ලෝකයා

මංගලගේ සුරතල්ලු හමුදුරුවන්ට හලෝ … මිස්ටර් මන්ක් කියයි

විදේශ සේවයට ඇත්තේ කුණු ගඳ ගහන අතීතයකි. එක් පැත්තකින් දේශපාලන ඇ`ගිලි ගැසිම් නිසා සහ අනෙක් පැත්තෙන් වරදාන වරප‍්‍රසාද වෙනුවෙන් දේශපාලඥයින්ගේ පිස්පෝච්චි සුද්ධ කිරීම නිලධාරීන් කටයුතු කිරිම නිසා එය අවමානයට පත් විය. පස්ස දොරින් සේවයට පැමිණි නියමිත සුදුසුකම් සපුරා නැති අය වද්දාගැනීම නිසා එය දැඩි විවේචනයට ලක්වෙන ලදී. එසේම සමහර ඇමතිවරුන්ගේ පෙම්වතියන්, පෝස්ටර් ඇලවීමට මෙන්ම ගේදොර වැඩවලට දායක වූවන් හටද විදේශ සේවයේ දොර හැරීම ගැන දැඩි කථාබහක් දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ සමාජයේ පැවතිණි. එමෙන්ම ගමේ බංඩාගේ දරුවන්, යාපනයේ ගොවි සෙල්වදෝරේගේ ළමයින්ට සහ පුත්තලමේ මසුන් මරණ මොහොමඞ්ගේ දූ-දරුවන් හට විදේශ සේවයට ඇතුල්වීමට ඇති මාර්ග හැම අතින්ම වසා දමමින් කොම්පදෝරු පන්තිය නියෝජනය කරන්නන් සහ කිසිදු පිළිගැනීමක් සහ ප‍්‍රමිතියක් නැති තුට්ටුදෙකේ විදේශ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබූ ඇති හැකි දෙමව්පියන්ගේ දරුවන් සඳහා විදේශ සේවයේ දොර විවර කෙළේ විදේශ ඇමති ලක්ෂ්මන් කදිර්ගාමර්ගේ යුගයේදීය. ඒ සඳහා ඔහු විදේශ සේවයේ බඳවා ගැනීමේ නීති වෙනස් කෙළේය. ඔහු විසින් එක් අවස්ථාවක විදේශ සේවය සඳහා 25 දෙනෙක් බඳවා ගත් අතර ඉන් 22 ක් ම වූයේ කාන්තාවන්ය.

විදේශ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලත් අය තුළ ලංකාවේ සැබෑ තත්ත්වය ගැන කිසිදු දැනුමක් නැත. අද විදේශ සේවයේ ප‍්‍රධාන තනතුරු රැසක් සහ තානාපති තනතුරු රැසක් දරන්නේ මේ කලූ සුද්දන්ය. එවන් එක් නිලධාරියෙක් ඉන්දියාවේදී අපේ ස්වාමීන්වහන්සේ නමකට මිස්ටර් මන්ක් යනුවෙන් ඇමතූ අවස්තාද වේ. මෙම තත්ත්වයට අමතරව ගත් කළ විදේශ සේවයේ බොහෝ නිලධාරීන්ට විරුද්ධව දූෂණ වංචා චෝදනා පවතී. මේ වංචාවන් අතර ව්‍යාජ අධ්‍යාපන සහතික පත් ඉදිරිපත් කර විදේශ සේවයට ඇතුලූවූවන්ද වෙති. ඒ අතර සේවයේ යෙදී සිටියදී නියමිත උසස්වීම් සඳහා දෙපාර්තමේන්තු කාර්යක්ෂමතා කඩඉම් විභාග අසමත්වූවෝද වෙති. එහෙත් මින් බොහෝ දෙනෙක් තමන්ගේ දේශපාලන සම්බන්ධතා පාවිච්චි කරමින් පස්ස දොරින් මෙම උසස්වීම් ලබාගෙන තිබේ. මෙවන් කීප දෙනෙක් අත තානාපති තනතුරු දරති. සාමාණ නීතිය වන්නේ යමෙක් කාර්යක්ෂමතා කඩඉම් විභාගයන්ගෙන් අසමත් වන්නේ නම් ඔහු හෝ ඇය ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළින් තබා කටයුතු කිරීමයි. කරුමය වී ඇත්තේ මහන්සිවී අධ්‍යාපනය ලැබ නිසි ලෙස විභාග සමත් පිරිසකට ඉහළින් පස්සා දොරෙන් උසස්වීම් දී මෙම පුස්සන්ට ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින් තැබීමය. සැබවින්ම තවමත් සහකාර අධ්‍යක්ෂ දූරයේ සිටිය යුත්තෝ මේ අතර සිටිති. මින් එක් අයෙක් රොකට් වේගයෙන් සජින්වාස් මන්තී‍්‍රගේ සහායෙන් අමාත්‍යංශයේ අතිරේක ලේකම් තනතුර ලැබගත් අතර නොවක් දූෂණයන්ට මුල්වූ ඔහු නිරුප‍්‍රදි‍්‍රතව මැලේසියාවේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ තනතුරක් ලැබ ගත්තේ යහපාලන රජයට පින්සිදු වන්නටය. එසේම තමන් ප‍්‍රංශ භාෂාව සමත් බවට ව්‍යාජ සහතිකයක් ඉදිරිපත් කළ අයෙක් හිටපු විදේශ ලේකම් අමුණූගම විසින් එවකට විදේශ ඇමති ජී ඇල් පිරීස්ගේ අනුදැනුමු යටතේ කිසිදු දඬුවමක් රහිතව සේවයට නැවත් එක් කරන ලදී. මාස කීපයකට පෙර මංගල සමරවීර ඇමතිවරයා විසින් මොහු බ‍්‍රසල්හී ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ තනතුරකට පත් කරන ලදී. මෙවන් වංචාවන් කරන අයවලූන්ට විරුද්ධව නඩුපැවරිය යුතුවේ. මෙවන් වංචාවක් කළ අයෙකුට නැවත රාජ්‍ය සේවයට කෙසේවත් ඇතුල් කර ගන්නේ නැත. එසේ ම වර්තමානයේ දකුණු අපි‍්‍රකාවේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරිණියක් දැනට වසර 10 කට අධික කාලයක් තිස්සේ කිසිදු කාර්යක්ෂමතා කඩ ඉම් විභායක් සමත් නොවී සේවය කරන්නීය. ඒ සම්බන්ධයෙන් පියවර ගන්නට ලේකම් අදමදි කරන්නේ අදාල නිලධාරිණියගේ සහෝදරයා ලේකම්ට නොමිලේ වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීමයි.

මෙසේ සිදු වෙද්දී පසුගිය වසරේ අගභාගයේ බඳවා ගත් කාසිම් නැමති ආධුනික නිලධාරියා විදේශ කටයුතු අමාත්‍යංශයට ව්‍යාජ උපාධි සහතියක් ඉදිරිපත් කර ඇති බව සනාථ විය. මෙම කරුණ විදේශ ඇමතිවරයා සහ අමාත්‍යංශ නිලධාරීන් අතර පසුගිය දිනක පැවතී රුසවීමකදී මතුවී ඇති අතර එහිදී විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන අබ්දුල් අසීස් නැමැත්තා මෙම තැනැත්තාට සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් තර්ජනාත්මකව කථා කොට මෙය මුස්ලිම් ජාතිකකයෙක් හට කරන ලද අසාධාරණයක් බවට ප‍්‍රකාශ කර තිබේ. ඔහු තවදුරටත් කියා ඇත්තේ මේ සම්බන්ධයෙන් ඔහු සභාපති ධූරය දරණ අමාත්‍යංශයේ විදේශ සේවා නිලධාරීන්ගේ සංගමය හරහා විරෝධතාවක් ගොනු කරන බවයි. මෙම සිදුවීමේ අනෙත් කණාගාටුවට කරුණ වන්නේ මෙම සේවයෙන් පහකිරීම සම්බන්ධයෙන් විදේශ ඇමතිවරයා පාලන අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැඩි ලෙස දෝෂාරෝපණය කිරීමයි. එහෙත් අධ්‍යක්ෂ ජනරාල්වරයා ගෙන ඇත්තේ නිවැරැදි කි‍්‍රයාමාර්ගයකි.

කෙනෙක් රජයේ සේවයට පත්වූවීමෙන් අනතුරුව මාස නවයක පරිවාස කාලයකට යටත්ව සේවය කළ යුතු අතර එම කාලය තුළදී එකී පුද්ගලයා විසින් ඉදිරිපත් කරනු ලැබූ සහතිකවල සත්‍යතාවය පරීක්ෂා කිරීම සිදුවේ. එසේම මෙම කාලවකවානුව තුළ අදාල පුද්ගලයා රජයේ සේවයට නුසුදුසු බව පෙනී ගියේ නම් ඒඅ ය ඉවත් කිරීමේ බලය පත්වීම් බලධාරියාට ඇත. මෙම සමාන්‍ය තත්ත්වයවත් ඇමතිවරයා නොදැනීම සැබවින්ම කණගාටුවට කරුණකි. ඇමතිවරයා කණගාටු විය යුත්තේ හොරෙක් ඉවත් කිරීම ගැන නොව හොරෙක් හට දින කීපයක් හෝ අමාත්‍යංශයේ සේවය කිරීම ඉඩ ලැබීම ගැනයි. අනෙක් පැත්තෙන් ඇමතිවරයාගේ නොමද කරුණාවට භාජනය වී විවිධ තනතුරු ලබාගෙන ඇත්තේ මුස්ලිම් නිලධාරීන්ය. ඒ ඇමතිවරයාගේ මාතර ඡන්ද ව්‍යාපාරය සඳහා ඔවුන් දායකවී මුස්ලිම් ඡන්ද ලබාදීමට කටයුතු කිරීමය. මේ නිසාම ඇමතිවරයා ඉදිරියේ අබ්දුල් අසීස් නැමති මුස්ලිම් නිලධාරියාට වහසි බස් දෙඞීමට හැකි වී තිබේ. මෙය සැබැවින්ම කාලකන්නි තත්ත්වයක් බව විදේශ අමාත්‍යංශයේ සේවකයින්ගේ පිළිගැනීමයි.

සිදුවිය යුත්තේ ව්‍යාජ සහතික ඉදිරිපත් කළ නිලධාරියාගේ තොරතුරු සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමයි. එහෙත් පවතින තත්ත්වය යටතේ එය සිදුවේද යන්න සැක සහිතයි. මුස්ලිම් ඡන්ද ගැන සිතා ඇමතිවරයා විසින් මෙම සිදුවීම යටගැසීමට ඉඩ තිබේ. එහි මුල් පියවරක් වශයෙන් පරිපාලන අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් කර මුස්ලිම් නිලධාරිණියක් එම තනතුරට පත් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග දන්වා සිටියි.

මෙම හොරා බේරා ගැනීමට කිසිදු සහයෝගයක් ලබා නොදෙන බවට අබ්දුල් අසීස් සභාපති ධූරය දරණ අමාත්‍යංශයේ විදේශ සේවා නිලධාරීන්ගේ සංගමයේ සිංහල සහ ද්‍රවිඩ නිලධාරීන් ප‍්‍රකාශ කර තිබේ. මේ තුළින් නිලධාරීන් අතර ද ඇති බේදීම් තවත් ව්‍යාකූල බවට පත්වන්නට ඉඩ තිබෙන බව ද දැන ගන්නට ඇත.

හොරුන් බේරා ගැනීමට වඩා ඇමතිවරයා විසින් කළ යුතු වෙනත් රාජකාරී බොහෝය. අමාත්‍යංශය නිවැරැදි මගට යොමු කරන්නට ඇමතිවරයාට ඇති නොහැකියාව නිසා පසුගිය දිනෙක අග‍්‍රාමාත්‍යවරයාගේ දෝෂාරෝපණයට එය ලක් විය. අද අමාත්‍යංයේ ප‍්‍රකාශීකාව වී ඇත්තේ කුස්සි මුල්ලක ඇති ලෝකයේ කවුරුත් පිළි නොගන්නා ඉන්දියානු විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලත් සිංහල බස හැසිරවීමට නොහැකි අයෙකි. මාධ්‍ය අංශය භාරව සිටින්නේ උපත් දෝෂයක් නිසා හරියට කථා කිරීමට නොහැකි සිංහල බස නොදන්නා කෙනෙකි.

කෙසේ වෙතත් ඇමතිවරයා තවදුරටත් තමන්ගේ සුරතලූන් නලවමින් ඔවුන් හරහා විදේශ ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කරන්නට යෑමේදී අමාත්‍යංශයේ තත්ත්වය තවදුරටත් පහත වැටීම නොවැලැක්විය හැකි තත්ත්වයක් බව අපගේ නිරීක්ෂණයයි.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි

Top