යේමනයේ වේලාවෙන් අද(12) අලුයම හවුති සන්නද්ධ හමුදා පාලනය යටතේ පවතින ස්ථාන රැසකට ඇමරිකාව ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. සනා සහ හොඩෙයිඩා අගනුවරට පිපිරීම් හඬ ඇසුනු බව ද වාර්තා වේ.
ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය යේමනයේ හවුති සන්නද්ධ හමුදාව ඉලක්ක කර ගනිමින් ප්‍රහාර ආරම්භ කළ බව ඇමරිකාවේ නිලධාරියෙක් ද ඊයේ(11) ප්‍රකාශ කළේ ය.
පසුගිය වසරේ අගභාගයේදී හවුති සන්නද්ධ හමුදාව රතු මුහුදේ ජාත්‍යන්තර නැව් ගමනාගමනයට එරෙහිව ප්‍රහාර දියත් කිරීමෙන් පසු ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය හවුති සන්නද්ධ හමුදාවට එරෙහිව ප්‍රහාර දියත් කළ පළමු අවස්ථාව මෙයයි. හවුති සන්නද්ධ හමුදාවට එරෙහිව ඇමරිකාව දියත් කරන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දක්වන බවත්, අනාගතයේදී හවුති සන්නද්ධ හමුදාවේ ප්‍රතිප්‍රහාර වඩාත් ප්රචණ්ඩ වනු ඇති බව ද යේමනයේ හවුති සන්නද්ධ නායක Abdul Malik Houthi ඊයේ(11) සඳහන් කර ඇත.
වත්මන් අභියෝගයන්ට මුහුණ දෙන ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී අඛණ්ඩව සක්‍රිය කාර්යභාරය ඉටු කරනු ඇති බව චීනය පවසයි.
චීන අපනයන-ආනයන බැංකුව සහ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව මේ වනවිට මූලික වශයෙන් එකඟතාවයකට එළඹ ඇත. මේ සම්බන්ධයෙන් අද(24) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පිළිතුරු දුන්නාය.
ශ්‍රී ලංකාව සමග සක්‍රිය ව සාකච්ඡා පැවැත්වීමටත් සෙසු ණය හිමිපාර්ශ්වයන් සමග මිත්‍රශීලිව අදහස් හුවමාරු කර ගැනීමටත් චීනය සිය මුල්‍ය ආයතනවලට අඛණ්ඩව සහාය වනු ඇති බව ද ඇය ප්‍රකාශ කළාය. විවිධ අසීරුතාවයන්ට මුහුණ දෙන ශ්‍රී ලංකාවේ ණය පීඩනය ලිහිල් කර තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමට සහාය වීම සඳහා චීනය සක්‍රිය දායකත්වයක් ලබා දෙන බවද Mao Ning මහත්මිය ප්‍රකාශ කළාය.
ඊශ්‍රායලය සමග තාවකාලික සටන් විරාමයකට එළඹෙන බව Hamas සංවිධානය ප්‍රකාශ කරයි.
Hamas සංවිධානය අද(22) නිවේදනය කළේ, කටාර් රාජ්‍යයේ හා ඊජිප්තුවේ මැදිහත්වීම් යටතේ ඊශ්‍රායලය සමග දින 4ක් පුරා මානුෂීය තාවකාලික සටන් විරාමයකට එළඹ ඇති බවයි. මේ අනුව, Hamas සංවිධානය සිය භාරයේ සිටින ඊශ්‍රායල කාන්තාවන් හා ළමුන් 50දෙනෙකු නිදහස් කරනු ඇත. ඊට ප්‍රතිචාර ලෙස තමන් යටතේ රඳවා ගෙන සිටින පලස්තීන කාන්තාවන් හා ළමුන් 150දෙනෙකු නිදහස් කිරීමට ඊශ්‍රායලය පියවර ගනු ඇත.
චීනය හා සෞදි අරාබිය ද්වීපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමකට එළඹෙයි. දෙරටේ මහ බැංකු දෙක අදාළ ගිවිසුමට එළඹ තිබේ.එහි වටිනාකම යුවාන් බිලියන 50කි. ගිවිසුම වසර 3කට වලංගු වන අතර දෙපාර්ශ්වයේ එකඟතාව මත එය දීර්ඝ කිරීමේ අවස්ථාව පවතී. චීනය හා සෞදි අරාබිය අතර මූල්‍ය සහයෝගතාවන් ශක්තිමත් කිරීමට එය උපකාරී වනු ඇති අතර දෙරටේ මුදල් වර්ගයන් භාවිතය වර්ධනයට ද එය රුකුලකි .ද්වීපාර්ශ්වික වෙළද හා ආයෝජන පහසුකම් ප්‍රවර්ධනයට ද ඉන් අවස්ථාව සැලසේ.
පලස්තීන-ඊශ්‍රායල් ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ අවම වශයෙන් මිලියන 1.7 ක ජනතාවක් අවතැන් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය පවසයි. ඉන් ලක්ෂ 9ක් පමණ පිරිසක්, එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත සහන සහ කාර්ය ඒජන්සිය විසින්, ගාසා තීරයේ හි පිහිටුවන ලද කඳවුරු 154 ක ජීවත් වෙති.
මේ අතර ඊජිප්තු මාධ්‍ය ඊයේ(20) වාර්තා කළේ, ඊජිප්තුවට ගාසා තීරයේ සිට රෆා හරස් මාර්ගය හරහා නොමේරූ ළදරුවන් 28 ක් ලැබුණ බවයි. ගාසා තීරයෙන් තුවාල ලැබූවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා, ඊජිප්තු වෛද්‍යවරු 38,000ක් සහ 25,000ක හෙද කාර්ය මණ්ඩලයක් සේවයේ යොදවා තිබේ.
ගාසා තීරයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ(20) නිවේදනයක් පළ කරමින් පැවසුවේ, ඊශ්‍රායල හමුදාව එදින උතුරු ගාසා තීරයේ ඉන්දුනීසියානු රෝහලකට එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන්, අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගිය ගොස් ඇති අතර තවත් පුද්ගලයන් රැසකටට තුවාල සිදු ව ඇති බවයි. රෝහල තුළ අවතැන්වූ දහස් ගණනක් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ තුවාලකරුවෝ 700 ක් පමණ සිටිති. මේ අතර ඊශ්‍රායල හමුදාව මධ්‍යම ගාසා තීරයේ බ්රෙයිජ් සරණාගත කඳවුරේ එක්සත් ජාතීන්ගේ පාසලකට ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, ඉන් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තිබේ.
Top