Political

සයින්දමරැදු කප්පම් දිමක්! රස්තියාදු චිවරධාරින් අසුචී බුදිද්දී ජාතික සංවිධාන සටනට එයි… සයින්දමරැදු ඉන්දු-පැසිෆික් ට්‍රම්ප්ගේ මිලිටරි ව්‍යාප්තියේම කොටසක්!

Published on: Feb 19, 2020- සයින්දමරුදු නගර සභාව ලබාදිම සම්බන්ධයෙන් මහින්දවාදින් මෙන්ම රාජපක්ෂවාදින් කට වසාගෙන සිටින අවස්ථාවක රාජපක්ෂලා වෙනුවෙන් පෙනී සිටි ජාතික සංවිධාන එකමුතුව සයින්දමරැදු නගර සභාව කප්පම් දිමක් බවත් එය රාජපක්ෂලා කල බරපතල දේශපාලන වරදක් බවද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසනවා.ඒ මහතා දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් ධුරයද උසුලනවා.

සයින්දමරුදු ප්‍රදේශය සඳහා වෙනම පළාත් පාලන ඒකකයක් පිහිටුවීම මුස්ලිම් බෙදුම්වාදීන්ගේ ඉල්ලීමක් බවත් එය දශක ගණනාවක් තිස්සේ මුස්ලිම් බෙදුම්වාදීන් ඉදිරිපත් කළ ඉල්ලීමක් බවත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය පළමු වරට මෙම ප්‍රදේශයට වෙනම පාලන ඒකකයක් ඉල්ලා සිටියේ 1987 වසරේදී බවත් වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙනවා.

බෙදුම්වාදය වෙනුවෙන් බරපතල ලෙස පෙනී සිටි රනිල් වික්‍රමසිංහ මහතා හෝ මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ හරහා මුස්ලිම් බෙදුම්වාදීන්ට දිනාගත නොහැකි වූ ඉල්ලීම් වත්මන් ආණ්ඩුව යටතේ දිනා ගැනීමට ඔවුන් සමත් වී සිටින බව පෙන්වා දෙන වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා මුස්ලිම් බෙදුම්වාදීන්ගේ උගුලේ සිර වී ඇති බවයි.

ඉන්දු-පැසිෆික් කලාපයේ ජනාධිපති ට්‍රම්ප්ගේ මිලිටරි ව්‍යාප්ති උපාය මාර්ගයේ ප්‍රධාන මෙහෙයුමක් ලෙස ශ්‍රී ලංකාව එක්සත් ජනපද හමුදා කේන්ද්‍රස්ථානයක්!බවට පත්කිරිම සදහා ගෙනයන මෙහෙයුම් සම්බන්ධයෙන් අප දිගින් දිගටම කල අනාවරණයන්ද මේ වනවිට සයින්දමරැදු නගර සභා කප්පම හරහා තහවුරු වන බව මහින්දවාදින් පවා පිලිගෙන තිබේ.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


ඉන්දු-පැසිෆික් කලාපයේ මිලිටරි ව්‍යාප්තියට යටවන ශ්‍රි ලංකාව…

http://lankanewsnetwork.org/archives/22413

http://lankanewsnetwork.org/archives/22532

http://lankanewsnetwork.org/archives/22608

Top