සත්හඩ පුවත්පත් අද සිය සේවකයන්ගේ වැටුප් ගෙවා ගැනීමටවත් නොහැකි ආර්ථික අර්බුදයක ගිලී ඇති බව ප්‍රකට කරුනකි. වර්තමානයේ කතෘ දීප්ති කුමාර සහ උප කතෘ සුභාෂ් නිරත වන්නේ ඒදා වේල මාධ්‍ය කලාවකය. මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් වචන හතරක් ගලපා ලිවීමට නොහැකි දීප්ති වැනි ගොබ්බයෙකුට කතෘ තනතුරක් දුන්විට අදාල මාධ්‍ය බංකොලොත් වීම අරුමයක්ද?ගණිකා මාධ්‍ය සේවයේ යෙදෙන සුභාෂ් වැන්න්වුන් සිටින ආයතනයක් බිද වැටීම අරුමයක්ද ?
එදා වේල කන්ඩ නැති සත්හඩේ දීප්ති සහ සුභාෂ් සිංහලේට විරුද්ධව පුවතක් පල කර ඇත. කැලෑ පත්‍රයක්ද මුද්‍රනය කොට ඇත. රුවන් ෆර්ඩි විසින් මුදල් විසිකොට අච්චු ගැසූ පෝස්ටරය කොලඹ පුරා අලවා ඇත්තේ ජ.වි.පෙ කුලී කාඩරයන් විසිනි. සිංහලේ ව්‍යාපාරයේ උප්පැන්නයට තම නම යෙදීමට රුවන් ෆර්ඩි දැරූ කප්පරක් උත්සාහ අසාර්ථක විය. දැන් යහපාලනයෙන් ජරාව කා සිංහලේට එරෙහිව කෑලෑ පත්‍ර ගැසීමට එලි බැස ඇත.සත් හඩට කීමට ඇත්තේ මෙපමනකි. බුරන බුරන බල්ලන්ට ගල් ගැසීමට නතර වී ගමන ප්‍රමාද කිරීමට අවශ්‍ය නැත.
තල් අත්තට වැටුනු බෙලි ගෙඩියට බියවූ හාවෙකු ගේ කථාවක් අසා ඇත. ශබ්දයට බියවූ හාවා කලේ දිව යාමය. පිස්සුවෙන් මෙන් දුවන්නේමන්දැයි අනෙක් සතුන් විමසනවිට ඌ කියා සිටියේ ලෝකය පෙරලෙන බවය. තමන් පන බේරා ගැනීමට දිව යන බවය. ඒ කථාව විශ්වාස කලඅනෙක් සතුන්ද රැල්ලේ දිවීමට එක් විය. සිංහලේ ආගමනය පිලිබදව අද බොහොමයක් හැසිරෙන්නේ තල් අත්තේ ශබ්දයට මංමුලා වූ සතුන් මෙනි.
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් සිංහලේ තහනම් කල යුතු බව කීවේය. රජයේ කැබිනට් ප්‍රකාශක රාජිත කුළු හරෙකෙකු මෙන් සිංහලේට පහරදුන්නේය. බත් පැකැට්ටුවට කඩේ යන පුරවැසි බලය හැසිරුනේද ඊට නොදෙවෙනි ආකාරයටය. දැන් සිංහලේට එරෙහිව පෝස්ටර් ගසා ඇත.”සිංහලේ” උපන් ගෙයිම ඝාතනයට පාලකයන් සහ පූජකයන්ගේ කුමන්ත්‍රනයක් ඇත.
තමන් උපන් ජාතියේ නම යොදා සංවිධානයක් පිහිටුවීම වරදක්ද? ජාතියට අනන්‍ය සලකුණක් යෙදීම වරදක්ද ? කොලඹ සිට නුවර ගොස්සාමකාමීව දළදාව වැදීම වරදක්ද ? නොඑසේනම් තහනම් කිරීමට තරම් ‘සිංහලේ’කල වරද කිම? දෙමල, මුස්ලිම් නම් යොදා සුලු ජාතීන්ට පක්ෂ තැනිය හැක. බෙදුම්වාදයට කත් ඇදිය හැක.කොටින්ට පහන්දැල්විය හැක. වසර 2500ක උරුමයක් ඇති ජාතියට සිය නම යටතේ සංවිධානය වීම තහනම්ද?
සංවිධානයේ ආරම්භක පියවර තබමින් මැඩිල්ලේ හිමියන් කියා සිටියේ සිංහලේ කොඩිය ඔසවන්නේ ඉන් සියලු ජාතීන්ට සෙවන සැදීමට මිසකිසිවෙකුගේ අගතියට නොවන බවය. මෙකී ව්‍යායාමය ජාතිවාදය ලෙස යමෙක් හදුන්වන්නේ නම් එයද තමන් සතුටින් බාරගන්නා බව වදාලහ. සිංහලේ කිසිවෙකුට ආපසු හැරවිය නොහැක.
සිංහලේ සංවිධානය වන්නේ ආමිස මෙහෙයුම් මත නොව ප්‍රතිපත්තීමය මෙහෙයුම් මතය.රටේ ඒකීය භාවය, සංස්කෘතිය,සාරධර්ම ආරක්ෂාකිරීම සිංහලේ ව්‍යවස්ථාවයි.ජාතීන් අතර සංහිදියාවෙන් කටයුතු කිරීම අත්නොහල හැකි වගකීමකි.ආර්ථික සංග්‍රාමය තුල අවතැන්වූ හෙලයන්ටඅතදීම එකිනෙකාගේ පරම යුතුකමයි.මැදුම් පිලිවෙතතුලින් සසර තෙර තරණය ඔවුන්ගේ දර්ශනයයි.දර්ශනය කර තියාගෙන යාම නොව පහුරකහිදුවා එතෙරවීම ඔවුන්ගේ ආගමයි.
විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක