පලස්තීන නව රජයට සහාය වන ලෙස චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලීමක් කරයි.
Mohammad Mustafa මහතා අගමැති හා විදේශ ඇමති ධුර හොබවන පලස්තීන නව රජයේ දිවුරුම් දීම වෙනුවෙන් චීනය සුබ පැතුම් එක් කරන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා ඊයේ (1) ප්‍රකාශ කර ඇත. පලස්තීන ජාතික බලායතනයේ අධිකාරිය ශක්තිමත් කිරීමටත් නව රජයේ සේවා කටයුතුවලටත් සහාය වන ලෙස චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලීමක් කරන බව ද ප්‍රකාශ කෙරේ.
චීනය ජගත් ප්‍රජාව සමග එක්ව සටන් විරාමය ක්‍රියාත්මක කිරීම පෙළඹවීම, සිවිල් වැසියන් ආරක්ෂා කිරීම, පලස්තීන ගැටළුව ‘ද්වි රාජ්‍ය විසඳුම’ පිළිබඳ නිවැරදි මාර්ගයට යළි පැමිණීම සඳහා උත්සාහ කරනු ඇතැයි ද ඔහු පැවසීය.
ඊශ්‍රායල මාධ්‍ය සහ පොලිස් වාර්තාවලට අනුව, ඊශ්‍රායල ජාතිකයන් දහස් ගණනක් ඊයේ(30) රාත්‍රියේ විවිධ නගරවල විරෝධතා පෙළපාළි පවත්වා ඇත. පවතින ඊශ්‍රායල රජය විසුරුවා යළි පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.
වාර්තාවලට අනුව, ඊයේ(30) රාත්‍රියේ ඊශ්‍රායල ජාතිකයෝ දහස් ගණනක් Tel Aviv-Yafo, Be’er Sheva සහ Caesarea යන නගරවල මෙම විරෝධතා පැවැත්වූහ. හමාස් සංවිධානය සමග කඩිනමින් එකඟතාවකට එළැඹීමෙන්, අත්අඩංගුවේ සිටින ඊශ්‍රායල ජාතිකයන් නිදහස් කර ගන්නා ලෙස, ඔවුහු රජයෙන් ඉල්ලා සිටියහ. එමෙන්ම අගමැති Benjamin Netanyahu මහතා ධුරයෙන් ඉවත් කරන ලෙසත්, පාර්ලිමේන්තු මැතිවරණයක් යළි පවත්වන ලෙසත්, ඔවුන් ඉල්ලා සිටී.
විදේශිකයන්ට විවිධ සේවා සපයන චීන වෙබ් අඩවියක් ක්‍රියාත්මක කෙරේ. International Web Portal of Beijing නම් එම වෙබ් අඩවිය ඉංග්‍රීසි, ජර්මන්, ජපන්,කොරියන්, ප්‍රංශ, ස්පාඤ්ඤ, රුසියන්, අරාබි සහ පෘතුගාල යන භාෂා 9 කින් නිර්මාණය කර ඇත. මේ ඔස්සේ විදේශිකයට සිය සංචාර, අධ්‍යාපන කටයුතු, දෛනික ජීවිතය, ගමන් බිමන්, ගෙවීම් ක්‍රම ආදිය පිළිබඳ තොරතුරු හා සේවා ලබා ගත හැකිය. එමගින් විදේශිකයන්ට බෙයිජිං නගරයේ දී ඉතා කාර්යක්ෂම හා පහසු නාගරික සේවා සපයනු ඇත.
දකුණු චීන මුහුදු අර්බුදයට සම්බන්ධ පාර්ශ්වයක් නොවන ඇමරිකාව, චීනය හා පිලිපීනය අතර පවතින එම ප්‍රශ්නයට මැදිහත් නොවිය යුතු බව චීනය කියයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ (28) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය. ඒ, දකුණු චීන මුහුදේ ස්වාධිපත්‍යය හා සාගර අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පිලිපීනයට සහාය දෙන බවට ඇමරිකානු ජාතික ආරක්ෂක ඇමතිවරයා පසුගිය දා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.
ඇමරිකානු-පිලිපීන ආරක්ෂක ගිවිසුමෙන් චීනයේ ස්වාධිපත්‍යය සහ සාගර අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ දැඩි අධිෂ්ඨානයට බාධා එල්ල නොවන බව ද Lin Jian මහතා අවධාරණය කළේය.
යුනෙස්කෝ සංවිධානයේ විධායක මණ්ඩලය ඊයේ(27) ලෝක භූ විද්‍යා උද්‍යාන නම් ලැයිස්තුවට තවත් භූ විද්‍යා උද්‍යාන 18ක් ඇතුළත් කිරීමට අනුමැතිය ලබා දුන්නේය. එයට චීනයේ Changbai කඳුකර භූ විද්‍යා උද්‍යානය ඇතුළු චීන උද්‍යාන 6ක් ද ඇතුළත් වීම විශේෂත්වයකි.
මේ වන විට යුනෙස්කෝ සංවිධානයේ ලෝක භූ විද්‍යා උද්‍යාන නම් ලැයිස්තුවට ඇතුළත් වූ සමස්ත උද්‍යාන ගණන 213ක් වන අතර ඒවා රටවල් 48ක් ආවරණය කරයි. එහි අන්තර්ගත වැඩිම භූ විද්‍යා උද්‍යාන සංඛ්‍යාව චීනය සතුය.
අලුතින් එකතු කරන ලද ලෝක භූ විද්‍යා උද්‍යාන චීනය, බ්‍රසීලය, ක්‍රොඒෂියාව, ඩෙන්මාර්කය, ස්පාඤ්ඤය, ෆින්ලන්තය, ප්‍රංශය, ග්‍රීසිය, හංගේරියාව, පෝලන්තය සහ පෘතුගාලය යන රටවල පිහිටා ඇත. මීට අමතරව, තවත් උද්‍යානයක් බෙල්ජියම සහ නෙදර්ලන්තය යන රටවල් දෙක පුරා විහිදෙන බව යුනෙස්කෝ සංවිධානය ප්‍රකාශ කර ඇත.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සභාපති මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාකිස්ථානයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකී.
ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් එම සිද්ධියෙන් මිය ගිය පුද්ගලයන්ගේ ඥාතීන්ටත් චීන රජය හා පාකිස්ථාන රජයටත් සිය සංවේගය හා ශෝකය පළ කරන බව ඊයේ (27) නිකුත් වූ එම නිවේදනයේ සඳහන් වේ. එම ත්‍රස්ත ප්‍රහාරයේ අපරාධකරුවන්, සංවිධායකයින් හා මුදල් යෙදවූ පාර්ශ්වයන් නීතිය හමුවට පැමිණවීමට ක්‍රියා කළ යුතු බව එහිදී අවධාරණය කෙරිණ. එමෙන්ම ජාත්‍යන්තර නීතියේ නියමිත වගකීම් හා ආරක්ෂක මණ්ඩලයේ තීරණවලට අනුව, චීනය හා පාකිස්ථානය සමග එම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට සක්‍රීය සහයෝගයක් ලබා දෙන ලෙස ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් සියලු රටවලින් ඉල්ලීමක් කර ඇත.
මේ අතර පාකිස්ථාන ජනාධිපති Asif Ali Zardari මහතා ඊයේ(27) ඉස්ලාමාබාද් නුවර පිහිටි එරට චීන තානාපති කාර්යාලයට පැමිණ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය චීන ජාතිකයන් වෙනුවෙන් සිය ශෝකය පළ කළේය. දැඩි පියවර අනුගමනය කරමින් ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම අත්නොහරින පාකිස්ථානය දෙරට අතර මිත්‍රත්වය විනාශ වීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බව ද සඳහන් කර ඇත.
බෝආඕ ආසියානු සංසදයේ 2024 වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය අද(28) උදෑසන 10ට ආරම්භ විය.
එම උත්සවයෙන් අනතුරුව පැවැත්වීමට නියමිත චීන ආර්ථික ඉදිරි දැක්ම පිළිබඳ උප සාකච්ඡාවේදී, චීන ආර්ථිකයේ වර්ධන අපේක්ෂාව, චීන මාදිලියේ නවීකරණය ඉටු කිරීම පිළිබඳව දෙස් විදෙස් නියෝජිතයෝ සාකච්ඡා පවත්වති. ඊට සමගාමීව ‘ගෝලීය ආරක්ෂක මුලපිරුම–ආරක්ෂක ගැටුම්වලට විසඳුම් දෙමින් ලෝක සාමය ප්‍රවර්ධනය කිරීම’මැයෙන් පැවැත්වෙන උප සාකච්ඡාවට, චීන විදේශ අමාත්‍යංශයේ හා හදිසි තත්ත්වයන් කළමනාකරණ අමාත්‍යංශයේ ප්‍රධානීන් ද එක් වනු ඇත. ඔවුහු සාකච්ඡාවට එක්වන විදේශීය අමුත්තන් සමග ගෝලීය ආරක්ෂක මුලපිරුම විවිධ රටවල හා ජගත් සංවිධානවල ආරක්ෂක සංකල්ප සමග සම්බන්ධීකරණය කිරීම පිළිබඳව ගැඹුරින් අදහස් හුවමාරු කර ගනු ඇත.
ඊට අමතරව අද “චීන ඔස්ට්‍රේලියා ව්‍යවසායකයින්ගේ සංවාදය”, “චීන යුරෝපා ව්‍යවසායකයින්ගේ සංවාදය”, එක් තීරයක් එක් මාවතක් –හරිත ආයෝජනය පිළිබඳ වටමේස සාකච්ඡාව යනාදී ක්‍රියාකාරකම් පැවැත්වීමට ද නියමිතය.
චීන උප ජනාධිපති Han Zheng මහතා ඊයේ(26) බෙයිජිං නගරයේ පැවති ” චීනයේ ආයෝජනය කිරීම” මැයෙන් සමුළුවේ ආරම්භක අවස්ථාවට සහභාගී වී දේශනයක් පැවැත්වීය.
චීන ආර්ථිකයේ ස්ථාවර සංවර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට චීනය අඛණ්ඩව කටයුතු කරන අතර සංවර්ධනයේ ජයග්‍රහණ විවිධ රටවල සමාගම් සමග ද හුවමාරු කර ගන්නා බව Han Zheng මහතා එහිදී පැවසීය. චීනයේ වෙළඳපළ විභවය අඛණ්ඩව වර්ධනය වීමෙන් විදේශ අරමුදල් සහිත ව්‍යවසායන් සඳහා වැඩි ව්‍යාපාරික අවස්ථා නිර්මාණය වනු ඇත. එමෙන්ම කාර්මික පද්ධතිය අඛණ්ඩව වැඩිදියුණු කිරීමෙන් ලෝක ආර්ථිකයේ ස්ථාවර ක්‍රියාකාරිත්වය සඳහා විශ්වාසනීය සහයක් ලැබෙනු ඇති බවත්, ව්‍යාපාරික පරිසරය අඛණ්ඩව ප්රශස්ත කිරීමෙන් විදෙස් ආයෝජකයින්ට වඩා යහපත් සුරක්ෂිත ව්‍යාපාර පරිසරයක් නිර්මාණය වනු ඇති බවත් හෙතෙම සඳහන් කළේ ය.
“චීනයේ ආයෝජනය කිරීම” සන්නාමය ගොඩනැගීම යනු ඉහළ මට්ටමේ විවෘත කිරීම් පුළුල් කිරීමේ සහ ආර්ථික ගෝලීයකරණය ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කිරීමේ චීනයේ ප්‍රායෝගික ක්‍රියාවක් බව Han Zheng මහතා කියාසිටියේය. චීනයේ ආයෝජනය කොට ව්‍යාපාර ආරම්භ කිරීමට පැමිණෙන විදේශීය ව්‍යාපාරික මිතුරන් සාදරයෙන් පිළිගන්න බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
රටවල් සහ කලාප 17කින් පැමිණි ව්‍යාපාරිකයන් සහ චීනයේ සිටින විදේශ වාණිජ සංගම්වල නියෝජිතයන් 140කට වැඩි පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
රුසියානු ෆෙඩරල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ Alexander Bortnikov මහතා ඊයේ(26) ප්‍රකාශ කළේ මොස්කව් සංගීත ප්‍රසංග ශාලාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන වැරදිකරු පිළිබඳ තවමත් තහවුරු කර ගෙන නොමැති බවයි. නමුත් යුක්රේන බුද්ධි තොරතුරු අංශය එම ත්‍රස්ත ප්‍රහාරයට සහය ලබා දුන් බවත් අන්තවාදී IS ත්රස්තවාදීන් පිරිස එම ප්‍රහාරය සංවිධාන කළ බවත් හෙතෙම පැවසීය.
රුසියානු ආරක්ෂක අංශය යුක්රේනය මොස්කව් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූ බවට වන මූලික බුද්ධි තොරතුරු ලබා දුන් බවත් මේ වනවිටත් රුසියාව ත්‍රස්ත ප්‍රහාර තර්ජනයකට මුහුණ දෙමින් සිටින බවත් හෙතෙම අවධාරණය කළේය. යුක්රේන ආරක්ෂක දෙපාර්තමේන්තුව ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස පිළිගත යුතු බවද හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම රුසියානු ෆෙඩරල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා යුක්රේනය යන රටවල් මොස්කව් සංගීත ප්‍රසංග ශාලාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිටුපස සිටින බව සඳහන් කළේ යැයි රුසියානු Ita-Tass පුවත් ඒජන්සිය ද වාර්තා කර ඇත.
Huawei සමාගම හා සම්බන්ධ චීනයේ චිප සමාගම්වලට එරෙහිව සම්බාධක පැනවීමට ඇමරිකාව සැලසුම් කිරීම පිළිබඳව චීනය ප්‍රතිචාර දක්වයි.
අද(21) සවස චීන වාණිජ අමාත්‍යංශය පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි ප්‍රකාශක He Yadong මහතා පැවසුවේ මෑත වසර කිහිපයක් තුළ, ඇමරිකාව අත්තනෝමතික අයුරින් අපනයනයට බාධා කර හේතු රහිතව චීන ව්‍යවසායන්ට පීඩා එල්ල කර ඇති බවයි. අර්ධ සන්නායක කර්මාන්ත දාමයට ඉන් දැඩි පීඩා එල්ල වී ඇත. රාජ්‍ය බලය භාවිත කරමින් Huawei සමාගමට එරෙහිව අඛණ්ඩ ව පීඩා එල්ල කිරීමට සමගාමීව Huaweiට අදාළ චීනයේ අනෙකුත් ව්‍යවසායන්ට එරෙහිව සම්බාධක පනවන්නේ නම් එය ඇමරිකාවේ ආර්ථික දාමරිකකමකි. එය ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ රෙගුලාසි උල්ලංඝණය කිරීමක් ද වෙයි.
වැරදි ක්‍රියාවලින් බැහැර වන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. එරට ක්‍රියාවන් අනුව චීනය ප්‍රතිචාර දක්වමින් සිය ව්‍යවසායන්හී නීත්‍යනුකූල අයිතිවාසිකම් සුරැකීමට පියවර ගන්නා බව එම ප්‍රකාශකයා අවධාරණය කළේය.
පිලිපීනය, චීනයේ Nansha දූපත් සමූහයට අයත් Tiexian ගල්පරය වෙත නීති-විරෝධී ගොඩබැසීමට එරෙහිව චීනය විරෝධය පළ කරයි.
චීන වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශක Gan Yu මහතා පැවසුවේ පිලිපීනයේ පුද්ගලයන් 34දෙනෙකු අද(21) චීනයේ අනතුරු ඇඟවීම් නොතකමින් එම ගල්පරයට අනවසරෙන් ගොඩබැස ඇති බවයි. චීන වෙරළාරක්ෂක භටයන් විසින් නීත්‍යනුකූල පියවර ගෙන තිබේ. පිලිපීනයේ මෙවන් ක්‍රියාව චීනයේ භෞමික අඛණ්ඩතාව හා ‘දකුණු චීන මුහුද පිළිබඳ විවිධ පාර්ශ්වයන්ගේ ප්රකාශනය ’ උල්ලංඝණය කිරීමකි. පිලිපීනය දකුණු චීන මුහුදු සාමය හා ස්ථාවරත්වය විනාශ කර ඇති අතර, චීනය ඊට දැඩිව විරුද්ධ වන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
චීනයේ බලශක්ති සැපයුම් ආරක්ෂණ හැකියාවන් මෙම වසරේ අඛණ්ඩව වර්ධනය වනු ඇතැයි චීන ජාතික බලශක්ති මණ්ඩලය පවසයි. අද (22) නිකුත් කෙරුණු, 2024 වසරේ බලශක්ති ක්ෂේත්රයේ ප්‍රධාන කාර්යයන් පිළිබඳ සැලසුමේ මේ බව සඳහන් වේ. රටේ බලශක්ති ව්‍යුහය අඛණ්ඩව ප්රශස්ත මට්ටමක පවතිනු ඇතැයි ද එහි දැක්වේ.
මෙම සැලසුමට අනුව, 2024 වසරේ චීනයේ සමස්ත බලශක්ති නිෂ්පාදනය ප්‍රමිතිගත ගල්අඟුරු ටොන් බිලියන 4.98 ක් පමණ වනු ඇත. ඒ අතරින්, ගල්අඟුරු නිෂ්පාදනය වර්ධනය වනු ඇති අතර, බොරතෙල් නිමැවුම ටොන් මිලියන 200 කට වඩා අගයක ස්ථාවරව පවතිනු ඇත. ස්වාභාවික වායු නිෂ්පාදනය ද ශීඝ්‍ර වර්ධනයක් අත්කර ගනු ඇති බව ද එම සැලසුමේ සඳහන් ය. “බටහිර සිට නැගෙනහිර දක්වා බලශක්ති සම්ප්‍රේෂණ” ව්‍යාපෘතියේ ධාරිතාව ද තවදුරටත් වැඩිදියුණු කිරීමට පියවර ගැනේ.
ෆොසිල නොවන බලශක්ති උත්පාදන ධාරිතාවයේ අනුපාතය 55% දක්වා වැඩිකිරීමට ද අපේක්ෂිත ය. එසේම සුළං බලය සහ සූර්ය බලය චීනයේ සමස්ත බලශක්ති උත්පාදනයෙන් 17%කට වඩා වැඩි ප්‍රමාණයක් වනු ඇතැයි ද එම සැලසුමේ දැක්වේ.
Top