LNN SPY

සිරි අයියා කල ඝාතන ගැන වහාම පරික්ෂණයක් ඉල්ලයි

ජනතා  විමුක්ති   පෙරමුණේන් ඉවත් විමට පදනම් වු ඇත්ත හේතුව කියා ගැනිමට නොහැකිව   හිටපු   නායක  සෝමවංශ  අමරසිංහ දැන් මාධ්‍ය සංදර්ශණ පැවැත්විමට පටන්ගෙන තිබේ.ජනවාරි  08  වැනි දා රාත්‍රීයේ  හිටපු   ජනපති  මහින්ද  රාජපක්ෂ  ජනපතිවරණයෙන්  පරාජය වන  ලකුණු   පහළ  වී   තිබියදි   බලයේ  රැදී   සිටිමට   කළැයි   කියන  කුමන්ත්‍රණයේ පරික්ෂණ වේගවත්   කරන  ලෙස  ඉල්ලමින් කොළඹ  ටොරිංටන්  පෙදෙසෙහි   නිදහස්  චතුරශ්‍රයේ  අද (01) සෝමවංශ උපවාසයක් ආරම්භ කළා.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ නොකියාව පක්ෂයෙන් ඉවත්විමට විවිධ හේතු තිබුනද ආසන්නතම හේතුව එජාපයෙන් ලැබුණු ලක්‍ෂ 350ක මුදලක් බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.(සිරි අයියා ගියේ UNP දුන් ලක්‍ෂ 350 අනුර තනියම මාටියා ගහපු නිසා)

මෙම උපවාසයෙන්   ප්‍රතිළුල  නොලද හොත්  එම  කුමන්ත්‍රණකරුවන්   නීතිය  හමුවට  පමුණුවන  ලෙස ඉල්ලමින්   දිගටම  උද්ඝෝෂණය  කරන  බවද ඔහු කියා සිටියේ  නිදහස්  චතුරශ්‍රයේ බිත්තියකට හෙත්තු වු හිඟන්නේකුට සමානවය.

2010 මංගල සමරවීරගේ කම්පියුටර් ජිල්මාට් එක වාගෙම ඔහු විසින්ම නිර්මාණය කළ අමු පචය පසුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවා ප්‍රතිකේෂ්ප කර තිබියදි සෝමේ අයියාට පමණක් නටන මේ නාඩගම් කුමක්ද යන්න ජනතාවට අලුතෙන් කියා දිය යුතු කතාවක් නොවේ.

මේ අතර 88-89 කාලසිමාවේ ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්තවාදීන් ලෙස හැසිරිමෙන් විනාශ කල මිනිස් ජිවිත සහ දේපළ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා සෝමවංශ අමරසිංහට ඉදිරිපසින් උපවාසයක යෙදිමට ස්වාමින් වහන්සේලා ඇතුලු පිරිසක් සුදානම් වෙමින් සිටින බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

සෝමවංශ අමරසිංහ හෙවත්සිරි අයියා 88-89 කාලසිමාවේ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශයට නායකත්වය දෙමින් ඝාතන රැසකට සම්බන්ධ වු අයෙකු බව ඔහුන් විසින්ම පිළිගෙන තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top