Featured

කොටි හපුවෝ ජිනිවා නුවර යකා නටයි….කොටි පොලිසිය හා ස්විස් පොලිසිය ඇනගනී..රනිල් නිදහස් කල “වානිකුමාර්”මානව හිමිකම් සැසියේ (Video)

දෙමළ ජනතාව වෙත යුක්තිය ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ සංවිධාන වෙත ගමන් කළ ඊළාම් වාදින්ගේ මහා විරෝධතා පෙළපාලියට සහභාගි වූ විරෝධතාකරුවන් සීමා උල්ලංඝනය කර ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කල අවස්ථාවේ ස්විට්සර්ලන්ත විශේෂ පොලිස් අංශයටත් විරෝධතාකරුවන්ටත් අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.පෙරේදා (21දා) දහවල් ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල් කීපයක සිට එම ස්‌ථානයට පැමිණි ඊලම්වාදීන් ශ්‍රී ලංකාවට එරෙහිව උද්ඝෝෂණයක්‌ පැවැත් වූහ.

swiss-geneva03

උද්ඝෝෂණයට ආ LTTE ඊළාම් පොලිසිය -මිට පෙරද උතුරේ ඊළාම් පොලිසිය ක්‍රියාත්මක බව අප අනාවරණය කළා.

විරෝධතා කරුවන් වැලැක්විමට දෙමළ ඊළාම් පොලීසිය සහ ස්විට්සර්ලන්ත පොලීසිය එක්ව කටයුතු කර  ඇති අතර ඉන් පසුත් එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දොරටුව වෙත සමීප වීමට උත්සාහ කල අවස්ථාවේ අසාමාන්‍ය ලෙස ගැටුම්කාරී තත්වයක් ඇති වි ඇති බවයි ජිනීවා නුවර වාර්තා සදහන් කළේ.

මෙම විරෝධතාවය දෙමළ සම්බන්ධීකරණ කමිටුව විසින් සංවිධානය කර ඇත. නාම් තමිලර් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජික මහාචාර්ය කල්‍යානසුන්දරම්, මැයි 17 සංවිධානයේ කැඳවුම්කරු වන තිරුමුරුගන් ගාන්ධි සහ චිත්‍රපට අධ්‍යක්‍ෂක වී.ගෞතරමන් යනාදීන් මෙම විරෝධතාවයට සහභාගි වී තිබේ.

දෙමළ ඊළාම් මව්බිමේ සිදුවූ දෙමළ ජාති ඝාතනයට ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්විය යුතු බවත්, දෙමළ ඊළම සඳහා වන ජනමත විචාරණය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධීක්‍ෂණයෙන් පවත්වන මෙන් ඉල්ලා සිටිමින් මෙම උද්ඝෝෂණය පවත්වා තිබේ.

ජිනිවාහි එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පිහිටි චතුරශ්‍රය ඊලම්වාදීන් විසින් මුරුගාදාසන් චතුරශ්‍රය ලෙස නම් කර ඇති අතර මෙම උද්ඝෝෂණයේදී ඊළම් රාජ්‍යය දැක්‌වෙන සිතියමද ප්‍රභාකරන්ගේ කාඩ්බෝඩ් පිලිරුවක්‌ද ගෙන යනු ලැබීය.

ස්‌විට්‌සර්ලන්තය තුළ කොටි සංවිධානය තහනම් නැති නිසා කොටි ධජය ප්‍රදර්ශනය කිරීමට ඉඩලැබී ඇත. ටැමිල් කෝඩිනේටින් කමිටි නමින් හඳුන්වන සංවිධායක්‌ විසින් මෙහෙය වූ මෙකී උද්ඝෝෂණයට වැය කර ඇත්තේ කොටි ජාත්‍යන්තරය සතු මුදල්ය.

ජිනීවා ආරංචි මාර්ග දක්‌වන්නේ කොටි ජාත්‍යන්තරය සතු ඩොලර් බිලියන 9 ක්‌ ස්‌විස්‌ බැංකුවක ඇති බවයි. කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානී කුමාරන් පද්මනාදන් හෙවත් කේ. පී. විසින් මේ බව අනාවරණය කරනු ලැබීය.

මේ අතර ජිනීවාහි එක්‌සත් ජාතින්ගේ කාර්යාලය ඉදිරියේ මෙම උද්ඝෝෂණය පැවැත් වෙන අවස්‌ථාවේ ජිනීවා පරීක්‍ෂණ වාර්තාවට සාවද්‍ය සාක්‍ෂි සැපයූ වානිකුමාර් නැමැත්තිය මානව හිමිකම් සැසිවාරයට පැමිණ සිටියාය.ශ්‍රී ලංකා හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු පසුගිය රජයේ ප්‍රබල දේශපාලනඥයකුගේ මැදිහත්වීම මත ඇයට නිදහස ලැබුණි.බ්‍රිතාන්‍ය පුරවැසියකු වූ වානිකුමාර් සංචාරක වීසා බලපත්‍රයක්‌ මත මෙරටට පැමිණි කොටි අඩවියට ගොස්‌ කොටි සමග එක්‌ව ක්‍රියා කළාය.

ඇය අසු වූයේ වන්නි මෙහෙයුම අවසන්වීමත් සමගය. කොටි තමාව ප්‍රාණ ඇපයට ගත් බව පවසා ඇය නිදහස්‌ වීමට දැරූ උත්සාහය ව්‍යාර්ථ වී තිබුණි. වානිකුමාර් කොටි ආධාරකාරියක්‌ බව විමර්ශනවලින් හෙලි වූවත් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌වරයා ඇයව මුදා ගැනීමට ඉදිරිපත් විය.

swiss-geneva03

swiss-geneva01. swiss-geneva02 swiss-geneva04 swiss-geneva05

 

Top