Published on: Aug 3, 2020- අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත. ඒ 2013 වර්ෂයේ දී ඔප්පු වූ නඩුවක සාක්ෂි ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට වන චෝදනාවක් මතය. ඒ සඳහා සාක්ෂි ලබාදී ඇත්තේද සීඅයිඩි නිලධාරීන් කිහිප දෙනෙකු බවද කියැවේ. තත්වය මෙසේ නම් සීඅයිඩිය විසින් මෙතෙක් පවරන ලද නඩු වලට හා චූදිතයින් වරද කළ නඩුවලට ඉදිරියේදී කුමක් වනු ඇත්ද? වරදකරු වූ අපරාධකරුවන්ගේ චෝදනා මත නඩු මෙහෙයවන පොලිස් නිලධාරීන් වසර ගණනාවකට පසු හිරේ දමයි නම් ඉදිරියේ දී අපරාධකරුවන්ට එරෙහිව නඩු මෙහෙයවන්නෙ කවුද? සියල්ලටම වඩා මෙය සිදුවනුයේ ලංකාවේ අපරාධ නඩු මෙහෙයවීමේ කීර්තිමත් ඉතිහාසයක් ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකවරයාටය.

එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව විශේෂ කාර්ය බලකායට එක්ව සටන් කරන ශානි අබේසේකර චන්ද්‍රිකා බණ්ඩාරනායක ඝාතන ප්‍රයත්නය, සරත් ෆොන්සේකා ඝාතන ප්‍රයත්නය, අඟුලාන ඝාතනය, රෝයල් පාක් ඝාතනය, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය වැනි සුවිශේෂී අපරාධ රාශියක් සාර්ථකව සිදුකර චූදිතයින් අධිකරණය ඉදිරියේ වරදකරු කළ නිලධාරියෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බිහිවූ දක්ෂතම විමර්ශකයක් වන ශානි අබේසේකර එහි අධ්‍යක්ෂ ධුරයට පත්ව වසීම් තාජුඞීන්ගේ අභිරහස් මරණය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ඇවන්ට්ගාඩ් විමර්ශනය, නාවික හමුදා පිරිසක් විසින් දෙමළ තරුණයන් පැහැරගැනීම, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය, නොහා පැහැර ගැනීම වැනි විමර්ශන රැසකට නායකත්වය ලබා දෙන ලදී. විශේෂත්වය වනුයේ මෙම සියලුම අපරාධ වසර ගණනක් පැරණි වීමත් විවිධාකාරයෙන් දේශපාලනඥයින්ට සම්බන්ධවීමත්ය.

මෙම ඕනෑම විමර්ශකයක්ට මුහුණ දීමට ඉතා අසීරු බාධකයන් වෙයි. ‘පොලිස් නිලධාරියකුට ඇති වන සතුරන් ප්‍රමාණය ඔහුගේ කැපවීම හා දක්ෂතාවය පෙන්වන කැඩපතකි’ යන කියමන ශානි අබේසේකර හමුවේ පරම සත්‍යයක් වේ. ඔහුගේ තියුණු විමර්ශන තුළින් දේශපාලන හා ආර්ථික වශයෙන් බලවත් සතුරන් රැසක් ඔහුට ඇති වේ. හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන අනුර සේනානායක, ලලිත් ජයසිංහ, වාස් ගුණවර්ධන, ප්‍රසන්න නානායක්කාර, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන, ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පිරිස් ඔහු විසින් අත්අඩංගුවට ගත්තේය.

එයට එකතු විය යුතු ජාවාරම්කරුවන් පාතාල අපරාධකරුවන් සිය ගණනකි. සත්‍ය වශයෙන්ම ඔහුගේ විමර්ශන ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ යන අයවලුන්ට ද බලවත් තර්ජනයක් විය. තව ද කිව යුතු කාරණයක් වනුයේ පාස්කු ප්‍රහාරයේ සියලු සැකකරුවන් මසක් වැනි කෙටි කාලයක් අත්අඩංගුවට ගැනීමටත් මෙම ජාලය අනාවරණය කර ගැනීමටත් ශානි අබේසේකර ගේ එවකට සීඅයිඩීය සමත් වූ බවය.

අද ශානි අබේසේකරට විරුද්ධව කොළඹ අපරාධ කොට්ඨාසයට සාක්ෂිකරුවන් සපයන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තත්ත්වය කුමක්ද? ශානි අබේසේකර ගාල්ල ඩීඅයිජී ගේ පුද්ගලික සහකාර ලෙස පත් කර ඒ වෙනුවට සීඅයිඩියේ අධ්‍යක්ෂ ධුරයට වත්මන් ආණ්ඩුව බලයට ආ ගමන් පොලිස්පති විසින් පත් කළේ තිලකරත්න නමැති ජේෂ්ඨ පොලිස් අධිකාරි වරයාය. ඒ රාජකාරි අවශ්‍යතාවය මත බව දක්වමිනි. අපරාධ විමර්ශනය පිළිබඳ කිසිදු පුහුණුවක් පළපුරුද්දක් නොමැති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක රාජකාරි ඉටු කරමින් විශේෂ කැබිනට් තීරණ මත උසස්වීම් ලබා සිටි මෙම නිලධාරියා සීඅයිඩියේ අධ්‍යක්ෂ කිරීමට ඇති රාජකාරි අවශ්‍යතාවය ස්වාධීන පොලිස් කොමිසමට ද ප්‍රශ්නයක් නොවීය. කෙසේ වුව ද කෙටි කලකින් තිලකරත්න සීඅයිඩිය අතහැර ඇමති ආරක්ෂක අංශයට ගියේ කුමන හයියකින් සීඅයිඩියේ අධ්‍යක්ෂ වුවද එහි රැඳී සිටීමට විමර්ශන පිළිබඳ දැනුම නැතිවම බැරි බව අකමැත්තෙන් හෝ තේරුම් ගැනීම නිසාය. එයට පසු එහි අධ්‍යක්ෂ වූයේ දැනට ද එහි අධ්‍යක්ෂ වන ජේෂ්ඨ පොලිස් අධිකාරී යැයි කියන ප්‍රසන්න අල්විස්ය. ඔහු ASP තනතුරේ සිට එස් එස් පී තනතුරට පත්වුයේ වත්මන් ආණ්ඩුව බලයට පැමිණ හිටිහැටියේමය එයට පාදක වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් බව අදාළ උසස්වීම් පණිවිඩයේ දැක්වුණේ නමුත් ඇත්තටම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව අවසන් වී තිබුනේ 2014 දී එම නඩුව ඉල්ලා අස්කර ගැනීමෙනි. එම නඩුව පවරා තිබුණේ 2008දී ප්‍රසන්න අල්විස්, මනෝ රණගල, අනුරුද්ධ බණ්ඩාරනායක යන තිදෙනාය. ඉල්ලා අස්කරගත් නඩුවක් පදනම් කරගනිමින් ඔවුන් 2020 දී එස් එස් පී තනතුරට උසස් විය. කෙසේ වුවද ජේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 50ක් පමණ මෙම උසස්වීම් වලට විරුද්ධව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර ඇත. ඛේදජනක තත්ත්වය වනුයේ ප්‍රසන්න අල්විස් විසින් ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනයේ සාක්ෂි එවකට ස්ථානාධිපති ත්‍රස්ත විමර්ශන ඒකකය ලෙස කටයුතු කරමින් සිටියදී වසන් කිරීමට කටයුතු කළ බවට ශානි අබේසේකර විසින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබීමයි. ප්‍රසන්න අල්විස් සීඅයිඩියේ අධ්‍යක්ෂ තනතුරට පත් කිරීමට විරුද්ධව පියවර ගන්නැයි ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග ස්වාධීන පොලිස් කොමිසමට පැමිණිල්ලක්ද කර ඇත.

දියකිරීම නිසා සීඅයිඩියේ ඒකකයක් බවට පත්ව ඇති FCID විමර්ශන 13/2017 යටතේද ප්‍රසන්නට විරුද්ධ විමර්ශනයක් සිදුකර ඇත. ඊට අදාළ පැමිණිල්ල සිදුකර ඇත්තේ වැඩ තහනම් ඩීඅයිජී නාලක සිල්වා විසින්ය. එම චෝදනාව අනුව 2011 වර්ෂයේ දී නරේන්ද්‍රරත්න සභාපති නම් අයකු භාරයේ තිබූ එල්ටීටීඊ සංවිධානයේ මුදල් සම්බන්ධයෙන් එවකට ස්ථානාධිපති ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය ලෙස ප්‍රසන්න අල්විස් විසින් විමර්ශනයක් සිදුකර ඇත. එහිදී එම අය භාරයේ තිබූ ඇමරිකානු ඩොලර් ලක්ෂ 4 ක මුදලක් ඔහු ලවා රජයට බැර කර ඇත.

නමුත් ඔහු සතුව තිබූ තවත් ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක මුදලක් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. සුහද ගම්ලත්ගේ උපදෙස් මත රත්නසභාපතිට විරුද්ධව නීති මගින් කටයුතු නොකරන බවද අධිකරණයට වාර්තා කර ඇත. මෙයට අදාල මුල් ගොනුව ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නොමැති බව නාලක සිල්වා විසින් පැමිණිලි කර ඇත. ඒ වුවද අරුමය වනුයේ මෙම පැමිණිල්ල විභාග කිරීමට පැමිණියේ රවී වෛද්‍යලංකාර වෙත වීමය. සිදුකළ විශාල මගඩි අතරින් එකක් බවට පත් කරගත් ඔහු අසම්පූර්ණ විමර්ශන ගොනුවක් නීතිපති වෙත යැවීමට පියවර ගෙන ඇත. එම විමර්ශනයේදී සිදු කර නති එකම කාර්යය  රත්නසභාපති ළඟ තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 1.4 ක මුදලකට කුමක් කළේද යන්න නොවීමසීම පමණි. සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් වනුයේ වත්මන් රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සුරේෂ් සලේ ද මෙම විමර්ශනයට සහභාගි වීමත් ඔහුද ප්‍රසන්න අල්විස් සමඟ මෙම විමර්ශනයට විදේශයන්ට ගොස් තිබීමත්ය. ඒ ගැන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ 6683/2017 යටතේ කරුණු වාර්තා කර ඇත.

මෙසේ ශානි අබේසේකරට දිගු වූ නීතිය හස්තය තවම රවී වෛද්‍යලංකාර ට යොමුවී නැත. අල්ලස් කොමිසම, සීඅයිඩිය, එෆ්සීඅයිඩිය ඔහුට එරෙහිව සිදුකළ විමර්ශන වලට සිදු වූ දෙයක් නැත. ඇමරිකාවේ මුදල් වංචාවකට චූදිතයකු වී සිටින RIENZIE EDWARDS ගේ බිරිඳ වන පුණ්‍යා ප්‍රියන්ති මැණිකේ හා රවී වෛද්‍යලංකාර ගේ බිරිඳ වන මෙරී බැසිලිකා විසින් සූර්යයා ඉන්ටර්නැෂනල් නැමැති සමාගමක් පිහිටුවා තිබූ අතර එහි ලිපිනය වූයේ TALOS MANAGEMENT CONSULTANT නම් සමාගමකට අයත් මොනාක් නිවාස සංකීර්ණයේ නිවසකි. මෙම නිවසහි හිමිකරු රවී වෛද්‍යලංකාර පුත් අසේල වෛද්‍යලංකාර අතර ඔහු නිවස මිලට ගෙන තිබුණේ රුපියල් මිලියන 52ක මුදලකටය. එය සොයාගත් මාර්ගය ලෙස ඔහු ප්‍රකාශ කර තිබුණේ දැනට සොයා ගැනීමට නැති මැණික් වෙළෙන්දෙකුගෙන් ලබා ගත් මැණික් වැඩි මිලට අපනයනය කිරීමය. මේරි බැසිලිකා මහත්මිය ප්‍රකාශ කර තිබුණේ සූර්යයා සමාගමේ කටයුතු ගැන තමන් නොදන්නා බවත් සැලෝන් එකකදී පුන්‍ය මැණිකේ හඳුනාගෙන කොළ වගයකට අස්සන් කළ බවත්ය. ඩෙසී ආච්චිගෙ මැණික් කතාවලින් පදම් වූ රවි වෛද්‍යලංකාරට මෙය අග්ගලාවකි. අම්මා තමන් සමාගමක අධ්‍යක්ෂවරයකු බව දන්නේ නැති අතර එම සමාගමේ ලිපිනය ලෙස තම නිවසේ ලිපිනය යොදා ඇති බව පුතා දන්නේ නැත. මේ කිසිවක් පියා දන්නේද නැත. රවී වෛද්‍යලංකාරගේ තවත් හොර විමර්ශනයක් හෙළි කළේ සජින් වාස් ගුණවර්ධනය. ඒ ගැන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ දී 9823/15 යටතේ කරුණු වාර්තා කර ඇත.

යෝෂිත රාජපක්ෂගේ CSN සමාගමට හා නිමල් පෙරේරාට මුදල් එවු TPL-Inter නැමැති ආයතනයේ චිදම්බරම් සුබ්බු ගෙන් දිවුරුම් ප්‍රකාශයක් රවී වෛද්‍යලංකාර විසින් සිංගප්පූරුවට ගොස් ගෙන තිබේ. එහිදී සුබ්බු ප්‍රකාශ කරනුයේ ඇමරිකානු ඩොලර් මිලියන 5ක් Shangri-la සමාගමට අනුබද්ධ Haliard නම් සමාගමෙන් ලද බවත් නාමල් රාජපක්ෂගේ උපදෙස් මත ඉන් කොටසක් මෙසේ එවු බවත්ය. නමුත් අද වෙන තෙක් චිදම්බරම් සුබ්බුගෙන් කට උත්තරයක් ගැනීමට එෆ්සීඅයිඩියට නොහැකි වී ඇත. දිවුරුම් ප්‍රකාශ අධිකරණ නඩුවට යොදාගත නොහැකිය. සිංගප්පූරුවට ගොස් එරට වැසියකු ගෙන් දිවුරුම් ප්‍රකාශ රැගෙන එන්නේ කුමන නීතියක් අනුව ද යන්න නීතිපතිට ද ප්‍රශ්නයක් වී නැත. ප්‍රශ්නය වී ඇත්තේ ෂැංග්‍රි-ලා සමාගමට අනුබද්ධ සමාගමක් නාමල් මෙහෙයවන සමාගමකට අමෙරිකානු ඩොලර් මිලියන පහක් ගෙවන්නේ කුමක් නිසා ද යන්න ජනතාවට පැහැදිලි නොවීම පමණි.

ශානි අබේසේකර සිරගත කර ඇත. ශානි ඇතුළු පිරිස එක්ව සිදුකළ විමර්ශනවලට සිදුවන්නේ කුමක්ද යන්න පැහැදිලි වන්නේ විමර්ශන අධීක්ෂණයට හමුදා පිරිසක් පත් කිරීමට ආරක්ෂක ලේකම් කටයුතු කිරීම මඟිනි. මුදල් විශුද්ධිකරණය පිළිබඳව විමර්ශන සිදු කළ එෆ්සීඅයිඩි නිලධාරීන් ආගිය අතක් නැත. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන මෙහෙය වූ අම්පාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා හා තවත් නිලධාරීන් මාරු කර ඇති ආකාරය පසුගිය පාස්කු කොමිසමේ දී හෙළිවිය. කොළඹ දකුණු කොට්ඨාසයට මාරුවීම් ලද අම්පාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා නැවත මාරු කර ඇත්තේ මොනරාගලටය. ජේෂ්ඨත්වය ඉහළ නිලධාරියකු සාමාන්‍යයෙන් හොබවන කොළඹ දකුණු කොට්ඨාසය බාර දී ඇත්තේ පොලිස් අධිකාරීවරයෙකුටය. අඩුම ජේෂ්ඨත්වය ඇත.  අරුමය නම් මෙසේ තමන්ගේම නිලධාරීන් විනාශ කරන පොලිසියේ අනාගතය කෙබඳු වනු ඇත්ද යන්න හා නීතිය බිඳ වැටුණු රටක අනාගතය කෙබඳු වනු ඇත්ද යන්නය.(රවී වෛද්‍යලංකාර ගැන කල අනාවරණ රැසක් පහතින් කියවන්න)

චිදම්බරම් සුබ්බුගෙන් කට උත්තරය

මහින්දලාගේ භුමිය විකුණා දැමු හැටි…

http://lankanewsnetwork.org/archives/582

http://lankanewsnetwork.org/archives/18327

http://lankanewsnetwork.org/archives/10063

http://lankanewsnetwork.org/archives/717

http://lankanewsnetwork.org/archives/21090

Published on: Aug 3, 2020 – එතනොල් ජයලත් හෙවත් ජයලත් පිරිස් විසින් පසුගියදා ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමින් ලබාගත් භාවිතයට නුසුදුසු කල් ඉකුත්වු එතනොල් ලීටර 20000න් කොටසක් වතුකරයේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් මුරලිගේ සහෝදරයා මිළදි ගෙන බෙදාහරිමින් සිටින බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

මේ රටට වැඩිම විෂ සහිත එතනොල් ප්‍රමාණයක් ගෙන්වන ව්‍යාපාරිකයන් දෙදේනා අතරින් දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ගේ සොහොයුරා වන ශෂි මුරලිදරන් ඉදිරියෙන්ම සිටින අතර ඔහු විසින් මෙම එතනොල් තොගයෙන් කොටසක් ලබාගෙන ඇති අතර එය මහා මැතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට පොහොට්ටුවෙන් තරග වදිමින් සිටින මුත්තයියා ප්‍රභාකරන්ගේ ප්‍රචාරක් කටයුතු සදහා යොදවා ඇති අතර වතුකරයේ ජනතාවට පසුගිය සතියේ සිට මේ දක්වාම උදයට සහ සවසට කාල බැගින් නොමිලේ ලබාදිමට කටයුතු කරමින් සිටි.

මේ රටට වැඩිම විෂ සහිත එතනොල් ප්‍රමාණයක් ගෙන්වන ව්‍යාපාරිකයන් දෙදේනා අතරින් දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ගේ සොහොයුරා වන ශෂි මුරලිදරන් ඉදිරියෙන්ම සිටින අතර ඔහු සමගම් කරට කර සටන දියත් කරනුයේ ජයලත් වන අතර පසුගියදා ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමට අයත් භාවිතයට නුසුදුසු කල් ඉකුත්වු එතනොල් ලීටර 20000කින් කොටසක් කූප්‍රකට හොර අරක්කු නිෂ්පාදකයෙකු වන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂ කණ්ඩායමේ නායක රෝහිත අබේගුණවර්ධනගේ ප්‍රබල ආධාර කරුවෙක් වන දමිත් ධනංජයට ලබාදි ඇති අතර ඉතුරු කොටස විකුණා ඇත්තේ ශෂි මුරලිදරන්ටය.

පොහොට්ටු අපේක්ෂක විමල් වීරවංශ සහභාගි වු හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් සංවිධානය කරන ලද යැයි කියන දමිළ ව්‍යාපාරික ප්‍රජාවේ හමුව සම්පූර්ණයෙන් වියදමද කුප්‍රකට ශෂී සහ ජයලත් විසින් සංවිධානය කර තිබු අතර මේ වනවිටත් මුරලි සිය ව්‍යාපාර ජාලය ව්‍යාප්ත කිරිම සදහා හිටපු ජනපති සිරිසේනගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන සමගද සමීප සම්බන්ධතා ආරම්භ කර තිබේ.

Published on: Aug 2, 2020  2015 වසරේදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට වරදකරු කරමින් රත්නපුර මහාධිකරණය මගින් මරණ දඩුවම ලබා දුන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) ට ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් විය නොහැකි බව සමගි ජන බලවේගය පෙන්වා දෙනවා.

සමගි ජන බලවේගයේ නිත්‍ය නියෝජිත රජිත් කීර්ති තෙන්නකෝන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ, මරණ දඩුවම හිමි වූ දිනයේ සිට පුද්ගලයෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි වන බැවින් ඔහුට ඡන්දය භාවිත කිරීමට ඇති අයිතිය අහෝසි වන බවයි. එම තත්ත්වය තුළ ඡන්දයභාවිත කිරීමට නොහැකියාව පවතින කිසිම පුද්ගලයෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වන ව්‍යවස්ථාව යටතේ ඡන්ද ඉල්ලීමට නොහැකි වන බැවින් ප්‍රේමලාල් ජයසේකරට තව දුරටත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ අපේක්ෂකයෙකු ලෙස අගෝස්තු 05 වෙනිදා පැවැත්වීමට නියමිත මහමැතිවරණයට ඉදිරිපත් විය නොහැකි බව එම ලිපිය වැඩිදුරටත් පෙන්වා දේ.

2015 ජනාධිපතිවරණය අතරතුර කහවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණු අතර සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා මරණ දඬුවම නියමවූ සෙසු විත්තිකරුවන් වේ.

චොකා මල්ලිගේ මැර වැඩ…..

Published on: Aug 1, 2020 – ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමට අයත් භාවිතයට නුසුදුසු කල් ඉකුත්වු එතනොල් ලීටර 20000ක් මෙරට ප්‍රධාන පෙළේ අරක්කු නිෂ්පාදන සමාගමක නිෂ්පාදනවලට සමානව නිපදවා තැබෑරුම් හරහා ජනතාවට අලෙවි කරමින් සිටින බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

නිෂ්පාදන කටයුතු අත්හිටුවා තිබුන මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවකු බවට පත්ව සිටින අර්ජුන් ඇලෝසියස්ගේ ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ (W M Mendis & Co. Ltd) නිෂ්පාදන කටයුතු යලි ආරම්භ කිරිම සදහා කටයුතු කරමින් සිටින අතර ඒ අනුව මෙම කල් ඉකුත්වු එතනොල් විකුණා දමා තිබේ.

අදාළ එතනොල් තොගය කුප්‍රකට තැබෑරුම් ව්‍යාපරයේ නියතු හංසගිරි සමූහ ව්‍යාපාරය මෙහෙයවන ධම්මික කාරියවසම්ගේ හොර අරක්කු නිෂ්පාදනය කිරිමේ මෙහෙයුම දියත් කරන දමිත් ධනන්ජය නැමත්තා විසින් මිළදි ගෙන ඇති අතර අදාළ ගණුදෙනුව එතනොල් ජයලත් ලෙස හදුන්වන ජයලත් පිරිස් හරහා සිදුව ඇති බවද අනාවරණය වි තිබේ. ඒ අනුව හංසගිරි සමූහ ව්‍යාපාරයට අයත් වයින් ස්ටෝර්ස් 62ක භාවිතා කරමින් මෙම හොර අරක්කු විකිණිමේ කටයුතු සිදුකිරිමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් රැසක්ද මේ සදහා සහය ලබාදි තිබේන බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ.

පොහොට්ටු පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු මෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකුද වන දමිත් දනංජය නැමැත්තා එම පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂ කණ්ඩායමේ නායක රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රබල ආධාර කරුවෙක් වන අතර කළුතර දකුණ මහ හීනටියන්ගල ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ඔහු විසින් පවත්වාගෙන ගිය මහා පරිමාන නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වටලා විශාල මත්පැන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනිමද පසුගියදා සිදුවුනා. මිට පෙරද මෙම ස්ථානය ඇතුලු හොර අරක්කු පෙරන ස්ථාන කිහිපයක් සුරාබදු නිළධාරින් විසින් වැටලුවද දේශපාලන බලය භාවිතා කරමින් නීතියෙන් රිංගා යැමට දමිත් සමත් වි තිබේ.

මෙරට ප්‍රධාන පෙළේ අරක්කු නිෂ්පාදන සමාගමක නිෂ්පාදනවලට සමානව නිපදවා තැබෑරුම් හරහා ජනතාවට අලෙවි කරන අරක්කු බෙදාහැරීමේ ආයතනයක් සම්බන්ධයෙන් අප පසුගියදා අනාවරණය කල අතර ම පුවත් පහතින් කියවිය හැක.

සබැඳි පුවත් …. ප්‍රධාන පෙළේ අරක්කු නිෂ්පාදන සමාගම් වල ලේබල් හොරට ගහලා… හොර අරක්කු පෙරන ධම්මිකගේ හංසගීරිය මාට්ටු …

ඇලෝසියස්ගේ මෙන්ඩිස් යලි කරලියට…!

මේ අතර නියමිත කාල සීමාව තුළ බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මෙලෙස එහි නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුනා.ඒ හේතුවෙන් එම සමාගමට අයත් වැලිසර පිහිටි මත්පැන් නිෂ්පාදනාගාරයේ කටයුතු සම්පූර්ණයෙන්ම නතර වි තිබුනා.

මේ රටට වැඩිම විෂ සහිත එතනොල් ප්‍රමාණයක් ගෙන්වන ව්‍යාපාරිකයෙකු වන එතනොල් ජයලත් ලෙස හදුන්වන ජයලත් පිරිස් නැමත්තා, කුප්‍රකට තැබෑරුම් ව්‍යාපරයේ නියතු හංසගිරි සමූහ ව්‍යාපාරය මෙහෙයවන ධම්මික කාරියවසම්ගේ මස්සිනා කෙනෙකු වන ගාමිණී නැමත්තේකු සහ අර්ජුන් ඇලෝසියස් මෙන්ඩිස් ව්‍යාපාරය යලි ආරම්භ කිරිම සදහා මුලිකත්වය ගෙන ඇති බවද වාර්තා වේ.


http://lankanewsnetwork.org/archives/24624

W M Mendis & Co. Ltd

Published on: Jul 31, 2020 – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක කළද ) 12.2 සහ 12.3 ව්‍යවස්ථාවල ඉංග්‍රීසි පරිවර්තනයේ race යන්න දක්වා ඇති අතර වර්තමානයේ නිකුත් කරන උප්පැන්න සහතිකයේ ‘ජාතිය’ /race’ ලෙස දක්වා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන විධිවිධාන අනුව ‘ජාතිය’ /race’ යන්න පිළිගත් තත්ත්වයක් වන අතර එසේ වුවත් ජාතිය / race අනුව කිසිම තැනැත්තෙක් වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය නොවිය යුතු බව දක්වා තිබුණද ජාතීය/ race තිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ද පිළිගෙන තිබියදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන වලට පටහැනිව යෝජිත ජාතික උප්පැන්න සහතික ආකෘතියෙන් ජාතිය / race යන්න ඉවත් කර ඇති අතර ජාතිකත්වය / Nationality සහ ජනවර්ග / Ethnic Group ඇතුලත් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.2 සහ 12.3 ව්‍යවස්ථා සංශෝධනයට ලක් නොකර ‘ජාතිය’ /race’ යන්න උප්පැන්න සහතිකයෙන් ඉවත් කිරීමත් , 12.2 සහ 12.3 ව්‍යවස්ථාවල ඇතුළත් කර නොමැති ජනවර්ගය / Ethnic Group උප්පැන්න සහතිකයේ ඇතුළත් කිරීමත් 2019 මාර්තු දිනැති සහ අංක 2114/27දරන අති විශෙෂ ගැසට් පත්‍රය මගින් 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගණුදෙනු පනතේ 8(2) වගන්තිය සමග කියවිය යුතු 24 වගන්තිය මගින් සාදන ලද නියෝගයේ දක්වා ඇති ජාතික උප්පැන්න සහතිකයේ ආකෘතිය මගින් සිදුකර ඇත.

යෝජිත ජාතික උප්පැන්න සහතිකයේ ආකෘතිය නීතියක් ලෙස බලාත්මක කර උප්පැන්න සහතික නිකුත් කිරීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.2 සහ 12.3 ව්‍යවස්ථා සංශෝධනය කිරීම පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුලුව මුලු මන්ත්‍රීවරුන් 2/3 ක බහුතර ඡන්දයෙන් සම්මත කළ යුතු වන බවත් එසේ නොකර ජාතික උප්පැන්න සහතිකයේ ආකෘතිය අනුව රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් උප්පැන්න සහතික නිකුත් කිරීම, දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තියේ විධිවිධාන අනුව වරදක් වන බවත්, ඒ සඳහා තැත්කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 490 වගන්තියේ විධිවිධාන අනුව වරදක් වන බවත් පෙන්වා දෙමින් ඒ පිළිබද විමර්ශන කර අදාල වැරදි සිදුකර ඇති සහ සිදුකරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් එකී පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

එම පැමිණිල්ල පහත දැක්වේ.

Published on: Jul 30, 2020 – මෙරට ප්‍රධාන පෙළේ අරක්කු නිෂ්පාදන සමාගමක නිෂ්පාදනවලට සමානව නිපදවා තැබෑරුම් හරහා ජනතාවට අලෙවි කරන අරක්කු බෙදාහැරීමේ ආයතනයක් සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු අනාවරණය වි තිබේ.ප්‍රධාන පෙළේ සමාගමට අයත් ලේබල් ව්‍යාජ්‍ය ලෙස සකස් කර පානයට නුසුදුසු ලෙස සකස්කර ඇති මෙම අරක්කු වෙළඳ පොලේ මිලටම විකිණිම මෙම ජාවාරම් කරුවන්ගේ මෙහෙයුම් වි තිබේ.කුප්‍රකට තැබෑරුම් ව්‍යාපරයේ නියතු හංසගිරි සමූහ ව්‍යාපාරය මේ පසුපස සිටින අතර ඔහුන්ට අයත් වයින් ස්ටෝර්ස් 62ක මේ අකාරයට ව්‍යාජය අරක්කු විකුණා තිබේන බවයි දැනට කල පරික්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ.

ධම්මික කාරියවසම්ට අයත් හංසගිරි සමූහ ව්‍යාපාරය හොර අරක්කු නිෂ්පාදනය කිරිම සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදිම චොදනා ලබා ඇති අතර තමන්ට ඇති දේශපාලන බලය භාවිතා කරමින් එම අවස්ථාවලදි ගැලවි තිබේන බවද වාර්තා වේ.ධම්මික කාරියවසම් වත්මන් බලය හොබවන ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වන රෝහිත අබේගුණවර්ධනගේ සමිපතමයෙකු බවයි මේ වනවිට අනාවරණය වි ඇති අතර පූජ්‍ය තීනියාවල පාලිත හිමියන්ගේ ප්‍රධාන දායකයා ලෙසද කටයුතු කරන ධම්මික හමුදුරුවන් හරහාද දේශපාලන සබඳතාවයන් පවත්වාගන්න බවද මේ වනවිට අනාවාරණය වි තිබේ.

ධම්මික හොර අරක්කු ව්‍යාපාර ජාලය මෙහෙයවනු ලබන්නේ දමිත් ධනංජය නැමත්තේකු විසින් වන අතර නීතිවිරෝධී මත්පැන් සහ එතනෝල් ස්ප්‍රීතු ඔහු විසින් සපයනු ලබයි.ඒ සදහා සුරාබදු නියාමකවරුන්ට අල්ලස් ලබාදිමට කටයුතු කරන දමිත් අවස්ථා ගණනවකදි පොලිසියට ද කප්පම් දිමට කටයුතු කර තිබේ. කෙසේවෙතත් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේම ජාවාරම සම්බන්ධයෙන් අවධාණය යොමුකර ඇති අතර ඔහුගේ සaජු මැදිහත් විම හේතුවෙන් මැත කාලයේ සිදුකල ජාවාරම පොලිස් පිහිටෙන් වසා ගැනිම අසාර්ථක වි තිබේ.

පෙරේදා පමුණුගම – නුගපෙ ප්‍රදේශයේදී මත්පැන් සහ එතනෝල් ස්ප්‍රීතු සමගින් සුරාබදු නියාමකවරයෙකු සහ තවත් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගත් අතර එම අවස්ථාවේදී නීතිවිරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනාගාරයකින් රැගෙන යමින් තිබූ එතනෝල් මිලිලීටර් 750 බෝතල් 5ක් සහ මිලිලීටර් 375 මත්පැන් බෝතල් 50ක්,ද ඔහුන් සතුව තිබි තිබේන අතර එම කල්ලියද කුප්‍රකට තැබෑරුම් ව්‍යාපරයේ නියතු හංසගිරි සමූහ ව්‍යාපාරයේ හොර අරක්කු මෙහෙයවන දමිත් ධනංජය සම්බන්ධ බවට තොරතුරු ලැබි තිබේ.

කල පටන් විනාකිරි නිෂ්පාදනාගරයක් යයි කියමින් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් විශේෂ කාර්ය බලකාය හා සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් පසුගිය වසරේ වැටලු අතර එහි තිබී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා ගෝඩා ලීටර 150,000ක් අත්අඩංගුවට ගත්තා.එම ස්ථානයද ධම්මික කාරියවසම්ගේ අනුදැනුම මත දමිත් ධනංජය විසින් මෙහෙයවනු ලද්දක් වන අතර දේශපාලන බලපෑම් මත හිමිකරුවන්ට නීතියි ක්‍රියාත්මකවුයේ නෑ.

Published on: Jul 29, 2020- මැතිවරණය ආසන්නවත්ම බලාපොරොත්තු වු පරිදිම සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට එරෙහිව රාජපක්ෂ – වික්‍රමසිංහ “මඩ සතිය”  ආරම්භ වි තිබේන බව SJB මහා ලේකම් රංජිත් මද්දුමබණ්ධාර මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරනවා.

අදාළ කමිටුව නියෝජනය කරන කණ්ඩායම පවා ආණ්ඩුවේ න්‍යායපත්‍රට අනුව කටයුතු කරන බවට ප්‍රධානම සාධකය වන්නේ ජනාධිපති කාර්යාලයේ නීති අංශ ප්‍රධානියාද මෙම කමිටුව නියෝජනය කිරිම බවද එම නිවේදනයේ දක්වා තිබේ.

#Sajith #Premadasa

Published on: Jul 28, 2020 – 2015 මහා මැතිවරණයේ යාන්තමින් ජයගත් ලසන්ත අලගියවන්නට මෙවර මහා මැතිවරණයෙන් ජය ගත නොහැකි බව අවබෝධ වීම නිසා මේ වන විට වියරු වැටී ඇති බව වාර්තා වේ.

ලසන්තගෙ පරාජය පිළිබඳ ඉව වැටී ඔහුගේ දේශපාලන සමීපතමයන් ගණනාවක් ඔහු අතහැර දමා ජයග්‍රාහී අපේක්‍ෂකයන්ට සම්බන්ධ වීම නිසා මේ වන විට ඔහු අන්ත අසරණ භාවයට පත්ව ඇති අතර ඒ නිසාම විවිධ වංචා දූෂණ චෝදනා මත පස් වරක් අත් අඩංගුවට පත් සරණ ගුණවර්ධන සහ නාලක ගොඩහේවා සමග එක්ව අලගියවන්නද ගම්පහ පුරා ඡන්ද හිඟමනේ යන බවයි ගම්පහ අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

“අම්මාව ගෙදරින් පන්න ගෙන දේශපාලනිකව බිංදුවේ ඉඳන් ගොඩනගපු චන්ද්‍රිකාට ද්‍රෝහි වුණු ලසන්ත, ඡන්ද දුන්නු අයට සලකයිද?” “අපිට ගෝඨාභය විශ්වාසයි” “චන්ද්‍රිකාට, මහින්දට, මෛත්‍රීට ද්‍රෝහි වුණු ලසන්තගෙන් ඔබ ප්‍රවේශම් වන්න” යනුවෙන් අලගියවන්න ගිය රැස්විම් කිහිපයකදිම පොස්ටර් පවා ප්‍රදර්ශනය කර තිබේ.

ලසන්ත සම්බන්ධයෙන් ගම්පහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු කියා සිටියේ …

“මෙයාගේ පැටිකිරිය හොඳ නෑ. චන්ද්‍රිකාගෙ කාලේ චන්ද්‍රිකාගේ කාර්යාලේ වැඩකරපු තවත් තරුණයෙක් එක්ක එකතු වෙලා චන්ද්‍රිකාගේ අත්සන හොරට ගහලා ගුවන් තොටුපලේ ජොබ් වලට සල්ලි අරගෙන දැම්මා.”

“ලසන්තගේ නමට මරදාන පෙට්‍රල් ෂෙඞ් එකක් තිබෙන අතර එම පෙට්‍රල් ෂෙඞ් එකක් නිසා ගාල්ලේ ඇල්බට් සිල්වාගේ මන්ත්‍රිකමත් අහිමි වුනා.”

“ජනතාවට,පක්ෂයට හොර වැඩ කරලා මී විටිවල මාලිගාවක් හදා ගත්තා. ජනතාව් ගැන ඇහැක් ඇරලා බැලුවේ නෑ.”

“කිසිම මන්ත්‍රිවරයෙකුට රජය සමග කොන්ත්‍රාත් කරන්න ලසන්ත ඉඩ දෙන්නේ නෑ.අපි මේ ගැන CID යට පැමිණිල්ලක් කළා. ඒක නිසා එයා දින්නත් එයාගේ මන්ත්‍රීධුරය අහෝසි කරනවා.”

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් මේ දක්වා කර තිබේන සමීක්‍ෂණ වාර්තාවලට අනුව ලසන්තට මෙවර මැතිවරණයෙන් ගම්පහ ලැයිස්තුවේ අවසන් කිහිප දෙනා අතරට මනාප ලබා ගන්නා බව අනාවරණය වි තිබේ.

#lasantha #alagiyawanna

Published on: Jul 28, 2020- සමගි ජන බලවේගයේ ඉහළ මනාප ලබාගන්නා අපේක්ෂකයින් ඉලක්ක කරගෙන අසත්‍ය පුවත් ප්‍රචාරය කරමින් ඔවුන්ගේ ජයග්‍රහණය වලක්වන ලෙස පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගෙන් මාධ්‍ය ආයතනවලට සෘජු නියෝගයක් ලැබී තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ එකසිය දහතුනක බහුතරය ලබාගැනීමට  නොහැකි බවට අභ්‍යන්තර සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වීමත් සමග මාධ්‍ය ආයතවල සහ වෙබ් අඩවිවල ප්‍රධානීන්ට දුරකතන ඇමතුම් ලබාදුන් බැසිල් රාජපක්ෂ සමගි ජන බලවේගයෙන් අංක එකට පත්වන අපේක්ෂකයින් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන ලෙස දැනුම්දි ඇත.

ඒ අනුව මැතිවරණයෙන් පසුව එම අපේක්ෂකයින් ආණ්ඩුව සමග එක්වන බවට ව්‍යාජ පුවත් පළ කරන ලෙස දැනුම්දී ඇතැයි තහවුරු කළ දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි.

මේ ආකාරයට සමගි ජන බලවේගයේ අපේක්ෂකයින් කෙරෙහි ඇති ජනතා විශ්වාසය සංවිධානාත්මක ප්‍රචාරක මෙහෙයුමක් තුළින් බිද වට්ටවමින්   ඡන්ද පදනමට හානි කරන ලෙස බැසිල් රාජපක්ෂ දැනුම්දී තිබෙන බවද දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන ජයග්‍රහණය කළ නොහැකි අපේක්ෂකයින්ට වාසි ලබාදිය හැකි බව බැසිල් රාජපක්ෂගේ ස්ථාවරය වී ඇතැයිද දේශපාලන ආරංචිමාර්ග  සදහන් කරයි.  එසේ එක්සත් ජාතික පක්ෂයෙන් පත් කර ගන්නා කණ්ඩායම මැතිවරණයෙන් පසුව ආණ්ඩුවට සම්බන්ධ කරගනිමින් පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගැනීමට අවශ්‍ය එකගතාවයන් ඇතිකරගෙන තිබෙන බවද ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

Published on: Jul 27, 2020 – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2/3ක් පාර්ලිමේන්තුවේ ලබ ගැනිමේ සටන මේ වනවිට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බව අප දේශපාලන වාර්තාකරු සදහන් කරනවා.පසුගිය සතියේ පොහොට්ටු නායකයන්ගේ හදිසී රැස්විමක පවත්වා ඇති අතර එහිදි මේ සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡාකර තිබේ. පසුගිය සති කිහිපය තුල සිදුවු වැරදි හේතුවෙන් මැතිවරණ ව්‍යාපාරය යම් අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇති බවත් ඒ අනුව් 2/3ක ප්‍රථිපලයක් ලබා ගැනිම අපහසු තැනකට පත්ව ඇති බවයි ඔහුන්ගේ මතය වි ඇත්තේ

ඒ අනුව මහමැතිවරණය ජයග්‍රහණය කිරිමෙන් පසුව නව රජයේ අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී අමාත්‍ය තනතුරු 5ක් හිස්ව තැබිමට සාකච්ඡා වි ඇති අතර එම අමාත්‍ය තනතුරු කිසියම් කණ්ඩායමක් ආණ්ඩුවට සහය දෙන්නේ නම් ඔහුන්ට ලබාදිමට එහිදි තින්දු කර තිබේ.

මීට අමතරව පත් කෙරෙන කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුවම පත්කෙරෙන අතර රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය කාර්යය පැවරීමට එහිදි තින්දු කර තිබේ. එසේම එකම විෂයකට අදාළ එහෙත් දැනට අමාත්‍යංශ ගණනාවක විසිර ගොස් ඇති කැබිනට් විෂයන් සංයුක්ත කොට නව අමාත්‍යංශ ගණනාවක් නිර්මාණය කිරිමටද මේ වනවිට කටයුතු කරමින් සිටින අතර එහි මුලිකත්වය ගෙන කටයුතු කරනුයේ බැසිල් රාජපක්ෂය.

මේ අතර ආණ්ඩුවේ අසාර්ථක විම් හමුවේ සජිත් ප්‍රේමදාසගේ සමගි ජනබල පක්ෂය පියවර කිහිපයකින් ඉදිරියට පැමිණ ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ බල කඳවුරු රැසක් මේ වනවිට සජිත් සමග එකතු වි ඇති අතර ආණ්ඩුවේ අසමත් කම හමුවේද යම් පිරිසක් ඔහුන්ට සහය දැක්විමට කටයුතු කරමින් සිටින බව මේ වනවිට අනාවරණය වි තිබේ.

එක්සත් ජාතික පක්ෂය මේ වනවිට අසරණ තත්ත්වයකට පත්ව ඇති අතර රනිල් වික්‍රමසිංහ පමණක් තනිවම මාධ්‍ය මෙහෙයුමක් දියත් කරමින් සිටි.මහා මැතිවරණය සම්බන්ධයෙ මේ දක්වා සිදුකර තිබේන සමික්ෂණයන්ට අනුව එජාපයට ආසන 6ක් ඉක්මවා යැම අපහසු වනු ඇති.

අකිලගේ “One Man Show”

මෙවර මහා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂ ලැයිස්තුව සකස් කර තිබෙන්නේ සිය පාර්ලිමේන්තු සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණෙන් පමණක් බව එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංවිධායකින් මැසිවිලි නගන බව කුරුණෑගල අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධානයේ එම අභන්තර ආරංචි මාර්ග අවධාරණය කර සිටින්නේ දේශපාලනය ගැන කිසිදු අවබෝධයක් නොමැති, ජනතාව නොදන්නා සහ ජනතාව අතර නොමැති පිරිසක් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කර, ඔවුන් පාවිච්චි කරමින් දිස්ත්‍රික්කය පුරා ආසන 14හි ම මනාප එකතු කර ගැනීමේ කූඨ දේශපාලන පරමාර්ථය ඇතිව අකිල විරාජ් මහතා මෙම ලැයිස්තුව සකසා ඇති බවයි.මේ වන විට ඇතැම් අපේක්ෂකයන් අකිල විරාජ් මහතාගේ මෙම දේශපාලන උප්පරවැට්ටිය හඳුනා ගෙන ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කුරුණෑගල ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් කළ අපේක්ෂකයා ඡන්ද සටනින් ඉවත් වී තිබේ.

පක්ෂයේ ආසන සංවිධායක ධූර, දිස්ත්‍රික් සංවිධායක ධූර සහ අපේක්‍ෂකත්ව ලබා දී ඔවුන්ට පාර්ලිමේන්තු සිහිනය පෙන්වා ඔවුන් සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට යොදා ගනිමින් “One Man Show” එකක් ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා ඉතා සූක්ෂම ලෙස සිය මහා මැතිවරණ මෙහෙයුම සැළසුම් කර තිබෙන බවය.

Published on: Jul 24, 2020 –ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන හමුවි සිදුකල සාකච්ඡාවක් හේතුවෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයන් පරාජය කිරිමට මහින්ද-බැසිල් තින්දුවක් ගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවාරණය කළා.

පසුගිය සතියේ මෛත්‍රී හමුවු දයාසිරි පවසා ඇත්තේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පොහොට්ටුවෙන් තරග වදින අපේක්ෂකයන් අඩුම ගානේ 17ක් වත් පාර්ලිමේන්තුවට පත්වුවහොත් මහින්දට එරෙහිව් පාර්ලිමේන්තුව තුල විපක්ෂය සමග එක්ව ආණ්ඩුවක් බිහිකිරිමට හැකියාවක් ඇති බවයි.තමන් (දයාසිරි) ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ශවයන් කිහිපයක් සමග සාකච්ඡා සිදුකල බවද මෛත්‍රී හිටපු ජනාධිපතිවරයාට සදහන් කර තිබේ.

පසුව දයාසිරි එම ස්ථානයෙන් පිටව පැමිණි වහාම මෛත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂය දුරකතනය ඔස්සේ දයාසිරිව පාවාදෙමින් සියල්ලම අනාවරණය කර ඇති අතර එම ඒ අනුව මහින්ද -බැසිල් සිදුකල සාකච්ඡාවකින් අනතුරුව මහා මැතිවරණයට පොහොට්ටුවෙන් පමණක් ඉදිරිපත් කර තිබේන අපේක්ෂකයන් හැර ශ්‍රිලනිප සහ සෙසු සුළු පක්ෂ නියෝජනයන් පරාජය කිරිම සදහා මෙහෙයුමක් දියත් කර තිබේ.

පසුගිය සතියේ දිස්ත්‍රික්ක කිහිපයකම මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්විම් රැසකදිම ශ්‍රිලනිපය නියෝජනය කරන අපේක්ෂකයන් ඉලක්ක කර හූ කීම්,පහරදිම් සහ කලබලකාරි තත්ත්වයන් ඇති කිරිමට විවිධ කණ්ඩායම් කටයුතු කල අතර ඒ සියල්ලම මෙම් මෙහෙයුමේ කොටසක් බව මේ වනවිට අනාවරණය වි තිබේ.

පොහොට්ටුවේ ප්‍රබල ක්‍රියාකාරියෙකු අප දේශපාලන වාර්තාකරු සමග සදහන් කර තිබුනේ.”2/3 නැති උනත් කමක් නෑ උන් එපා… ” යනුවෙන් මහින්ද රාජපක්ෂ දැඩිව පවසා සිටි බවයි.

19 වැනිදා මොණරාගල-වැල්ලවාය ජනහමුවට එක්වු මහින්ද රාජපක්ෂ

“අපි අද නැවත එකම පෙරමුණකට ඇවිත් තියෙනවා. මනාප දෙන්නේ කාටද කියන එක හදවතේ තියාගන්න. අපේ අය අතර ගැටුම් හදාගන්න එපා. වසර 50ක දේශපාලන අත්දැකීම් තියෙන මම ඔබට අවවාද කරනවා මනාප පොරයට යන්න එපා කියලා. අපි මේ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරලා ඊට පසු පැරණි ක්‍රමයට හරි පළාත් සභා මැතිවරණය පවත්වනවා. “

Published on: Jul 24, 2020 – සමගි ජන බලවේගය නිත්‍යානුකුල නොවන බවට රනිල් පිලේ අපේක්ෂකයෙකු වන ඔෂල හේරත් නැමත්තා ඉදිරිපත් කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර සිටි.

සමගි ජනබලවේගය පක්ෂයේ නිත්‍යානුකුල භාවය පිළිබඳ සමාජ මාධ්‍ය මගින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ද ඈඳා ගනිමින් විලිලැජ්ජා සහගත, වැරදි තොරතුරු සමාජගත කිරීමකට උත්සහයක් පවතින අතර මේ පිළිබඳ මැතිවරණ කොමිසම නිකුත් කර ඇති 2020.07.22 දින නිවේදනයේ මෙසේ දැක්වේ.(එම සම්පූර්ණ නිවේදනය පහතින් දක්වා ඇත.)

“සමගි ජන බලවේගය නම් පිළිගත් දේශාලන පක්ෂයේ නාමය වෙනස් කිරීම හා නව නිලධාරීන් පපත් කිරීම කොමිෂන් සභාව විසින් 2020 මාර්තු 02 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර පිළිගෙන තිබූ බවත් එහි නෛතික වරදක් තිබේ යැයි ප්‍රකාශිත මතය කොමිෂන් සභාව පිළිනොගන්නා බවත් කොමිෂන් සභාවේ මෙම තීරණය අභියෝගයකට ලක්කරමින් ඉදිරිපත් කර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.”

සමගි ජනබලවේයේ නීත්‍යානුකුල භාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරයේ තීන්දුව පසුගිය ජුනී 9 වැනිදා ප්‍රකාශයට පත් කල අතර මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවේ නිල නිවේදනය ද ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව, සමාජ මාධ්‍ය මගින් මවා පෙන්වීමට උත්සහ දරන ආකාරයේ කිසිදු ගැටළුවක් සමගි ජන බලවේගය සම්බන්ධයෙන් නොපවතින බව ඉත පැහැදිලිය.

මාර්තු 14 වැනිදා අපකල අනාවරණය…..

රනිල් කරමුලටම හිරවේ! SJB නාමයෝජනා වලට එරෙහිව නඩුවක්! රනිල්ගේ කුමන්ත්‍රණය හෙට දොරට වඩී…. ඔෂල හේරත්ට පුරවැසියකු ලෙස නඩුවක් දමා දිනා ගත හැකි දෙයක් නැත…

http://lankanewsnetwork.org/archives/23669

ජුනි 9 වැනිදා අපකල අනාවරණය…

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සජිත්ට ජය! රනිල්ගේ ඔෂල කොලුවාට ඇපත් නෑ….. SJBයට එරෙහිව ඉල්ලු රිට් ආඥාව විභාග කිරීමකින් තොරවම විසි වෙයි…

http://lankanewsnetwork.org/archives/24399

සම්පූර්ණ නිවේදනය…

Top