සාගරය යටින් දිවෙන කේබල් පද්ධතියක් හරහා ශ්‍රී ලංකාවට විදුලිය අපනයනය කිරිම සදහා 2010 වසරේ ආරම්භ කල ව්‍යාපෘතිය වහාම ආරම්භ කිරිම සදහා කටයුතු කරමින් සිටින බව LNN දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
ශ්‍රී ලංකාවේ විදුලි බල අවශ්‍යතාවයෙන් මෙගා වොට් 500ක විදුලියක් මෙසේ අපනයනය කිරිමට ඉන්දියාවේ අවධානය යොමුව තිබු අතර එවකට පැවැති විරෝධයන් හමුවේ එම ව්‍යාපෘතය සම්පූර්ණයෙන්ම හකුලනු ලැබුවා. ඒ වන විට මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 4,000 ක පමණ මුදලක් ඇස්තමේන්තු කර තිබුනා.
මීටර් 500 ක දුරක් මධ්‍ය මුහුදු මට්ටමේ සිට මීටර් 25 ක් ගැඹුරට කේබල් එලීම ශක්‍යතා අධ්‍යයනයෙන් අපේක්ෂා කර තිබු අතර ඉන්දු – ශ්‍රී ලංකා විදුලිබල ජාල අන්තර් සම්බන්ධතාවය කිලෝමීටර් 120 ක මුහුදු මාර්ගය ඇතුළුව කිලෝමීටර් 360 ක මාර්ග ඔස්සේ විහිදේ. මෙම ව්‍යාපෘතිය මගින් තමිල්නාඩුවේ මදුරෙයි සිට ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ අන්දුරාධපුර දක්වා සම්ප්‍රේෂණ මාර්ගයක් අන්තර්ගතව තිබේ.
එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවේ ජාතික පුනර්ජනනීය බලශක්ති රසායනාගාරයද මේ සම්බන්ධයෙන් අධ්‍යනයක් සිදුකර ඇති අතර ඔහුන්ද මේ සදහා මැදිහත් විමක සිදුකරකමින් සිටි.
සම්ප්‍රේෂණ පද්ධතියක් රටවල් දෙක අතර නොමැතිවීම හේතුවෙන් එයට විකල්පයක් ලෙස මුහුද පතුලෙන් විදුලිය ගෙන යා හැකි කෙබල් තාක්ෂණය පිළිබඳව ඉන්දියාවේ අවධානය යොමුව තිබු අතර තමිල්නාඩු පළාත් රජය මෙන්ම මධ්‍යම රජයේ විපක්ෂය දැක්වු විරෝධතා මෙන්ම ලංකාවේ JVP සහ එවකට තිබු යහපාලන ආණ්ඩුවේ මන්දගාමී තත්ත්වය හමුවේ එම ව්‍යාපෘතිය නතර විය.
ජාල දෙක සම්බන්ධ කිරීමේ සැලැස්ම වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් පවතින අතර,දෙරට අතර 2010 දී මුහුද යට විදුලි රැහැනක් සඳහා ශක්‍යතා අධ්‍යයනයන් පිළිබඳ ගිවිසුමක්ද එවකට අත්සන් කරනු ලැබුවා.
තත්ත්වය එසේ තිබියදි පසුගිය සතියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඔවුන්ගේ විදුලි ජාල සම්බන්ධ කිරීම පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කර ඇති බව අනාවරණය විය. ශ්‍රී ලංකාවේ විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්ත පෙරේරාගෙන් මේ සම්බන්ධයෙන් අප වාර්තාකරු විමසිමක් කල අවස්ථාවේ අදාළ සාකච්ඡා ආරම්භ වි තිබේන බව පිලිගෙන තිබේ.
ඒ සදහා ඉන්දීය ප්‍රාන්ත මහ ඇමතිවරුන් ඇතුලු ඉහල පෙලේ නිළධාරීන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවි ඇති අතර ඔහු එහිදි අවධාරණය කර ඇත්තේ ඉන්දීයාව මුහුණ දෙන චීනයේ බලපෑම අඩු කිරීම සදහා මෙම ව්‍යාපෘතිය අතිශය වැදගත් බවයි.ඒ සදහා ශ්‍රි ලංකාව මේ මොහොතේ මුහුණදි සිටින ආර්ථික අර්බුදය වැදගත් බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දි තිබේ.
මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර්ගේ ප්‍රධානත්වයෙන් පැවැති විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක කාරක සභා රැස්වීමේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් ද මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු දැනුවත් කිරිමට කටයුතු කර තිබේ.නමුත් ඒ කිසිවක් මාධ්‍යයට අනාවරණය වි තිබුනේ නෑ.
බලශක්ති අර්බුදයට තිරසාර විසඳුමක් ලෙස දිවයිනෙන් නිපදවන අතිරික්ත බලශක්තිය අපනයනය කිරීමට හැකිවන පරිදි ජාතික විදුලිබල පද්ධතිය ඉන්දියාව සමඟ සම්බන්ධ කළ යුතුයි. – විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී පසුගිය 8 වැනිදා
මෙම ව්‍යාපෘතිය පසුගිය ජූලි මාසයේදී ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලය විසින් නිකුත් කරන ලද උපාය මාර්ගික පත්‍රිකාවේ ප්‍රධාන අරමුණු අතරට ඇතුළත් වි තිබේන අතර
“මෙමගින් ශ්‍රී ලංකාවට මෙහෙයුම් නඩත්තු හා නියඟ කාලවලදී විදුලිය ලබා ගැනීමටත්, අතිරික්ත නිෂ්පාදනය ඉන්දියාවට අපනයනය කිරීමටත් හැකි වනු ඇත,” යනුවෙන්ද සදහන් කර තිබේ.
එම වාක්‍ය යොදා ඇත්තේ ශ්‍රි ලංකාවේ ජනතාව මුලා කිරිමට බව් ඉතා පැහැදිලිය.මන්ද ශ්‍රී ලංකාවේ විදුලියෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේ තෙල් හා ගල් අඟුරු බලාගාරවලින් වන අතර ඉතිරිය ජල විදුලිය නිපදවයි.එහි සම්පූර්ණ දෛනික බල ඉල්ලුම ඉන්දියාවේ ප්‍රමාණයෙන් සුළු කොටසක් වන අතර නියඟ කාලවලදී උපරිම ඉල්ලුම සපුරාලීම කිසිම අවස්ථාවක කල නොහැක්කක් විමයි.ඒ අනුව ශ්‍රි ලංකාව තුල ඉන්දීය ණය කන්දක් ගොඩගැසෙන අතර අවසානයේ මුලුමනින්ම ශ්‍රී ලංකාව මෙහෙයවිමේ බලය ඉන්දීයාව සතු කරගනු ඇත.
බීජිං සහ නව දිල්ලිය, ඉන්දියාවේ දකුණු කෙළවරට මදක් ඔබ්බෙන් භූ දේශපාලනීකව පිහිටා ඇති දිවයින මත බලපෑම සඳහා මේ වනවිට ඉන්දියාව සaජුවම මැදිහත් වෙමින් සිටින අතර 1948 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවට ඇති දරුණුතම මූල්‍ය අර්බුදය විසඳීම සදහා මේ වන විට, ඉන්දියාව ඩොලර් බිලියන 1.9 ක පමණ ආධාර ණය මාර්ග සහ හුවමාරු හරහා ලබා දී ඇති අතර, තවත් ඩොලර් බිලියන 2 ක් පමණ කැප කිරීමට ඉන්දියාව සූදානමින් සිටි.
Power Grid Corporation of India පවර් ග්‍රිඩ් කෝපරේෂන් ඔෆ් ඉන්දියා විසින් කරන ලද අධ්‍යයනයකින් මෙගාවොට් 500 ( MW) හෝ මෙගාවොට් 1,000 ක මුහුද යට සම්ප්‍රේෂණ පද්ධතියක් යෙදවීමට අපේක්ෂා කළ බව රජය විසින් පවත්වාගෙන යනු ලබන සමාගම 2015 වසරේ වාර්ෂික වාර්තාවක සඳහන් කර තිබේ.
“Power Grid Corporation of India Ltd (PGCIL) යනු ඉන්දියාවේ ප්‍රධාන විදුලි බල සම්ප්‍රේෂණ සමාගම වන අතර එම සමාගම ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත හරහා තොග බලය සම්ප්‍රේෂණය කිරීමේ නිරතව සිටී. එය ඉන්දියාවේ අන්තර් රාජ්‍ය සහ අන්තර් කලාපීය විද්‍යුත් බල සම්ප්‍රේෂණ පද්ධතියෙන් 90%ක හිමිකාරීත්වය දරයි. “
නමුත් ඉන්දිය PGCIL සිය රටේ විදුලි අවශ්‍යතාව සපුරා ගැනිමට විදුලිය මිළදි ගන්නේ මේ දිනවල ලංකාවේ ආක්‍රමණය කරමින් සිටින ගෞතම් අදානිගෙන් ය. ගුජරාටයේ අහමදාබාද්හි පිහිටි Adani Transmission Limited (ATL), රට පුරා පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇති, ඉන්දියාවේ ප්‍රමුඛතම බලශක්ති සම්ප්‍රේෂණ ඔහු සතුව තිබේ. ඒ අනුව පැහැදිලිවම කේබල් ව්‍යාපෘතිය හරහාද විදුලිය මිළදි ගැනිමට සිදුවන්නේ අදානිගෙන් ය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වෙන් කරන කෙටිම දුර වන්නේ පෝක් සමුද්‍ර සන්ධිය නම් වූ පටු සාගර තීරයක් වන අතර එය කිලෝමීටර් 40 (සැතපුම් 24.85) පමණ පළල වේ, නමුත් මුහුද යට කේබලයක දිග එහි පෙළගැස්ම මත රඳා පවතී. ලෝකයේ මේ අකාරයේ ගනුදෙනු සදහා නිදර්ශනයක් තිබේ.එය NordLink නම් වේ. නමුත් දියුණු රටවල් සිය රටවල ජනතාව වෙනුවෙන් පුර්ණ විවෘත වු රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුය. නමුත් ලංකාව ඉන්දු-චීන භූ දේශපාලයේ ඉත්තේකු බවට පත්ව සිටිම සහ ඩිල් පිට ඩිල් මත සිදුවන ගනුදෙනු හරහා රටේ ජනතාවට සුභදායී දෙයක් සිදුවිය හැකි බවට බලාපොරොත්තු තැබිය නොහැක.
දිගු පරාසයන් සහිත භූගත විදුලි කේබල් යොදා ජර්මනිය සහ නෝර්වේ අතර විදුලි සම්ප්‍රේෂණය කරන අතර එහි දිග කිලෝමීටර් 623 (සැතපුම් 387) පමණ වන අතර එය NordLink නම් වේ.
NordLink යනු නෝර්වීජියානු සහ ජර්මානු විදුලි වෙලඳපොලවල් අතර යුරෝපයේ දිගම සෘජු බල සම්බන්ධකයයි. වාණිජ මෙහෙයුම 2021 දී ආරම්භ විය. මුළු කිලෝමීටර් 623 ක් ආවරණය වන පරිදි NordLink යනු HVDC (අධි වෝල්ටීයතා සෘජු ධාරා) සම්ප්‍රේෂණ සබැඳියක් වන අතර එමඟින් රටවල් දෙකෙහිම බලශක්ති සුරක්ෂිතතාව වැඩි වේ.