතට හැරි ඇති අතර අපේක්ෂකයන් 4 දෙනෙකු සම්බන්ධයෙන් නම් කරළියට පැමිණ තිබේ.ඒ අනුව ජනාධිපති අපේක්ෂකත්වය සඳහා නම් හතරක් යෝජනා වෙමින් පවතින අතර ඒ සම්බන්ධයෙන් අවසන් සහ පොදු එකඟතාවයකට මෙතෙක් පැමිණීමට නොහැකිවීම හේතුවෙන් එම පෙරමුණ අභ්‍යන්තරයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා මෙසේ යෝජනා වෙමින් පවතින්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,කතානායක කරු ජයසූරිය,ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ නම් ය.

මේ අතර දොස්තර රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන් කෙරෙහි ද එක්සත් ජාතික පෙරමුණේ බොහෝ දෙනකුගේ අවධානය යොමු වෙමින් තිබේ.

කෙසේවෙතත් මේ වනවිට එක්සත් ජාතික පෙරමුණේ ඇති හොදම තුරුම්පුව වි ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරිමට වන අතර මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර මේ වන විටත් පොදු එකඟතාවයක් ඇති වී තිබෙන බව ද එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද හොඳ විකල්ප අපේක්ෂකයකු බව එම කණ්ඩායම් පෙන්වා දෙන අතර ඒ වගකීම තමාට භාර දෙනවා නම් ඊට තමා සුදානම් බව සරත් ෆොන්සේකා මහතා මේ වන විටත් ප්‍රකාශ කර ඇත.

දොස්තර රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන් කෙරෙහිද එකසත් ජාතික පෙරමුණේ විශේෂ අවධානය යොමු වී තිබෙන අතර ඒ පිළිබඳව ද විවිධ මට්ටමෙන් සාකච්ඡා ආරම්භ වී තිබේ.

ඒකාබද්ධ,ශ්‍රිලනිප වමේ පක්ෂ පොදු අපේක්ෂකයෙක්!

මේ අතර මේ වනවිට මහින්දගේ නායකත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්ෂය සහිත පොහොට්ටුව සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක්ව අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරිමට සාකච්ඡා කරමින් සිටින අතර ඒ සදහා ආණ්ඩුව අතහැර එන ශ්‍රිලනිප කණ්ඩායම් සමග එක්ව පළාත් සභා කිහිපයක් තරග කර ජනමතය උරගා බැලිම සදහා මේ වනවිට මෙහෙයුම් දියත් කරමින් සිටි.

Top