පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන තමා කල්තියා තොරතුරු දැනගෙන හිටියේ නම් එවැනි බිහිසුණු ප්‍රහාරයකට කිසිවිටෙකත් ඉඩ නොදෙන බවත් ප්‍රහාරය ගැන කල්තියා තොරතුරු දැනගෙන හිටියේ නම් එය මඟ හැරීමට තරම් මිලේච්ඡයකු නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (26) පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කර තිබේ.
සහරාන් වරෙන්තු කරුවෙක් නම් ඔහු ඇල්ලීම පොලිසියට අයිති කාර්ය භාරයක් මිස ජනාධිපතිවරයට අයිති වැඩක් නොවන බව කී හිටපු ජනාධිපතිවරයා සහරාන් අත්අඩංගුවට නොගත්තේ ඇයිදැයි කොමිසම සොයා බැලිය යුතු බවයි සදහන් කර ඇත්තේ.
එවකට පැවැති යහපාලන රජය බිදවැට්ටිම සදහා කුමන්ත්රණකාරී දින 52ක කාලයක් නිර්මාණය කිරිමට කටයුතු කල මෛත්‍රීපාල පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන පසුගිය රජය සාමූහික වශයෙන් වගකීම බාර ගත යුතු බවත් සිද්ධිය වූ අවස්ථාවේ දි පැවැති දුර්වලතා හා අඩුපාඩු පරීක්ෂා කර බැලීම අත්‍යවශ්‍යම කරුණක් බවයි.
ජාතික ආරක්ෂාව බිංදුවටම ඇද දැමිමට කටයුතු කල සිරිසේන එවකට නාමල් කුමාර වැනි පිංගුත්තරයන් යොදවා ගනිමින් රටතුල වෙනම කතා නිර්මාණය කරමින් ඒ පිළිබඳව ආරක්ෂක ඇමතිවරයා වශයෙන් ආරක්ෂක මණ්ඩලය තුල සාකච්ඡා කරමින් රටේ ජාතික ආරක්ෂාව බල්ලාට ඇද දැමිමට සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කල බව නොරහසකි.
තමන්ගේ දේශපාලන දිවියට අවුරුදු 53ක් බවට අමන,මරී තකතීරු කතා පාර්ලිමේන්තුව තුල ප්‍රකාශ කරමින් තමන් සුදනා විමට කටයුතු කලද පැයක පමණ කාලයක් සිදු කල කතාව තුල මෛත්‍රී හිටපු ජනාධිපතිවරයාගේ ශරීර භාෂාව Body language කියවිමට හැකි ඔනෑම අයෙකුට සිරිසේන කියවු කතා සියල්ලම් බොරු බව අලුතෙන් කිවයුතු නැත.
බුදුදහම පාවා දෙමින් පාර්ලිමේන්තුව මෙන්ම රටේ ජනතාව නොමග යැවිමට තමන්ගේ කතාවේ වැඩි වේලාවක් යොදවාගත් මෛත්‍රී මාධ්‍ය සම්බන්ධයෙන්ද පාඩම් කියා දිමට කටයුතු කලේ කිසිදු හිරිකිතියකින් තොරවය.
පාස්කු කොමිසම හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපතිවරයා එවකට පුල පුලා කියා සිටියේ 21 ප්‍රහාරය පසුපස කුමන්ත්‍රණයක් සිදුව ඇති බවත් එය කිසියම් කණ්ඩායමක් විසින් හැසිරවිමට කටයුතු කල බවයි. නමුත් අද පාර්ලිමේන්තුවේ සිදුකල කතාවේ කිසිම තැනක එම “කුමන්ත්‍රණ” වචනය බාවිතා නොකිරිම තුල සිරිසේන යන පාදඩ වර්ගයට අයත් අයෙකු බවට හොදම සාක්ෂියකි.
මෛත්‍රීගේ සම්පූර්ණ කතාව තුල ජාත්‍යන්තර ත්‍රස්ත ප්රහාරයන් සම්බන්ධයෙන් සහ එවාට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව විවිධ කතා කියවමින් අප්‍රියෙල් 21 දේවස්ථාන සදහා ගිය අහිංසක කිතුණු බැතිමතුන්ගේ මරණයන් සාධාරණය කිරිමට ගන්නා උත්සහයන් පහත විඩියෝව නැරඹීමෙන් ඔබට වටහා ගත හැක.
මහා පරිමාණ දේපල සංවර්ධන හා අධි සුඛෝපභෝගී මන්දිර ඉදිකිරීමේ මුවාවෙන් රටේ රාජ්‍ය බැංකු,මුල්‍ය ආයතන මෙන්ම ජනතාවගෙන් බිලියන් ගණනින් මුදල් වංචා කර මේ වනවිට අතුරුදහන් ව සිටින බ්ලූ මවුන්ටන් සමාගමේ හිමිකරු කුප්‍රකට වෛද්‍ය හිරණ්‍ය හෙට්ටිආරච්චි හෙවත් “හිරාන්”නැමත්තා තමන්ගේ කොල්ල කෑම වෙනත් වටයකින් දියත් කර තිබේන බවට තොරතුරු වාර්තා වේ.
සක්විති ගණයේ ව්‍යාපාරික සමාගමක් වන Blue Mountain Properties සමාගම සිදුකරන වංචා හ දුෂණ සියල්ලම මේ වනවිට වසා ගැනිමට හිරාන් කටයුතු කරමින් සිටින්නේ ඔහුට ඉතාම සමීප කටයුතු කරන දේශපාලඥයන් කිහිප දෙනෙකු වන අතර මේ වනවිට හිරාන් තමන්ගේ පරණ හොරකම නමින්ද ගමගේ නැමත්තෙකු හරහා දියත් කරමින් සිටි.
Guardian Lands (Pvt) Ltd,Prestige Credit & Investment Pvt Ltd,Park Properties (Pvt) LTD.යන නම් වලින් ආයතන කිහිපයක්ම පවත්වාගෙන යන නමින්ද ගමගේ මෙහෙයවනු ලබන්නේ හිරාන් විසින් වන අතර එම ඉහත ආයතන සියල්ලමද බොරු මවුන්ටන් සමාගමට නොදැවිනි බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ. නමින්දගේ සහයට තවත් කිහිප දෙනෙකුම සිටින අතර ඔහුන් පිළිබඳවවද අප ඉදිරියේදි අනාවරණය කරනුයේ ජනතාවගේ සුබ සිද්ධිය සදහාමය.
නමින්ද විසින් මේ වනවිට ඉහත සමාගම සතුව විවිධ වත්කම් ඇති බව සදහන් කරමින් බැංකු සහ මුල්‍ය ආයතන හරහා මිලියන ගණනින් මුදල් වංචා කිරිම ආරම්භ කර ඇති අතර ඒ සදහා දේශපාලඥයන් කිහිප දෙනෙකුගේමද සහය ගෙන තිබේ. Blue Mountain සමාගමද තමන්ගේ වංචාව මෙහෙයවනු ලැබුවේ මේ ආකාරයටම වන අතර හිරාන් විසින් තමන් සතුව බිලියන 14 ක වත්කම් ඇති බව පවසමින් හතර අතේ බැංකු වල එකම ඔප්පුවක් තබමින් මුදල් වංචා කල අයෙකි.
බ්ලු මවුන්ටන් ඉඩම් වෙන්දේසි සමාගමට ජාත්‍යන්තරව නමක් ඇති බව පෙන්විමට යහපාලන සමයේ මෛත්‍රී ජනාධිපතිවරයාට ලංව සිටි ඒ හරහා බ්ලු මවුන්ටන් ඉඩම් වෙන්දේසි සමාගම සම්මානයකටද හිමිකම් කියා තිබුනා.
මෑතකාලීනව Blue Mountain සිදුකල දැවැන්තම මුල්‍ය වංචාව ….
බ්ලු මවුන්ටන් සමාගමේ සභාපතිවරයා විසින් 2017 වර්ෂයෙන් ජනවාරි 19 වනදා බම්බලපිටියේ දී ඉදිරිකිරිම් ආරම්භ කරනු ලැබූ තරු හතේ සුපිරි නිවාස සංකිර්ණය නම් කර තිබුණේ Achileion ලෙස ය.
ව්‍යාපෘතිය ආරම්භ කිරිමේ දී කොටස් දෙකක තට්ටු 50 සුපිරි නිවාස 616කින් සමන්විත දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස එය හදුන්වා දි තිබු අතර හෙළිකොප්ටර් අංගනයක් ද ගොඩ බෑමට හැකි ව්‍යාපෘතියක් ලෙස මවා පෑ එම ව්‍යාපෘතිය සදහන් කර තිබුණේ ආසියාවේ දැවැන්තම ව්‍යාපෘතිය ලෙස ය.එම ව්‍යාපෘතිය සදහා බැංකු 04කින් පමණ ණය ලබාගැනිමටද කටයුතු කර තිබුනා.
පසුව 2018 අප්‍රේල් මාසයේදී චීන ඉදිරිකිරිම් සමාගමක් සමග ඔවුන් ගිවිසුම් ගත වූයේ ව්‍යාපෘතිය පිළිබදව ජනතා විශ්වාසය තවත් තහවුරු කිරිමට ය.කෙසේ නමුත් මේ වනවිට ව්‍යාපෘතිය අත්හිටුවා ඇති අතර අදියර කිහිපයක් යටතේ මෙම සුපිරි නිවාස මිලදී ගත් ගැනුම්කරුවන්ගෙන් බ්ලු මවුන්ටන් සමාගම මුදල් අයකර ගෙන
තිබූ අතර බොහෝ දෙනෙකු වටිනාකමෙන් 50%කට වඩා මුදල් ගෙවා තිබුණි.මෙසේ ගැනුම්කරුවන් එකතු කරගෙන තිබූ මුදල දළ වශයෙන් රුපියල් බිලියන 02කට ආසන්න වේ. මේ වන විට Blue Mountain සමාගම විවිධ වංචනික ක්‍රියාවන් හරහා ගත් ණය වල සිමාව බිලියන 9 (මිලියන් 9000ක් )ඉක්මවා ගොස් තිබේ.
2019 වසරේ ජුනී මාසයේ සිරස පුවත් සේවය Blue Mountain සිදුකල දැවැන්තම මුල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදුකල අනාවරණය මේ…..
හොදම කුණු හොදන්නාවීමේ ගැටුමක් මුල්කර ගනිමින් සිරි රණසිංහ සහ ආරියනන්ද දොඹගහවත්ත අතර ගැටුමක් හටගෙන තිබේ.
ඒ අනුව රාජපක්ෂ ආණ්ඩුවේ හොදම කුණු හෝදන්නා බවට පත්ව සිටින විජය පුවත් පත් සමාගමේ විධායක අධ්යක්ෂ දිනපතා ලංකාදීප පුවත් පතේ කර්තෘ සිරි රණසිංහ ස්ලිම් සම්මාන උළෙලේදි ඉරිදා ලංකාදීප පුවත් පතේ කර්තෘ ආරියනන්ද දොඹගහවත්තට නොදැනෙන්න කනේ පහරක් එල්ල කර තිබේන බවයි වාර්තා වන්නේ.ඒ දිනපතා හා ඉරිදා ලංකාදිප පුවත් පත් දෙකට ලැබුණු හොදම පුවත් පතට හිමි සම්මානය ගැනීම සදහා සිරි රණසිංහ විසින් දොඹගහවත්ත සමග පුවත් පතේ පහලම සේවකයකු යැවීම මගිනි.
ආණ්ඩුවේ හොදම කුණු හොදන්නාවීමේ තරගයක් දිනපතා හා ඉරිදා යන පුවත් පත් දෙකේම කර්තෘවරුන්ට තිබෙන අතර ඒ වෙනුවෙන් ඔවුනට ආණ්ඩුවේ වරදාන හා වරප්‍රසාද හිමිවේ.
සිරි රණසිංහ ආණ්ඩුවට අවශ්‍ය කටයුතු පුවත් පත් දෙකෙහිම පළ කරනා බවට lankaenews ඇතුලු වෙබ් අඩවිව පසුගියදා අනාවරණය කල අතර ඒ හේතුවෙන් කුණු හෝදන්නෝ අතර් ගැටුම හටගෙන තිබේන අතර රණසිංහ පමණක් උඩයාම ගැන දොඹගහවත්ත කණසල්ලෙන් සිට තිබේ.
ඒ අනුව සිරි රණසිංහ විසින් සම්මාන උළෙලට ඉරිදා ලංකාදීප පුවත් පතේ සිය හිතවතෙකු ද කැදවා එන ලෙස කළ දැනුම් දීම දොඹගහවත්ත විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඊට උරණ වූ සිරි රණසිංහ දොඹගහවත්ත බාල්දු කිරිමේ මෙහෙයුමක් ආරම්භ කරමින් දොඹගහවත්ත සමග සම්මානය ගැනීමට දිනපතා ලංකාදීප පුවත් පත වෙනුවෙන් එහි සිටින පහළම තරනතුරක් දරන පුද්ගලයෙකු යවා තිබේ.
දෙඹගහවත්තද කර්තෘ ධූරයට අමතරව විජයපුත්පත් සමාගමේ විධායක අධ්‍යක්ෂධූරයක් ද දරණ බැවින් ඔහු සමග පහළ තනතුරක් දරන්නෙකු යවා අපහාස කිරිමට කටයුතු කිරිම ගැන ඉරිදා ලංකාදීප පුවත් පතේ කතාබහට ලක්ව තිබේ.
කෙසේනමුත් සිරි රණසිංහ සම්මානය ගැනීමට එවූ පුද්ගලයා සිය වාහනයේ නංවාගෙන යාමද දොඹගහවත්ත ප්‍රතික්ෂේප කර තිබේ. සම්මාන උත්සවයේදි ඉරිදා ලංකාදීපයට හිමි සම්මානය ගත් වහාම උත්සව සභාවෙන් පිටතට පැමිණි දොඹගහවත්ත විජය පුවත්පත් සමාගමේ ඉහළම අයෙකු අමතා සිරි රණසිංහ කළ ක්‍රියාව ගැන දැඩි ආවේගයෙන් කරුණු දක්වා තිබේන බවද වාර්තා වේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ කුප්‍රකට ගජමිතුරු කළු සල්ලි මෙහෙයවන්නා වන ගෞතම් අදානිගේ Adani Group සමාගමකට ලබාදිමට ගිය සබ්මැරීන් (submarine) ව්‍යාපෘතියක් හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබේන බව ඉන්දීය විකල්ප වෙබ් අඩවි පෙන්වා දෙනවා.
ඊට හේතුව වි ඇත්තේ සබ්මැරීන් නිෂ්පාදනය සම්බන්ධයෙන් කිසිදු අත්දැකීමක් නොමැති අදානීට අයත් Hindustan Shipyard Limited (HSL) සමාගමට එම ව්‍යාපෘතිය ලබා දිමට කටයුතු කිරිමයි.එම ව්‍යාපෘතියෙ වටිනාකම ඉන්දිය රුපියල් කෝටි 45,000 ක් ඉක්මවන අතර එම ගනුදෙනුව සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී බවද කොන්ග්රස් පක්ෂය චෝදනා කරයි.
කොළඹ වරාය සමග ගිවිසුම් ගත විමට යන ගෞතම් අදානිගේ අදානී සමාගම සහ ඉන්දිය වත්මන් අග්‍රාමාත්‍යවරයා අතර ඉතා සමීප සබඳතාවයන් පවතින අතර අගමැතිවරයා ලෙස මෝදි පත්විමත් සමග ඉන්දියාවේ පලමු පෙළ ව්‍යාපාරිකයා ලෙස අදානි ඉදිරියට ආ අතර එය මෙම ගණුදෙනුව හරහා තවදුරටත් තහවුරු වන බවයි ඉන්දීය විකල්ප වෙබ් අඩවි පෙන්වා දෙන්නේ.
ආරක්ෂක අංශයට අදාළ එම ව්‍යාපෘතිය අදානිගේ සමාගමට ලබා දිමට නොහැකි නිසා අදානිට වාසිදායක වන අයුරින් ඉන්දිය අගමැතිවරයා ආරක්ෂක ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටිය Defence Procurement Procedure පවා උල්ලංඝනය කර තිබේ.
මේ වනවිට ඉන්දීය නාවික හමුදාව විසින් පිහිටුවන ලද බලගතු කමිටුවක් විසින්ද අදානිට අදාළ ව්‍යාපෘතිය ලබාදිම ප්‍රතිකේෂ්ප කර තිබුනද අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර නැති බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
අදානිගේ සමාගම සබ්මැරීන නිෂ්පාදනය කිරීමට ඉල්ලුම් කර ඇත්තේ \විදුලි බලාගාරයක් පිහිටුවීම හා පවත්වාගෙන යාමේ අත්දැකීම් මත වන අතර එය ආරක්ෂක ගනයේ ව්‍යාපෘති සදහා ගණනය කල නොහැකි අත්දැකීමක් බවයි ඉන්දීය නාවික හමුදාව සිය වාර්තාව හරහා පෙන්වා දි ඇත්තේ.
මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය, ජපානය සහ ඉන්දියාව අතර 2019 වසරේ මැයි මාසයේ අත්සන් තැබුණු ත්‍රෛපාර්ශවීය අවබෝධතා ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කරනු ඇතැයි ඉන්දීය රජය බලාපොරොත්තු වන බව එරට කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.
නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියට පැවරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ බව සදහන් කර තිබේ.
ශ්‍රී ලංකා අදාළ ගිවිසුමට අදාළ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නායකත්ව මට්ටමින් ද මීට පෙර ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බවත් විදෙස් ආයෝජකයන් සමඟ මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට ශ්‍රී ලංකා ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය මීට මාස තුනකට පෙර තීන්දුවක් ගත් බව ද පෙන්වා දෙන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරන්නේ සියලු පාර්ශව දැනට ඇති ගිවිසුමට අදාළ අවබෝධතා සහ වගකීම්වලට බැඳී සිටින බවයි.
2017 දී එවකට ශ්‍රී ලංකා රජය ජපානයේ සහ ඉන්දියාවේ රජයන් සමඟ ආර්ථික සංවර්ධනය සඳහා පුළුල් සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබු අතර එය දේශපාලන විචාරකයන් පෙන්වා දුන්නේ භූ-උපායමාර්ගික ගිවිසුමක් බවයි.
කොළඹ වරායේ විශාලතම අන්තර් මහද්වීපික බහාලුම් නැව් හැසිරවීමේ දෙවන ගැඹුරු ජල පහසුකම වන නැගෙනහිර බහාලුම් පර්යන්තය (ඊසීටී) සංවර්ධනය කිරීම සඳහා තවත් ගිවිසුමක් අත්සන් කළේ 2019 වර්ෂයේය.
එවකට ලංකා වරාය, නැව් හා දකුණු සංවර්ධන අමාත්‍ය සාගල ගජේන්ද්ර රත්නායක එවකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා වූ තරංජිත් සිං සන්ධු සහ එවකට ජපානයේ තානාපති අකිරා සුගියාමා මෙහි අත්සන් තබා තිබේ.(අදාළ ගිවිසුමේ පිටපතක් පහලින් අමුණා ඇත.)
ශ්‍රී ලංකාවේ කොළඹ දකුණු වරාය සංවර්ධනය කිරීම සඳහා වූ සහයෝගිතා ගිවිසුමේ පිටපතක් වෙත 2019 මැයි 28 දින අත්සන් තැබු අතර එහි සදහන්ව තිබුනේ
‘කොළඹ දකුණු වරායේ පිහිටා ඇති නැගෙනහිර බහාලුම් පර්යන්තය East Container Terminal (ECT) ක්‍රියාත්මක කිරීමේදී ජපානය සහ ඉන්දියාව පාර්ශ්වකරුවන් වීම විශාල භූ-උපායමාර්ගික වැදගත්කමක් ඇති බවට ආණ්ඩු තුනෙහි මතයයි.’යනුවෙනි.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය 51% ක කොටස් හිමිකාරීත්වය දරන නව පර්යන්ත මෙහෙයුම් සමාගමක් Terminal Operation Company (TOC) පිහිටුවන බවත්, ජපාන හා ඉන්දියානු සමාගම් එක්ව 49% ක කොටස්හි මිකාරීත්වයක් දරනු ඇති බවත් එහි සදහන් විය.
ඒ අනුව කොළඹ වරාය එහි සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන හෙයින්, ජපානය යෙන් හි නම් කරන ලද ණයක් ‘ඉහළ සහන කොන්දේසි යටතේ’ ශ්‍රී ලංකා රජයට හැකි ඉක්මනින් ලබා දෙනු ඇත. TOC සඳහා සහභාගී වන ජපන් සමාගම්, පවත්නා ධාරිතාවය (දැනටමත් අවසන් කර ඇති පළමු අදියර) ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කරනු ලබන ගෙවීම් ආවරණය කරනු ඇති අතර, දොඹකර සහ අදාළ උපකරණ ඉක්මනින් මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා යොදා ගැනේ.
‘ඉහළ සහන කොන්දේසි’ යනු වසර 40 ක සේවා කාලයක් සඳහා 0.01% ක වාර්ෂික පොලී අනුපාතයකට ඇමරිකානු ඩොලර් මිලියන 700 කට සමාන්‍ය ණයක් වන අතර එය වසර 40 ක කාලයක් සඳහා ආපසු ගෙවීම පිළිබඳ මූලික දස අවුරුදු කාලයක් හිමිවේ.
කෙසේවෙතත් චීනයට එරෙහිව ඉන්දියාව පෙළගැස්විමේ ඇමරිකානු මෙහෙයුමේ කොටසක් බවට දැන් ලංකාව පත්ව හමාරය.
පලමුව ප්‍රශ්ණය හරියට වටහා ගතයුතුය.දෙන්නේ නැගෙනහිරද? බටහිරද? යන්න ප්‍රශ්ණයක් නොව ප්‍රශ්ණය ඇත්තේ එය පවරන්නේ කවර පදනමින්ද යන්නයි.
නමුත් අපට ඇති ප්‍රශ්ණය නම් ඉන්දීය රජයේ සැබෑ උනන්දුව නම්, ශ්‍රී ලංකාව තුළ චීනය වර්ධනය වෙමින් පවතින තත්වයට එරෙහි වීම නම්, රජය මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාවේ නිල නාමිකයා ලෙස පෞද්ගලික ආයතනික ආයතනයක් වන අදානි සමූහය යෝජනා කළේ ඇයි?
අනිත් අතට අදානිගේ ව්‍යාපාරික කල්ලිය හෙට අසමත් වුවහොත් සහ එය සිය ශ්‍රී ලාංකික ව්‍යාපාරය චීන සමාගමකට විකුණන්නේ නම්, ඒ සඳහා වගකීම භාර ගන්නේ කවුද සහ රටේ භූ-දේශපාලනික හා උපායමාර්ගික අවශ්‍යතා ගැන සැලකිලිමත් වන්නේ කුමණ උපාය,උපක්රමශීලීවවද යන්නයි.
58 හැවිරිදි Gautam Adani ඉන්දියානු රාජවංශිකයන් අතර දුර්ලභත්වයකි. ඔහු ස්වයං-සාදන ලද මිනිසෙකි, අට දෙනෙකුගෙන් යුත් පවුලක උපත ලැබූ ඔහු, ජෛන ආගම අනුගමනය කළ ඉන්දියානු ආගමක් වන, සශ්‍රීක විශ්වාසයන් අවධාරණය කරයි. මුම්බායි හි දියමන්ති කර්මාන්තයේ වෘත්තියක් අත්හදා බැලීම සඳහා පාසලෙන් අස් වූ පසු ඔහු නැවත සිය නිවෙස් කරා ගියේ නිෂ්පාදන සඳහා ප්ලාස්ටික් ආනයනය කිරීම සඳහා ය. එය ඔහුගේ ව්‍යාපාරයට අඩිතාලම දැමූ ව්‍යාපාරයකි.
කේරළ ප්‍රාන්ත මුදල් ඇමතිවරයා කියා සිටියේ, ත්රිවන්ඩ්රම් ජාත්‍යන්තර ගුවන්තොටුපළ පවත්වාගෙන යාම සඳහා වසර 50 ක බද්ද දිනා ගැනීමට Adani “නිර්ලජ්ජිත ඥාති සංග්‍රහයක්” යෙදුනු අතර එක රැයකින් Adani රටේ විශාලතම පුද්ගලික ගුවන් තොටුපල මෙහෙයුම්කරුවෙකු බවට පත්වු බවත් ය.
මුම්බායි හි ආයෝජන විශ්ලේෂකයෙකු Adani සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ.. “මෝඩි 2024 මැතිවරණ දිනයේදී පරාජයට පත් වුවහොත්, “ඔබේ ආරක්ෂකයා අක්‍රීය වුවහොත් ඔබට එම ප්රාග්ධනයට ප්‍රවේශය අහිමි වේ.” යනුවෙනි.
ක්‍රෙඩිට් සූයිස් විසින් 2015 දී නිකුත් කරන ලද “හවුස් ඔෆ් ඩෙබ්ට්” වාර්තාවකින් අනතුරු ඇඟවූයේ බැංකු අංශයේ ණයවලින් සියයට 12 ක් සඳහා “severe stress” යටතේ සිටින සමාගම් 10 න් එකක් ADANI සමූහය බවයි. විදේශීය ණය දෙන්නන්ගෙන් ණයට ගැනීම සහ හරිත බලශක්තිය වෙත යොමු කිරීම මගින් අරමුදල් රැස්කිරීමට අදානි සමූහයට හැකි වී තිබේ.
Adani සමූහයේ නැගීම මතභේදයට තුඩු දී ඇති අතර වංචාවේ සිට පාරිසරික අපයෝජන දක්වා චෝදනා එල්ල වී තිබේ. කර්මචයල් පතල් භූමියේ ඉඩම් නිරවුල් කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ පාරිසරික බලධාරීන් නොමඟ යැවීම සම්බන්ධයෙන් වරද පිළිගත් අතර ඔහුට ඩොලර් 20,000 ක දඩයක් නියම විය.
2019 වසරේ මැයි මාසයේ අත්සන් තැබුණු ත්‍රෛපාර්ශවීය අවබෝධතා ගිවිසුම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරිය වන සිද්ධිකා ජී සේනාරත්න සිදුකල වගකිම් විරහිත ප්‍රකාශ සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය තුල දැඩි ලෙස විවේචනයට ලක්වෙමින් තිබේ.ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරිය සම්බන්ධයෙන් අප මීට පෙරද අනාවරණයක් කර තිබුනි. ඇය වගකීම විරහිතව් කටයුතු කරනවා සේම ඇය යටතේ සිටින නිලධාරින් වගකිමෙන් කටයුතු කරනවාට දැඩි ලෙස විරුද්ධ වු අයෙකි.
කියවන්න – January 17, 2021 වැනිදා කල අනාවරණය – නිලධාරින්ට මැර තර්ජන, SLS නොමැති ප්‍රමිති අධ්යක්ෂ ජනරාල්වරිය තනතුර රැක ගැනිමේ මෙහෙයුමක!
දැන් කතාව වෙනම එකකි. මේ වනවිට සමාජයේ අස්සක් මුල්ලක් නෑරම කතා කරනුයේ තෙල් ගැනය. ගමේ කඩේට එන පොඩි එවුන් පවා විස තෙල් අරික්කාලක් ඉල්ලන තැනට දැන් තෙල් ප්‍රශ්ණය ගමන් කර තිබේ.
ඇෆ්ලටෝක්සින් අඩංගු බවට වූ ප්‍රමිතියෙන් තොර පොල්තෙල් තොගවල සාම්පල දෙවන තත්ත්ව පරික්ෂණයෙනුත් අසමත්ව තිබේන බව සිද්ධිකා ජී පිලිගෙන තිබේ.ඇය මාධ්‍ය ඉදිරියේ කියා සිටියේ මෙරටට පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කළ සමාගම් අතරින් 3කම පොල්තෙල් සාම්පල තුළ පිළිකා කාරක විෂ රසායනික අන්තර්ගත තහවුරු ව අවසන් බවයි. ඊට සමාගාමිව සජාත් මව්සූන්ගේ පිරමිඩ් විල්මා සමාගම Pyramid Wilmar සහ අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම Ali Brothers යන සමාගම් තමන්ගේ තෙල් සම්බන්ධයෙන් කුප්‍රකට මාධ්‍ය හරහා ප්‍රකාශයන් නිකුත් කර ඇති අතර එම සමාගම් වලට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන්නට එරෙහිව නීතියද බලාත්මක කර තිබේ.
විල්මා ෆාම් ඔයිල් නිෂ්පාදන ජාත්‍යන්තර සමාගමේ මෙරට නියෝජිතයා වන්නේ පිරමීඩ් විල්මා Pyramid Wilmar Pvt Ltd ආයතනය වන අතර එම සමාගමේ වෙළඳපොළ උපක්‍රම වන්නේ කිසියම් රටක දේශීය නිෂ්පාදකයින් විනාශ කර ඔවුන්ගේ නිෂ්පාදන එරට වෙළඳපළේ ප්‍රචලිත කිරීමයි.
විල්මා ජාත්‍යන්තර සමාගම සිංගප්පූරුව කේනද්‍ර කර ගනිමින් මේ වන විට ක්‍රියාත්මක වන නමුත් එහි මූලාරම්භය සනිටුහන් වන්නේ අසූව දශකයේ දී මැලේසියාවෙන් වන අතර එම සමාගමේ ඉන්දියානු නියෝජිතයා වන්නේ කුප්‍රකට අදානි සමාගමයි Adani Wilmar.
පිළිකාකාරක පොල්තෙල් ගෙන්විම පසුපස කුමන්ත්‍රණය සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින් විනාශ කිරිමද යන්න දැන් ගැටලුවක් මතුව තිබේ. විශේෂම හේතුව වන්නේ සීනි ගෙන්විම හරහා බිලියන ගණනින් ජනතාවගේ බදු මුදල් කොල්ල කෑ සමාගම් පමණක් ඉතුරු කර සේන මිල්ස් රිෆයිනරීස්, එදිරිසිංහ එඩිබල් ඔයිල්ස් සහ කටාන රිෆයිනරීස් යන සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින් තිදෙනෙකුට අයත් සමාගම්වලට එරෙහිව ආණ්ඩුවේ කුප්‍රකට බලධාරීන් සටන දියත් කිරිම හරහාය.
සිද්ධිකා ජී වැඩ කරනුයේ නුෂාඩ් පෙරේරා යටතේය. SLS ආයතනය වර්තමානයේ ජනාධිපතිවරයා යටතේ පවතින ආයතනයකි. සීනි බදු වංචාව සමාජගත විම හරහා නුෂාඩ් ගෙදර යැම වෙනුවට නතර වුයේ SLS ආයතනයේ සභාපති විමෙන් ය.
නුෂාඩ් පෙරේරා මීට වසර 10ත් 20 තත් අතර කාලයක් මැලේසියයානු සමාගමක සේවය කල අයෙකු වන අතර එම කාලය තුල සිටම මැලේසියාව ඉන්දුනීසියාව සහ සිංප්පූරුව වැනි රටල කුප්‍රකට ව්‍යාපාරිකයින් සමග සබඳතා පවත්වන අයෙකි. ඒ සදහා ඔහුට ඉඩ විවර වන්නේ අන්තවාදී ආගමික නිකායක් වන යෙහෝවා සාක්ෂිකරුවෝ නිකායේ Jehovah’s Witnesses ප්‍රභල සාමාජිකයෙක් විම නිසාය.
යෙහෝවා සාක්ෂිකරුවෝ දැඩි සිංහල බෞද්ධ විරෝධින් වන අතර ලංකා ඉතිහාසයේ අවස්ථා රැසකදිම යෝහාගේ සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් විවිධ අන්තවාදීන් ක්‍රියාවන් වාර්තා වි ඇති අතර කතෝලික ජනතාවද එම අන්තවාදීන් දැඩි ලෙස ප්‍රතිකේෂ්ප කරති.ශ්‍රි ලංකාව තුල සිංහල බෞද්ධ ව්‍යාපාර විනාශ කිරිම සදහා යෙහෝවා සාක්ෂිකරුවෝ ඔනෑම කණ්ඩායමක් සමග ඩිල් කිරිමට සුදානම් ය. මේ වනවිට ප්‍රධාන පෙලේ භික්ෂූන් වහන්සේලාද යෙහෝවා සාක්ෂිකරුවන්ගේ ගෙවිම් යටතේ සිටිම කණගාටුදායකය.
අප Jehovah’s Witnesses හෙවත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නැමැති අන්තවාදී සංවිධානය සම්බන්ධයෙන් ජනවාරි 19 වැනිදා විශේෂ අනාවරණයක් කල අතර එම අනාවරණයද ඔබට කියවිමට හැක.
Born again පරදා Jehovah’s Witnesses ඉදිරියට! අනුගාමිකයන්ට ලේ ගැනීමත් තහනම් කරලා..
ඒ අනුව ලංකාවේ ජනතාවගේ තෙල් අවශ්‍යතාව සියයට දෙසීය ඉක්මවා යන සමයක ආරම්භයත් සමගම නුෂාඩ් මැලේසියානු කුප්‍රකට ව්‍යාපාරිකයින් සමග සම්බන්ධ වී මෙරට සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින් අඩාල කිරීමේ සූක්ෂණම ප්රයත්නයත නිරත වී ඇති අතර එම කුමන්ත්‍රණය සදහා බිලියන ගණනින් බදු වංචා කල සමාගම් රැසක් නුෂාඩ්ට ඇති වෙන්න සලකා ඇති බවද මේ වනවිට අනාවරණය වි තිබේ.
එහි එක් පියවරක් ලෙස සාම්ප්‍රදායික සිංහල බෞද්ධ තෙල් ව්‍යාපාරිකයින් ඉලක්ක කර සූක්ෂම කුමන්ත්‍රණයක් දියත් කර ඇති අතර ඒ අනුව පොල්තෙල්වල පිළිකාකාරක අඩංගු බවට ප්‍රචාරයක් සිදු කිරිමට කටයුතු කර ඇති අතර එම ප්‍රචාර හරහා සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින් ආනයනය කරන ලද පොල්තෙල්වල වෙනුවට මුස්ලිම් ව්‍යාපාරිකයන් ගෙන්වන තෙල් මිලදි ගැනිම සදහා සමාජය පොළඹවා තිබේ.
පසුගිය දිනක රාජපක්ෂලාගේ බයි-ලොජි ගුරුවරයාද හදිසියේම නුෂාඩ් පෙරේරා,නුෂාඩ් මොහොමඩ් ලෙස හැදින්විම පසුපසද ඇත්තේ එම කුමන්ත්රණයේ ගඳ,සුවද ඔහුටද දැනුන නිසා බව දැන් පැහැදිලිය.
දේශීය පොල්තෙල් සඳහා ජාත්‍යන්තර වෙළඳපොලේ විශාල ඉල්ලුමක් පවතින අතර පොල්තෙල් ටොන් එකක් ඩොලර් 2000ත් 2500 ත් අතර මිලකට අළෙවි වුවත් විල්මා සමාගමේ නිෂ්පාදිත තෙල් වර්ග ටොන් එකක් ජාත්‍යන්තර වෙළඳපළේදී අළෙවි වන්නේ ඩොලර් 1500 ක් වැනි මිලකටය. ඒ අනුව ගත් කලද දේශීය පොල්තෙල් සම්බන්ධයෙන් විල්මා සමාගමට බරපතල අභියෝගයක් ඇති බව නොරහසකි.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරිය තමන් යටතේ සිටින ඉහළ නිලධාරීන්ට පවා තර්ජනය කරමින් සිටින බව එම ආයතනයේ ඉහල නිළධාරින් අනාවරණය කර තිබේ.ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරිය වන සිද්ධිකා ජී සේනාරත්න තමන්ට අවශ්‍ය ආකාරයෙන් කටයුතු කිරීමට බලපෑම් කරමින් සිටින අතර එය ප්‍රතිකේෂ්ප කරන නිළධාරින්හට මේ අකාරයට තර්ජනය කරන බවයි අනාවරණය වි ඇත්තේ.
බිලියන 10කට වැඩි සිනී බදු වංචාව සම්බන්ධයෙන් පසුගියදා බිල්ලට දුන් සභාපති නුෂාඩ් එම් පෙරේරා මේ වනවිට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර එහි අමාත්‍යවරයා ලෙස කටයුතු කරනුයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයි.
මේ වන විට විවිධ නිෂ්පාදන සඳහා ප්‍රමිති සහතික ලබා දීමේ දී මෙන්ම ප්‍රමිතිය පරීක්ෂා කිරීමට නියෝජිතයන් විදෙස්ගත කර වීමේ දී අක්‍රමිකතා රැසක් සිදුව ඇති ඒ සම්බන්ධයෙන් කිසිවක් මාධ්‍යයට ප්‍රකාශ නොකරන ලෙස පවසමින් අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්ට තර්ජනය කර තිබේ. මේ අතර ප්රචාරක අංශයේ අධ්‍යක්ෂිකාවට මාධ්‍ය ඉදිරියේම බලපෑම් කර ඇති අතර, ඇය විසින් එසේ ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළ විට මාධ්‍ය ඉදිරියේම ඇයට බැණවැදී ඇත්තේ තමන්ගේ අණට යටත් විය යුතු බවට තර්ජනය කර තිබේ.
රජයේ විමර්ශනයකට හෝ මාධ්‍ය හමුවේ කිව යුත්තේ තමන් විසින් ලබාදෙන පිළිතුරු පමණක් බවත් ලබා දිය යුතු පිළිතුරු අධ්යක්ෂ ජනරාල්වරිය විසින් සකස් කර දීමට කටයුතු කර තිබේ.
News One දේශපාලන වාර්තාකරු මේ සම්බන්ධයෙන් කල සොයා බැලිමේදි ජනාධිපතිවරයා විසින් ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ධුරය සදහා විශ්‍රාමික හමුදා නිලධාරියෙකු පත්කිරිම සදහා සුදානමක් පවතින බවට වත්මන් අධ්යක්ෂ ජනරාල්වරියට දැන ගැනිමට ලැබි ඇති බවත් තමන්ගේ තනතුර බේරා ගැනිම සදහා අධ්‍යක්ෂක මණ්ඩලයට තර්ජනය කිරිම ආරම්භ කර ඇති බවත් ය.
බඳවා ගැනීමේ සුදුසුකම් පවා සපුරා නොමැති අධ්යක්ෂ ජනරාල්වරියගේ ඥාති සංග්‍රහ සම්බන්ධයෙන් එහි සේවකයන්, සේවක සංගම්, විගණකාධිපතිවරයාට, විෂයභාර ඇමතිවරයාට පමණක් නොව ජනාධිපතිවරයාට ද ලිඛිතව මේ පිළිබඳව දැනුම් දී තිබේ. එහෙත්, තවමත් ඊට ද නිසි පිළිතුරක් ලැබී නොමැත.
මෙරට සබන් නිෂ්පාදනය කරන තවත් සමාගමක් යුනිලීවර් සමාගමට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණයේ පනවා ඇති 29/2018/ IP දරන නඩුවේ අතුරු ඉන්ජන්ෂන් ඉල්ලීම සම්බන්ධයෙන් 2019.02.15 දින නිකුත් කර ඇති නියෝගය මඟින් කරුණු රැසක් අනාවරණය වී තිබේ. ඒ අනුව ලොව සමස්ත සෝඩියම් ඩොඩෙසයිල් බෙන්සීන් සල්ෆොනේට් රසායනිකයේ නිෂ්පාදනයෙන් 95%ක් පමණ භාවිත වනුයේ, රෙදි සෝදන කුඩු සඳහා වන අතර, ඉතිරි 5%න් වැඩි කොටසක් ඩිෂ් වොෂ්, කාර් වොෂ් සහ කාපට් ක්ලීනර් වැනි නිෂ්පාදන සඳහා භාවිත වන බවත් ‘ලක්ස්’ සහ ‘ලයිෆ්බෝයි’ සඳහා ඩිෂ්වොෂ්වලට භාවිත කරන ප්‍රමාණයටත් වඩා එම සංයෝගය භාවිත වන බවත් හෙළි වී තිබේ.
මෙම රසායනික සංයෝගය භාවිත කිරීම නිසා යුනිලීවර් සමාගම වසරකට රුපියල් මිලියන 300ක පමණ අමතර ලාභයක් උපයා ගන්නා අතර, එමඟින් මෙරට ජනතාවගේ අක්ෂි සෞඛ්‍යය බරපතළ අවදානමකට ලක්ව තිබියදිත් ප්‍රමිති ආයතනය සබන් සම්බන්ධයෙන් ඇති මේ ගැටලුකාරී තත්ත්වයට මැදිහත් නොවන අතර ඊට හේතුව අමුතුවෙන් ජනතාවට කියා දියයුතු නැත.
විදෙස් රටවලින් මෙරටට ගෙන්වන ආහාර ද්‍රව්‍ය, ගොඩනැඟිලි ද්‍රව්‍ය පමණක් නොව මනුෂ්‍ය පරිභෝජනයට යොදා ගන්නා වෙනත් ද්‍රව්‍යවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ලබා දෙන සහතිකය පිළිබඳ පසුගිය කාලය පුරාම සැක මතුවු අතර ඒ සම්බන්ධයෙන් එම භාණ්ඩ ආනයනය කරන රටවලට ගොස් ඒවායේ තත්ත්වය පරීක්ෂා කිරිම සදහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරිය මැදිහත් වි භාණ්ඩ පිළිබඳ විශේෂඥ දැනුමක් නොමැති යොමු කිරිම ඊට ප්‍රධානතම හේතුව වි තිබුනා.
සිමෙන්තිවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට ඉන්දියාවට සහ පාකිස්ථානයට පිටත් කර යවා තිබුනේ ආහාර පිළිබඳ විෂය දැනුමක් ඇති පුද්ගලයන් විම හරහා එය මැනවින් තහවුරු වි තිබේ.
ඇමරිකානු ඩොලර් මිලියන 250ක රාජ්‍ය ණය මුදලක් ලබා ගැනිම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Mashreq Bank බැංකුවෙන් කප්පම් මුදලක් ලබා ගැනිමට උත්සහ කිරිම සම්බන්ධයෙන් මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂට එරෙහිව මුදල් අමාත්‍යවරයාට පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇති බව News One දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
ශ්‍රි ලංකාවේ රාජ්‍ය බැංකු ණය මුදල් ලබා ගැනිම සදහා ප්රමුඛව බැංකු කිහිපයක් සමග කටයුතු කරන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Mashreq Bank බැංකුව ඒ අතර ප්රමුඛ පෙළේ බැංකුවක් වේ.රජයේ අනුදැනුම යටතේ අදාළ ණය අධාරය ලබා ගැනිමට කටයුතු කර ඇති අතර එම මුදල් ලබා ගැනිමේදි Mashreq Bank හරහාම එය ලබා ගැනිම සදහා සභාපතිවරයා අදාල කප්පම් මුදල ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.අදාළ කප්පම් ඉල්ලිම සම්බන්ධයෙන් සාක්ෂී රැසක්ද මුදල් අමාත්‍යවරයාට ලබාදි ඇති බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් විසින්ද අනාවාරණය කර තිබුනා.(අදාළ විඩියෝව පහලින් නරඹන්න)
මිට අමතරව කලම්බු කැපිටල් ලැන්ඩ් (Liberty Holdings (Pvt) Ltd) 2016 වසරේ රුපියල් බිලියන 1.6ක ණය මුදලක් මහජන බැංකුවෙන් ලබාගෙන ඇති අතර එය 4වන වරටත් නැවත් ලැයිස්තුගත කිරිමේ සුදානමක් පවතින බව අනාවරණය වේ.ඒ අනුව 2018 ජනවාරි,2019 ජුලි මාසයේ සහ 2020 ජුනි මාසයේ එම නැවත ලැයිස්තු ගත කිරිම සිදුකර තිබේන අතර එය නැවතත් ලැයි ස්තුගත කිරිමේ සුදානමක් පවතින බවයි අනාවරණය වි ඇත්තේ.
අවස්ථා තුනක් Reschedule කර තිබේන එම ණය මුදල නැවතත් reschedule කිරිමට නොහැකි බව මහජන බැංකුවේ ණය ලබාදිම සදහා පත්කර තිබේන කමිටුව (credit committee) ප්‍රතිකේෂ්ප කර ඇති අතර මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ වහාම එය නැවත reschedule කිරිම සදහා බලපෑම් කරමින් සිටින බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ.
මහජන බැංකුවේ ව්‍යවස්ථාවට අනුව සභාපතිවරයා Non-Executive Chairman තනතුරක් වන අතර ඒ අනුව ඔහුට මහජන බැංකුවේ ණය සම්බන්ධයෙන් තින්දු ගැනිමේ කමිටුවට බලපෑම් කිරිමට කිසිදු හැකියාවක් නෑ.සභාපතිවරයාගේ බලපෑම් හේතුවෙන් මේ වනවිටත් මහජන බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලය කලකිරීමට පත්ව ඇති අතර අනිසී බලපෑම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටද දැනුවත් කිරිමට කටයුතු කර තිබේ.
Liberty Holdings (Pvt) Ltd සමාගම් සමුහයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සිය සමාගම් සමුහයට ලබාදුන් ණය මුදල් ගෙවිම පැහැර හැරිම අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරිම සදහා මහජන බැංකුවේ credit committeeයට අනිසි ලෙස බලපෑම් එල්ල කරන බව වාර්තා වේ.
ලංකාව පුරා ව්‍යාප්ත වෙමින් තිබේන විවිධ වර්ගයේ ආගමික අන්තවාදයන් මේ වනවිට රටේ රාජ්‍ය පාලනයේ සිට ක්‍රිඩාව දක්වා ව්‍යාප්ත වි ඇති අතර ඒ හරහා එම ක්ෂේත්රයන්ට සිදුවන බලපෑම් රටේ ජනතාව අඩු වැඩි වශයෙන් විදිමින් සිටි.
Jehovah’s Witnesses මෙන්ම ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) මෙරට ධනේෂ්වර පන්තිය සහ ප්‍රසිද්ධ චරිත තම අන්තවාදී ආගමට බඳවා ගන්නේ ඔවුන් හරහා ඉතා ඉක්මණින් එම ආගම රට පුරා ව්‍යාප්ත කිරීමටයි. මේ වනවිට Jehovah’s Witnesses අන්තවාදි කල්ලිය සහ Born again කල්ලිය අතර තරගයක් හටගෙන ඇති අතර ඒ හෙතුවෙන් රාජ්‍ය පාලනයටද අහිතකර බලපෑම් එල්ල වෙමින් තිබේන බවයි අප විශේෂ වාර්තාකරු අනාවරණය කළේ. මෙම කණ්ඩායම් දෙකම රාජ්‍ය යාන්ත්රනයේ ඉහලම ක්ෂේත්‍ර වල තනතුරු හොබවන පාර්ශවයන් තදින්ම අනුගමනය කිරිම ඊට හේතුවයි.
JEHOVAH’S WITNESSES!!!
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නැමැති අන්තවාදී සංවිධානය JEHOVAH’S WITNESSES ඔවුන්ගේ නීතිගත ඇමෙරිකානු සමාගම මාර්ගයෙන් තමන්ගේ ග්‍රහණයේ තබාගෙන සිටින සාමාජිකයන්ගේ ලංකාවේ දේපල ඉතාමත් සූක්ෂම ලෙස ඔවුන්ට පවරා ගැනීමක් කරන බව මේ වනවිට අනාවරණය වි තිබේ.
ඇමරිකාවේ පිහිටි WATCH TOWER SOCIETY නමැති පහත සඳහන් අමරිකානු මොවුන්ගේ නීතිගත සමාගම මොවුන්ගේ සාමාජිකයන්ගෙන් සම්මාදම් ලෙස ඉඩම් දේපල, බැංකු ගිණුම්, රක්ෂණ සහ විශ්‍රාම වැටුප්, ව්‍යාපාර කොටස් සහ බැඳුම්කර, අන්තිම කැමති පත්‍ර, විශ්වාස භාරයන් සහ මුදල් පවරා ගැනිමට කටයුතු කරමින් සිටි.
වහාම මෙම දේපල ඇමරිකාවේ මෙම සමාගමට ලියා ඇත්දැයි සොයා බලන්න මෙම සමාගමේ ලිපිනය පහත සඳහන් වේ. (මේ ගැන JW.ORG ඔවුන්ගේ වෙබ් අඩවිය සහ Google හි Donate TO JEHOVAH’S WITNESSES නමැති වෙබ් අඩවිය බලන්න.)
මෙම සංවිධානයේ ඇති භයානකම තත්ත්වය නම් සාමාජිකයන්ට ලේ ගැනීම තහනම් වේ (BLOOD TRANSFUSIONS PROHIBITED).මෙම සංවිධානයේ සාමාජිකයන් බොහෝ දෙනෙක් රෝගී පරික්ෂණ සදහා ලේ නොගැනීම නිසා මරණයට පත් වි තිබේන බවද අනාවරණය වි තිබේ.
මෙම සංවිධානයේ සාමාජිකයන්ගේ බාල අපචාර ඇතුළු සියලු නීති විරෝධී ක්‍රියා නීතිය හමුවට ඉදිරිපත් නොකරන අතර පිටරටවල මොවුන්ගේ ම සාමාජිකයන්ට බාල අපචාර සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන තිබෙන අතර මොවුන්ට වන්දි වශයෙන් ඩොලර් ලක්ෂ ගණන් ගෙවීමට සිදුව තිබේ.
California man accuses Jehovah’s Witnesses of covering up childhood sex abuse
දැනට කොරෝනා නීති රීති නිසා මොවුන්ගේ මොවුන් ගෙයින් ගෙට ගොස් ආගම දේශනා දේශනා නොකරන අතර දුරකථනයෙන් ආගම දේශනා කරමින් අන්‍යාගමිකරණය පවත්වාගෙන යන බවද අනාවරණය වි ඇත.
දැනටමත් මොවුන්ගේ සාමාජිකයන් කී දෙනෙක් තමන්ගේ දේපළ සහ ඉහත සඳහන් දෑ මෙම සමාගමට පරිත්‍යාග කොට ඇත්දැයි රජය සොයා බැලිය යුතු වන අතර ඉදිරියේදි දෙපළ පවරා දුන් ලැයිස්තුවක් අප විසින් ඉදිරිපත් කිරිමට කටයුතු කරනු ඇත.
අන්තවාදී ආගමික මධ්‍යස්ථානයේ ලංකාවේ ලිපිනය
THE WATCHTOWER, 711, STATION ROAD,WATTALA 113000.
දුරකථන අංකය 0112930444
ඇමරිකානු මූලස්ථානයේ ලිපිනය
THE WATCHTOWER BIBILE AND TRACT SOCIETY OF NEW YORK INC, WALLKILL 900,
RED MILLS ROAD,
WALLKILL NY,
12589 – 3299 UNITED STATES OF AMERICA.
මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන්නේ “බෝර්න් අගේන්” (Born Again)ආගමික අන්තවාදයයි. දක්ෂයන්ට සුදුසු තැන නොලැබෙනා, ආගමික විශ්වාස මත ක්‍රීඩකයන්ට සහ නිළධාරීන්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට අවස්තාව හිමි වන බව මේ වනවිට සැකයකින් තොරව ඔප්පු වි තිබේ.
“බෝර්න් අගේන්” යනු ක්‍රිස්තියානි ආගමට අයත් නිකායකි. දේශපාලන ක්ෂේත්රයේ මෙන්ම ක්‍රීඩා ක්ෂේත්රයේද මෙම කල්ලිය සූක්ෂමව ක්‍රියාත්මක වේ. මොවුන්ගේ ප්‍රධාන ඉලක්කය බෞද්ධයන් අන්‍යාගමීකරණය කර ගනිමින් සිය ආගමික කල්ලියේ ගොඩ වැඩි කර ගැනීමයි.
මේ වනවිට ‘‘බෝන් අගේන්’’ (“Born again”) ආගමේ පූජකවරුන්ගේ සැලසුම සාර්ථක වි ඇති අතර ඔවුන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සිට පරිපාලන නිලධාරීන් දක්වා කිහිප දෙනෙකු තම ආගම වෙත නතු කර ගැනිමට සමත්ව සිටි.
මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ මෙම බෝර්න් අගේන්(Born Again) කල්ලියයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක(හිටපු) ඈෂ්ලි ද සිල්වා, ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ජෙරම් ජයරත්න ආදී ඉහළම නිළධාරීන් සියලූම දෙනා මේ බෝර්න් අගේන් නිකායේ පිරිස් ය.මේ වනවිට මෙම පිරිස ක්‍රිකට් ආධිපත්‍ය රැක ගැනීමට ඉතාමත් සැලසුම් සහගතව කල්ලි ගැසී කටයුතු කරමින් සිටියි. 2007 වසරේදි සිය බිරිඳගේ බලපෑමට බුද්ධාගම අතහැර බෝර්න් අගේන් ආගම වැළදගත් හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මෙම කල්ලියේ ප්‍රධානම පෙරගමන්කරුවෙක් වී සිටිය බව ප්‍රසිද්ධ රහසකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කරනා ශම්මි ද සිල්වා, සමන්ත අල්ගම, ජෙරම් ජයරත්න, ඈෂ්ලි ද සිල්වා, අසන්ත ද මෙල් ආදි පිරිස කල්ලියේ ප්‍රධානම සාමාජිකයන් බව තතු දත් ආරංච් මාර්ග සදහන් කරයි.මෙම කල්ලියේ න්‍යායාචාර්යවරයා බෝර්න් අගේන්(Born Again) පල්ලියේ පාදිලියෙකි. රාගම ක්‍රීඩා සාමාජයට සම්බන්ධ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලයෙක් වන ‘ෆාස්ටර් ජෙරම්’ ලෙස ක්ෂේත්රයේ ප්‍රසිද්ධ තක්කඩියා(ජෙරම් ප්‍රනාන්දු ) ක්‍රිකට් බෝර්න් අගේන් කල්ලියේ න්‍යායාචාර්යවරයාය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වසා ගත් බෝර්න් අගේන්(Born Again)කල්ලිය රසිකයන්ට රහසේ ඉතා සූක්ෂමව ක්‍රිකට් ක්‍රීඩාව තුල සිය ඒකාධිපත්‍යය ගොඩ නගා ගනිමින් සිටියි.
අද වන විට සිංහල බෞද්ධ ක්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අපහසු වීමට තරම්ම මෙම කල්ලියේ පැතිරීම සහ බලපෑම ප්රබලය.ක්‍රීඩකයන්ට බෝර්න් අගේන් නිකායට එක්වන ලෙසට බලපෑම එල්ල වන්නේ ප්‍රධාන තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් ගෙනි. ඔහුගේ ඉල්ලීම අවස්ථා කිහිපයකදී ප්‍රතික්ෂේප කළ සැණින් එම ක්‍රීඩකයා එළියේය.
රුපියල් කෝටි 300 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනිමට මෙහෙයුමක් දියත් කිරිම හේතුවෙන් 11 වැනිදා සේවය අවසන් කිරිමට සිටි සුරාබදු කොමසාරිස් ජනරාල් ආරියදාස බෝදරගමට සේවා දිගුවක් ලබාදිමට සුදානමක් පවතින බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ සේවා දිගුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේද අවධානය යොමුවි ඇති අතර කැබිනට් රැස්වීමේදි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තින්දුවක් ගනු ඇති බවයි අප විශේෂ වාර්තාකරු සදහන් කළේ.
ඩුබායි රටේ සැඟව සිටින ජූඩ් නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මෙරටට බෝට්ටු මගින් එවන ලද බව කියන හෙරොයින් මත්කුඩු කිලෝ 100 හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100 ක් ඒවා ප්‍රවාහනය සඳහා යොදා ගත් වෑන් රථයක් මෝටර් රථ දෙකක් සහ ට්‍රක් රථයක් ද සමග පුද්ගලයන් හතර දෙනෙක් මාරවිල තොඩුවාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනිමට සමත් වුනා.
මසකට ආසන්න කාලයක් සුරාබදු නිලධාරින් හා සුරාබදු බුද්ධි අංශය දැවැන්ත මෙහෙයුමකින් පසුව මෙම වැටලීම කර ඇති අතර, මෙම මත් ද්‍රව්‍ය තොගය ශ්‍රී ලාංකික මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් සූක්ෂම ලෙස ප්‍රවාහනය කිරීමට කටයුතු කර තිබියදී අත්අඩංගුවට ගැනිමට සමත් විය.
සුරාබදු දෙපාර්ත්තුමේන්තුව පවසන්නේ මෑත ඉතිහාසයේ තම දෙපාර්තමේන්තුව මගින් සිදු කල විශාලතම වැටලීම මෙය බවයි.
මාස හයක සේවා දිගුවක් සදහා යෝජනා වි සිටි සුරාබදු කොමසාරිස් ඒ බොදරගමගේ වහාම ක්‍රියාත්මක වන පරිදි එම සේවා දිගුව අවසන් කිරිමට තිරණය කර තිබේන බව පසුගියදා ඇතැම් වෙබ් අඩවි වාර්තාකර තිබුනා.පාර්ලිමේන්තුව තුලදිද සුරාබදු කොමසාරිස් ජනරාල් ආරියදාස බෝදරගම පසුගිය දින කිහිපයේම කතාබහට ලක්වු චරිතයක් බවට පත්වුනා.
ඊට හේතු වි තිබුනේ සුරාබදු කොමසාරිස්වරයා රජයට නොලැබුන බිලියන ගණනක බදු මුදල් යලි අයකර ගැනිම සදහා බදු වංචා රැසක් හෙලිකිරිමට ද දායකත්වය ලබාදිම, කෝටි 100කට අධික බදු වංචාවක් හේතුවෙන් සීල් තැබු ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටලරීස් සමාගමේ බලපත්‍රය බදු නොගෙව යලි නිකුත් කිරිමට විරුද්ධ විම,මෙන්ඩිස් අරක්කු සමාගමේ බිලියන ගණනක බදු අයකර නොගෙනම යලි විවෘත කිරිමට ඉඩ දිමට විරුද්ධත්වය පලකිරිම ඇතුලු සිද්ධින් කිහිපයකි.
මෙන්ඩිස් අරක්කු සමාගම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බිලියන 6ක බදු මුදලක් මෙන්ම ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට බිලියන 1.1ක බදු මුදලක් ගෙවිමට තිබේ.මේ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටලරීස් සමාගමේ කෝටි 100කට අධික බදු වංචාවක් සම්බන්ධයෙන් පසුගියදා සිංහලේ සංවිධානයේ මහා ලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් අනාවරණය කල අතර එහිදි සුරාබදු කොමසාරිස් ඒ බොදරගමගේ සමාග කල පටිගත කල දුරකථන සංවාදයක් විකාශනය කිරිම සහ එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණයක් සදහා විහාරස්ථානයට පැමිණිමත් සමග ඇතිවු නොසන්සුන්තාවය හේතුවෙන් ඇතැම් පුද්ගලයන් සහ කණ්ඩායම් කල බලපෑම් මත සේවා දිගුව නතර කිරිමට මුලික වි තිබුනා.
රූකඩ නටවන්නෙකු, පෙදරේරුවෙකු සහ වඩු වැඩ කර්මාන්ත ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇති අතර පසු කලෙක දේවාලයක කපුවෙකු වු අප්පුකුට්ටි කංකානම්ලාගේ ධනපාල හෙවත් ධම්මික බන්ඩාර යොදවා ගනිමින් රටේ ජනතාව ගෝනාට ඇන්දවිමට කුප්‍රකට මාධ්‍ය හිමිකරුවෙකු වන දිලිත් ජයවීර නැමත්තා ගත් උත්සහය කාලී දෙවියන් විසින් නිරුවත් කිරිමත් සමග දිලිත්ට එරෙහිව ආණ්ඩුවේන්ම අප්‍රසාදය පලවෙමින් තිබේ. News One දේශපාලන වාර්තාකරු සමග දුරකතනයෙන් සංවාදයට එක්වු වත්මන් රජයේ ප්‍රබල ඇමතීවරුන් කිහිප දෙනෙකුම දිලිත් හදුන්වා ඇත්තේ මැස්සාගේන් රජතුමා බේරා ගැනිම සදහා කඩුව අතට ගත් වදුරා ලෙසයි.
පසුගිය කාලසීමාවේ ධම්මික පැණීය සම්බන්ධයෙන් රාජ්‍ය මට්ටමින් ගත් සෑම පියවරක්ම දිලිත්ගේ කීම මත ජනපති දුන් නියෝග බවයි ඔහුන් නොකියා කියා ඇත්තේ.
“ජනාධිපතිවරයාත් සමහර වෙලාවට ලගට ගන්නේ වැඩකට නැති මිනිස්සු .. අවසානයට අපි ජනතාව ඉස්සරහා ලැජ්ජාවට පත්වෙනවා..”
Covid19 ආසාදිතයින් හඳුනාගැනීම සඳහා වන ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ගෙන්වමින් කුප්‍රකට මාෆියාවක යෙදිමින් සිටි දිලිත්ගේ රෙදි ගැලවිමත් සමග එම නිරුවත් වසා ගැනිම සදහා ධම්මික වැනි ගෙවලයෙකු යොදවා ගන්නා බව සමාජ හමුවේ අනාවරණය කලද කෙලවරටම ගොස් කෙලවෙන තුරුම යමක් පිළිනොගන්නා ජාතියක් සිටින රටක මාධ්‍ය ඉදිරියේ රෙද්ද කඩා ගන්නා තුරු ඉවසීමෙන් සිටිම නුවණට හුරුය.
සමහරු වෙදාට අල්ලගෙන පහරදෙති. එය වැඩකට නැති වැඩකි.මන්ද ඔහු උපන්ගෙයි මොඩයෙකු බව බැලු බැල්මටම පෙනේ.පහරදිය යුත්තේ මොඩයන්ට රැගිමට වේදිකා තනන උන්ටය.නැතිනම් හෙට දවසේ මේ කුප්‍රකට මජර ව්‍යාපාරිකයන් තවත් නරියෙකු තින්ත ගා ජනතාව ඉදිරියට ගෙන එනු ඇත.
දිලිත් යනු කුප්‍රකට ජාවාරමකාර ව්‍යාපාරිකයෙකු බව නොරහසකි.ඔහුගේ එම ජාවාරම් අද වනවිට ජනාධිපති සෙවනැල්ල විසින් ආවාරණය කර තිබේ.ඒ නිසාම අද වනවිට රජාගේ ඇගේ මැස්සා වැසිමට නොදී කඩුව අතට ගෙන රජු රකින් වදුරාගේ චරිතයට පණ පෙවිමට දිලිත්ට අවස්ථාව ලැබී තිබේ.
පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරය අවස්ථාවේ පවා මාධ්‍ය ආචාර ධර්ම මුළුමනින්ම කෙලසමින් සිය නාලිකාවේ ම්ලේච්ඡත්වය පෙන්වු දිලිත්,නාගයා කැළණියට වඩම්මා පුද බිමත් කෙලසා අවසානයේ රටේ ජනතාව මුහුණ දෙමින් සිටින භයානක වසංගතය සිය සක්කිලී මාධ්‍ය භාවිතාව වෙනුවෙන් යොදවා ගත් අතර අද වනවිට එයට ජනතාව පිළිතුරු දිම දෛවයේම සරදමකි.
එසේම ජාතිවාදය පෝෂණය කරමින් දකුණේ වෙසෙන සිංහල ජනතාව වෙත දමිල සහ මුස්ලීම් ජනතාව සම්බන්ධව භීතියක් සහ වෛරයක් ඇති කරවීම දිලිත්ගේ මිලේච්ඡත්වය මොනවට ප්‍රදර්ශණය කල අතර අද එය ඔහුන්ටම පාරාවලල්ලක් වි තිබේ.
රාජ්‍ය මාධ්‍ය අකර්මණ්‍ය කිරිමෙන් පසුව කරලියට ආ පෞද්ගලික මාධ්‍ය අද තමන් කවුද යන්න ඔහුන් විසින්ම කියනා තැනකට වැටි තිබේ. නයි නටවන,බෙහෙත් පෙරන නාලිකාව තමන්ගේ පුවත් විකාශ හදුන්වා ගන්නේ ‘ලංකාවේ විශ්වසනීයම සහ අංක 01 පුවත් විකාශය දෙරණ ටීවී පුවත් විකාශය’ යනුවෙනි. තොරාගත් නිවාස කිහිපයකින් ලබාගන්නා දත්ත අනුව ඔහුන්ට අවශ්‍ය පුද්ගලයන්ට හෝ ආයතන වලට සම්මාන ලබාදෙන ඔහුන් ඇතැම් විට සිතාගෙන ඇත්තෙ අති මහත් බහුතරය ගොන්නුන් කියා වන්නට බැරිය.
අවසානයේ ගරු අටමස්ථානාධිපති හිමියන්හට මෙන්ම සිරස නාලිකාවට පිංසිදුවන්නට කෑගල්ලේ හොර වෙදා රඟපෑ දිලිත්ගේ පැණි නාටකය අතරමඟ නවත්වන්නට සිදුවූ අතර පැණියෙන් ගොඩයන්න සිහින මැවූ දේශපාලක නලු කැලට අලුත් ස්ක්‍රිප්ට් එකක් සොයා ගැනිමටද සිදුව තිබේ. අවසානයේ දිලිත්ට එකක් කිවයුතුය දැන්වත් රටේ ජනතාවගේ මුදල් වංචා කර ගෙන්වු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල භාවිතා කර ටෙස්ට් එකක් කර ගැනිම නුවණට හුරු බවය.
රුපියල් 5ක් වියදම් කොට ආහාර වේලක් මිලදී ගැනීමට නොහැකි දිලිත් ජයවීර බිලියන 2කට ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම මිලදී ගත්ත හැටි!
2011 වසරේ ඔක්තෝම්බර් මස 27 වනදා එවකට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයාව සිටි රනිල් වික්‍රමසිංහගේ සහෝදරයා වන TNL මාධ්‍ය ජාලයේ සභාපති ශාන් වික්‍රමසිංහ ඔහුගේ නීත්ඥවරයා වන සුදත් ජයසුන්දර සහ බාල සහෝදරයා වන චන්න වික්‍රමසිංහ සමඟ කොළඹ අපරාධ කොට්ඨාශයේ ප්‍රධානී පොලිස් අධිකාරී ඩී.ආර්.එල් රණවීර හමුවී පැමිණිල්ලක් ගොනු කළා.
දෙරණ මාධ්‍ය ජාලය සහ ජොර්ජ් ස්ටුවර්ට් සමාගමේ සභාපති දිලිත් ජයවීර සම්බන්ධයෙන් ශාන් වික්‍රමසිංහ සිය පැමිණිල්ල යොමුකරමින් විශේෂ කරුණු කිහිපයක් හෙළිදරව් කර තිබේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිය හදාරමින් සිටින සමයේදී රුපියල් 5 ක් වියදම් කොට ආහාර වේලක් මිලදී ගැනීමට නොහැකිව සිටි දිලිත් ජයවීර, ඉතා කෙටි කලෙකින් රුපියල් බිලියන 2ක් වියදම් කරමින් ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ කොටස් මිලදී ගත්තේ කෙසේද?
එවකට ආරක්ෂක අමාත්‍යංශය සතුව පැවති නාගරික සංවර්ධන අධිකාරියට අයත්ව තිබූ කොළඹ කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ 51% ක කොටස් මිලදී ගැනීම සදහා දිලිත් රුපියල් මිලියන 500ක් ඉපයූවේ කෙසේද? යන ප්‍රධාන ප්‍රශ්ණ දෙක විමර්ශණය කරන ලෙස ඔහු එහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ පැමිණිල්ලක් යොමුකරමින් ඉල්ලා සිටියා.
එම පැමිණිල්ලේම සදහන් වන පරිදි දිලිත් ජයවීර සහ කූප්රකට ව්‍යාපාරිකයෙකු වන නිමල් පෙරේරා එක්ව දිවැස ආයෝජන කලමනාකරණ සමාගම හරහා කොළඹ කොටස් වෙළඳපොලෙ කරන ලද ගණුදෙනුවලින් අයුතු ලාභ උපයා ඇත්දැයි විමර්ශණය කරන ලෙස දක්වා තිබේ.
2011 වසරේ සිට මේ දක්වා දශකයකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇති නමුත් පැවති කිසිදු රජයක් මෙම චෝදනා සම්බන්ධයෙන් සාධාරණ විමර්ශණයක් සිදුකිරීමට අපොහොසත් වූ අහර කොටස් වෙළඳපොල ගණුදෙනු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ කෘතහස්ත රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුටම සිය රැකියා ද අහිමි විය.
දිලිත් යනු කවුද? සාක්ෂී සහිත අනාවරණයන් පෙලක් ඉදිරියේදි බලාපොරොත්තු වන්න.ඔබටද ඔබ දන්නා තොරතුරු අප සමග බෙදා ගැනිමට හැකියාව තිබේ.
කෝටි ගණන් බදුවලට කෙලවා නැව් පිටින් කොළඹට එන සීනී, ඉන්දිය සීනී නිෂ්පාදකයින් රැක ගැනිම වෙනුවෙන් දියත් වන මෙහෙයුමක් බව මේ වනවිට අනාවරණය වි තිබේ. ශ්‍රි ලංකා ජනතාවගේ බදු මුදල් වලින් කෝටි 1500කට වැඩි මුදලක් අහිමි කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්රචාරක ව්‍යාපෘතිවලට සහයෝගය ලබා දුන් ඔහුගේ ගජමිතුරු ව්‍යාපාරිකයෙකු වන ෂැංග්‍රිලා සභාපති, විල්මා ආයතනයේ හිමිකරු සජාත් මව්සින් විසින් ගෙන්වන මෙම සිනී ඉන්දියාවෙන් ඉතාම අඩු මුදලකට ලබාගන්නා සීනි තොගයක් බවටද තොරතුරු අණාවරණය වී තිබේ.
2020 වර්ෂයේ දෙවන භාගය වන විට ඉන්දියාවේ සීනි නිෂ්පාදනය බලාපොරොත්තු ප්‍රමාණයට වඩා ඉහළ ගොස් ඇති අතර ඒ සමගම ඉන්දීය ගොවීන්ට උක් සඳහා අඩු මිලක් ලැබෙන විට ගොවීන් ඊළඟ කන්නයේ උක් නිෂ්පාදනය අත්හරිතැයි ඉන්දීය ආණ්ඩුව භියට පත්ව තිබේ. ඒ අනුව උක් ගොවියා ආරක්ෂා කර ගැනීමටත් සීනි නිෂ්පාදනය උපරිම ධාරිතාවයෙන් පවත්වාගෙන යාම සඳහාත් ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් ($) 140ක දිරි දීමනාවක් ගෙවීමට ඉන්දීය රජය විසින් තීරණය කර ඇති අතර දිරි දීමනාව ගෙවන කාල සීමාව 2020 දෙසැම්බර් මස 31 දක්වා පමණක් වලංගු බවට චක්රලේඛණයක්ද නිකුත් කර ඇත.
ඒ අනුව ටොන් එකකට ඩොලර් ($) 140ක අතිරේක දිරිදීමනාවක් ලැබෙන බැවින් ඉන්දීය සීනි නිෂ්පාදකයන් ජාත්‍යන්තර මිළටත් වඩා අඩු මිලකට සීනි අපනයන මිල ලකුණු කර තොග උපරිම ප්‍රමාණයක් ශ්‍රී ලංකාව ඇතුලු රටවලට අපනයනය කිරීම දෙවන කාර්තුවෙදී වේගවත් කර තිබිණි.
පසුගිය ඔක්තෝබර් 13 වැනිදා රජය විසින් සීනි සඳහා එතෙක් අය කළ රුපියල් 50ක විශේෂ වෙළඳ බද්ද ශත 25ක් දක්වා අඩු කිරීමත් සමඟ සජාත් නැව් පිටින් සීනී ආනයනය කිරිමට කටයුතු කරමින් සිටි.
ටොන් එකකට ඩොලර් ($) 140ක අතිරේක දිරිදීමනාවක්,ඔක්තෝබර් 13 වැනිදා සිට එතෙක් අය කළ රුපියල් 50ක විශේෂ වෙළඳ බද්ද ශත 25ක් දක්වා අඩු කිරීමත් සිදුකලද ලංකාවේ ජනතාවට තවමත් සිනී ක්‍රිලෝවක් මිලදි ගැනිමට සිදුව ඇත්තේ රුපියල් 125ක් 130ක් අතර මුදලකටය.විශ්මයට කරුණ නම් ඒ රුපියල් 85ක පාලන මිලක් තිබියදී විමයි.
2020 ඉන්දීය සීනි සමය….
මේ අතර ඉන්දියාව (2020-2025) ඉන්දියානු උක් සීනි වෙළඳපොල CAGR 4.3% දක්වා ළඟා කර ගැනිම සදහා මෙහෙයුමක්ද දියත් කර තිබේන අතර රජයේ ප්‍රතිපත්තිවලට සහය දැක්වීම සහ බෝග ප්‍රදේශ වැඩි කිරීමත් සමඟ පුරෝකථනය කරන ලද කාල සීමාව තුළ ඉන්දියාව සීනි නිෂ්පාදනයේ ඉහළ අගයක් අපේක්ෂා කෙරේ.
2020 සීනි සමය සඳහා ඉන්දිය රුපියල් කෝටි 6,260 ක අපනයන සහනාධාරයක් ඉන්දිය කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙන අතර එය එකවර අපනයන සහනාධාරයක් ලබා දීම සඳහා ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් කමිටුව විසින් අනුමැතිය ලබා දී තිබේ
ඉන්දියාවේ ප්‍රාන්ත නවයක, එනම් පන්ජාබ්, උත්තර් ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර, අන්ද්‍රා ප්‍රදේශ්, බිහාර්, ගුජරාට්, හර්යානා, කර්ණාටක සහ තමිල්නාඩු යන ප්‍රදේශවල උක් ප්‍රධාන වශයෙන් නිපදවනු ලබන අතර මෙම ප්‍රාන්ත නවයේ ග්‍රාමීය ජනගහනයෙන් 12% කට සෘජු හෝ වක්‍ර රැකියා මගින් සීනි කර්මාන්තය සහාය වේ.
ආණ්ඩුවට රුපියල් බිලියන 10ක් අහිමි කළ ජනාධිපතිගේ සීනි ජාවාරමේ තීන්දුව ගනු ලැබුවේ වියත්මගේ සාමාජිකයින් විසින් බවත් ඒ ජනාධිපති ගොටාබය රාජපක්ෂගේ ප්රචාරක ව්‍යාපෘතිවලට සහයෝගය ලබා දුන් ගජමිතුරු ව්‍යාපාරිකයෙකු වෙනුවෙන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පසුගියදා පාර්ලිමේන්තුවේදි අනාවරණය කළා.
Top