Featured

කිලීට,මෛත්‍රීට කඩේ ගිය එවුන්ගේ බෙල්ලම කපයි

සිරස මාධ්‍ය ආයතන ඇතුලු මහා රාජා සමාගමේ සභාපති කිලී මහරාජාට කත් අදින සහ එක්සත් ජාතික පක්ෂය කඩා බිදදමා වෙනත් කල්ලි කණ්ඩායම් වත්මන් ජනාධිපතිවරයා සමග එක්ව ආණ්ඩු සැදිමට කුමන්ත්‍රණය කල කිසිවෙකුට යලිත් පක්ෂය තුල වගකිම් සහිත තනතුරක් ලබා දිමට හෝ ලබා ගැනිමට කිසිදු අවස්ථාවක් නොතබන ආකාරයේ දැවැන්ත වෙනස්කම් කිහිපයක්ම කිරිමට එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තින්දු කර තිබේන බවත් ඒ සම්බන්ධයෙන් ගතයුතු ඔනෑම පියවරක් ගැනිම සදහා නොබියව කටයුතු කරන ලෙසද දැනුම් දි තිබේන බව වාර්තා වේ.

එජාපයේ රනිල් හිතවාදින්ගේ කණ්ඩායම විසින් මේ වනවිටත් පක්ෂයේ නව තනතුරු සම්බන්ධයෙන් තින්දුවක් ගෙන ඇති අතර ඒ අනුව ක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල තනතුරු කිහිපයක්ම අහෝසි කිරීමටද එම කණ්ඩායම පක්ෂ නායකත්වයට යෝජනා කර තිබේ.මිට අමතරව පසුගිය කාලසිමාව තුල වෙනත් පක්ෂ නියෝජනය කරමින් එජාපයට එකතු වු කිසිවෙකුටත් පක්ෂයේ වගකිම් සහිත තනතුරු දැරිම තවදුරටත් අවස්ථාවක් නෑ.

එහිදී වත්මන් කථානායක කරු ජයසූරියගේ සභාපතිත්වයෙන් යුතු එක්‌සත් නායකත්ව මණ්‌ඩලය ඇතුළු තවත් තනතුරු කිහිපයක්‌ම වෙනස් කිරීමට කටයුතු කරන අතර සජිත් ප්‍රේමදාස එකවරම තනතුරින් ඇද දැමිමට හෝ ඔහුට වක්‍රව උදවු කරන කණ්ඩායම් මර්දණය කිරිම හරහා ඔහු එම තනතුරු වලින් ඉවත් කිරිමට කටයුතු කිරිමටද මේ වන විට යෝජනාවි තිබේ.

ඒ අනුව කරු ජයසුරිය,සජිත් ප්‍රේමදාස පලමු ඉලක්කය වන අතර අනිකුත් කණ්ඩායම් නිශේදනය කිරිමට වක්‍ර ක්‍රමවේදයක් භාවිතා කිරිමටද පක්ෂ නායකත්වයට යෝජනා කර තිබේ.

Top