Published on: Jul 23, 2020- බුවනෙකබා රාජ සභා මණ්ඩපය ලෙස හැදින්වෙන කුරුණෑගල රාජධානියේ ඉපැරණි රාජසභා මණ්ඩපය සහිත ගොඩනැගිල්ල කඩා දැමිම සම්බන්ධයෙන් එල්ල වන චොදනා හමුවේ උරණ වි සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම කුරුණෑගල නගරාධිපති සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු කිහිප දෙනෙකුම අත් අඩංගුවට ගන්න ලෙසට නියෝග කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ඓතිහාසික රාජ සභා මණ්ඩප ගොඩනැගිල්ල ඩෝසර් කර කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු වඩා විධිමත්ව සිදුකරන ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ (22 ) ජනාධිපති උපදෙස් ලබාදී තිබෙන අතර මෙම සිද්ධියට අදාළව කුරුණෑගල නගරාධිපති ඇතුළු එහි නාගරික මන්ත්‍රීවරුන් හා එහි නිලධාරීන් කිහිපදෙනකුගෙන්ද මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කිහිපදෙනෙකුගෙන්ද ප්‍රකාශ ලබා ගැනිම මේ වනවිට ආරම්භ වි තිබේ. ඒ නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දුන් නියෝගයකට අනුවයි.සිද්ධියට අදාළ සියලු විමර්ශන වහාම අවසන් කර එහි වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙසද නීතිපති දප්පුල ද ලිවේරා, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත නියෝග කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ගෝල බාලයන් වන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව විතාරණ දෙදෙනාගේ මෙහෙයැවීමෙන් බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය ඩෝසර් කර බිමට සමතලා කිරිමෙන් පසුව නගරාධිපතිවරයාගේ සහ ජොන්ස්ටන් හිටපු අමාත්‍යවරයා සිදුක ප්‍රකාශ සම්බන්ධයෙන ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පලකර තිබේන අතර වහාම පරික්ෂණ ඉක්මනින්ම සිදුකර ඊට වගකියුතු සියලුම දෙනා අත් අඩංගුවට ගන්නා ලෙසයි ජනපති නියෝග කර ඇත්තේ.

මේ අතර එල්ල වන දැඩි අප්‍රසාදය හමුවේ ඩෝසර් කළ බුවනෙකබා රාජ සභා මණ්ඩපය පෙර පැවැති ආකාරයටම සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් යුද හමුදාව වෙත උපදෙස් නිකුත් කිරීමට සූදානමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්,හමුදාපති ඇතුලු කිහිප දෙනෙකු සමග විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබේ.

විමල් -ගෝඨා හමුව….

කුරුණෑගල සිද්ධිය සම්බන්ධයෙන් විමල් විරවංශ හිටපු අමාත්‍යවරයාද ජනාධිපතිවරයා හමුවි කරුණු කිහිපයක්ම අනාවරණය කර තිබේන අතර මණ්ධපය කඩා දැමිම සහ ඒ පසුපස සිටින දේශපාලන හස්තය සම්බන්ධයෙන්ද ඔහු එහිදි අනාවරණය කර තිබේ.

ජොන්ස්ටන් කියන්නේ හොඳම මෝඩයෙක්…. ජොන්ස්ටන් ගේ උද්දච්ච මෝඩ දේශපාලනය අතීතයට අයිති එකක්… මොකෙක් හෝ තක්කඩියෙක් වරදක් කළාට පස්සෙ කරපු හාදයගෙ මයිලකටවත් අත කියන්නේ දෙන්නෙ නැහැ කියන්න කවුද ජොන්ස්ටන්… මිනිහෙක් ද ? යනුවෙන් විමල් ප්‍රසිද්ධියේම සදහන් කර තිබේ.

නිධාන කතාව

රාජසභා මණ්ඩපය හෙවත් මඟුල් මඩුව විශාල ප්‍රමාණයේ ශාලාවක් සහ මහනුවර යුගයේ කලා ලක්ෂණ සහිත දාරුමය පේකඩ සහ කුළුණු මගින් දරාසිටින ඉදිරිපස ආලින්දයක් ඇති ගොඩනැගිල්ලක් වන අතර බෞද්ධ ජනතාවගේ මුදුන් මල් කඩ වන් පන්සිය පනස් ජාතක කතා පොතේ මුල් පිටපත් පිළිගැන්වූ මෙන්ම ලංකාවේ ජීවත් වූ අවසන් මහ රහතුන් වහන්සේගේ ගෝල හිමිවරුන්ගේ පාද ස්පර්ශය ලැබූ ස්ථානයක් ද වනවා.

බුවනෙකබා රාජ සභා මණ්ඩපය තුල තිබු රාජ්‍යත්වයට උරුමකම් කියන නිධානයක් එම ස්ථානයේ ඇති බවට ලැබුන තොරතුරකට අනුව එම ස්ථානය හැරිමකට ලක්කර ඇති අතර එම හැරිමෙදි සිදුවු පුපුරා යෑම් හේතුවෙන් සම්පූර්ණ මණ්ඩපයම කඩ වැටිමට ලක්ව ඇති බවයි මේ වනවිට ලැබෙන තොරතුරු තහවුරු කර ඇත්තේ. රාජ්‍යත්වය තහවුරු කිරිම සදහා අවශ්‍ය කඩුව,කිණිස්ස ,ඔටුන්න වැනි නිධාන් භාණ්ඩ කිහිපයක්ම එම ස්ථානයේ තැන්පත් කර තිබේන බව ඉතිහාසයේ සිට කුරුණෑගල ජනතාව් අතර මතයක් පැවත තිබුන අතර එම භාණ්ඩ ලබා ගැනිම සදහා මෙම මණ්ඩපය තුල හැරිමට ලක්කර තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේ.

කුරුණෑගල රාජධානි සමයේ රජකම් කළ දෙවැනි බුවනෙකබා රජ සමයේ (ක්‍රි.ව 1293 – 1303) ඉදිකළ බවට විශ්වාස කෙරෙන රාජසභා මණ්ඩපය නැමති පැරණි ගොඩනැගිල්ල පසුගිය 14 වැනි දා රාත්‍රියේ කුරුණැගල මහනගර සභාවේ පිරිසක් විසින් කඩා දමනු ලැබ ඇති අතර ඒ අවස්ථාවේදී නගරාධිපතිවරයාද එම ස්ථානයේ සිටි බව ප්‍රදේශවාසීහු මේ වනවිට අනාවරණය කර තිබේ.දින කිහිපයක් තිස්සේ කිසියම් පිරිසක් මේ තුල රැදි සිට ඇති නමුත් ප්‍රදේශවාසීහු ඒ සම්බන්ධයෙන් වැඩි අවධාණයක් යොමුකර නැත්තේ “බුවනෙක බාර්” හොටලය නැමති නරකාදිය වසා දැමිමෙන් පසුවත් විවිධ පුද්ගලයන් අනාචාර ක්‍රියාවන් සදහා එම ස්ථානය භාවිතා කිරිමත් ඒ සදහා මණ්ඩපයේ ආරක්ෂාවට යොදවා සිටි මුරකරුවන් ද මුදලට සහය ලබාදිමට කටයුතු කල නිසා බවයි.

සමගි ජනබල වේගයේ අපේක්ෂක රංජන් රාමනායක පසුගියදා ගම්පහ රැස්විමක් අමතමින් සිටින අවස්ථාවේදී කිසියම් පුද්ගලයෙකුද මේ සම්බන්ධයෙන් අනාවරණය කළා.

 


Published on: Jul 23, 2020 – දිගින් දිගටම වර්ධනය වන සහ දේශපාලකයන් විසින් නිර්මාණය කරන අශිෂ්ටත්වයට එරෙහිව සටන් කිරිම සදහා නව ප්‍රවේශයක් ඇති කිරිම මුලික කර ගනිමින් සමාජ සංවිධානයක් බිහිකිරීමට සුදානමක් පවතින බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

impact නමින් එම සංවිධානය සමාජ ගතකිරිමට සුදාන්ම් බව එහි නියෝජිතයෙකු අප දේශපාලන වාර්තාකරු හමුවේ සදහන් කර තිබේ.අධම හා අශිෂ්ට සමාජය කෙරෙහි තවදුරත් වලංගු විය හැකි ශිෂ්ටත්වයක් නැති බව පෙන්වා දෙන එම නියෝජිතයා සදහන් කළේ අශිෂ්ට සමාජය ශිෂ්ට ලෙස ස්පර්ශ කිරිම impact සමාජ සංවිධානයේ ප්‍රධානම අභියෝගය බවයි.

“දශක ගණනාවක දේශපාලන ගමන් මගේ සිටි සහ සිටින සියලුම දේශපාලකයන් සමාජය අශිෂ්ටත්වයට රැගෙන ගියා.දේශපාලලකයන් ඒ අශිෂ්ටත්වයට ආශීර්වාද කලා,ඔහුන් එය දේශපාලන අතකොලුවක් කර ගත්ත ඒ නිසාම අද වෙනකොට මේ රටේ ජනතාවක් නෑ ඉන්නේ නිකන්ම නිකන් සේනගක් විතරයි.කිසිම ශිෂ්ටත්වයක් නෑ. අත දරුවන් පවා අද මහ මග දුෂණයට පත්වන තරමටම ඒ අශිෂ්ටත්වය ගමන් කරලා.පවුල් අතර කිසිම බැදිමක් නෑ.මිනිස්සු -මිනිස්සු අතර බැදිමක් නෑ, ගෞරවයක් නෑ. අම්මා,පුතා,තාත්තා,දුව, සමාජ සංස්ථාවේ බැදිම් අද හදුනන්නෙ නැති තරමටම සමාජය අශිෂ්ට වෙලා. අද මාධ්‍ය ජඩමාධ්‍ය වලටත් එහා ගිහින් ඔහුන්ගෙ කුණු ජරාව නැරඹීමට තරම් ජනතාව අද අශිෂ්ට වෙල. දැන් අපිට අලුත් ගමනක් යන්න වෙලා තියේනවා.”

රජවරුන් (දේශපාලකයන්) ඉදිරියේ යට ඇදුම් පවා ලිහා දමන වන්දිබට්ටයන් බවට අද සමාජය අශිෂ්ට කර තිබේන බවත් අශිෂ්ටත්වයට එරෙහිව impact සමාජ සංවිධානය අලුත් ගමනක් යැමට සුදානම් බවද එම නියෝජිතයා සදහන් කළා.

Published on: Jul 20, 2020- ලංකා මැතිවරණ ඉතිහාසයේ නින්දිතම ප්‍රචාරක ව්‍යාපාරයට ‘ජාතික රූපවාහිනිය-SLRC‘ හා ‘ස්වාධීන රූපවාහිනිය-ITN‘ ප්‍රවිෂ්ඨවී තිබේ. පොදුජන පෙරමුණේ හොරණෑව බවට පත්වීම පමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයේ නිල නාලිකා ලෙස කටයුතු කරන්නේ ජාතික, ස්වාධීන රූපවාහිනී නාලිකා දෙක යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

සෑම මැතිවරණයක දීම මාධ්‍ය හැසිරීම පිළිබඳ නිරීක්ෂණ වාර්තා සකස් කෙරෙනවා. මම 1999 ජනාධිපතිවරණයේ සිට අද දක්වා සෑම මැතිවරණයක දී ම රාජ්‍ය මාධ්‍ය යේ හැසිරීම පිළිබඳ නිරීක්ෂණ වාර්තා සකස් කොට හෝ පරිශිලනය හෝ කර තිබෙනවා. ඉතිහාසයේ කිසිම දවසක මෙවැනි නින්දිත ප්‍රචාරක ව්‍යාපාරයක් ජාතික රූපවාහිනිය හෝ ස්වාධීන රූපවාහිනිය නිරත වී නෑ. යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පැවසීය.

ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල යටතේ පොදුජන පෙරමුණට තත්පර 3340 ක් දෙන විට, මේ මැතිවරණයේ ප්‍රධානතම විපක්ෂයට හිමිවන්නේ තත්පර 275 ක් පමණයි. ජනතා විමුක්ති පෙරමුණට තත්පර 100 යි. හැබැයි එජාපය ට තත්පර 1250 ක් හිමිවෙනවා. ස්වාධීන රූපවාහිනියේ පොදුජන පෙරමුණට තත්පර 1850 ක් දෙන විට, එජාපයට තත්පර 550 කුත්, සමගි ජනබලවේගයට තත්පර 510 කුත් දෙනවා. අපේ පක්ෂය පසුගිය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් 80 ක්, ආණ්ඩුකාරවරු දෙදෙනෙක්, හිටපු මන්ත්‍රීවරු 14 ක්, පළාත් සභා මන්ත්‍රීවරු 69 ක් තරඟ කරනවා. හැබැයි පළාත් පාලන ආයතනවලට තරඟ කරලා පැරදුණ අපේක්ෂකයෝ ඉන්න එජාපයට සමගි ජන බලවේගයට වැඩි වෙළාවක් දෙනවා. මේක නින්දිත ප්‍රචාරක උපක්‍රමයක්. ජනතාවගේ සල්ලිවලින් පඩි ගෙවන ජාතික රූපවාහිනිය මේ විදිහට තුට්ටු දෙකට වැටීම ගැන

එජාපයේ හිටපු ඩීල් කාරායෝ ටිකගේ ඉලෙක්ෂන් කැම්පෙන් කරන්නේ ජාතික රූපවාහිනිය.

මැතිවරණ කොමිසම සාමාන්‍යයෙන්, හැමමැතිවරණයක දී ම මාධ්‍ය නිරීක්ෂණ කරනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් මාධ්‍ය නිරීක්ෂණ වාර්තා ලබාගන්නවා. හැබැයි මේ මැතිවරණයේ ඒ මොනවාවත් නෑ. අඩුම ගානේ මේ වැඩේ වැරදියි කියලා ලියුමක් යවන්නේ නෑ. ෆෙස් බුක් එකේ දාන් පෝස්ට් එකක් ගැන පරීක්ෂණ තියෙන මැතිවරණ කොමිසමට මේවා පැමිණිලි කලා. මේවාට ප්‍රතිකර්ම යොදන්න ඡන්දේ ඉවරවෙනකල් ඉන්නවාද දන්නේ නෑ.

ජනාධිපතිවරණයේ දී, මැතිවරණ කොමිසම ජාතික රූපවාහිනියට කඩා වැදුණා. ස්වාධීන රූපවාහිනියට ලියුම් ලිව්වා. හැබැයි දැන් පොදු පෙරමුණට තත්පර 3340 ක් දීලා, සමගි ජන බලවේගයට තත්පර 275 ක් දෙන කොට මැතිවරණ ඇස් – කන් වහගෙන ඉන්නවා.

මාධ්‍යවේදියෙක් – හැබැයි මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිසමේ සභාපතිතුමා පසුගිය දවසක ජාතික රූපවාහිනියට පැමිණිලි නෑ කියලා චරිත සහතිකයක් දුන්නා නේද?

කීර්ති තෙන්නකෝන් – එහෙම සහතිකයක් දුන්නා නම්, මැතිවරණ කොමිසම ඇස් – කන් පේන්නේ නෑ. ඇහෙන්නේ නැති ලෙඩක් හැදිලා! යැයි ද පැවසීය.

#Keerthi #Thennakoon

පසුගිය ජනාධිපතිවරණ සමයේ රාජපක්ෂ වලිප්පුව හැදුන මහින්ද දේශප්‍රියගේ වැඩ වලින් ටිකක් 

http://lankanewsnetwork.org/archives/21220

http://lankanewsnetwork.org/archives/21231

http://lankanewsnetwork.org/archives/21001

http://lankanewsnetwork.org/archives/21275

Published on: Jul 15, 2020- පොහොට්ටු අපේක්ෂක විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් සංවිධානය කරන ලද යැයි කියන දමිළ ව්‍යාපාරික ප්‍රජාවේ හමුව සම්පූර්ණයෙන් වියදම් කරමින් සංවිධානය කර ඇත්තේ ලංකාවට වැඩිම එතනොල් ගෙන්වන ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විසින් බව මේ වනවිට අනාවරණය වි තිබේ.

කොළඹ කිංග්ස්බරි හෝටලයේ එම උත්සවය සංවිධනය කර තිබුනෙ ලංකාවට එතනොල් ගෙන්වන කුප්‍රකට ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වන ජයලත් පීරිස් සහ මුරලිදරන්ගේ සහෝදරයා වන ශෂිධරන්   මුරලිදරන් විසින් වන අතර දමිළ ව්‍යාපාරික ප්‍රජාව යනුවෙන් කැදවා ඇත්තේද විවිධ කුප්‍රකට ව්‍යාපාරිකයන් බව මේ වනවිට අනාවරණය වි තිබේ.(ඒ පිළිබඳව තොරතුරු බලාපොරොත්තු වන්න.)ඔහුන් දෙදෙනාද එම අවස්ථාවට එක්ව සිටිම විශේෂත්වයක්. කොළඹ දිස්ත්‍රික්කයේ අංක එකට මනාප ගැනිම සදහා දැවැන්ත මැතිවරණ මාධ්‍ය මෙහෙයුමක් දියත් කර සිටින විමල්ගේ වියදම් වලින් සියයට 60ක්ම දරණුයේ ශෂි,ජයලත් එතනොල් කරුවන් දෙදෙනා වේ.දේශප්‍රේමිත්වය කරපින්නාගේ රටේ ජනතාවට වෙදිකා මත විවිධ ආතල් සපයන විමල් වැනි ජාතිවාදින් කසිප්පු කාරයන් සමග එකට සිටිමින් නටන ජොගිය කුමක්දැයි ජනතාව අවබෝධ කරගත යුතුය.

මේ රටට වැඩිම විෂ සහිත එතනොල් ප්‍රමාණයක් ගෙන්වන ව්‍යාපාරිකයන් දෙදේනා අතරින් දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ගේ සොහොයුරා වන ශෂි මුරලිදරන් ඉදිරියෙන්ම සිටින අතර ඔහු සමගම් කරට කර සටන දියත් කරනුයේ ජයලත් ය.එ 2013 වර්ෂයේදී ලක් ඉතිහාසයේ එතනොල් ගෙන්විම සම්බන්ධයෙන්හසුව විශාලතම රේගු දඩය ගැසුවේද මුරලිදරන් ගේ සොහොයුරාට වන අතර එම පරික්ෂණ වෙනුවෙන් නිර්භිතව පෙනි සිටි රේගුවේ ඉහල නිළධාරියෙකු වන නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුමතිපාල උඩුගම්සූරිය හටද එකල රාජපක්ෂලාගේ බලපෑම් හමුවේ ගෙදර යන්නට සිදුවිය. විෂ එතනොල් ගෙන්වන ලද මුරලි සහ ඔහුගේ සොහොයුරා ආරක්ෂා කරන ලද්දේ එවකට මෙරට ආරක්ෂක ලේකම් වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි.අදාළ රේගූ දඩය නොගේවා සිටිම සදහා සෂී සහ ජයලත් රීට් ආඥාවක් ඉල්ලා අධිකරණය හමුවට ගියද එයද ප්‍රතික්ෂප වුනා.

මුත්තයියා ප්‍රභාකරන් මහා මැතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට පොහොට්ටුවෙන් තරග වදිමින් සිටි.අතිතයේ තමන් සහ තම සොහොයුරා බේරා ගත් ගෝඨාභය වෙනුවෙන් නුවර එළියේ පොහොට්ටුවේ වේදිකාව ට ගොඩ වීමට මුරලි කටයුතු කරමින් සිටි.

මිස්ටර් ජයලත් පීරිස්, මිස්ටර් ශෂිදරන්…. එතනොල් ගෙන්වූ දෙදෙනෙක් රවී හෙළිකරයි

මුදල් විසර්ජන කෙටුම්පත පිළිබඳව විවාදයට එක් වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එතනෝල් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳ අනාවරණ කළේය.

” අද මාධ්‍ය තුළින් එතනෝල් කන්ටේනර් පිළිබඳ ප්‍රවෘත්ති අසන්නට ලැබෙන්නෙ නැහැ. අසන්නට ලැබෙනවා නම් ඒ වගේ කිහිප ඉන්නවා. අද මා නම් කරන්නම් ඒ කවුද කියලා. දේශපාලකයින්ගෙ නම් පාවිච්චි කරලා ඒ අයගෙ පිටිපස්සෙ ඉන්න කිහිප දෙනෙක් ඉන්නවා. සුරාබදු දෙපාර්තමේන්තුව තුළින් හොයලා බලලා තියෙනවා මේ ගැන. මිස්ටර් ජයලත් පීරිස්, මිස්ටර් ශෂිදරන්. ශෂිදරන් කියන්නේ මේ රටේ ක්‍රිකට් ගහපු එක්කෙනෙක්ගෙ මල්ලි කෙනෙක්. මේ නම් දෙක දැන ගත්ත කමන් දන්නවා කවුද කියලා. ගිය අන්තර් ආණ්ඩුව කාලෙත් නොයෙක් සුන්දර කතා කියලා අපි පස්සෙත් ආවා. ”



#Muttiah, #Muralitharan, #Wimal, #weerawansa

Published on: Jul 14, 2020 – කොරෝනා වසංගතය අස්සේ වංගු ගැසු මහජන බැංකුවේ(People’s Bank) සභාපති සුජීව රාජපක්ෂ ජනතාවගේ තැන්පත් මුදල් යොදවා ගනිමින් ඔහු ගැන අලුත් ප්‍රතිරූපයක් ගොඩනැගිම සදහා මෙහෙයුමක් ආරම්භ කර තිබේන බව මහජන බැංකුවේ වෘත්තීය සමිති අනාවරණයි කර සිටි.හදිසීයේම රැස්විමක් කැදවා ඇති සභාපතිවරයා වහාම තමන්ගේ ප්‍රතිරූපය ගොඩ නැගෙන ආකාරයේ වැඩසටහන් පෙලක් නිර්මාණය කරණ ලෙසට නිළධාරින්ට නියෝග කර තිබෙන බවයි වෘත්තීය සමිති අනාවරණ කළේ.

අදාළ රැස්විම සදහා මහජන බැංකුවේ සමාන්‍යධිකාරිවරයා ඇතුලු වගකිවයුතු නිළධාරින් කැදවා නොතිබුන බවත් ඒ හරහා සභාපතිවරයා උත්සහ දරනුයේ තමන්ගේ අල්ලේ නැටෙවෙන කණ්ඩායම් යොදවා ගනිමින් අත්තනෝමතිකව කටයුතු කිරිමට බවද වෘත්තීය සමිති පෙන්වා දේ.

මහජන බැංකුව හඳුන්වා දී ඇති අස්වැන්න ණය යෝජනා ක‍්‍රමය හරහා ආණ්ඩුවේ මගුල් ප්‍රතිපත්ති හෝ බැංකුව පිළිබඳව නොව තමන් මතුව පෙනෙන අකාරයට සංවිධානය කලයුතු බවයි සභාපතිවරයා එහිදි නියෝග කර ඇත්තේ.ඉඩම්, කෘෂි කටයුතු සඳහා බීජ හා වෙනත් අමුද්‍රව්‍ය මිලට ගැනීම, කෘෂි කටයුතු සඳහා යොදා ගන්නා ට‍්‍රැක්ටර් වැනි යන්ත්‍රෝපකරන මිලට ගැනීම සහ කෘෂි කටයුතු සදහා යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙනුන් අස්වැන්න ණය යෝජනා ක‍්‍රමය ස්වයංපෝෂිත රටක් සඳහා වූ රජයේ වැඩපිළිවෙල යටතේ හදුන්වා දි තිබේ.

මේ වනවිට මහජන බැංකුව තුළ දැඩි වෘත්තිය සමිති මර්දනකාරී වැඩ පිළිවෙළක් දියත් ඇති බවත් ඒ පිළිබඳව මෙන්ම සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාවන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා,අගමැතිවරයා දැනුවත් කිරිමට කටයුතු කරන බවද වෘත්තීය සමිති නියෝජිතයෙකු අප දේශපාලන වාර්තාකරු හමුවේ සදහන් කර තිබේ.

කෝප් කමිටු දෝෂ දර්ශනයටද ලක්වු මහජන බැංකු යලිත් ආණ්ඩුවේ ඇතැම් පිරිස් සමග එක්ව සභාපතිවරයා නව ක්‍රමවේදයකට මංකොල්ල කමින් සිටින බවයි එම නියෝජිතයා පෙන්ව දි ඇත්තේ.ගජ මිතුරන්ට මිලියන ගණනින් ණය නිකුත් කිරිමට කටයුතු කරමින් සිටින අතර පසුව එම ණය හිතමතා නොගේවා හැර පසුව අධ්‍යක්ෂ මණ්ඩල හරහා එම ණය බොල් ණය ලෙස සලකා අවුරුද්දකින් දෙකකින් කපා හැරිමට රහසේම කටයුතු කරන බවටද සභාපතිවරයාට එරෙහිව චොදනා එල්ල වෙමින් තිබේ.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම සොෆ්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී හි නියෝජ්‍ය සභාපතිවරයා ලෙසත් ලැයිස්තු ගත කළ සමාගම් හා නොකළ සමාගම් කිහිපයකම අධ්‍යක්ෂවරයෙක් ලෙසද සුජීව රාජපක්ෂ සභාපතිවරයා කටයුතු කර තිබේ.

2019 වසරේ දෙසැම්බර් අග මහජන බැංකුවේ සභාපති ලෙස පත්වු සුජීව කොළඹ අලුතින් ඉදිවන Havelock City නිවාස සංකීර්ණයෙ නිවාස කොටස් දෙකක් මිළදි ගැනිම සදහා මුදල් ගෙවා තිබු අතර අප ඒ සම්බන්ධ යෙන්අනාවරණය කිරිමෙන් පසුව කොළඹ 7 වොර්ඩ් පෙදෙස Prime Grand(Ward Place) නිවාස සංකීර්ණයෙන්ද කොටසක් මිළදි ගෙන ඇති අතර පසුගියදා පැවැති රැස්විමේදිද ඔහු විසින් එය අනාවරණය කර තිබේ.

http://lankanewsnetwork.org/archives/24522

මහජන බැංකුව කාපු හැටි…

http://lankanewsnetwork.org/archives/19734

http://lankanewsnetwork.org/archives/20205

http://lankanewsnetwork.org/archives/19402

http://lankanewsnetwork.org/archives/19134

http://lankanewsnetwork.org/archives/20629

#Sujeewa Rajapakse

#People’s Bank

Published on: Jul 8, 2020 – මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග සිය නිල නාමය අනිසි ලෙස යොදා ගනිමින් නීති විරෝධී සහ සදාචාර විරෝධී ක්‍රියාවන් වල යෙදෙන බවට චොදනා එල්ල වනවා.නීතිය සතයකට මායිම් නොකර නීතිය කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදක්වා අත්තනෝමතිකව හැසිරිම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව බරපතල ප්‍රශ්ණ රැසකට මුහුණ දි ඇති අතර විනිසුරුවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා ඇතුලු වගකිවයුත්තන් දැනුවත් කලද මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන් නොමැති බවයි වාර්තා වන්නේ.

කොළඹ මහාධිකරණ විනිසුරුවරයකු නායකත්වය දෙමින් ඔහු වාසය කරන මාර්ගයේ අනෙකුත් නේවාසිකයන් සමග එක්වී වෙනත් අයෙකුට හිමිකම් කියන මාර්ගයක් අවහිර කර බලහත්කාරයෙන් අනවසර තාප්පයක් හා ගේට්ටුවක් ගොඩනගා ඇත. තවද ඉහත කී මාර්ගයේ පරවශ්‍යතා අයිතිය CO/DSO/2015/519 යන මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පිඹුර සහ 2131/17 ගැසට් පත්‍රිකාව මගින් 2019-07-09 දින එහි පරවශ්‍යතා අයිතිය රජයට පවරා ගෙන ඇත. රජය මෙය පවරාගෙන ඇත්තේ පොදු කටයුතු සඳහාය. එනම් මෙම අනවසර ඉදිකිරීම කර ඇත්තේ වේරැස්ගඟ වැසිජලය අපවහන හා පරිසරය වැඩිදියුනු කිරීමේ  ව්‍යාපෘතියට අයත් “නුගේගොඩ ඇල” නඩත්තු කටයුතු සඳහා ගොඩ නැගූ මාර්ගයන් (පැපිලියාන ප්‍රදේශයේ) වෙත පිවිසීමට ඇති එක් මාර්ගයක් හරහායි. 

මෙම මහාධිකරණ විනිසුරු ඔහුගේ නිල නාමය අනිසි ලෙස යොදා ගනිමින් නීති විරෝධී සහ සදාචාර විරෝධී ක්‍රියාවන්ට පරිබාහිරව තවත් නීති විරෝධී කටයුත්තක් පසුගිය සමයේ සිදු කර ඇත. එනම් රජය වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනයක් වන ලංකා විදුලි පෞද්ගලික සමාගමේ රාජකාරි කටයුතු වලට ද බාධා කිරීමයි.  ප්‍රධාන මාර්ගයේ සිට අවට ඇති ඉඩමකට විදුලිය ලබාදීමට යාමේදී එම විදුලි නිලධාරීන්ට නිල බලය පිළිබඳව දන්වා ඔවුන් බිය ගන්වා අදාළ ස්ථානයෙන් පලවා හැර ඇත. මෙය මුල්කොට ගෙන මෙම ඉඩමට විදුලිය මේ වන තෙක් ලබා ගැනීමට නොහැකිව ඉඩම් හිමිකරු මහත් අසීරුතාවයට පත්ව සිටී.

මෙම මහාධිකරණ විනිසුරුවරයා නායකත්වය දරමින් තවත් නේවාසිකයින් සමග එක්ව ශ්‍රේෂ්ඨාධීකරනයේ  නඩුවක් ගොනු කළ අතර ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා එහි පළමුවෙනි විත්තිකරු වශයෙන් නම් කළ අතර, වේරැස් ගඟ ව්‍යාපෘතියේ ඉඩම් අත්පත් කර ගැනීමේ නිලධාරීතුමා, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය, ගරු නීතිපතිතුමා සහ ඉඩම් හිමිකරුද විත්තිකරුවෙකු කරන ලදී. ශ්‍රේෂ්ඨාධීකරනයේ විනිසුරු තුමානන් විසින් සෑම පාර්ශවයකම කාරනා වලට සවන් දී මෙම නඩුව ඉදිරියට ගෙන යා නොහැකි නඩුවක් සේ සලකා නඩුව නිශ්ප්‍රභා කරන ලදී. ඉන්පසුව ඉඩම් අමාත්‍යාංශය විසින් ඉහත කී මාර්ගය පෙර සඳහන් කල ගැසට් පත්‍රිකා සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පිඹුර  මගින් 2019.07.09 දින මාර්ගයේ පරවශ්‍යතා අයිතිය රජය සන්තක කර ඇත.

රජයේ වගකිවයුතු තනතුරක් දරන මෙවැනි විනිසුරුවරයෙක් සාමාන්‍ය පුරවැසියන් ටත් වඩා නීතිය කෙරෙහි ගරු කිරීම ස්වභාවයෙන් ම විය යුතුය. නීතිය සතයකට මායිම් නොකර නීතිය කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදක්වා  අත්තනෝමතිකව ක්‍රියා කිරීම පුදුම සහගතය.

මෙතුමා මෙම අනවසර තාප්පය ගොඩනඟන අවස්ථාවේදී පොලිසියේ නිලධාරීන් 4 දෙනකු පාර දෙපස තබා මාර්ගය හිමි තැනැත්තාට සහ ඔහුගේ සේවකයින්ට එතනට යෑමට ඉඩකඩ ලබා නොදුනි. මේ පිළිබඳව බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති තුමාටත් මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයටත් ලිඛිතව දැනුම් දුන්නද මේ වනතුරුත් කිසිම පරීක්ෂණයක් නොතබන ලදී.

තව ද මේ පිළිබඳව මාර්ගය හිමිකරු විසින් බොරලැස්ගමුව නගර සභාවට දැනුම් දුන් අතර එහි නිලධාරීන් විසින් මෙම ස්ථානය ක්ෂේත්‍ර පරීක්ෂාවක් කර 2019.11.20 දින ලිපියක් නිකුත් කරමින් මෙය අනවසර ඉදිකිරීමක් බව සඳහන් කරමින් එය දින දහ හතරක් (14) ඇතුළත ඉවත් කරන මෙන් දැනුම් දී ඇත. තවද මාර්ගය හිමිකරු විසින් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තුමා වෙත මෙම මාර්ගය අවහිර කර අනවසර ඉදිකිරීම් කර ඇති බව දැනුම් දුන්පසු ඔවුන්ද ක්ෂේත්‍ර පරීක්ෂණයක් පවත්වා මෙම අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට බොරලැස්ගමුව නගර සභාවට දැනුම් දුන්න ද මේ පිළිබඳව මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම ඉතා පුදුම සහගත ය.

මෙවැනි නීති විරෝධී සහ සදාචාර විරෝධී ක්‍රියාවන් කිරීමට මහාධිකරණ විනිසුරුවරයෙකු පෙළඹීම ඉතා කනගාටුදායකය. මොහු පිළිබඳව මාර්ග හිමිකරු විසින් ගරු අගවිනිසුරු තුමා ඇතුළු අධිකරණ සේවා කොමිෂන් සභාවේ අනෙකුත් නියෝජිතයන්ටද දැනුම් දී ඇති බව දැනගන්නට ලැබුණි.

රටේ නීතියේ ආධිපත්‍ය රකින  නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින  මෙවන් නිළධාරීන්ගේ නීතිවිරෝධී ක්‍රියාවන්ට එරෙහිව වගකිවයුතු නිලධාරීන් ගෙන් දඬුවම් නොලැබේ නම් හෝ කිසිදු පරීක්ෂණයක් වත් සිදු නොකරන්නේ නම් සාමාන්‍ය ජනයාට කාගේ පිහිටක්ද?

සිද්ධියට අදාළ  ඇමුණුම් සියල්ලම ඒ මත Click කිරිමෙන් ඔබට කියවිය හැක….

  1. මුළු මාර්ගයෙහිම අයිතිය රජය විසින් 2019.07.19 වන දින 2131/17 දරණ ගැසට් නිවේදනය මගින් රජයට පවරා ගෙන නිවේදනය.
  2. 2131/17 දරණ ගැසට් පත්‍රයේ  සංශෝධනය – (2019/10/31 දින 2147/68 දරන අංකය යටතේ එම සංශෝධිත ගැසට් පත්‍රය) .
  3. මෙම පවරා ගැනීම කර ඇති මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පිඹුර –  අනුරේඛණ අංක CO/DSO/2015/519.
  4. SC FR No:372/2017 නැමති නඩුවේ පිටු 04කින් සමන්විත නඩු තීන්දුවෙහි පිටපත්.
  5. ගරු අගවිනිසුරු තුමා වෙත ඉදිරිපත් කරනු ලැබූ පැමිනිලි 03 හි පිටපත්. 

පැමිනිලි 02

පැමිනිලි 03

  1. බොරලැස්ගමුව පොලීසියට හා මිරිහාන පොලිසිය වෙත ඉදිරිපත් කල පැමිණිලි වල පිටපත්. 1&2 3
  2. නගර සභාව වෙත ඉදිරිපත් කල පැමිනිල්ලෙහි පිටපතක්.
  3. ඉඩම හරහා ඉදිකරනු ලැබූ තාප්පය අනවසර තාප්ප්යක් බව සනාත කරමින් බොරලැස්ගමුව නගරාධිපති තුමා විසින් එවන ලද ලිපිය.
  4. ශ්‍රේෂ්ඨාධිකරණයට බොරලැස්ගමුව නගර සභාවේ ලේකම් තුමිය විසින් ඉදිරිපත් කරන ලද ලිපිය.
  5. ඉඩමට පිවිසෙන මාර්ගය ශ්‍රීලංකා රජයේ අති විශේශ ගැසට් පත්‍රිකා දෙක මගින්  (2147/68 – 2019/10/31 මගින් හා 2131/17 – 2019.07.09 ) ශ්‍රී ලංකා ජනරජයට  පවරා ගෙන ඇති බව දන්වා වේරැස් ගඟ වැසි ජලය අපවහන හා පරිසරය වැඩි දියුනු කිරීමේ ව්‍යාපෘතිය භාර ඉඩම් අත් කර ගැනීමේ නිළධාරී මහතා විසින් 2020.01.09 වන දින එවන  ලද ලිපිය.
  6. ඉඩමට පිවිසෙන මාර්ගය ශ්‍රීලංකා රජයේ අති විශේශ ගැසට් පත්‍රිකා දෙක මගින්  (2147/68 – 2019/10/31 මගින් හා 2131/17 – 2019.07.09 ) ශ්‍රී ලංකා ජනරජයට  පවරා ගෙන ඇති බව දන්වා  සනාත කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් එවන ලද ලිපිය.
  7. 7379 පිඹුරේ A යනුවෙන් පෙන්වන මාර්ගයේ කොටස 2013.11.08 දින 1836 දරණ ගැසට් නිවේදනය යටතේ රජයට පවරාගෙන ඇත. මෙම ගැසට් නිවේදනය. 
  8. මාර්ගය පවරාගැනීමේදී පරීක්ෂණ සිදු කර 4 වන වගන්තිය යටතේ හා 2 වන වගන්තිය යටතේ නිකුත් කල නොතීසි වල පිටපත්.
  9. ඉඩම සවිස්තරව පෙන්නුම් කරන අංක 7379 දරන පිඹුර. 
  10. අවසතු කිරීමට අදාල 2060/2 ගැසට් පත්‍රය. 
  11. වේරැස් ගඟ වැසි ජලය අපවහන හා පරිසරය වැඩි දියුනු කිරීමේ ව්‍යාපෘතිය භාර ඉඩම් අත් කර ගැනීමේ නිළධාරී මහතා විසින් 2018.03.23 වන දින එවන  ලද අවසතු කිරීමට අදාල ලිපිය. 
  12. එයට අදාල මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පිඹුරු අංක CO/DSO/2017/220.
  13. අවසතු කිරීමට අදාල 2116/12  ගැසට් පත්‍රය .
  14. වේරැස් ගඟ වැසි ජලය අපවහන හා පරිසරය වැඩි දියුනු කිරීමේ ව්‍යාපෘතිය භාර ඉඩම් අත් කර ගැනීමේ නිළධාරී මහතා විසින් 2019.04.04 වන දින එවන  ලද අවසතු කිරීමට අදාල ලිපිය. 
  15. එයට අදාල මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පිඹුරු අංක කො 9463.
  16. අවසතු කිරීමට අදාල 2092/17 ගැසට් පත්‍රය අංක 
  17. වේරැස් ගඟ වැසි ජලය අපවහන හා පරිසරය වැඩි දියුනු කිරීමේ ව්‍යාපෘතිය භාර ඉඩම් අත් කර ගැනීමේ නිළධාරී මහතා විසින් 2018.10.16 වන දින එවන  ලද අවසතු කිරීමට අදාල ලිපිය. 
  18. එයට අදාල මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පිඹුරු අංක කො 9467.
  19. රජයට ඉඩම පවරා ගැනීමට අදාල 1861/6 ගැසට් පත්‍රය.
  20. රජයට ඉඩම පවරා ගැනීමට අදාල 1796/18  ගැසට් පත්‍රය
  21. 2020 වර්ෂය සඳහා නගර සභාවට වරිපනම් ගෙවන ලද කුවිතාන්සිපත.
  22. ලංකා විදුලි (පෞද්ගලික) සමාගමට විදුලි සම්බන්ධතාවය ලබා ගැනීමට ගෙවන ලද මුදලෙහි ලදු පත.
  23. ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයට ජල පහසුකම් ලබා ගැනීම සදහා ගෙවන ලද කුවිතාන්සිපත.
  24. අනුමත කරන ලද අනුබෙදුම් පිඹුරු අංක 11208.
  25. ඉඩම් අත්පත්කරගැනීමේ නිළධාරී මහතා විසින් පරවශතාව රජයට පැවරී ඇති ඉඩම් කොටසෙහි භුක්තිය රජයට භාර දෙන ලෙස දන්වා 2019.07.31 දාතම සහිතව එවන ලද ලිපිය.
  26. ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ඉඩම් අත්පත්), භුක්තිය භාරගැනීම තාවකාලිකව අත්හිටවන ලෙස ඉල්ලමින් ඉඩම් අත්කරගැනීමේ නිලධාරී මහතා වෙත 2019.08.13 දාතම සහිතව එවන ලද ලිපිය.
  27. නැවතත් ඉඩම් අත්පත්කරගැනීමේ නිළධාරී මහතා  විසින් එම භුක්තිය භාර දීමේ කටයුතු තාවකාලිකව අත්හිටවූ බව දන්වමින් 2019.08.15 දාතම සහිතව  එවන ලද ලිපිය.
  28. ශේෂ්ඨාධීකරණයේ නඩුවට ඉදිරිපත් කිරීම සඳහා නීතිඥ මහතකු විසින් තනන ලද  හිමිකම් වාර්තාව (Title Report & Title Deeds)
  29. 7379 පිඹුරේ R9 නැමැති මාර්ගයේ පරවශ්‍යතා අයිතිය කැබලි අංක 1,2,3,4,5,8,23,22,21,20,19,10 පදිංචි හිමිකරුවන්ට පමණක් පවරා ඇති,  එම මාර්ගයේ පසේ අයිතිය මා සතු බව පෙන්වා ඇති පත්තිරු.
  30. නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් තුමා වෙත 2020 -05-26 දින  යවන ලද ලිපිය.
  31. නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් තුමා විසින් බොරලැස්ගමුව නගර සභාව වෙත  2020 -06-26 දින  යවන ලද ලිපිය. 
  32. කුලතුංග මහතා විදුලි බලය ලබාදීමට පැමිණි නිළධාරීන්ට බැන වදින වීඩීයෝi. ii

රාජපක්ෂ ජුන්ටාවේ ජාතිවාදි කල්ලිය යලි සිය කුමන්ත්‍රණ දියත් කරමින් සිටින බව පසුගිය දින කිහිපයේ පලවන අසත්‍ය පුවත් තුලින් මනාව පෙනේ. මිලියන ගණනින් මුදල් පොම්ප කරමින් සමාජ් ජාලා ආක්‍රමණය කරමින් සිටින රාජපක්ෂ අන්තවාදි ජුන්ටාවේ මේවර උගුල වි ඇත්තේ අශිෂ්ට දේශ්‍රප්‍රේමින් ලවා මුස්ලිම් ජනතාවගේ ව්‍යාපාර සමග ඇති නොසන්සිදේන වෛරය වර්ධණය කිරිම බව දැන් නොරහසකි. දෙහිවල ජාතිවාදි සම්පත් බැංකුවක සිදුවු සිද්ධියක් මුල් කර ගනිමින් මේ දින්වල රාජපක්ෂ අන්තවාදි කදවුර මවන පුවතක් වන්නා සම්පත් බැංකු ගිණුම් ඉවත් කරන්නැයි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව නියෝග කර ඇති බවයි. එය බරපතල කාරණවකි.අදාල සභාව පිලිතුරු දෙන තුරු රටේ ජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති කිරිම රාජපක්ෂ අන්තවාදින්ගේ අරමුණ බව නොරහසකි.

ගම්පහ පැවැති තම ඡන්ද එකතු කිරිමේ රැස්විමක එක්වෙමින් අන්තවාදි රාජපක්ෂ කදවුරෙන් දොට්ට වැටි අනාථ වි යලිත් එම කදවුර සමග එකතු විමට රහසේම sසාකච්ඡාසදහා යන සිවුරක් දරන අමන භික්ෂුවක් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ප්‍රසිද්ධියේ සදහන් කර තිබුනේ සම්පත් බැංකුවේ ඇති ගිණුම් ඉවත් කරන ලෙස ජමිතුල් උලමා සංවිධානය විසින් මුස්ලිම් ජනතාවට දැනුම් දී ඇති බවයි.එයට අදාළ විඩියෝවද අප සතුව තිබේ.එසේ ඉවත් කරගන්නා මුදල් අමානා බැංකුවේ තැන්පත් කරන ලෙසද එම සංවිධානය විසින් ඉල්ලා ඇති බවත් මේ අන්තවාදි භික්ෂුව සදහන් කර තිබේ.

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව නිකුත් කර තිබෙන නිළ නිවේදනය 

2020.07.06

16.11.1441

සම්පත් බැංකු ගිණුම් ඉවත් කරන්නැයි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව කීවේ නැත

පසුගිය සතියේ දෙහිවල පිහිටි සම්පත් බැංකු ශාඛාවකදී සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව සිය කනස්සල්ල පළ කරයි. මෙවන් සිදුවීම් අදාළ පාර්ශවකරුවන් සමග සුහදව විසදා ගැනීම සුදුසුම ක්‍රියාමාර්ගය වේ.

මෙම සිද්ධියෙන් පසු සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව විසින් සම්පත් බැංකු ගිණුම් ඉවත් කරන්නැයි පැවසූ බව ප්‍රචාරයන් පැතිරෙමින් තිබෙයි. මෙය සහමුලින්ම අසත්‍යය ප්‍රචාරයක් බව රටේ ජනතාවට අප සභාව වගකීමෙන් යුතුව දන්වා සිටියි.

මෙරට මුස්ලිම්වරුන්ගේ පැරණිතම සංවිධානයක නම භාවිත කරමින් ව්‍යාජ ප්‍රචාරයන් කරන අයගෙන් ප්‍රවේශම් වන මෙන් ද, අප සභාව පිළිබඳ ප්‍රවෘත්ති පළ වූ විට ඒවා www.acju.lk යන නිල වෙබ් අඩවිය තුළින් සනාථ කර ගන්නා මෙන් ද, අප සභාව රටේ ජනතාවගෙන් ආදරයෙන් ඉල්ලා සිටියි.

 

අෂ් ෂෙයික් එම්.එම්.එම්. මුර්ෂිද්

සහකාර ලේකම්,

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

Published on: Jul 3, 2020 – ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ප්‍රශ්න කිරීම මේ වනවිට ආරම්භ වි තිබේ. චෝදනා ඇත්නම් විමර්ශනයට ලක්කිරීමට ලෝකය දිනු ක්‍රිකට් විරුවන් වීම හෝ යුද්ධය දිනූ රණවිරුවන් වීම බාදාවක් විය යුතු නැති බව බොහෝ දෙනාගේ මතයයි.

ක්‍රිඩා ප්‍රධානින්, දේශපාලකයන් මෙන්ම ක්‍රිඩකයන්ද තරග පාවාදිමට සම්බන්ධ බව නොරහසකි.යම් දිනක දේශපාලන බලපෑම් හමුවේ ක්‍රිඩකයන් තරග පාවාදි ඇත්නම් ඔහුන්ද වරදකරුවන් වනු ඇත.මන්ද ඔහුන් පාවාදී ඇත්තේ රටේ ජනතාවගේ බලාපොරොත්තු සහ ඔහුන්ගේ අපේක්ෂාවන් විමයි.එය යුධ විරුවන් හෝ ක්‍රිකට් විරුවන් කියා වෙනස් විය නොහැක.

‘සංගා’ සාන්තුවරයෙක්ද?

ජනප්‍රිය තරු විසින් සංකේත ප්‍රාග්ධනය භාවිතා කිරීමෙන් සිය ජීවනෝපාය සරිකර ගනී. එම සංකේත වටිනාකම් උපයා ගනු ලබන්නේ ඔවුන් විසින්මත් සෑහෙන වෑයමක් දැරීමෙන් පසුව මෙන්ම අදාළ සමාජයේ සාමාන්‍ය ජනතාව විසින් කැපකරන අරමුදල් වියදම් කිරීමෙනි. තමන් අගයන කරන පුද්ගලයාගේ වටිනාකම අගය කිරීම, ආරක්ෂා කිරීම සහ වියදම් දැරීම සිදුකරන පොදු ජනතාවට කිසි විටෙකත් ප්‍රතිලාභ, ගෞරවය හෝ ආපසු ගෙවීමක් නොලැබේ. සිනමා තරු, ක්‍රීඩා තරු සහ ජන සමාජයක් විසින් ඔසවා තබන වෙනත් චරිත සහිත බොහෝ ජනප්‍රිය පුද්ගලයන් පසුව ඔවුන් පෝෂණය ලැබූ සමාජයීය මූලයන්ගෙන් බැහැර වේ. කෙසේ වෙතත් එහිදී අමතක කළ නොහැකි කියුබාවේ තියෝෆිලෝ ස්ටීවන්සන් වැනි ව්‍යතිරේකයන්ගේ අත්දැකීම් ඛේදජනක නොවේ.

කුමාර් සංගක්කාර සම්බන්ධයෙන් ගත් කල, රහස් පොලිසිය ඔහුගෙන් ප්‍රකාශයක් ඉල්ලා සිටීම විශාල ප්‍රශ්නයක් නොවේ. අපරාධයක් සිදුවී ඇත්නම්, විමර්ශන සිදුකළ යුතුය. එහෙත් මහින්දානන්ද ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන්ට චෝදනා කිරීමට මෙතරම් කාලයක් ගත කළේ ඇයි? අනෙක් අතට ‘සංගා’ සාන්තුවරයෙක්ද? සංගා තාරකාවක් බවට පත්වීමට මහන්සි වී වැඩකළ බව රහසක් නොවන අතර, ඒ් වෙනුවෙන් ලංකා සමාජයද විශාල මුදලක් වියදම් කළේය. ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ පසුව වෙළඳ භාණ්ඩ ප්‍රවර්ධනය කිරීම සඳහා තමන් උපයාගත් සංකේත ප්‍රාග්ධනය ආයෝජනය කළ අතර සමාගම් විසින් ඔහුගේ ජනප්‍රියතාව උපයෝගී කරගනිමින් ඔහුට ගෙවූ කොටසකට වඩා කිහිප ගුණයක් වැඩියෙන් ලාභ උපයා ගන්නා ලදී. ඒ් නිසා, මෙම අලෙවි ප්‍රවර්ධන ක්‍රියාවලියේදී වෙළඳ සමාගම්වල ගනුදෙනුකරුවන් සූරාකෑමට සංගා දායක විය.

ජනප්‍රිය පුද්ගලයන්, ග්ලැඩියේටර්වරුන් ලෙස යොදවා තම බලය වෙනුවෙන් දේශපාලන පොරපිටිය තුළ සූරාකෑම සම්බන්ධයෙන් මහින්දානන්ද වැනි දේශපාලන තැරැව්කරුවන් හෙළා දකින අතරම, වෙළඳපල පදනම් කරගත් ‘පරිභෝජන සංස්කෘතියක්’ වෙනුවෙන් සිය ජනප්‍රියත්වය පාවාදීම සම්බන්ධයෙන් සංගා වැනි ජනප්‍රිය චරිතවලට අප චෝදනා කළ යුතුය.

2011 ලෝක කුසලාන නවසීලන්තයට එරෙහිව තරගයට පෙර දිනයේ සංගක්කාර වෙළඳ දැන්විමක් රූගත කරමින් සිටි ….

2011 ලෝක කුසලාන නවසීලන්තයට එරෙහිව තරගයකට පෙර දිනයේ උපුල් තරංගව කණ්ඩායමේ වේග පන්දු යවන්නෙකු විසින් ඔහුව තම ජිප් රථයේ නංවාගෙන ගාලු පාර දිගේ රැගෙන ගිය බවත් මැජෙස්ටික් සිටි සාප්පු සංකීර්ණය අසලදි රථයේ කැබින් හෝල් එල විවෘත කරන ලෙස තමාට පැවසු බවත් තමන් එසේ කළ පසු එතුලින් ඩොලර් මිටි තුන හතරක් වැටි ඇති බවත් ය. එහිදි ඔහු පවසා ඇත්තේ ‘ උඹට මේක ඕන නම් හෙට නොගහා ඉදපන්” යනුවෙනි. නමුත් තරංග පවසා ඇත්තේ එම අවස්ථාව වන විට අදාළ වාහනය මාර්ග සංඥා සඳහා නැවති තිබු බැවින් තමන් එසැනින් වාහනයෙන් බැස ත්‍රිවිල් රථයක නැගි එහින් පිටවූ බවත් ය. එසේම පසුදා තරගය තිබියදි එම අවස්ථාවේ සංගක්කාර විසින් වෙළඳ දැන්විමක් කොළඹ ක්‍රිඩාංගනයකදි රූගත කරමින් සිට ඇති අතර උපුල් එවෙලෙහිම ගොස් සංගක්කාර වෙත මේ බව දන්වා ඇත. එවිට සංගක්කර පවසා ඇත්තේ මේ වේලාවේ නිශ්ශබ්දව සිටීම වඩාත් සුදුසු බවත්, එම ගණුදෙණුව පිළිබඳව පවසා කණ්ඩායම අවුල් කිරීමට කටයුතු නොකරන ලෙසත් ය.

තනපටය අහසට ගිය ප්‍රසංගයෙන් රජයට පොල්ලක්!

කොළඹ පැවති Enriqueගේ ප්‍රසංගයට අදාළව රුපියල් මිලියන 29 ක විනෝදතා බද්ද නොගෙවීම සම්බන්ධයෙන් කුමාර සංගක්කාරට සහ මහේල ජයවර්ධනට අයත් Live Event ආයතනය කොළඹ නගර සභාවේ අසාදු ලේඛණයට ඇතුළත් කිරිමට එවකට එක්සත් ජාතික පක්ෂ නගරාධිපති එ.ජේ.එම් මුසම්මිල් කටයුතු කර තිබේ.

ඔය ටිකකි…. තව් බොහෝ දේ ඇත…. පලමු අවස්ථාව ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ විමර්ශන ඒකකයට භාරය. පසුව සියල්ල අනාවරණය කිරිමට අප සුදානම්!

Published on: Jun 26, 2020- මේ මහ මැතිවරණයට මෛත්‍රීපාල සිරිසේනව එකතු කර ගැනීම මා පෞද්ගලිකව විරුද්ධ බවත්  ඔහුට අපේක්ෂකත්වය දුන්නු එක වැරදි බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග  අවධාරණය කරයි.

මිනුවන්ගොඩ විගොඩ ප්‍රදේශයේ ඊයේ (25) පැවති ජනහමුවකට එක්වෙමින් ඇමතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ  මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා

“මම හොද ශ්‍රී ලංකා කාරයෙක්. හැබැයි මෛත්‍රීපාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලියාගේ නැට්ටේ එල්ලුවාට පස්සේ අපි ඒ පක්ෂයෙන් ඉවත් වෙලා නියම ශ්‍රී ලංකා ප්‍රතිපත්ති සහිත නව දේශපාලන පක්ෂයක් ගොඩ නැගුවා. අපේ නායකයා මහින්ද මහත්තයා. මේ පක්ෂය හදනකොට මෛත්‍රී අපිව පාරක් පාරක් ගාණේ ඇවිද්දනවා බවට තර්ජනය කළා. අපිව පක්ෂ සංවිධායක ධූර වලින් ඉවත් කළා. අපෙන් පළිගන්න බොරු නඩු පැටලෙව්වා. අදටත් අපි ඒ නඩු වලට යනවා. එහෙම කරලා බැලුවේ අපිව නවත්තන්න. හැබැයි ජනතාව හිටියේ අපිත් එක්ක. රටටත්, පක්ෂයටත් කරපු විනාශයට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වග කිව යුතුයි. ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනවන්න ශ්‍රීලනිපය එකතු වුණු බව ඇත්ත. ඒත් මේ මහ මැතිවරණයට මෛත්‍රීපාල සිරිසේනව එකතු කර ගැනීම මා පෞද්ගලිකව විරුද්ධයි. ඔහුට අපේක්ෂකත්වය දුන්නු එක වැරදියි. මෛත්‍රී හැමදාම කළේ පාවා දීම්. කොයිවෙලේ ඔහු අපිව පාවා දෙයි ද මට නම් සැකයි. ගියපාර ජනාධිපතිවරණයේ දී මෛත්‍රී වචනයක් කථා කළේ නෑ. යටින් උදව් කළේ සජිත්ට.  ඒ නිසා අපිට සැකයක් තියෙනවා ඔහුගේ කණ්ඩායමක් දිනවගෙන අපිට කිසියම් බලපෑමක් කරන්න ඉඩ තියෙනවා. ඒ නිසයි මම කිව්වේ මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කියලා.

අපි මෙවර මහ මැතිවරණය තුනෙන් දෙකක බහුතර බලයක් ලබාගන්නවා. එතකොට අපි යහපාලනය ගෙන ආ රටට එරෙහි සියලු අණපණත් සියල්ල අහෝසි කරනවා. සමහරු අහනවා MCC  ගිවිසුම අත්සන් කරනවා ද කියලා. ඒ ගිවිසුම සමාලෝචනය කරන්න අපි විද්වත් කමිටුවක් පත්කර තිබෙනවා. ඒ කමිටුව වාර්තාව මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. ඒ වාර්තාව ජනාධිපතිතුමා ජනතාවට ඉදිරිපත් කරන්න කියලා උපදෙස් දුන්නේ මේ ආණ්ඩුව රටට වග කියන ආණ්ඩුවක් නිසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ මහින්ද රාජපක්ෂ මහතා මේ රටට අහිතකර අණපණත්වලට කිසිසේත් අත්සන් තබන්නේ නෑ. ඒක ස්ථිරයි. ඒ නිසා විපක්ෂය මවන බොරු බිල්ලන්ට රැවටෙන්න එපා. විපක්ෂය ආණ්ඩුවට එරෙහිව බොරු බිල්ලන් මවන්නේ ජනතාව නොමග යවන්නයි. ජනතාව නොමග යැවීම පිළිබද ව එජාපයට හා ජවිපෙට හොද පළපුරුද්දක් තිබෙනවා. ඒ නිසා විපක්ෂය හා ජවිපෙ මවන බොරු බිල්ලන්ට රැවටෙන්න එපා.

2020 අගෝස්තු 05 වෙනිදායින් පසු රටේ අගමැතිවරයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතායි.  මම දැක්ක සජිත් ප්‍රේමදාස හා ඔහුගේ ගැත්තන් කියනවා සජිත් අගමැති වෙනවා කියලා. සජිත් මුලින් ම සිහින ජනපති. දැන් සිහින අගමැති. අගෝස්තු 05 වෙනිදායින් පසු සජිත්ට විපක්ෂ නායකකමත් නැතිව යනවා. ඒක ස්ථිරයි. ජනපති එක පක්ෂයකයි අගමැති තව පක්ෂයකයි හිටපු වෙලාවේ මේ රටට වුණු විනාශය අමතක නෑ. රනිල් – මෛත්‍රී ආණ්ඩුව එළහරකයි – මී හරකයි ආණ්ඩුවක්. නැවත එවැනි ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට මේ රටේ ජනතාව සුදානම් නෑ. ඒ නිසා තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ස්ථාවර ආණ්ඩුවක් අපි පිහිටුවනවා. එමගින් යහපාලනය විනාශ කළ මේ රට නැවත ගොඩ ගන්නවා. වසර 30ක යුද්ධය අවසන් කළා ලෝකෙම බයේ හැංගෙද්දි රටේ කොවිඩ් වසංගතය පාලනය කළ ගෝඨාභය – මහින්ද සුසංයෝගයට මිස වෙන කිසිවෙකු ට මේ රට නැවත ගොඩ ගත නොහැකියි”.


Published on: Jun 25, 2020 – ජංගම දුරකතනයක ‘වට්ස්අප්’ WhatsApp මෘදුකාංගය මගින් දත්ත සොරාගනිමින් ඒවා ප්‍රචාරය නොකර සිටීමට කප්පම් වශයෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 10 ක් ඉල්ලීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් 24 හැවිරිදි හිටපු සැලසුම් කළමනාකාරිනියක ලෙස පෙනී සිටින මාලී,වැනි විවිධ නාමයන්ගෙන් පෙනී සිටින සමන්මලී අල්විස් නැමති කාන්තාව රටේ ව්‍යාපාරිකයන්, දේශපාලඥයන් ඇතුලු රැසක් රවටමින් මුදල් වංචාකර තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේ.

අදාළ කාන්තාව ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය පසුගිය (22) අදා නියෝග කර තිබේ.මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබුණේ තේ කර්මාන්තයට සම්බන්ධව මෙන්ම තවත් ව්‍යාපාර රැසක් මෙහෙයවන KDU Group හි සභාපති තුෂාන් (thushan upasena) විසිනි. තමන්ගේ ජංගම දුරකතයේ තිබූ “වට්ස්අප්” තාක්ෂණයෙන් හුවමාරුකරගත් ව්‍යාපාරික රහස් ඇතුළත් ගොනු මෙන්ම හඬපට ද ඇතුලු දේ බලෙන් ලබාගෙන ඒවා ප්‍රචාරය නොකර සිටීමට මෙම කප්පම් මුදල සැකකාරිය විසින් ඉල්ලූ බවට පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් දක්වා තිබිණි.

අදාළ කාන්තාව විවිධ් ස්වරූපයෙන් පෙනී සිටින අයෙකු වන අතර ඇය සතුර Facebook සමාජ ජාල ගිණුම් 16කට වැඩි සංඛ්‍යාවක් පවත්වාගෙන යන අතර මංගල දැන්විම් පලකිරිම හරහා විවිධ පොසතුන් අල්ලා ගන්නා ඇය පසුව ඔහුන්ව් බිය වද්දා කප්පම් ගැනිම කාලයක සිට සිදුකර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

“එයා මට ගොඩක් කැමතියි වගේ….යන්න ඕනා ටිකක් ඇඟ පත පේන විදිහට ඇඳගෙන.” ව්‍යාපාරිකයන් භිය වද්දා කෝටි ගණන් කප්පම් ගත් මලී?

ව්‍යාපාරිකයන් භිය වද්දා කෝටි ගණන් කප්පම් ගන්නා කවුද මේ මලී? අප පසුගියදා කල අනාවරණයට සම්බන්ධ සමනලී සම්බන්ධයෙන් ජාතික පුවත් පතක් කල අනාවරණය පහත දැක්වෙන් බව කරුණාවෙන් සලකන්න. මෙහි සමන් යනුවෙන් අන්වර්ථ නාමයෙන් දක්වා ඇත්තේ KDU Group හි සභාපති තුෂාන් (thushan upasena) ය.

සමනලී මඩපාත පිළියන්දල ප්‍රදේශයේ පදිංචි තරුණියකි. අවිවාහක ඇයට වයස අවුරුදු විසිහතරකි. ඇය සැලසුම් කළමනාකාරිණියක් ලෙස රැකියාවේ නිරත වූවාය.

ඉන වටා වැටුණු බොකුටු වරලස පුළුලූකුල සහ සිහින් සිරුර සමනලීට ගෙනාවේ අමුතුම සුන්දරත්වයකි. රෝසපාට තොල් පෙති, දිගැටි ඇස් සහ වත මඬලේ නිරතුරුව රැඳී තිබුණ සිනහව ඇයගේ සුන්දරත්වය තවත් ඔප් නැංවූවාය. කොටින්ම කියතහොත් ඇය මිහිපිට වසනා සුරංගනාවියක් බඳුය.

සමනලී රූමත් වුවත් චරිතය එතරම් පිරිසිදු නොවුණි. ඇය පාසල් සමයේදීම ගැහැණියක වූවාය. ඒ තම දෙවැනි පෙම්වතා අතින්ය.

රැකියාටව අමතරව ඇය නිරූපණ ක්‍ෂේත්‍රයේද නිරත වූවාය. එහිදී ඇයට කොළඹ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකු හඳුනා ගැනීමට හැකි විය.

මුදල්වලටද ඇය දැඩි කෑදරකමක් දැක්වූවාය. ‘‘මහන්සි වී මුදල් හොයනවාට වඩා ලෙහෙසියෙන් මුදල් හොයන්න ඕනා. දෙවියො ලස්සන සිරුරක් දීලා තියෙන්නේ ඒක නිසා වෙන්නැති. ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනා.’’ ඇය එලෙස සිතුවාය.

එ අනුව ඇය කෝටිපති ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් සමග සමීප සම්බන්ධතා පැවැත්වූවාය. ඔවුන් සමග සුපිරි හෝටල්වල රාත්‍රිය ගත කිරීම, මත්පැන් පානය කරමින් විනෝද වීම වැනි දේවල්වලට ඇය හුරු වූවාය. ඒ සමගම ව්‍යාපාරිකයන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබා ගැනීමටද ඇය වග බලා ගත්තාය.

ඇය අත දැන් යහමින් මුදල් ඇත. ඒවායින් කොටසක් ඇය වියදම් කළේ රූපලාවන්‍ය කටයුතු සහ ඇඳුම් පැළඳුම් ආදිය මිලදී ගැනීම සඳහාය. ඇයට වුවමනා වූයේ අන් අයගේ ආකර්ෂණය වැඩි වැඩියෙන් තමා වෙත යොමු කර ගැනීමටයි. විශේෂයෙන්ම කෝටිපති ව්‍යාපාරිකයන්ගේය. සමහර අවස්ථාවන්හිදී ඇය තම කලවා සහ පියයුරු ඕනවටත් වඩා අන් අයට පෙනෙන්න ඇඳුම් අඳින්න ඇත්තේද එමනිසා වන්නට ඇති.

කාලය එලෙස ගෙවී ගියේය. දිනක් ඇයට තවත් කෝටිපති ව්‍යාපාරිකයකු දැන හඳුනා ගැනීමට හැකි විය. නමින් ඔහු සමන් සිල්වාය. ඔහු කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. විවාහකයෙකි. තිදරු පියෙකි. වයස අවුරුදු පනස් තුනකි. ඔහු ව්‍යාපාරය ලෙස කරගෙන ගියේ තේ කොළ අපනයනය කිරීමයි.

සමන් තම පවුලට ලැදිකමක් දැක්වුවත් තරුණියන් කිහිපදෙනකු සමග ද සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේය.

සමනලී සමන් පළමු හමුවෙන්ම දෙදෙනා අතර දැඩි මිත්‍රත්වයක් ඇති කරගත්හ. සමන් ඇයගේ සුන්දරත්වයට වශී වූ අතර සමනලී ඔහුගේ මුදල් වලට වශී වූවාය.

පසු දින උදා විය. සමන්ට පෙර ඇය ඔහුට දුරකථන ඇමතුමක් ලබා ගත්තාය. එලෙස ලබාගෙන ඇය මෙලෙස පැවසුවාය.

‘‘හෙලෝ ගුඞ් මෝනිං මිස්ටර් සිල්වා. මම සමනලී මතකද මන්දා.’’

‘‘ගුඞ් මෝනිං, ගුඞ් මෝනිං ඇයි මතක නැත්තේ මම කෝල් එකක් ගන්න හිටියේ අද.’’

‘‘මම හිතුවා ඊයේ ඩි‍්‍රන්ක්ස් අරන් හිටිය නිසා මාව අමතක වෙලා ඇති කියලා.’’

‘‘ඩි‍්‍රන්ක්ස් අරන් හිටියත් ඔය වගේ ලස්සන මුහුණක් කොහොම අමතක කරන්නද?’’

‘‘අනේ යන්න බොරු නොකිය. මම එච්චර ලස්සන නැහැ. එහෙනම් මිස්ටර් සිල්වා ලස්සන ගෑණු ළමයි දැකලා නැහැ.’’

‘‘ලස්සන ගැහැනු ළමයෙක් දැක්කා ඊයේ.’’

‘‘අනේ විහිළු කරන් නැතිව ඉන්න.’’

‘‘විහිළු නොවෙයි මම ඇත්ත කීවේ. ඇත්තටම දැන් ඔයා මොකද කරන්නේ.’’

‘‘මම සැලසුම් කළමනාකාරිණියක් ලෙස සේවය කරනවා. එයට අමතරව මොඩ්ලින් කරනවා.’’

‘‘නියමයිනේ. ඔයාට ගැළපෙන්නේ මොඩ්ලින් තමයි.’’

‘‘ඇයි එහෙම කියන්නේ.’’

‘‘නැහැ ඔයා ලස්සනයිනේ. ඒක නොවෙයි අපි මීට් වෙලා කතා කරමු මටත් වැඩ වගයක් තියෙනවා කර ගන්න.’’

‘‘ හරි මිස්ටර් සිල්වා ටයිම් එකක් කියන්න. මම එන්නම්.’’

‘‘කල් දාන්න ඕනා නැහැ. අද හයට හිල්ටන් එකේ ලොබි එකට එන්න පුළුවන්ද?’’

‘‘හරි මම එන්නම්.’’

කතාව එලෙස අවසන් විය. ‘‘අනෙක් අය වගේ නොවෙයි. මිනිහව ඉක්මනින් දැලේ දාගන්න පුළුවන්. එයා මට ගොඩක් කැමතියි වගේ. අද යන්න ඕනා ටිකක් ඇඟ පත පේන විදිහට ඇඳගෙන.’’ ඇය එලෙස සිතුවාය.

සවස හයට දෙදෙනා මුණ ගැසුණහ. සමනලීගේ අඟ පසඟ සහ ලස්සන දැකීමෙන් ඔහු ඇයට තවත් වශී වූහ. ‘‘ ඇය සමග ය……. ඇත්නම් කොච්චර අගනේද.’’ ඔහුට එක්වරම සිතුණි.

දෙදෙනා එහි ආපනශාලාවට ගොස් පැය ගණනක් කතා බස් කළහ. සමන්ට වුවමනා වූයේ කෙලෙස හෝ ඇය තමා වෙත නතු කර ගැනීමටයි. එ සඳහා ඔහු නොයෙකුත් උපක්‍රම භාවිත කළේය. එහෙත් එය අසාර්ථක විය. අවසානයේ ඔහු ඇයට මෙලෙස පැවසුවේය.

‘‘අපේ කම්පැණියේ ඇඞ් ටිකක් කරන්න ඕනා. ඒකට මම ඔයාව තෝරා ගන්නවා.’’

‘‘ඒකනම් හොඳයි. මමත් ආසයි ඒකටනම්’’

‘‘හරි හරි අපි ඉක්මනට ඒක කරමු. හැබැයි ඔයා මට උදව්වක් කරන්න ඕනා.’’

‘‘ඒ මොකක්ද?’’

‘‘මම කැමතියි ඔයා එක්ක ඩි‍්‍රන්ක් එකක් අර ගන්න.’’

‘‘ඉතින්.’’

‘‘ඉතින් කියන්නේ කවදද එන්නේ.’’

‘‘අනේ මන්දා මිස්ටර් සිල්වා කියන දේවල්.’’

‘‘එහෙම කියන්න එපා. මම වෙන දේවල් ඉල්ලන්නේ නැහැනේ.’’

‘‘හරි හරි මම එන්නම්.’’

‘‘කවදද එන්නේ.’’

‘‘ඔයා කියන්න.’’

‘‘එහෙනම් කල් දාන්න ඕනේ නැහැ. හෙටම යමු.’’

‘‘හරි හරි.’’

ඉන් පසු දෙදෙනා විසිර ගියහ.

පසු දින උදාවිය. කතා කරගත් වේලාවට දෙදෙනා මුණ ගැසුණහ. ඉන්පසු ඔවුහු තරු පහේ හෝටලයකට ගියහ. ඉස්තරම් වර්ගයේ විස්කි සහ කෑම බීම ඇණවුම් කළහ. දෙදෙනා ඒවා පානය කරමින් විවිධ දෑ කතා බස් කළහ. සමන්ට වුවමනා වූයේ ඇය සමග සමීප ඇසුරක් පැවැත්වීමටයි. එම නිසා ඔහු ඇයට මෙලෙස යෝජනා කළේය.

‘‘මම දන්න අය මෙතනට එන්න පුළුවන්. ඒක දෙන්නටම හොඳ නැහැ. ඒක නිසා අපි රූම් එකකට යමුද? මම තියෙන හොඳම රූම් එක බුක් කරන්නම්.’’

ඇය එයට අකමැති නොවීය. සමන් එම තරු පහේ හෝටලයේම කාමරයක් වෙන් කර ගත්තේය. ඉන් පසු දෙදෙනා එය තුළට ගියහ. එලෙස ගොස් ගතවූයේ සුළු වෙලාවකි. සමන් ඇයව තුරුළුකර ගත්තේය. සමනලීද එයට අකැමැත්තක් නොපෙන්නුවාය. දැන් කිසිම දෙයකට බාධාවක් නොමැති බව ඔහු දැන ගත්තේය. ඉන් පසු ඔහු තම සිතේ තිබුණ ආශාව ඇයගෙන් ඉටු කර ගත්තේය.

එතැන් පටන් දිනපතාම පාහේ ඔවුහු එලෙස මුණ ගැසුණහ. සති කිහිපයක් යද්දී ඔහු අත දිගහැර ඇයට වියදම් කිරීමට පටන් ගත්තේය. ඇය ජීවත්වූයේ මාසික කුලිය 35000 ක් පමණ ගෙවන නිවසක තනියමයි.

සමන් සහ සමනලී අතර අනියම් සම්බන්ධය ජයමට පවත්වාගෙන ගියහ. ඒ අතර සමන් ඇය ඉල්ලන ඉල්ලන දේ දීමට පුරුදු වී තිබුණි. ඒ අතර කාලය තුළ ඇය වෙනත් කෝටිපති ව්‍යාපාරිකයන් සමගද සම්බන්ධතා පවත්වාගෙන ගියාය.

මුල සිටම සමනලීගේ සිතේ යම් අදහසක් තිබුණි. ඒ සඳහා ඇය මුල සිටම ක්‍රියාත්මක වුණි. ඇය සමන් සමග සිටින නිරුවත් පිංතූර සහ ඔහුගේ වට්ස්ඇප් ගිණුමේ තියෙන සියලූ තොරතුරු ඇය එක් රැස් කරගෙන තිබුණි. ඒ සමන්ගේ ජංගම දුරකථනයේ දත්ත බද්ධ කරගනිමින්ය.

සමන්ගේ දියණියක් විවාහ වීමට සූදානම් වී සිටියේය. ඇය එහි දින වකවානු ආදී සියල්ලම කල් වෙලා ඇතිව දැනගෙන සිටියාය. දැන් තමන්ගේ මෙහෙයුම පටන් ගැනීමට හොඳම කාලය බව ඇයට වැටහුණි.

පසුදිනම ඇය සමන්ගෙන් රුපියල් කෝටි 10 ක මුදලක් ඉල්ලූවාය. ඔහු කුමකටද කියා අසා එච්චර මුදලක් කිසිසේත්ම දිය නොහැකි බව පැවසුවේය. ඇය ඉන් කෝපයට පත් වූවාය. ඉන්පසු ඇය සමන්ට තර්ජනය කර තමන් ළඟ නිරුවත් පිංතූර සහ ඔහුගේ ජංගම දුරකථනයේ තිබුණ රහස් ගොඩක් තමන් ළඟ තියෙන බව පවසා ඒවා ප්‍රසිද්ධ කරන බව පැවසුවාය.

ඇයගේ එම තර්ජනය හමුවේ සමන් ඉතා අසරණ විය. තමන් කිසියම් උගුලකට හසුවී ඇති බව තේරුම් ගත්තේය. දැන් එයින් ගොඩ ඒමේ මගක් ඔහු කල්පනා කළේය. ඒ අතර සමනලී දිගින් දිගටම ඔහුට තර්ජනය කර කෝටි 10යේ කප්පම් මුදල ඉල්ලා සිටියාය.

සමන් දස අතේ කල්පනා කළත් නිසි පිළිතුරක් නොලැබුණි. අවසානයේ ඇයගෙන් බේරීමට නොහැකි තැන නීතියේ පිහිට පැතීමට තීරණය කළේය. ඒ අනුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් මේ පිළිබඳව පැමිණිලි කළේය.

පැමිණිල්ලට අනුව පරීක්ෂණ ඇරඹූ එම නිලධාරීහු එම සැකකාර තරුණියව අත්අඩංගුවට ගත්හ. ඒ අනුව ඇය ළඟ තිබී ජංගම දුරකථන 4 ක් සහ ලැප්ටොප් 3 ක් සොයා ගත්හ. එවායේ තිබී තවත් මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේම නිරුවත් පිංතූර සහ තවත් වටිනා තොරතුරු රැසක් සොයා ගැනීමටද එම නිලධාරීන්ට හැකිවිය.

පරීක්ෂණවලදී අනාවරණය වූයේ සැකකාරිය 2007 අංක 27 දරන පරිගණක පනත මෙන්ම දණ්ඩ නීති සංග්‍රහයද උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවයි. එම වෝදනාවලට අදාළව එම නිලධාරීහු සැකකාර සැලසුම් කළමනාකාරිණියව අධිකරණයට ඉදිරිපත් කළහ. එහිදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සැකකාර තරුණියව ලබන මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.

කෝටිපති ව්‍යාපාරිකයන් සමග සමීප සම්බන්ධතා ඇතිකරගෙන ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු ඉතා රහසිගත ලෙස සොරාගෙන ඉන්පසු කප්පම් ඉල්ලන සැලසුම් කළමනාකාරිණියට අවසානයේ සිදුවූයේ එලෙස බන්ධනාගාරගත වීමටයි.

Published on: Jun 25, 2020- ජනාධිපති විමර්ශන කොමිෂන් සභා කටයුතු ජනමාධ්‍ය ආවරණයන්ගෙන් ‘සමගිජන බලවේගය විනාශ කිරීමේ වොයිස්කට් නාටකය‘ පාලනය කිරීම සදහා මැතිවරණ කොමිෂම පියවර ගන්නා ලෙස ඉල්ලමින් සමගි ජනබලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යොමුකර තිබේ.

සභාපති,

මැතිවරණ කොමිෂන් සභාව.

2020/06/25

මැතිවරණ සමයේ ඊනියා ජනාධිපති විමර්ශන කොමිෂන් සභා ‘වොයිස් කට්‘ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම

ජනාධිතිවරණ විමර්ශන කොමිෂන් සභා දෙකක් සදහා දෛනිකව ජාතික ජනමාධ්‍ය ආයතන විකාශ 6 ක් හෝ එයට වැඩි කාලයක් මේ වන විට ප්‍රචාරය ලබා දෙමින් ඇත. ජනාධිපති කොමිසන් සභා වෙත පැමිණෙන චූදිතයින්, දේශපානලඥයින්, ආධාරකරුවන්, නරඹන්නන්, විසින් අදාළ පරිශ්‍රයේ  සිට වොයිස් කට් මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටී.

සමගි ජනබලවේගයේ අපේක්ෂකයින්, ප්‍රතිපත්ති ඉලක්ක කරමින් මෙම ඊනියා වොයිස් කට් මෙහෙයුම සිදුවේ.  කොමිෂන් සභාවේ කටයුතු වලට කිසිදු සම්බන්ධයක් නොමැති කරුණු මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ කොටසක් ලෙසින් තිර පිටපතට නගා ඇත.

මැතිවරණ සමයේ දී ගංගාවලින් නයි මතුවීම, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ‘කටුවෙන් අනින නංගිගේ කථාව‘ ට නොදෙවැනි ජනමාධ්‍ය රංගනයක් ලෙස ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වොයිස් කට් නාටකය දිගැදෙමින් ඇත.

මැතිවරණ කොමිසම සමගි ජන බලවේගයට ප්‍රමුඛ විපක්ෂයේ අනෙකු සියළු පක්ෂවලට බැනරයක් ප්‍රදර්ශනය කර ගන නොහැකි පරිසරයක් ගොඩ නගා ඇත.  රාජ්‍ය සේවකයින්ට ෆේස් බුක් අදහස් දැක්වීම වැලැක්වීම සදහා විනය පරීක්ෂණ භීතියක් මතුපිටට ගෙන ඇත.

විපක්ෂයේ කණ්ඩායමක  කකුල් කඩා සමබිමක තරඟයක් ලෙස මහා මැතිවරණයක් පැවැත්විය නොහැකිය.නමුත්, රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ගුවන්විදුලි සංස්ථාව, ලේක් හවුස් හා පුද්ගලික නාලිකා කිහිපයක් ද, සමාජ මාධ්‍ය ද උපයෝගී කර ගනිමින් මේ වන විට සිදු වෙමින් ඇත්තේ ඒ අසම-තරග බිම නිර්මාණය කිරීමයි.

එබැවින්, ජනාධිපති විමර්ශන කොමිෂන් සභා කටයුතු ජනමාධ්‍ය ආවරණයන්ගෙන් ‘සමගිජන බලවේගය විනාශ කිරීමේ වොයිස්කට් නාටකය‘ පාලනය කිරීම සදහා මැතිවරණ කොමිෂම පියවර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලමි.

මෙයට විශ්වාසී,

රංජිත් මද්දුම බණ්ඩාර

මහ ලේකම්

සමගි ජනබලවේගය

කොමසාරිස් ජනරාල් – මැතිවරණ කොමිසම

Published on: Jun 24, 2020-පාස්කු ප්‍රහාරයෙ කුමන්ත්‍රණ කරු මෙන්ම මහ මොළකරු වන තවුහිද් ජමාද් සංවිධානයේ නායක සහ්රාන් හෂීම් නමැත්තාට 2017 වර්ෂයේ දි මන්නාරමේ සිට බෝට්ටුවකින් ඉන්දියාවේ කාෂ්මීරය වෙත පලා යෑමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රිෆ්ඛාන් බදියුදීන් උපකාර කර ඇති බව හිටපු බුද්ධි අධ්‍යක්ෂකවරයෙක් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අනාවරණය කර තිබේ.

වර්ෂ 2017 මාර්තු මාසයේ දිනෙක මඩකළපුව කාත්තන්කුඩි අල්ලියාර් මංසන්ධියේ ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් සහ්රාන් හෂීම් නමැත්තා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබියදී, රිෆ්ඛාන් බදියුදීන් යන අය මෙලෙස කාෂ්මිරයට පලාගොස් තිබේ.

කාත්තන්කුඩි අල්ලියාර් ප්‍රදේශයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයට අදාළව වරෙන්තුකරුවකු වූ සහ්රාන් හෂීම් එම ප්‍රදේශයෙන් පැන ගොස් මාවනැල්ල සහ කුරුණෑගල යන ප්‍රදේශවල සැගවී සිට පසු අවස්ථාවක මන්නාරම් ප්‍රදේශයට ගොස් බෝට්ටුවක් මගින් ඉන්දියාවට පලා ගොස් ඇති බවද ඔහු අනාවරණය කර තිබේ.

පසුව 2018 වර්ෂයේ දෙසැම්බර් මාසය වන විට සහ්රාන් හෂීම් නැවත ලංකාවට පැමිණ තිබේ.

වරෙන්තු ලැබ සිටි සහ ජාතික ආරක්ෂාවට බලපෑම් කළ හැකි පුද්ගලයකුට රටින් පිටවීමට රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ සහෝදරයකු උපකාර කිරීම සම්බන්ධයෙන් එවකට යුධ හමුදාපතිවරයාව සිටි මහේෂ් සේනානායක දැනුවත් කර 2019 මාර්තු මස 22 වැනිදා ලිපියක් මගින් ආරක්ෂක ලේකම්වරයා සහ ජාතික බුද්ධි ප්‍රධානියා ද දැනුවත් කළ බවද හිටපු බුද්ධි අධ්‍යක්ෂකවරයා සදහන් කලා.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක තුන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා ද ඊයේ (23) කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළේ, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී මරාගෙන මැරුණා වූද වැල්ලම්පිටිය තඹ කම්හලේ අයිතිකරු වූද ඉන්සාෆ් අහමඩ් නමැත්තා පාස්කු ප්‍රහාරයට පෙර ජාතික තවුහිද් ජමාද් සංවිධානයට රුපියල් කෝටි හතර හාමාරක මුදලක් යොදවා ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී ඇති බවය.

මෙම කෝටි හතර හමාරක මුදල කිසිදු කාරණයක් සඳහන් නොකර ඉන්සාෆ් අහමඩ් නමැත්තා ඔහුගේ ගිණුමෙන් ලබාගෙන ඇති බව ඔහුගේ ගණකාධිකාරීවරයා ප්‍රකාශ ලබා දී ඇතැයි ද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොමිසමට දැනුම් දුන්නේය.මෙම ස්වයං ඝාතකයා ජාතික තවුහිද් ජමාද් සංවිධානයට මුදල් ලබාදීම සඳහා තම ගිණුමෙන් අවසන් වරට මුදල් ලබාගෙන ඇත්තේ ඉකුත් 2019 අප්‍රේල් මස 10 වැනිදා බවද සාක්ෂිකරු පැවසීය.

http://lankanewsnetwork.org/archives/20264

http://lankanewsnetwork.org/archives/20638

http://lankanewsnetwork.org/archives/24449

Top