LNN SPY

රෝ ඔත්තුවෙන් පසු මෝදි- අනුර හමුවක්! ජනාධිපතිවරණ ඉතිහාසයේ ඉහලම ප්‍රතිශතය! දමිළ දේශපාලන නායකයින්ට ඉන්දියාවෙන් කැදවිමක්!

ඉන්දීය රහස් ඔත්තු සේවය හෙවත් RAW ශ්‍රි ලංකාවේ මැතිවරණ ප්‍රතිපල සම්බන්ධයෙන් සිදුකරන ලද සමික්ෂණ වාර්තාවට අනුව ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදි මහතා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවිමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව ඉන්දිය රජයේ අභ්‍යන්තර තොරතුරු අනාවරණය කරන බව ඉන්දිය රහස් ඔත්තු සේවා උපුටා දක්වමින් ආසියාතික දේශපාලන වාර්තාකරණයේ යෙදෙන මිනා පටෙල් අවධාරණය කරනවා.

රහස් වාර්තා උපුටා දක්වමින් ඇය අනාවරණය කලේ ඉන්දීය “රෝ” ඔත්තු සේවය ඉන්දිය රජයට වාර්තාකර ඇත්තේ රටේ ජනතාවගේ ජනමතය AKD ප්‍රමුඛ ජාතික ජන බලවේගය වටා එකතු වි ඇති බවයි.එම තත්ත්වය ඉදිරි මාස කිහිපය තුල තවත් සාධනීය ලෙස වර්ධනය වනු ඇති බවයි රහස් වාර්තා පෙන්වා දි ඇති බවද ඇය සදහන් කරනවා.

“රෝ” ඔත්තු සේවයේ වාර්තා අනුව ලාංකිය දේශපාලනය ඉතිහාසයේ ජනපති අපේක්ෂකයෙකු ලබාගත් ඉහලම ඡන්ද ප්‍රතිශතය AKD ප්‍රමුඛ ජාතික ජන බලවේගය ලබාගනු ඇති බව එම වාර්තාවේ ඇති විශේෂත්වය බවයි ඇය සදහන් කළේ. ඒ අනුව ඉන්දිය රජයේ අභ්‍යන්තර සාකච්ඡාවට එය භාජනය වි ඇති බවත් මිනා පටෙල් පෙන්වා දෙනවා.ඇය සදහන් කළේ එම සාකච්ඡාවල ප්‍රතිපලය මත ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ AKD ප්‍රමුඛ ජාතික ජන බලවේගය අතර හමුවක් බොහෝදුරට මැතිවරණයකට පෙර පැවැත්වෙනු ඇති බවයි.

ශ්‍රි ලංකා මැතිවරන ඉතිහාසය තුල පත්වු ජනාධිපතිවරුන් ලබාගත් ඡන්ද ප්‍රතිශත පහත දක්වා ඇති අතර ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් වැඩිම ප්‍රතිශතයක් හිමිකර ගැනිමට සමත්වුයේ 2010 වසරේ වන අතර එය සියයට 64.20%,ක්.ඊට අමතරව ජනාධිපතිවරණ 8ක ජයග්‍රාහී අපේක්ෂකයා ලබාගත් ඡන්ද සංඛ්‍යාව පහත පරිදි වේ.

J.R.ජයවර්ධන 52.91%,රණසිංහ ප්‍රේමදාස 50.43%,චන්ද්‍රිකා බණ්ඩාරනායක 62.28%, චන්ද්‍රිකා බණ්ඩාරනායක 51.12%, මහින්ද රාජපක්ෂ 50.29%, මහින්ද රාජපක්ෂ 64.20%, මෛත්‍රීපාල සිරිසේන 51.28%, ගෝඨාභය රාජපක්ෂ 52.25%,

දමිළ දේශපාලන නායකයින්ට ඉන්දියාවෙන් කැදවිමක්!

මේ අතර උතුරේ සහ වතුකරයේ දමිළ දේශපාලන නායකයන් සමග ඉන්දීය රජයේ ඉහළ පෙළේ සාකච්ඡා කිහිපයක්ම පැවැත්විමට නියමිතව ඇති බවටද තොරතුරු අනාවරණය වි ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.ඒ අනුව උතුරේ සහ වතුකරයේ දේශපාලන නායකයින් ඉදිරියේදි ඉන්දියාවේ සංචාරය කරනු ඇති.

පසුගියදා ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ(ITAK) සභාපති ලෙස ශිවඥානම් ශ්‍රීධරන් තේරී පත්වු අතර ඔහුගේ පත්විමම දෙමළ ජාතිකවාදය නැවත කරළියට පැමිණීමක් බව නොරහසකි. කෙසේවෙතත් මේ වනවිට ශිවඥානම් ශ්‍රීධරන් එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති අතර ඊට විවිධ හෙතු පැවැතියද එම තනතුර වෙනුවෙන් පැවැති ඡන්දය විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය නොකිරිම ප්‍රධාන හේතුව බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.කෙසේවෙතත් දෙමළ ජාතික සන්ධානයේ(TNA) සහය ලsබාදිම සම්බන්ධයෙන් තින්දුව ඉන්දියාවේ බලපෑම මත සිදුවනු ඇති බවයි අප දේශපාලන වාර්තාකරු තහවුරු කළේ.

ඉන්දීය රජයෙන් කරනු ලැබූ විශේෂ ආරාධනයකට අනුව ජාතික ජනබල වේගයේ (NPP) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුලු පිරිසක් පසුගිය පෙබරවාරි 05 වැනිදා ඉන්දීය සංචාරයක නිරත වු අතර අනුර කුමාර දිසානායක සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් අතර හමුවක් සිදුවු අතර කළාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් එහිදි දිර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබුනා.කළාපිය ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාව දැඩිලෙස අවධානයෙන් පසුවන අතර කළාපීය රටවල් ඇමරිකානු යටත් විජිතයක් විමට එරෙහිව කටයුතු කිරිමට සැමවිටම උත්සුක වන බවයි පෙනෙන්නට ඇත්තේ.

අසල්වැසි රාජ්‍යන්ට පළමු තැන යන ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ මූලික සංකල්පය මත ඉන්දියාව සැමවිටම කටයුතු කරන බැවින් ඉන්දියාව ලෝකය හමුවේ අත්කර ගන්නා ජයග්‍රහණවල ප්‍රතිලාභ ශ්‍රී ලංකාව ඇතුළු අසල්වැසි රාජ්‍යන්ට ද ගලා යෑමට ඉඩ සැලසීම මෙන්ම ඒ සදහා කළාපිය රටවල් සමග සුහදතාවයෙන් මෙන්ම තර්ජන ඇති නොවන අකාරයට කටයුතු කිරිමද අරමුණ වි තිබේ. කලාපයේ පවතින සුපිරි බලවතුන්ගේ එදිරිවාදිකම් සැලකිල්ලට ගත් විට, චීනය ද නුදුරු අනාගතයේ දී ම ජාතික ජන බලවේගය සමඟ කටයුතු කරන්නට ප්‍රවේශ වුවහොත් එයද පුදුමයට කරුණක් නොවනවා ඇත.

ඩොලර් ටි්‍රලියන 10 ක ආර්ථිකයක් කරා යන ඉන්දීයාව!

ඉන්දියානු ආර්ථිකය 2022-2030 අතර කාලය තුළදී දළ දේශීය නිෂ්පාදිතයේ 6% ක සාමාන්‍ය වර්ධන වේගයක් පවත්වාගෙන යනු ඇති අතර එය 8% දක්වා ඉහලට එසවිම ඉන්දීය රජයේ අදහස වි තිබේ. ඒ අනුව ලොව තුන්වන විශාලතම ආර්ථිකය හිමි රට බවට ඉන්දියාව පත් වනු ඇති බවට මූල්‍ය විශ්ලේෂණ වාර්තා පුරෝකතනය කර අවසන්.

IMF හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යාවත්කාලීන කරන ලද ඇස්තමේන්තුවලට අනුව, ඉන්දියාව බි්‍රතාන්‍ය අභිබවා ලොව පස්වන විශාලතම ආර්ථිකය බවට මේ වන විට පත්ව ඇත. වසර 200 කට ආසන්න කාලයක් ඉන්දීය උප මහාද්වීපය තුළ අධිරාජ්‍යවාදී පාලන ක්‍රමයක් ක්‍රියාත්මක කළ බි්‍රතාන්‍යය අභිබවා 2022 මාර්තු අවසානයේ ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය බවට ඉන්දියාව පත් වීම සුවිශේෂී කාරණයකි.ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ ඉන්දියාව ජර්මනිය සහ ජපානය අභිබවා ලොව තෙවැනි විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇති බවට අනාවැකි පළ වි තිබේ.2014 සිට මේ දක්වා ඉන්දියාව රටවල් 7 ක් අභිබවා ඉදිරියට පැමිණීමට හැකි වීම එහි ආර්ථිකයේ ප්‍රබලත්වය පෙන්නුම් කරන අතර එම කාලය තුළ අඛණ්ඩව ඉහළ ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යෑමට ඉන්දියාව සමත්වී ඇත.

2030 වර්ෂයේදී ඉන්දියාව ඩොලර් ටි්‍රලියන 10 ක ආර්ථිකයක් කරා ගමන් කරනු ඇති බවට මේ වනවිට අනාවැකි පලවි ඇති අතර ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයකට හිමිකම් කියන ඉන්දියාවට මේ වන විට ගෝලීය ඉදිරි දැක්ම සහ එහි ප්‍රධාන උපාය මාර්ග ක්‍රියාත්මක කරන අවස්ථාව හිමිකර ගනිමින් G20 සංවිධානයේ සභාපති ධුරය 2023 වර්ෂය සඳහා ඉන්දියාවට හිමි වීමත් සමගය.

Top