Featured

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විකුණන අලුත්ම තියරීය

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්දීය ඔයිල් සමාගමට විකිණීමට ගත් තින්දුවට තමන්ට වගකිව නොහැකි බවට මුදල් අමාත්‍යවරයා කල අනාවරණයත්,මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතාගේ අත්සනින් යුතුව MPETPL_0211 2015 සැප්තැම්බර් 17 දාතමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව වහාම විකුණා දමන ලෙසට යැවු ලිපිය සම්බන්ධයෙන් අප කල අනාවරණයෙන් පසුව සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවක මණ්ඩලය ඊට එරෙහිව සංවිධානය විම හමුවේ යහපාලන ආණ්ඩුව පෞද්ගලීකකරණ නාඩගම වෙනස් ස්වරූපයකට මාරු කර තිබේ.

තෙල් සංස්ථාව කිසිදු දිනක පෞද්ගලිකකරණය නොකරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක ඊයේ මාධ්‍ය හමුවේ අනාවරණය කරමින් කරමින් සදහන් කළේ සංස්ථාවේ කළමනාකාරීත්වයේ වෙනසක් සිදු කිරීමට පමණක් අපේක්ෂා කරන බවයි.

යහපලනය නටන අමෞතුම නාඩගම මෙය බව තෙල් සංස්ථාව වෘත්තීය සමිති පෙන්වා දෙනවා.”කළමනාකාරීත්වයේ වෙනසක් සිදු කිරීම” යන වචනයේ තෙරුම කුමක්ද යන්න ඇමතිවරයා අවධාරණය කලයුතු බවත් තෙල් සංස්ථාව පෞද්ගලිකකරණය කිරිමේ ක්‍රියාවලියට එරෙහිව වෘත්තීය සමිති ගත් තින්දු සහ එකරාශී විම යටපත් කිරිම සදහා මුදල් අමාත්‍යවරයා රටට විහිලු සපයමින් සිටින බවද එම සමිතිය පෙන්වා දෙනවා.

[box type=”warning” ]Exclusive: වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලික අංශයට විකුණා දමන ලෙස මුදල් අමාත්‍ය රවි කරුණානායක යොජනා කර තිබේ.මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතාගේ අත්සනින් යුතුව 0211 2015 සැප්තැම්බර් 17 වැනි දා තමන් ඒ සම්බන්ධ ලිපිය ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමුකර තිබේ.[/box]

Exclusive:යහපාලනය ඉන්දියාව ඉදිරියේ දනීන් වැටේ-මුදල් ඇමති “හනුමන්තා” ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගිනී තබයි

 

 

Top