Featured

UN ලියවිල්ල චැනල් ෆෝ ලබාදිම පසුපස මංගල-රටේ අවධානය වෙනතකට යොමු කිරිමේ කුමන්ත්‍රණයක්!

ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා පිළිබඳව විමර්ශනය කිරීමේ දේශීය යාන්ත්‍රණයට අදාළ එක්‌සත් ජාතීන්ගේ රහස්‌ ලියවිල්ල බ්‍රිතාන්‍ය චැනල් ෆෝ රූපවාහිනියට ලබාදිම පසුපස ශ්‍රි ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවිරද සිටින බව අනාවරණය වි තිබේ. එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රභල සමාජිකයෙකුව සිට අප වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන විශේෂ වාර්තාකරු සදහන් කළේ මෙම වාර්තාවට අනුව දේශීය යාන්ත්‍රණය ස්‌ථාපිත කිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකා රජය සහ උතුරු පළාත් සභාව නම් කරනු ලැබ ඇති බවට සදහන් කිරිම හරහා රටේ ජනතාවගේ මතවාදය වෙනතකට යොමුකිරීම මෙහි අරමුණ බවයි.

ජාත්‍යන්තරය හමුවේ වැද වැටුනු රනිල් වික්‍රමසිංහ සහ මංගල සමරවීර මහා මැතිවරණය අවසන් වනතෙක් ශ්‍රි ලංකාව පිළිබඳ එක්සත් ජාතින්ගේ පරීක්ෂණ වාර්තාව ප‍්‍රකාශයට පත් කිරීම කල් දැමු අතර දැන් එහි අන්තර්ගතය පිළිබඳව වෙනත් මතවාදයක් ගොඩ නැගිම මෙම වාර්තා හරහා කටයුතු කරන කරන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මේ අතර මෙරටේ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය යෝජනා කලහොත්, එයට උතුරු පළාත් සභාව කිසිඳු සහයෝගයක් ලබානොදෙන බවත් එය නොතකා උතුරු පළාත් සභාව සහයෝගය ලබා දුන්නහොත්, උතුරු පළාත් සභාව වටලා විරෝධතාවයක නිරත විමට උතුරු පළාත් සභා මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්විමටත් තමන් කටයුතු කරන බව පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් පවසා තිබේ.

මෙරටේ සිදුවූ දෙමළ ජාති ඝාතනය සම්බන්දයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්විමට වත්මන් රජය ඉන්දිය රජය මෙන්ම ජාත්‍යන්තරය සමග එකාබද්ධව කටයුතු කරන බවට එකඟතාවයක් ඇති කරගෙන තිබේන බවද ශිවාජිලිංගම් පවසා තිබේ.

දේශීය යාන්ත්‍රණය සඳහා තමාගෙන් උපදෙස්‌ විමසීමට ද එක්‌සත් ජාතීන් මෙතෙක්‌ කටයුතු කර නැතැයි උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන්  චැනල් ෆෝ රූපවාහිනියටද ප්‍රකාශ කර තිබේ.

 

Top