බලයේ සිටි ප්‍රසිද්ධ දේශපාලන චරිත සහ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් ඇති නඩු වහාම විභාග කොට ඔහුන් වරදකරුවන් කිරිමට කටයුතු කරන ලෙසට අගවිනිසුරු පද්මන් සූරසේන විනිසුරුවරුන් පිරිසකට නියෝග කර ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා.
පසුගිය සිකුරාදා සවස 4ට පමණ අගවිනිසුරුගේ ප්‍රධානත්වයෙන් රැස්විමක් කැදවා ඇති අතර මේ වනවිට ප්‍රධාන පෙළේ දේශපාලකයන් සම්බන්ධයෙන් වන නඩු විභාග වන අධිකරණ වලට අයත් විනිසුරුවන් ඒ සදහා කැදවා තිබේන බවයි අප වාර්තාකරු සදහන් කළේ.අධිකරණ සේවා කොමිසමේ සභාපතිවරයා ලෙස අගවිනිසුරු පද්මන් සූරසේන කැදවා ඇති එම රහසිගත රැස්විම අධිකරණ සේවා කොමිසමේ ලේකම් ප්‍රසන්න අල්විස් , අගවිනිසුරු ලේකම් ආනන්දි කනගරත්නම් අයගේ සහභාගිත්වයෙන් පවත්වා තිබේ.
ඒ සදහා කැදවා ඇත්තේ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය,කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න, මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි,කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල්,කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග,කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල,යන විනිසුරුවරුන් ඇතුලු තවත් විනිසුරුවරුන් පිරිසක් බවයි අප වාර්තාකරු සදහන් කළේ.
එහිදී අගවිනිසුරුවරයා විනිසුරුවරුන් ට දැනුම් දී ඇත්තේ, තමන් යටතේ පවතින ප්‍රසිද්ධ පුද්ගලයන්ට අයත් සියළුම නඩු වාර්තාවල ලැයිස්තුවක් සදුදා [23] දින සවස 4ට පෙර තමන් වෙල ලැබීමට සලස්වන ලෙසත් ඔහුන්ට එරෙහිව ඇති නඩු කඩිනමින් විභාග කර ඔහුන් වරදකරුවන් කරන ලෙසත් ය.තවත් සති කිහිපයකින් යලි කැඳවිමක් සිදුකරන බවත් එහිදි නඩුවල ප්‍රගතිය සම්බන්ධයෙන් සමාලෝචනය කිරිමට අවශ්‍ය වනබවත් අගවිනිසුරුවරයා,විනිසුරුවරුන්ට දැනුම් දි තිබේ.
නම සදහන් නොකරන විනිසුරුවරයෙකු අප දේශපාලන වාර්තාකරු සමග සදහන් කර ඇත්තේ අගවිනිසුරුවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් පුදුමයට පත්වු බවයි. නඩු විභාග කිරිම කඩිනම් කිරිම අත්‍යවශ්‍යම කරුණක් වුවත්,නඩු ඉක්මනින්ම විභාගකර වරදකරුවන් කිරිමට කටයුතු කරන ලෙසට ඉල්ලිම සදාචාරත්මක නොවන බවයි ඔහු සදහන් කර ඇත්තේ.
‘උසාවිය කියන්නේ නඩුකාරයන්ට පඩි ගන්නයි සල්ලි හම්බ කරන්නයි තියන තැන් නෙමේ දැන් නඩු කල්යාමක් වෙන්නේ නෑ’ යනුවෙන් අධිකරණ ඇමතිවරයාද පසුගියද ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කර තිබුනා.
අගවිනිසුරුවරයා ගේ නිර්දේශ මත පසුගියදා මහාධිකරණ විනිසුරුවරුන්ට උසස්වීම් ලබාදුන් අතර එම කර්තව්‍යයේදී ජේෂ්ඨත්වය ද සැලකීමට ලක්කරන ලෙස ඉල්ලා නීතිඥ සංගමය ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කරමින් යැවු ලිපියේ සදහන් කර තිබුනේ ශ්‍රි ලංකාව තුල මහාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට උසස් වීම් ලබාදීමේ සාමාන්‍ය ක්‍රමවේදය වන්නේ ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව උසස් වීම් ලබාදීම නමුදු පසුගිය කාලයේ එම ක්‍රමවේදයෙන් බැහැරව ද උසස් වීම් ලබා දී තිබේන බවයි.
ඒ අනුව කුසලතා මත ජ්‍යෙෂ්ඨත්වය නොසලකා හරින්නේ නම්, එවැනි අවස්ථාවලදී උසස් වීම්වලට අදාළව කුසලතා තක්සේරු කිරීමට පැහැදිලි මාර්ගෝපදේශ තිබිය යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා ඒ හරහාද පෙන්වා දි තිබුනා.නමුත් මේ දක්වා එලෙස කුසලතා තක්සේරු කිරීමට පැහැදිලි මාර්ගෝපදේශ නොමැති බවද එම ලිපිය මගින් පෙන්වා දි තිබුනා.
උපුටා ගැන්ම නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත යැවු ලිපිය.
විනිවිද පෙනෙන නිර්ණායක නොමැතිකමින් එම ක්‍රියාවලියේ සාධාරණත්වයට සහ අනුකූලතාවට හානි වීමේ අවදානමක් පවතින හෙයින්, විනිසුරුවරුන්ට උසස් වීම් ලබා දීමේදී විනිවිද පෙනෙන හා සාධාරණ ක්‍රමවේදයක අවශ්‍යතාව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටී. ජ්‍යෙෂ්ඨත්වය නොසලකා හැරිය හැක්කේ කිසියම් විනිසුරුවරයකු සම්බන්ධයෙන් නිශ්චිත හා පැහැදිලි අඩුපාඩුවක් පවතින විට පමණක් බව ද, අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය පවත්වා ගැනීමට සහ පරිපාලන යුක්තිය අපක්ෂපාතී සහ විශ්වසනීයව පවතින බව සහතික කිරීමට එවැනි ක්‍රමවේදයක් අත්‍යවශ්‍ය වන අතර, එතෙක් දිගුකාලීන පළපුරුද්ද සහ ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව උසස් වීම් ලබා දිය යුතුය යන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස බව ද එම සංගමය පෙන්වා දී තිබේ.
උපුටා ගැන්ම අවසන්
වත්මන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන රහස් මෙහෙයුම් දියත් කිරිමට සුරයෙක් බව සිය වැඩ භාර ගැනිමත් සමගම ආණ්ඩුවට ඔප්පු කල අයෙකු වන අතර නිසි වේලාවට රාජකාරි කටයුතු සඳහා වාර්තා නොකිරීම, ප්‍රකාශයට පත් කළ ඇතැම් තීන්දු නිසියාකාරව සකස් කර නඩු ගොනුවට ඇතුළත් නොකිරීම හා රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට අපොහොසත්වීම යනාදී චෝදනා ගොනු කරමින් මතුගම මහෙස්ත්‍රාත්වරිය නිළයෙන් පහකල අතර ඒ අකාරයට විනිසුරුවරුන් 15කට අධික පිරිසක් මේ වනවිට නිළ ධුරයන්ගෙ පහකිරිමටද ඔහු කටයුතු කර තිබේ.ඒ සියල්ලම අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ උපදෙස් මත සිදුව ඇති බවද පසුව අනාවරණය වි තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් පත් කිරීම සහ ඉවත් කිරීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි පරිච්ඡේදයේ XV වැනි පරිච්ඡේදයේ දක්වා ඇත. එහි සඳහන් වන්නේ “අග්‍රවිනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් සෑම විනිසුරුවරයෙකුම ජනරජයේ ජනාධිපතිවරයා විසින් වරෙන්තුවක් මගින් පත් කරනු ලැබිය යුතු” බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් විශ්‍රාම යන වයස අවුරුදු හැටපහක් දක්වා ධුර දරනු ඇත.
පත්විම භාරගැනිමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ නව අග විනිසුරුවරයා පිළිගැනීමේ චාරිත්‍රානුකූල නිල උත්සවයට එක්වෙමින් වත්මන් අගවිනිසුරුවරයා කියා සිටියේ නීතිඥ පවුල් පසුබිමක් රහිතව නීතිඥ වෘත්තියට පිවිසි තමන් ශ්‍රී ලංකාවේ 49 වන අග විනිසුරුවරයා වශයෙන් පත්වීම ගැන සතුටට පත්වන බවත්, එම තනතුරු සඳහා තමන්ගේ නම නිර්දේශ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ස්තූතිය පුද කරන බවයි.
ඇයි මේ කළබලේ!
මේ අතර අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ පළාත් සභ මැතිවරණය පැවැත්විමට ඉන්දීයාව අවසන් දින වකවානු නිකුත් කිරිම මෙම කළබලයට හේතු වි ඇති බවයි.මේ වසරේ සැප්තැම්බර් සහ නොවැම්බර් අතර පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉන්දියාව ශ්‍රි ලංකා රජයට දැනුම් දි ඇති අතර එය පසුගියදා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් තහවුරු කර තිබේ.ඒ උතුරේ දේශපාලන පක්ෂ නායකයන් කිහිප දෙනෙකු සමග පැවැති සාකච්ඡාවකදිය.
ඒ අනුව පළාත් සභා මැතිවරණයට පෙර සිය පාක්ෂිකයින්ට ගමෙන් ගමට යැමට නම් අනිවාර්යයෙන්ම වත්මන් පාලක පක්ෂය හොරු ලෙස නම්කල පුද්ගලයන් සහ කණ්ඩායම් වලට අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක වි තිබිය යුතු බව ආණ්ඩුවේ මතය වි තිබේ.
