Breaking
19 Apr 2026, Sun

2023 වසරේ චීනයේ මෝටර් රථ නිෂ්පාදනය හා අලෙවිය ඉහළට

චීනයේ මෝටර් රථ නිෂ්පාදනය හා අලෙවිය නව වර්ධනයක් කරා ළඟා වෙයි.

චීන මෝටර් රථ කාර්මික සංගමය අද(11) නිකුත් කළ දත්තවලට අනුව, 2023 වසරේ චීනයේ මෝටර් රථ නිෂ්පාදනය තුන්කෝටි එක්ලක්ෂ හැට එක්දහසක් වූ අතර, අලෙවිය තුන්කෝටි අනූහතර දහසක් විය. ඒ අතරින් අපනයනය කරන ලද මෝටර් රථ සංඛ්‍යාව හතළිස් නවලක්ෂ දස දහසකි. එය 2022 වසරට වඩා 58%ක කැපී පෙනෙන වර්ධනයකි. මෙමගින් මෝටර් රථ අපනයනය සඳහා වන ලෝකයේ විශාලතම රට බවට චීනය පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ‍මේ වනවිට, චීන‍යේ මෝටර් රථ 200කට අධික රටවල් හා කලාප වෙත අපනයනය කර ඇත.

මේ අතර, නව බලශක්ති මෝටර් රථ චීන මෝටර් රථ කර්මාන්තයේ වැදගත් සවියක් බවට පත්ව තිබේ. 2023 වසරේ සිව්වැනි කාර්තුවේ චීනයේ සන්නාමයක් වන BYD, විදුලි මෝටර් රථ නිෂ්පාදකයා ලෙසට ලෝකයේ පෙරමුණ ගනී.