LNN SPY

කට වරද්දාගෙන දැන් පණුවෝ වගේ ඇඹරෙනවා…. රෝ ගැන මෛත්‍රී කිව්ව කතාව ඇත්ත… The Hindu පුවත් පත ඇත්ත වෙනුවෙන් සටන අරඹයි

Published on: Oct 20, 2018-  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට ඉන්දියාවේ ‘රෝ සංවිධානය’ උත්සාහ කරනවා (Sri Lankan President Sirisena alleges that RAW is plotting his assassination)යන ශීර්ෂයේ යටතේ ‘ද හින්දු’ පුවත්පතේ පළ වූ පුවත වෙනුවෙන් පෙනී සිටින බව ‘ද හින්දු’ පුවත්පතේ හිටපු කර්තෘ සහ ‘ද හින්දු ප්‍රකාශන සමූහය’ සමාගමේ සභාපති එන්. රාම් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

එම ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත්තේ තම වාර්තාකරිනිය සහ ඇය වාර්තා කරන ලද පුවත වෙනුවෙන් පෙනි සිටින බවත් එම පුවත ඇය කරුණු සොයා බලා වාර්තා කරන ලද අතිශයින්ම නිවැරැදි පුවතක් බවද ඔහු සදහන් කර තිබේ.

ඉන්දියාවේ ‘පර්යේෂණ හා විශ්ලේෂණ අංශය (Research and Analysis Wing -RAW)’ තමන් ඝාතනය කිරීමට උත්සාහ කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අඟහරුවාදා (16) පැවැති කැබිනට් හමුවේදී පැවැසූ බව සඳහන් කරමින් ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එවැන්නක් ප්‍රකාශ නොකළ බව සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ කාර්යලය සහ තවත් පාර්ශ්ව කිහිපයක් නිවේදන නිකුත් කළ අතර කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එම පුවත් වාර්තා අසත්‍ය යැයි අවධාරණයෙන් කීය.

‘ද හින්දු’ පුවත්පතේ හිටපු කර්තෘ සහ ‘ද හින්දු ප්‍රකාශන සමූහය’ සමාගමේ සභාපති එන්. රාම් මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ සඳහන් වේ.

Our Sri Lanka Correspondent verified what she had learnt with multiple independent sources before publishing her report. Let them issue their lame denials, try to wriggle out of what was said — but we stand by our Correspondent’s meticulously fact-checked story.

N. Ram

“අපේ ශ්‍රී ලංකා වාර්තාකාරිනිය තම පුවත වාර්තා කිරීමට පෙර ස්වාධීන තොරතුරු මූලාශ්‍ර කිහිපයකින්ම තමන් ලද තොරතුරු තහවුරු කරගෙන තිබෙනවා. ඔවුන්ට ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම් කරන්නට ඉඩ දෙන්න. කරන ප්‍රකාශ නිසා දැන් පණුවෝ වගේ ඇඹරෙනවා. එහෙත් අපි අපේ වාර්තාකාරිනිය කරුණු සොයා බලා වාර්තා කරන ලද අතිශයින්ම නිවැරැදි පුවත වෙනුවෙන් පෙනි සිටිනවා”.

Top