චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා හමුවෙයි.
හමුව අද (03) සවස කසක්ස්ථානයේ අස්තානා අගනුවර දී පැවැත්විණ.
පසුගිය මැයි මාසයේ ව්ලැදිමීර් පුටින් මහතා චීනයේ නිල සංචාරයක නිරත වූ බවත්, චීන-රුසියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ 75 වැනි සංවත්සරය නිමිති කරගනිමින් තමා පුටින් මහතා සමඟ දෙරට සබඳතාවේ ඉදිරි සංවර්ධනය සඳහා විධිමත් සැලැස්මක් සම්පාදනය කර ඇති බවත් ෂී ජින් පිං මහතා එම හමුවේදී පැවසීය.
කැළඹිලි සහිත ජාත්‍යන්තර තත්ත්වය හමුවේ, චීනය හා රුසියාව දෙරට අතර පාරම්පරික මිත්‍රත්වයේ මූලික අරමුණ අඛණ්ඩව පවත්වා ගෙන යා යුතු බව ද චීන ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය. එසේම, දෙරට ජනතාවට ප්රතිලාභ ලබාදීමේ නොපසුබට උත්සාහය ද එක ලෙස පවත්වා ගත යුතුය.
ශැංහයි සහයෝගිතා සංවිධානයේ අස්තානා සමුළුව හෙට (4) පැවැත්වීමට නියමිතය. එය මේ වසරේ එම සංවිධානය හා බැඳුණු අතිශය වැදගත් අවස්ථාව බව ද ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.
මෙම සමුළුවේදී පුටින් මහතා ඇතුළු ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල නායකයන් සමඟ සංවිධානය ගොඩනැගීම සහ විවිධ ක්ෂේත්රවල සහයෝගිතා පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කිරීමට තමා සූදානමින් සිටින බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
Guam දූපතේ ‘වෙරළ සටන් බලකායක්’ ස්ථානගත කිරීම පිළිබඳ ඇමරිකාව සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් චීනය සිය ප්‍රතිචාර දක්වයි.
අද(27) චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු සඳහන් කළ පරිදි, ඇමරිකානු හමුදාව ඉදිරි වසර කිහිපයක් තුළ Guam දූපතේ සුළු පරිමාණ වේගවත්-ප්‍රතිචාර හැකියාවක් ඇති ‘වෙරළ සටන් බලකායක්’ ස්ථානගත කිරීමට අපේක්ෂා කරයි. එමෙන්ම චීනයේ ප්රහාරයන්ට මුහුණ දෙමින් ජපානය හා පිලිපීනය ඇතුළු සිය මිත්‍ර රටවල් ආරක්ෂා කිරීම එහි අරමුණ බවත් ඇමරිකානු පාර්ශ්වය පසුගිය 21වනදා ප්‍රකාශ කර ඇත. මේ පිළිබඳ චීනයේ ප්‍රතිචාරය පිළිබඳ ඔහු විමසීමක් කළේය.
පදනම් විරහිත ඊනියා තර්ජන හේතු කොට ගෙන ඇමරිකාව ආසියා ශාන්තිකර කලාපයේ පෙරමුණේ හමුදාව සැකසීම අඛණ්ඩව සිදු කරගෙන යමින් සිටින බව චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කර්නල් වූචියන් මහතා එහිදී පැවසීය. එදිරිවාදිකම් ඇති කරමින් නොසන්සුන්තා උග්‍ර කිරීම ඇමරිකාවේ අරමුණ බවත් චීනය ඊට දැඩි ලෙස විරුද්ධ වන බවත් ඔහු කියාසිටියේය.
චීන ජාතිකයින් කිසිවිටක ගැටලුකාරී තත්ත්වයන් ඇති නොකරන අතර, ප්රකෝපකාරී ක්‍රියාවලට ද බිය නොවනු ඇත. යම් පාර්ශ්වයක් මිත්‍රශීලී සබඳතාවකින් කටයුතු කරයි නම් චීනය ද සිය මිත්‍රශීලි බව පෙන්වනු ඇත. නමුත් යම් පාර්ශ්වයක් ප්රකෝපකාරී ක්‍රියා සිදු කරන්නේ නම් චීනය ද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇත. මෙම මූලධර්මයට චීනය දැඩි ලෙස අනුකූල වන බව ඔහු එහිදී අවධාරණය කර ඇත.
ඇමරිකාවේ ඇතැම් මන්ත්‍රීවරුන් 14 වැනි Dalai Lama හමු වීම සහ මෑතකදී ඇමරිකා කොංග්‍රසය චීනයේ ටිබෙටය පිළිබඳ පනත සම්මත කර ගැනීම සම්බන්ධයෙන් චීනය සිය අදහස් පළ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා පැවසුවේ ටිබෙටයේ කටයුතු චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර කිසිදු බාහිර බලවේගයකට ඊට මැදිහත් විය නොහැකි බවයි.
14 වැනි Dalai Lama හුදු ආගමික ශාස්තෘවරයෙක් නොවන බවත්, ඔහු ආගමට මුවාවී චීනයට එරෙහිව බෙදුම්වාදී මෙහෙයුම්වල නිරත වන දේශපාලන සරණාගතයෙකු බවත් චීන ප්‍රකාශක පවසා තිබෙනවා. ටිබෙටය අතීතයේ සිටම චීන දේශභූමියේ කොටසකි. මේ බව පිළිගෙන ටිබෙටයේ ස්වාධීනත්වයට අනුබල නොදෙන පොරොන්දුව කඩ නොකරන ලෙසත් අදාළ පනතට අත්සන් නොතබන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බවයි චීනය පවසන්නේ
පිලිපීන විදේශ අමාත්‍යංශය පසුගිය 15 වනදා ප්‍රකාශ කළේ පිලිපීනය එක්සත් ජාතීන්ගේ මහාද්වීපික රාමුවේ සීමා පිළිබඳ කමිටුවට දකුණු චීන මුහුදේ පිටත මහාද්වීපික රාමුවේ සීමා නියම කිරීම පිළිබඳ යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි. මුහුදු නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුව පිලිපීනය එම මුහුදු ප්‍රදේශයේ සම්පත් සංවර්ධනය කිරීමේ විශේෂ අයිතිය සෙවීමට වෑයම් කරමින් සිටී.
ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා පැවසුවේ අදාළ තොරතුරු පිළිබඳව චීනය දැනුවත් වෙමින් සිටින බවයි. චීනය හා පිලිපීනය අතර දකුණු චීන මුහුදු ප්‍රදේශයේ භෞමික ප්රශ්නය සහ සමුද්‍රීය සීමා නියම කිරීමේ ආරවුලක් පවතින බව Lin Jian මහතා කීය. එහෙත් පිලිපීනය ඒකපාර්ශ්විකව එම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් චීනයේ ස්වෛරී අයිතිවාසිකම් සහ අධිකරණ බලය උල්ලංඝනය කර ඇති අතර මුහුදු නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය ඇතුළු ජාත්‍යන්තර නීතිය හා දකුණු චීන මුහුද පිළිබඳ ආචාර ධර්ම ප්රකාශනයේ අදාළ රෙගුලාසීන්ට පටහැනි වේ. එක්සත් ජාතීන්ගේ මහාද්වීපික රාමුවේ සීමා පිළිබඳ කමිටුවේ රෙගුලාසියට අනුව පිලිපීනය ඉදිරිපත් කරන යෝජනාව එම කමිටුව විමර්ශනය කිරීම හා සාකච්ඡා කිරීම සිදු නොකළ යුතු බව Lin Jian මහතා අවධාරණය කළේය.
G7 ප්‍රකාශය මගින් යළිත් චීනය සම්බන්ධ ප්‍රශ්න හුවා දක්වමින් කිසිදු නීතිමය හෝ සදාචාරාත්මක පදනමකින් තොරව චෝදනා එල්ල කිරීම හෙළා දකින බව චීන විදේශ අමාත්‍යංශය පවසනවා.
නැගෙනහිර චීන මුහුද, දකුණු චීන මුහුද, හොංකොං, චීන ටිබේටය, තායිවාන සමුද්‍ර සන්ධියේ තත්ත්වය පිළිබඳව G7 නායකයින් පදනම් විරහිත චෝදනා එහිදී ඉදිරිපත් කළ බවයි චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ලින් ජියන් මහතා පවසන්නේ . G7 යනු සමස්ත ලෝකය නියෝජනය කරන පිරිසක් නොවන අතර ඔවුන් නියෝජනය කරනුයේ ලෝක ජනගහනයෙන් සියයට 10 ක් පමණක් බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
වාර්ෂිකව ගෝලීය ආර්ථිකයේ G7 සාමාජිකයින්ගේ කොටස අඛණ්ඩව පහත වැටෙමින් පවතින අතර ඔවුන් සියල්ලම ගෝලීය ආර්ථික වර්ධනයට චීනයට වඩා අඩු දායකත්වයක් සපයන බව ද චීනය පවසනවා. G7 සාමාජිකයින්ගේ ආර්ථික සමස්තය දැනටමත් BRICS රටවල් විසින් අභිබවා ගොස් ඇති බවත් ඔවුන් ලෝකයේ සාම සංවර්ධන ප්රවණතාවට එරෙහිව ක්‍රියා කරන බවයි චීන විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ
Vladimir Putin රුසියානු සමූහාණ්ඩුවේ අටවැනි ජනාධිපතිවරයා ලෙස වසර හයක කාලයක් සඳහා යළි දිවුරුම් දෙයි. ඊයේ (7) මොස්කව් හි ක්‍රෙම්ලිනයේදී ජනපති පදවි ප්රාප්ති උත්සවය පැවැත්විණ.
රුසියාව වත්මන් දුෂ්කර කාලය මැඩපවත්වා වඩා ශක්තිමත් වනු ඇති බවත්, නව සංවර්ධන සැලසුම් සහ ඉලක්ක ඉටු කිරීමේ මනා විශ්වාසයකින් සිටින බවත් Vladimir Putin එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. රුසියාව අඛණ්ඩව විවෘතභාවය පවත්වා ගනිමින්, මිත්‍ර රටවල් සමඟ හවුල්කාරීත්වයන් වැඩි දියුණු කරනු ඇති බව ද ඔහු පැවසීය. ආරක්ෂාව සහ උපායමාර්ගික ස්ථාවරත්වය පිළිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන් බටහිර රටවල් සමඟ සංවාදවල යෙදිය හැකි නමුත්, එම සංවාද පැවැත්විය හැක්කේ සමානාත්මතාවය සහ එකිනෙකාගේ අවශ්‍යතාවලට ගරු කිරීමේ පදනම මත පමණක් බව Vladimir Putin මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
මන්ත්‍රී රාජිත සේනාරත්නගේ මූලිකත්වයෙන් ලෝක යුධ විරෝධී සන්ධානයක් පිහිටුවා තිබේ.එහි ආරම්භය ඊයේ (06) කොළඹදී සිදුවුණ අතර ඊට දේශපාලන පක්ෂ නියෝජිතයින් ආගමික නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් රැසක්ද එක්ව සිටියා.
දුමින්ද දිසානායක, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් ඇතුළු වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම එජාපයේ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාද ඊට එක්ව සිටියා.පැෆරල් සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයිදන්ද ඊට සහභාගී වුණා.
මේ වන විට ලොව පුර දරුණු යුධ ගැටුම් ඇවිලී තිබුණද ඒවාට එරෙහිව දැනෙන විරෝධයක් පෙනෙන්නට නැති අතර විශේෂයෙන් ශ්‍රී ලනකව තුළ මීට ඉහත කාලවලදී මෙම යුද්ධයන්ට එරෙහිව විශාල හඬක් නැගුණ නමුත් දැන් එවැනි පරිසරයක් දැක ගත නොහැකි බවයි රාජිත සේනාරත්න පැවසුවේ.
මෙහිදී පලස්තීනයේ ගාසා තීරණයේ ඇතිව තිබෙන සමූල ඝාතනයට එරෙහිව දැඩි විරෝධයක් එල්ල වුණා.
රුසියානු යුක්රේන යුද්ධය, සුඩානයේ සිවිල් යුද්ධය, මියන්මාරයේ ඇතිව තිබෙන තත්ත්වය, ඇතුළු ලෝකය පුර විසිරි තිබෙන යුද ගැටුම් හේතුවෙන් රටවල තුළ මතුව තිබෙන අරාජික තත්ත්වය ගැන සේනාරත්න මහතා මෙහිදී අවධානය යොමුකළා.
ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් වරින් වර එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා පරාජය කළද අවසානයේ ඊශ්‍රායලය ගෙන යන තිරස්චීන ක්රිය්වට විරෝධය දැක්වීමට තිබෙන අතර ඇමරිකාව ප්රමුඛ බටහිර ප්රමුඛ රටවල විශ්ව විද්‍යාල තුළද පන්ති වර්ජනය කරමින් මෙම යුද්ධයන්ට විරෝධය දක්වන තැනට පත්ව තිබෙන බවද සේනාරත්න මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිය ප්‍රංශ සංචාරය අද(05) ආරම්භ කළා.
ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතාගේ ඇරයුමට අනුව ප්‍රංශයේ සිය තෙවැනි නිල සංචාරය ආරම්භ කිරීමට ලැබීම සම්බන්ධයෙන් ඉතා සතුටට පත් වන බවයි ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළේ.
වසර 60කට පෙර චීනය හා ප්‍රංශය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කෙරුණා.
මෑත වසරවලදී, චීන-ප්‍රංශ සබඳතා ඉහළ මට්ටමේ සංවර්ධනයක් පවත්වා ගෙන ගොස් ඇති අතර, ගුවන් සේවා, න්‍යෂ්ටික බලශක්තිය, කෘෂිකර්මාන්තය, ආහාර, හරිත සහ අනෙකුත් ක්ෂේත්රවල සහයෝගීතාව අඛණ්ඩව වර්ධනය වී තිබෙනවා.
මෙම සංචාරය අතරතුර, චීන-ප්‍රංශ සහ චීන-යුරෝපා සංගම් සබඳතා පිළිබඳ මෙන්ම, වත්මන් ප්‍රධාන ජාත්‍යන්තර හා කලාපීය ගැටළු පිළිබඳව ජනාධිපති Macron මහතා සමඟ ගැඹුරින් අදහස් හුවමාරු කර ගැනීමට තමා බලාපොරොත්තු වන බව ද ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
ගාසා තීරයේ ඊශ්‍රායලයේ ක්‍රියාකලාපය තවදුරටත් මානුෂීය ව්‍යසනය උග්‍ර කරන බැවින් ඊශ්‍රායලය සමඟ ඇති සියලුම ආනයන අපනයන වෙළෙඳාම අත්හිටුවීමට තුර්කිය තීරණය කර තිබේ. තුර්කි වෙළඳ අමාත්‍යාංශය ඊයේ (2) මේ බව නිවේදනය කළේය.
තුර්කි වෙළඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ ගාසා තීරයේ ඊශ්‍රායලයේ ක්‍රියාවන් නිසා ඇති වූ මානුෂීය ව්‍යසනයන් හේතුවෙන් තුර්කිය අප්‍රේල් මස 9වැනිදා සිට පළමු අදියර ලෙස ඊශ්‍රායලයට භාණ්ඩ වර්ග 54 ක් අපනයනය කිරීම අත්හිටුවා ඇති බවයි. නමුත් ඊශ්‍රායල රජය ගාසා තීරයේ සිය මෙහෙයුම් නතර නොකළ අතර එය ප්‍රාදේශීය මානුෂීය ව්‍යසනය තවදුරටත් උග්‍ර කිරීමට හේතු වී ඇත. එබැවින් තුර්කිය දෙවන අදියරේ ක්‍රියාමාර්ග දියත් කර ඇති අතර ඊශ්‍රායලය සමඟ සිදු කෙරෙන සියලුම ආනයන සහ අපනයන වෙළඳ කටයුතු අත්හිටුවීමට ඒ අනුව තීරණය කර ඇත.
චීන තරුණ දිනය නිමිත්තෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති හා මධ්‍යම යුද කමිටුවේ සභාපති ෂී ජින් පිං මහතා, මධ්‍යම කාරක සභාව වෙනුවෙන් රටේ සමස්ත තරුණ පරපුර වෙත සිය හෘදයාංගම සුබ පැතුම් පළ කරයි.
තරුණ-තරුණියන් චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය නොසැලී අනුගමනය කරමින් ශක්තිමත් රටක් ගොඩනැගීම සහ ජාතික පුනර්ජීවනය සඳහා වෙහෙස මහන්සි වී කටයුතු කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.
සෑම තරාතිරමකම පක්ෂ සංවිධාන, තරුණ තරුණියන්ගේ කටයුතුවල දී නායකත්වය ශක්තිමත් කළ යුතුය. ඔවුන්ගේ වර්ධනය වැදගත් කොට සලකා ඔවුන්ගේ වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමට සහාය විය යුතු බව ද චීන ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ.
චීනය සහ බ්‍රික්ස් රටවල් අතර වෙළඳ හුවමාරු අඛණ්ඩව වර්ධනය වී ඇත.
චීන රේගු මහා පරිපාලනයේ සංඛ්‍යාලේඛනයකට අනුව, ගෙවී ගිය පළමුවැනි කාර්තුවේ බ්‍රික්ස් රටවල් 9 සමඟ සිදු කළ චීනයේ අපනයන හා ආනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 1.5ක පමණ අගයකි. පසුගිය වසරේ සමාන කාලයට වඩා එය 11.3%ක වර්ධනයක් පෙන්නුම් කෙරෙන අතර, අපනයන හා ආනයනවල සමස්ත වටිනාකමෙන් එය 14.7%ක අගයක් වීම ද විශේෂත්වයකි.
රේගු මහා පරිපාලනයේ සංඛ්‍යාලේඛන හා විෂ්ලේෂණ කටයුතු පිළිබඳ ප්‍රධානී Lv Daliang මහතා සඳහන් කළේ, නැඟී එන වෙළඳපොළ හා සංවර්ධනය වෙමින් පවතින රටවල් නියෝජනය කරන බ්‍රික්ස් රටවල්, ලෝකයේ වත්මන් ආර්ථික ප්‍රකෘතිමත්වීම හා වෙළඳ සංවර්ධනය සඳහා ‘ගාමක බලවේගයක්’ වන බවයි.
2024 වසරේ ජනවාරි පළමුවැනි දා සිට, සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉරානය, ඉතියෝපියාව යන රටවල් බ්‍රික්ස් හි නිල සාමාජිකත්වය ගෙන තිබේ. මේ සමඟ, එහි සාමාජික රටවල් සංඛ්‍යාව 5 සිට 10 දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ(1) ජාත්‍යන්තර කම්කරු දින නිවාඩු සමයේ පළමුවැනිදා, රට පුරා දුම්රිය මගී සංචාර වාර ගණන ලක්ෂ 206 ඉක්මවා ගොස් ඇති බව සංඛ්‍යාලේඛනවලින් තහවුරු කෙරේ. එය එක් දිනක් තුළ නව ඓතිහාසික වාර්තාවකි. අද(2), චීන දුම්රිය මගීන් මිලියන 17 ක් රැගෙන යාමට අපේක්ෂා කෙරේ. ඒ සඳහා අතිරේක මගී දුම්රිය 1094 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ජාත්‍යන්තර කම්කරු දින නිවාඩු සමය තුළ මගී ප්‍රවාහන ඉල්ලුම සහ දුම්රිය මගී ප්‍රවාහය ඉහළ මට්ටමක පවතී. විවිධ ප්‍රදේශවල දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රාදේශීය ප්‍රවාහන හා සංස්කෘතික සංචාරක දෙපාර්තමේන්තු සමඟ සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් දුම්රිය ආහාර සැපයීම, ප්‍රවාහන සම්බන්ධතා සහ සංචාරක උපදේශන යනාදී සේවාවන් ප්රශස්ත කොට විවිධ දුම්රිය ක්‍රියාකාරකම් සංවිධාන කර ඇත.
Top