හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනිම පසුපස ඇති අදිසි හස්තයන් මේ වනවිට එකින් එක අනාවරණය වෙමින් තිබේ.රනිල්ට ගේම ගහන්න කල කුමන්ත්‍රණය පෞද්ගලික පලිගැනීමක් බවත් ආණ්ඩුව හා ආණ්ඩු බලය අයතා ලෙස යොදාගෙන ඇති බවත් මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.මෙම කුමන්ත්‍රණය පසුපස සිටින මහ මොළකරුවන් කිහිප දෙනෙකු පිළිබඳව අප පසුගියදා අනාවරණය කල අතර තවත් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් අප දේශපාලන වාර්තාකරු අනාවරණය කර සිටි.
ඒ අනුව …පෞද්ගලික විදේශ ගමන් සඳහා රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට පත්වීම පිටුපස විශාල කුමන්ත්‍රණයක් දියත් වී ඇති බව මේ වන විට හෙළිදරව් වෙමින් පවතී.
කුමණ්ත්‍රණයේ මහ මොලකරු
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් GGSC රොශාන් ද?
ප්‍රධාන අභ්‍යන්තර විගණක WR පරණගමද?
නැතිනම් ඔහුගේ බිරිඳ, ආනන්ද විජේපාලගේ සම්බන්ධීකරණ ලේකම් චාමලී ගමගේද?
දූෂණයට වංචාවට එරෙහිව සහ ක්‍රම වෙනසක් වෙනුවෙන් පසුගිය ජනාධිපතිවරණයේදී, මහ මැතිවරණයේදී මෙන්ම පලාත්, පාලන මැතිවරණයේදී විශාල ජනවරමක් ලද ජාතික ජන බලවේගයේ ජනවරම උපයෝගී කර ගැනීමෙන් පෞද්ගලික අභිමතාර්ථ සහ අභිලාෂයන් මුදුන්පත් කරගැනීම සඳහා එම බලය අවභාවිතා කරන රජයේ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් විශාල ආන්දෝලනයකට තුඩු දී ඇති මෙම ගැටලුව නිර්මාණය කර ඇති බව හෙලිළිදරව් වෙමින් පවතී.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය දරණ සමයේ මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ රැකියාවක නියත වූ GGSC රොෂාන් වර්තමාන ජනාධිපතිවරයා යටතේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ධූරය දක්වා උසස් වීම් ලබාදී (අමාත්‍යංශ ලේකම්වරයෙකුට හා සමාන වැටුප් හා වරප්‍රසාද) ජනාධිපති කාර්යාලයේ ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ප්‍රධානියා ලෙස කටයුතු කරයි.
GGSC රොෂාන් නැමැත්තා, රනිල් වික්‍රමසිංහ පාලනය තුළ ඔහුට නිසි තැනක් ලබා නොදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා උරණව සිටි නිලධාරියෙකු වන අතර ඔහු විසින් ලබා දෙන ලද වැරදි තොරතුරු මත පිහිටා, පූර්ව නිගමන මට කටයුතු කරමින් අභ්‍යන්තර විගණක ලෙස කටයුතු කරන WR පරණගම විසින් රනිල් වික්‍රමසිංහ ඇතුළු දූත මණ්ඩලය විසින් රජයේ මුදල් අවභාවිතා කර ඇති බවට චෝදනා ගොනු කරමින් අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලද ලිපිය මත් සිදු කරනු ලබන විමර්ශනය මගින් රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට කටයුතු කොට ඇති බව පැහැදිලිය.
එය හුදෙක් පෞද්ගලික පළිගැනීමක් සඳහා සිදු කරන්නක් බව, ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක WR පරණගමගේ බිරිඳ චාමලී ගමගේ වර්තමාන මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාලගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කරයි.