Featured

වත්තල ජොගින් පාත් විනාශය පසුපස අතයට ගණුදෙනුවක්!නිමල් ලාන්සාගෙන් අනාවරණයක්

වත්තල ශාරීරික සුවතා මංතීරුව ගලවා ඉවත් කිරිම සදහා මිලියන 4ක මුදලක්.(ලක්ෂ 40)මුදලක් ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජොන් අමරතුංග ලබාගත් බවට අප කල අනාවරණය තවත් තහවුරු කරමින් නියෝජ්‍ය ඇමති නිමල් ලාන්සා ජනාධිපතිවරයාට ලිපියක් යවා තිබේ.

වත්තල කළුඇල ඇවිදින මන්තීරුව විනාශ කළ පුද්ගලයන්ගේ තරාතිම නොබලා ඔවුන්ට දඩුවම් ලබා දෙන්නැයි තමන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව ස්වදේශකටයුතු නියෝජ්‍ය ඇමති වත්තල ශ‍්‍රී.ල.නි.ප. සංවිධායක නිමල් ලාන්සා මහතා පවසයි. ඔහු අවධාරනය කරන්නේ මෙම ඇවිදින මන්තීරුව විනාශ කිරීම තුච්ච හා නින්දිත ක‍්‍රියාවක් බවයි.

මෙම කළුඇල ඇවිදින මංතීරුව ඉවත්කෙරුනේ සිය උපදෙසින් බව ප‍්‍රදේශයේ ප‍්‍රබල ඇමති වරයෙකු මාධ්‍ය වෙත පවසා තිබුනි ප‍්‍රදේශයේ ජනතාව පවසන්නේ ද එම ඇමතිවරයා සිද්ධියට සම්පූර්ණයෙන්ම වග කිව යුතු බවයි. ප‍්‍රදේශයේ එක්සත් ජාතික පක්‍ෂ පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු සහ එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු ද ඊට සම්බන්ධ බව පැවසෙන බැවින් මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් සිදු කර පොදු දේපල පනත යටතේ ඔවුන් අත්අඩන්ගුවට ගෙන දඩුවම් පැමිනවිය යුතු යැයි නියෝජ්‍ය ඇමතිවරයා අවධාරණය කරයි.

වත්තල කළුඇල ඇවිදින මන්තීරුව ඉදිකෙරුනේ පසුගිය රජය සමයෙයි. ගම්පහ දිස්ත‍්‍රිකයේ ගංවතුර පාලනය කිරීමේ වැඩ පිලිවෙල යටතේ කළුඇල පිළිසකර කෙරුණු බව නියොජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙයි. එම පිළිසකර කිරීම් අතර ප‍්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම පරිදි ඔවුන්ගේ ප‍්‍රයෝජනයට ඇවිදින මංතීරුවක් ඉදිකිරීමටද පියවර ගැනින. එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඉදිකෙරුණු මෙහි ඉදිකීරීම් භාරව තිබුනේ බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරීයටයි එවකට එහි විශය භාර ඇමතිවරයා වූ තමන් පෞද්ගලිකවම මෙහි ඉදිකිරීම් සොයා බැලීමට මැදිහත් වූ බවද නියොජ්‍ය ඇමතිවරයා කියයි. විශේෂයෙන්ම ප‍්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්වය නංවාලීමේ අරමුනින් මෙම ඇවිදින මංතීරුව ඉදිකෙරුනේ වත්තල සුන්දර ප‍්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීමේ අපේක්ෂාවද ඇතිවය එය යහපාලනය නම් නොවේ. මෙවැනි පොදු දේපල විනාශ කිරීමෙන් රටට වන සෙතක් නැත. කල යුතුව ඇත්තේ මෙවැනි පොදු දේපල ආරක්ෂා කිරීම බවද නියෝජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙයි.

මෙම මංතීරුව වත්තල මාබෝල නගර සභාව මගින් නඩත්තු කෙරිනි මෙය නාගකිරික සංවර්ධන අධිකාරීයට අයත් නැත. නිවාස සංකීර්ණයකට මාර්ගයක් ලබා දෙන ලෙස කෙරුණු ඉල්ලීමක් මත මෙය ඉවත් කෙරුණු බව සිද්ධියට සම්බන්ධ අදාල ප‍්‍රබල ඇමතිවරයා පැවසුවද එවැනි ඉල්ලීමක් නොමැති බව පවසන නියෝජ්‍ය ඇමතිවරයා මෙම ඇවිදින මංතීරුව ඉදිකර තිබුනේ රක්ෂිත ප‍්‍රදේශයක එම ප‍්‍රදේශයටද හානියක් නොවන පරිදි බවද පෙන්වා දෙයි. එමෙන්ම මෙම ඇවිදින මංතීරුව විනාශ කිරීමේදි ඊට විදුලි ආලෝකය ලබා දීම සඳහා ඉදිකර තිබු සූර්්‍ය විදුලි ආලෝක පද්ධතියද විනාශ කර තිබේ. ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ උවමනාවට අධාල ප‍්‍රබල ඇමතිවරයාගේ මැදිහත් වීමෙන් සිදු කෙරුණු මේ විනාශය පිටුපස අතයට ගණුදෙනුවක් තිබෙන බවට චොදනා එල්ලවී තිබේ. ඒ නිසා ඒ පිළිබඳවද වහා සොයා බැලිය යුතු යැයි නියොජ්‍ය ඇමතිවරයා අවධාරණය කරයි.

Top