Featured

තෙල් සංස්ථාව විකුණන්න ඉන්දිය රජයට එකඟ වුනා

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්දීය ඔයිල් සමාගමට විකිණීමට ගත් තින්දුවට තමන්ට වගකිව නොහැකි බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අනාවරණය කර තිබේ.අප විශේෂ වාර්තාකරුවෙකු සමග අමාත්‍යවරයා පවසා ඇත්තේ ඉන්දීය රජය සමග ඇතිකරගත් එකඟතාවයක් මත ලංකා ඛනිජ තෙල් සංස්ථාව විකුණා දැමිම සිදුවන බවයි.

මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතාගේ අත්සනින් යුතුව MPETPL_0211 2015 සැප්තැම්බර් 17 දාතමින් ඒ සම්බන්ධ ලිපිය ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමුකර එති බව අප පසුගියදා අනාවරණය කළා.Exclusive:යහපාලනය ඉන්දියාව ඉදිරියේ දනීන් වැටේ-මුදල් ඇමති “හනුමන්තා” ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගිනී තබයි

මේ තර පෞද්ගලික අංශයට විකුණා දැමීම, යහපාලනයෙන් බලාපොරොත්තු නොවූ වෙනසක් බව ලංකා ඛනිජ තෙල් පොදු සේවා සංගමයේ  සභාපති අශෝක රංවල මහතා අවධාරණය කර තිබේ.ඛනිජ තෙල් සංස්ථාව කිසිදු ආයතනයකට විකිණීමට තම සංගමයෙන් ඉඩ ලබා නොදෙන බවයි.ඊට එරෙහිව හැකි ඕනෑම පියවරක් ගන්නා බවද රංවල මහතා සදහන් කරයි.

 

Top