Breaking
22 Feb 2025, Sat

බැසිල් ජනපති කරන්න වජිර එක්ක අකිලත් යයි! සජිත් පිළ අල්ලන මෙහෙයුම සුජිවට! බැසිල් විරෝධින්ට නාමල්!

ජනාධිපතිවරණයකදි පොදු ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ අපේක්ෂකයා ලෙස බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කිරිම සදහා පොදු එකඟතාවක්ඇතිකර ගැනිමේ සාකච්ඡාවට එජාපයේ ප්‍රබලයන් දෙදෙනෙකු සහභාගි වි තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. පසුගිය සතියේ කොළඹ කුප්‍රකට ව්‍යාපාරිකයේකුගේ නිවසේ රාත්‍රී කෑමක්ද සමග මෙම හමුව පවත්වා තිබේන අතර එජාපය නියෝජනය කරමින් කුප්‍රකට වංචාකරුවෙකු මෙන්ම රාජපක්ෂලාගේ සුරතලෙකු වන වජීර අබේවර්ධන සමග කුරුණෑගල මන්ත්‍රීධුරය පවා අහිමි වු අකිල විරාජ් කාරියවසම් එක්ව තිබේ. බැසිල් රාජපක්ෂ සමග ජොන්සටන් ප්‍රනාන්දු සහ තවත් ඇම්බැට්ටයන් කිහිප දෙනෙකු එමඅවස්ථාවට එක්ව සිටි බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලේ.

ජනාධිපතිවරණයකදි රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුවහොත් බහුතරයක් තිබේන පොහොට්ටු ඡන්ද ලබා ගැනිම අපහසු බව එහිදි බැසිල් පාර්ශවය පෙන්වා දි තිබේ.පසුගිය සති කිහිපය තුල පොහොට්ටුවේ ප්‍රාදේශිය නායකයින් ලෙස පෙනී සිටින කණ්ඩායම් තමන් ගෙන්වා සාකච්ඡාකල බව පෙන්වා දි ඇති බැසිල් තවමත් ගම්මට්ටමින් රනිල් වික්‍රමසිංහ සමග පොහොට්ටුවේ එකතුවිම සම්බන්ධයෙන් පාක්ෂිකයින් සිය අප්‍රසාදය පලකරන බව වාර්තා කිහිපයක්ම පෙන්වමින් අවධාරණය කර තිබේ.

මේ තත්ත්වය සමාජ මට්ටමින් උරගා බැලිම සදහා ලබන වසරේ පළාත් පාලන මැතිවරණය කොටස් කිහිපයකට පැවැත්විය යුතු බවත් ඒම ප්‍රතිපල දෙස බලමින් තත්ත්වය වෙනස් කිරිමට කට්යුතු කලයුතු බවයි එහිදි අවධාරණය වි ඇත්තේ.

බැසිල්ගේ ස්වාධීන කාර්‍යාලය!

බත්තරමුල්ලේ පොහොට්ටු කාර්යාලය වෙනුවට කොළඹ ප්‍රදේශයේ ව්‍යාජ ස්වාධීන කාර්‍යාලයක් පිහිටුවාගත් අතර එම කාර්යාලයට රටපුරා පොහොට්ටු නියෝජිතයන්ට අමතර එජාපයේ වැලේ වැල් නැති හිටපු ප්‍රාදේශි නායකයින්ද ගෙන්වා තිබුනා.ඔහුන්ගෙන්ද විවිධ අදහස් ලබා ගැනිමට එහිදි කටයුතු කර තිබු අතර මැතිවරණයකට රනිල් වික්‍රමසිංහ සමග ඉදිපත් වුවහොත් වැලේ වැල් නැති වන බවට සියලුම දෙනා දැක්වු අදහස් වල පොදු මතය වු බවද එහිදි අවධාරණය කර තිබේ. එම මතයට තමන්ද එකඟ බවයි එහිදි වාජීර අබේගුණවර්ධන සදහන් කර ඇත්තේ ඒ සදහා එජාපයේ මතය නිර්මාණය කිරිම තමන්ට් පහසුවෙන් කල හැකි බවත් ඒ සදහා තමන්ට අකිලගේ සහය ලැබේන බවයි.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයකදි බැසිල් රාජපක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිපත් කිරිමටත් එම එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සදහා රනිල් පත්කර මෛත්‍රී-රනිල් පන්නයේ ආණ්ඩුවක් සෑදිය යුතු බවයි එහිදි සාකච්ඡා වි ඇත්තේ.

ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට හීන දකිමින් සිටින බැසිල් රාජපක්ෂ මේ වනවිටත් ඒ සදහා අවශ්‍ය මෙහෙයුම් දියත් කර තිබේන අතර රනිල්ගේ සහයද ඔහුට හිමිව තිබේන බව නොරහසකී. එජාපයට අමතරව සජිත්ගේ සමගි ජන බලවේග කණ්ඩායම සමග සාකච්ඡා ආරම්භ කර තිබේන බැසිල් ඒ සදහා පසුගිය කාලයේ වේදිකාවල සජිත් වෙනුවෙන් කෑ ගසමින් බයිලා ගැසු කඩුවෙල සුජීව සේමසිංහ ප්‍රධානියෙකු ලෙස නම්කර තිබේ.

බැසිල්ට එරෙහිව නාමල්!

මේ අතර ගෝඨාභය ජනාධිපති විමට මෙන්ම බැසිල් පක්ෂයට නායකත්වය දින පිළිබඳව දැඩිව විවේචනය කල මහින්ද පිල මේ වනවිට නාමල් රාජපක්ෂ සමග ජනපති අපේක්ෂක සටන ආරම්භ කර තිබේ. එය සම්පූර්ණයෙන්ම මහින්ද රාජපක්ෂගේ මෙහෙයවිම යටතේ සිදුවන අතර පොහොට්ටුවේ තරුණ පෙළේ කිහිප දෙනෙකුම මේ සදහා සහය දෙමින් සිටි.

ගෝඨාභය රාජපක්ෂ මෙන්ම බැසිල් රාජපක්ෂ ජනමතයක් නොමැති, බටහිර කූට අරගලයේ ඍජු ප්‍රතිපල බවත් ඉදිරියට එසේ නොවී, රටෙහි ජනතා අභිලාෂයන් නියෝජනය වන තරුණ නායකයෙක් බිහිවිය යුතු බවයි නාමල් කණ්ඩායමේ මතය වි ඇත්තේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.