Breaking
4 Mar 2026, Wed

සැලේ හෝදා වැලේදා ආණ්ඩුව මඩේ දාන අකුරේගොඩ හමුදා මඩ බලකාය ලීක්….!

අකුරේගොඩ ත්‍රිවිධ හමුදා මූලස්ථානයෙහි ස්ථාපිත යුද හමුදා මූලස්ථාන ගොඩනැගිල්ලෙහි බ්ලොක් SIX කණ්ඩයේ පස්වන මහලෙහි මුළුමනින්ම යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩලය ස්ථානගත කර ඇත. මෙම මහල අවසර නොලත් කිසිවෙකුටවත් ඇතුල්විය නොහැකි අධිආරක්ෂිත කලාපයකි.

එවන් අධි ආරක්ෂිත කලාපයක් දඩ මීමා කරගනිමින් සලේගේ බුද්ධි බලකා රෙජිමේන්තුවේ සාමාජිකයින්ගෙන් සමන්විත හමුදාපතිගේ බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය රාජ්‍ය ද්‍රෝහී කුමන්ත්‍රණයක නියැලීම පිළිබඳව ඇගේ මයිල් කෙළින් කරවන තොරතුරු රැසක් අප ජනාධිපතිවරයාගේ අවධානයට මෙලෙස අනාවරණය කරමු.

මහජන බදු මුදලින් ආණ්ඩුවට ඇරලා….

මහජන බදු මුදලින් ඉදිව අධි සුඛෝපභෝගි තරු පහේ තත්ත්වයට නඩත්තුවන මෙම ගොඩනැගිල්ලෙහි මහජන බදු මුදලින්ම මිලදී ගත් අධි තාක්ෂණික මෙවලම් අවභාවිතා කරමින් මහජන බදු මුදලින් පඩි ගන්නා සොල්දාදුවෝ යොදවා තරු විසි වෙන්න ආණ්ඩුවට ඇරීමේ වගකීම කවරෙකු විසින් බාරගත යුතුද ?

ජාතික ආරක්ෂාව සඳහා කැපවුණු හමුදාවක මෙම රාජ්‍ය ද්‍රෝහී පරිවර්තනය හෙට දින රාජ්‍යයේ පැවැත්ම දැඩි ලෙස අභියෝගයට ලක් කරනු ඇත. ජාතික අවශ්‍යතාවයට භෞමික අඛණ්ඩතාවයට මෙන්ම ජාතික ආරක්ෂාවට මරු පහරක් එල්ල කරනුයේ අගේ සිට කන කන මෙවන් පාහර ක්‍රියා මිස අන්කවරයෙද?

“ඔමේගා” කන්ඩය

අති නවීන පරිගණකයන්ගෙන් දෙසීයකට අධික ප්‍රමාණයකින් සහ ජංගම දුරකථනයන් බොහොමයකින් සමන්විත “ඔමේගා” කන්ඩය භාරව කටයුතු කරන මේජර් කපිලරත්න රාජපක්ෂ කඳවුරෙහි බත් බැලයෙකුව 2014 වසරේ ජනාධිපතිවරණය සඳහා ලක්ෂ්මන් හුලුගල්ල යටතේ ක්‍රියාත්මකවූ ජාතික ආරක්ෂාව සබැඳි මාධ්‍ය මධ්‍යස්ථානය කේන්ද්‍ර කොට කොල්ලුපිටියේ පරිගණකයන් සිය ගණනින් යොදවා ප්‍රතිවාදීන්ට මඩ ප්‍රහාර දියත් කළ ක්‍රියාන්විතයේ නියමුවෙකි. මෙවන් ප්‍රතිවාදී කඳවුරක ඉත්තකු යටතේ ක්‍රියාත්මක ඔමේගා කන්ඩය ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සහ ව්‍යාජ්‍ය වෙබ් අඩවි සිය දහස් ගණනක් පවත්වාගෙන යනු ලබයි.

වේගවත් අන්තර්ජාල පහසුකම්වලින් සහ ඒ සඳහාම වෙන්වූ සර්වර් (server) පහසුකම් සලසාදී ඇති ඔමේගා කණ්ඩය මේ මොහොත වන විට පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වනුයේ ඔවුන් සතු ව්‍යාජ වෙබ් අඩවි, වෙබ් පිටු සහ ෆේස්බුක් ගිණුම් හරහා පාස්කු ප්‍රහාරය සඳහා සලේ අත්අඩංගුවට ගැනීම දැඩිව විවේචනයට ලක් කිරීමටය.

ආණ්ඩු විරෝධී වීඩියෝ පට , ලිපි සහ ඡායාරූප උඩුගත කර රාජ්‍ය මුදලින් එම පලකිරීම් සියල්ල BOOST කරමින් සමාජ මත ගොඩනගා ජනතාව කුපිත කරවන අදහස් දැක්වීම් “කොමෙන්ට්” සිය දහස් ගණනින් පලකර ආණ්ඩු පාර්ශවීය පාර්ශවයන්ගේ අදහස් දැක්වීම් අමු තිත්ත කුණුහරප්පයෙන් හෙලා දකින රාජ්‍යක මොවුන් සැබවින්ම සොල්දාදුවෝ ද ? නැතහොත් විප්ලවකාරී කුමන්ත්‍රණකාරයෝද ? යුද හමුදාපති ඇතුළු යුද හමුදාවේ දූෂිතයන් පිළිබඳ වාර්තා කිරීම් සියල්ල අපුල්ලා සෝදනුයේද මොවුන් විසිනි.

“සියරා” කන්ඩය

පරිගණකයන් පනහකින් සහ පුළුල් තිර රූපවාහිනී යන්ත්‍ර විසිපහක්කින් සමන්විත “සියරා” කන්ඩය කපිතාන් සංජීව යටතේ ක්‍රියාත්මක වන අතර එමගින් දේශීයව සහ විදේශීයව සියලු වෙබ් අඩවි, ප්‍රවෘත්ති වාර්තා කිරීම පැය 24 තුළම නිරීක්ෂණය කොට විරුද්ධ මතධාරී අදහස් ප්‍රකාශ කිරීම් වලට පෙර සේම අමු තිත්ත කුණුහරුපයෙන් ප්‍රතිචාර දක්වන අතර වර්තමානයේ සලේට විරුද්ධව දේශීයව සහ ජාත්‍යන්තරව උඩුගත වන සියලු පලකිරීම් හෙලා දකිමින් කමෙන්ට් සිය දහස් ගණනින් පලකර එම වාර්තා කිරීම් සියල්ල තනුක කර දමා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක නියැලීම සුළු කොට තැකිය නොහැක.

WhatsApp හැකර්..

මාසිකව මිලියන ගණනින් මුදල් වැය කොට මිලදී ගන්නා විදේශීය පරිගණක මුද්‍රිකාංගනයක් තුළින් ජනාධිපති ඇතුළු ආණ්ඩු පාර්ශවයේ සියල්ලන්ගේද තම විරුද්ධවාදින්ගේද වට්ස්ඇප් ඇමතුම් සහ ජාලය නීති විරෝධීව නිරීක්ෂණය කිරීම මෙමගින් සිදුවන අතර මේ සඳහා යෙදවූ පරිගණකයන් දෙකකි .ඉන් එක් පරිගණකයක් ක්‍රියාත්මක වනුයේ යුද්ධ හමුදාපතිවරයා යටතේය. එම ස්ථානයට කිසිවෙකුට ලඟා විය නොහැකි අතර යුද්ධ හමුදාපතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ඔහුගේ සමීපතයින් කිහිපදෙනෙකු පමණක් මෙම රහසිගත මෙහෙයුම සඳහා යොදවා ඇත.

සිම් කාඩ් පත් දහස් ගණනින් යොදවලා…..

ඉහත “ඔමේගා” සහ “සියරා” යන කණ්ඩයන්හි ව්‍යාජ වෙබ් අඩවි Youtube නාලිකා සහ ෆේස්බුක් ගිණුම් සහ පිටු පවත්වාගෙන යෑමට සඳහා සිය දහස් ගණනින් සිම් කාඩ් පත් යොදවා ගැනීම බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩල නිලධාරියකු වන කපිතාන් මෙන්ඩිස් යටතේ සිදුවේ.

ශ්‍රී ලංකාවේ නීතියට අනුව සෑම සිම් කාඩ් පතක්ම පුද්ගල හැඳුනුම්පතක් නමක් සහ ලිපිනයක් යටතේ ලියාපදිංචි විය යුතු නමුත් යුද හමුදා මූලස්ථානයෙහි ස්ථාපිතව ක්‍රියාත්මක වන මෙම ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණකාරී කණ්ඩායම සිය දහස් ගණනින් නිර්නාමික සිම් කාඩ්පත් යොදා ගැනීම අතිශය නීති විරෝධී මෙන්ම භයානක තත්ත්වයකි.

නියපොත්තෙන් කඩන්න පරක්කු වැඩි…

රාජ්‍යයක, විධායකය, ව්‍යවස්ථාදායකයේ බහුතරයක් සහ අධිකරණ පද්ධතිය තුළ ගනු ලබන තීන්දු තීරණයන් මත ක්‍රියාත්මක වන නීතිය අභියෝගයකට ලක් කරමින් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකාරී භූමිකාවක් යුද හමුදා මූලස්ථානය වැනි මරුමස්ථානයක රහසිගතව ක්‍රියාත්මක වීම අතිශය අසුභවාදී භයානක පෙරනිමිත්තකි මූලස්ථාන ප්‍රධානියා ලෙස යුද්ධ හමුදාපතිවරයාට කිසිසේත් මෙම වගකීමෙන් බැහැර විය නොහැකි සේම ඔහු නොදැන මෙවැන්නක් විය නොහැක.මෙම වාර්තාකරණය පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් තුළින් අප්‍රමාදව ක්‍රියාත්මක වීම ජනාධිපතිට සහ රජයට හිතකරය. ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවිය හැක.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *