Breaking
23 Jan 2025, Thu

ජනතාව පොල් නාස්ති කිරීම ගැන කෝට්ටේ සනත් නිශාන්ත මැතිඳුන්ගෙන් විග්‍රයක්!

මේ වනවිට රට පුරා බරපතළ පොල් හිඟයක් පවතින කවුරුත් දන්නා දෙයකි. පොල් ගෙඩියක මිලත් රුපියල් 200 – 220 හෝ ඊටත් ඉහළ මට්ටම් දක්වා ගොස් ඇත. එවන් පසුබිමක් තුළ 2025 අප්‍රේල් මාසය දක්වා පොල්ගෙඩි මිලියන 200 ක ප්‍රමාණයක් පිටරටින් ආනයනය කිරීමට පොල් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය රජයෙන් ඉල්ලීමක් කර ඇති බව එහි සභාපති ජයන්ත සමරකෝන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ අපූරු කතාවක් කියා ඇත්තේ පහත පරිද්දෙනි.

“අපි ඇත්තටම ගෙදර පොල් පරිභෝජනයේදී ඉතාමත් නාස්තිකාර පරිභෝජනයක තමයි ඉන්නෙ. මොකද අපි පොල්කිරි විදියට පාවිච්චි කරනවා, සම්බෝල විදියට පාවිච්චි කරනවා. මේ ක්‍රියාවලි දෙකේම පොල් සෑහෙන ප්‍රමාණයක් අපතේ යනවා. ඒ වගේම පොල් වතුර සහ පොල් කට්ට කියන දෙකත් ඩොලර්, ඒ දෙකත් අපතේ යනවා. පොල්කිරි වෙනුවට අපට ආදේශ කළ හැකි නිෂ්පාදන ප්‍රමුඛත්වයක් දීලා අපට විකල්පයක් ලෙස භාවිතා කරන්න පුළුවන් නම් ඒ ඉතිරි වෙන පොල් ටිකත් අපට අපනයනය කිරීම සඳහා රටට ඩොලර් උත්පාදනයට ලබාගන්න හැකියාවක් තියෙනවා”

චතුරංග අබේසිංහ යනු ජාතික ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහගේ පුත්‍රයා ය. වෙන දේශපාලන පක්ෂයකින් තාත්තා සහ පුතා දෙදෙනා එකට පාර්ලිමේන්තු ආවා නම් ඊට කියන්නේ “පවුල්වාදය” කියා ය. එහෙත් ජාතික ජන බලවේගයේ හැටියට ඔවුන් දෙදෙනා තාත්තා සහෝදරයා සහ පුතා සහෝදරයා වන බැවින් එතැන පවුල්වාදයක් නැත.

චතුරංග අබේසිංහ දේශපාලනයට එක්වී ගෙවුණු අවුරුදු කිහිපය තුළ එතුමා සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වූ බුද්ධි මහිමයේ තරම නිසාම සමාජ මාධ්‍ය තුළ එතුමාට ආදරයට කියන්නේ “කෝට්ටේ සනත් නිශාන්ත මැතිඳු” කියා ය. ඒ නිසා එතුමාගෙන් මෙවැනි හරබර කතාවක් කියැවීම ගැන පුදුමයට කාරණයකුත් නැත. ප්‍රශ්නය ඇත්තේ එතුමා වර්තමානයේ රට පාලනය ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ 50 දෙනා අතරින් එක් අයෙකු වීම ගැන ය.

චතුරංග හිච්චි පුතේ,

ආහාර කියන්නේ මොනවා හෝ බෙල්ල මුලට හිරවෙන තුරු ගිල දැමීමම නොවේ. ආහාර කියන්නේ සංස්කෘතික අංගයකි. පොල්කිරි, පොල් සම්බෝල අපේ ආහාර සංකෘතියේ ප්‍රධාන කොටසකි. චතුරංගලා සහ චතුරංගලාගේ සහෝදරයින් 159 දෙනෙකුට පාර්ලිමේන්තු බත් ගිලින්නට අවස්ථාව උදාකරමින්, එයිනුත් චතුරංගට අඩු වයසින්ම ඇමති සැප විඳින්නට අවස්ථා උදා කරමින් ආණ්ඩුවක් හැදුණු පමණින් අපේ රටේ ජනතාව පරම්පරා ගණනාවක් පුරා පවත්වාගෙන ආ ආහාර සංස්කෘතිය වෙනස් කරන්නට සූදානමක් නැත. ඇමති පුටුවේ ඉඳගත්තාට පසු මොළය තැළෙනවා වැඩියි වගේ තේරෙනවා නම් තාත්තාට කියා බෙහෙතක් ගැනීම වඩා හොඳය.

ඊට අමතරව චතුරංග අබේසිංහ දත්ත විද්‍යාඥයෙකි. පොල්කිරි හැදීමේදී පොල් කුඩු වශයෙන් යම් පොල් ප්‍රමාණයක් අපතේ යන බව නම් ඇත්තකි. එහෙත් පොල් සම්බෝල කෑමෙන් පොල් අපතේ යන්නේ කෙසේදැයි ඔබතුමාගේ කුඩා මොළයට වැටහෙන පරිදි අපටත් කියාදෙන්නට පුළුවන්ද ? එහෙම බැරි නම් දත්ත විද්‍යාඥකම තියාගෙන මෙසේ දත්ත හුළුදාගෙන යන කතා නොකියා ඉන්නවා නම් ආණ්ඩුවේ සෞඛ්‍යයට ගුණදායක ය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *