පුවත්

චීන-රුසියානු ජනපතිවරුන් අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා හමුවෙයි.

හමුව අද (03) සවස කසක්ස්ථානයේ අස්තානා අගනුවර දී පැවැත්විණ.

පසුගිය මැයි මාසයේ ව්ලැදිමීර් පුටින් මහතා චීනයේ නිල සංචාරයක නිරත වූ බවත්, චීන-රුසියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ 75 වැනි සංවත්සරය නිමිති කරගනිමින් තමා පුටින් මහතා සමඟ දෙරට සබඳතාවේ ඉදිරි සංවර්ධනය සඳහා විධිමත් සැලැස්මක් සම්පාදනය කර ඇති  බවත් ෂී ජින් පිං මහතා එම හමුවේදී පැවසීය.

කැළඹිලි සහිත ජාත්‍යන්තර තත්ත්වය හමුවේ, චීනය හා රුසියාව දෙරට අතර පාරම්පරික  මිත්‍රත්වයේ මූලික අරමුණ අඛණ්ඩව පවත්වා ගෙන යා යුතු බව ද චීන ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය. එසේම, දෙරට ජනතාවට ප්‍රතිලාභ ලබාදීමේ නොපසුබට උත්සාහය ද එක ලෙස පවත්වා ගත යුතුය.

ශැංහයි සහයෝගිතා සංවිධානයේ අස්තානා සමුළුව හෙට (4) පැවැත්වීමට නියමිතය. එය මේ වසරේ එම සංවිධානය හා බැඳුණු අතිශය  වැදගත් අවස්ථාව  බව ද ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.

මෙම සමුළුවේදී පුටින් මහතා ඇතුළු ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල නායකයන් සමඟ සංවිධානය ගොඩනැගීම සහ විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා පිළිබඳව ගැඹුරින්  සාකච්ඡා කිරීමට තමා සූදානමින් සිටින බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Top