Breaking
24 Feb 2025, Mon

BBS ජාත්‍යන්තර මාෆියාකරු ඩිලන්ත විතානගේ රහසේම රනිල් හමුවේ

එක්සත් ජාතික පක්ෂයට කිසි විටක්වත් ගොඩනඟා ගැනිමට නොහැකි සිංහල බෞද්ධ ඡන්ද පදනම ගොඩනැගිමේ සියුම් කුමන්ත්‍රණයේ ප්‍රධාන පාර්ශව කරුවන් වු බොදූ බල සේනාව දැන් යලිත් කුමන්ත්‍රණයකට අර අදිමින් සිටින බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කරයි.රාජපක්ෂ ආණ්ඩුවේ වරප්‍රසාදයන් ලබන අකාරයට හැසිරෙමින් නෝර්වේ බළල් අතක්ව ක්‍රියාකරන BBS ලාගේ ප්‍රධාන මාෆියාකරුවා වන  ඩිලන්ත විතානගේ පෙරේදා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවි පැය 4ක පමණ රහසිගත සාකච්ඡාවක් පවත්වා තිබේ.

එම සාකච්ඡාවන්ට අනුව බොදූ බල සේනාව දේශපාලන පක්ෂය ආරම්භ කිරිමට කටයුතු කිරිම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර මෙම හමුවට සහභාගි වි ඇත්තේ ඩිලන්ත පමණි.සාකච්ඡාවේදි  ගත් තින්දු තිරණ සම්බන්ධයෙන් මෙතේක් අනාවරණය වි නෑ.

රාජපක්ෂ පාලනය සමයේ එම ආණ්ඩුව මුස්ලිම් ජනතාව තුල අප්‍රසාදයට ලක්වන් ආකරයේ ක්‍රියාකාරකම් වල යෙදුනු බොදූ බල සේනාව අලුත්ගම හා ධර්ගා නගරයන් ගිනිබත් කරමින් ඉතිහාසයට කැළලක්ද එක් කල සංවිධානයකි.

බොදූ බල සේනා පිහිටුවීමට පෙර ගලගොඩ අත්තේ ඥානසාර ඇතුළු අන්තවාදී චීවරධාරීන් සමග ඩිලන්ත නොර්වේහි සංචාරයක යෙදුනු අතර පසුව එක්සත් ජාතික පක්ෂය හරහා BBSලාට සහය දැක්විමට නොර්වේ රාජ්‍ය එකඟතාව ඇතිකර ගත්තා.

බොදූ බල සේනාවට නෝර්වේ රටින් මුදල් ලැබුනේ නෝර්ජෙස් ගොටෙම්ප්ලාර් අන්ඩෝම්ස් ෆෝබන්ඩ් නම් නෝර්වීජියානු රාජ්‍ය නොවන සංවිධානය මගිනි. එම සංවිධානයේ ඉංග්‍රීසි නාමය නම් නෝර්වේ ගෝඩ් ටෙම්ප්ලර් යූත් ඇසෝසියේෂන් යන්නයි. මෙහි අරමුණු ලෙස කියන්නේ ආගම් වලින් ඈත් වන තරුණයින් සුමගට යොමු කිරීමයි. මෙම සංවිධානය එක්දාස් අටසිය ගණන් වලදී ඇමරිකාවේ ආරම්භ වූ සංවිධානයක් වන අතර පසුව ඇමරිකාවේ කණ්ඩායම සහ නෝර්වේ කණ්ඩායම ලෙස දෙකට කැඩී තිබේ. නෝර්වේ කණ්ඩායම 1967 වැනි ඈත කාලයේදීම ලංකාවට ආධාර කිරීමට යැයි පැමිණේ. පැමිණ උතුරේ බෝට්ටු හැදු මේ රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස සී-නොර් ව්‍යාපෘතිය ඇරඹුවේය. විශාල ධීවර පිරිසක් දකුණේ ද සිටියදී උතුරේ ඇරඹුවේ මන්දැයි ගැටළුවකි. කෙසේ වෙතත් ඊට වසර කිහිපයකට පසු උතුරේ තරුණයන් වෙනම රාජ්‍යයක් සඳහා සන්නද්ධ අරගලයක් ඇරඹුවේ ය. පසු කලෙක ශ්‍රී ලංකාවේ ආණ්ඩු මෙම සී-නොර් ව්‍යාපෘතිය රජයට පවරා ගන්නා ලදී.

1967 දී සී-නෝර් ඇරඹීමට ආර්නි ෆියර්ටෝෆ් නම් නොර්වීජියානු පුද්ගලයෙක් ලංකාවට පැමිණෙන අතර අද දක්වාම ඔහු ශ්‍රී ලංකාවේ හොල්මන් කරයි. පසුකලෙක ආර්නි ෆියර්ටොෆ් ඉහත කී නෝර්ජෙස් ගොටෙම්ප්ලාර් අන්ඩෝම්ස් ෆෝබන්ඩ් සංවිධානයේ මුදල් වලින් දැනට පවතින යන්ග් ඒෂියා ටෙලිවිෂන් නම් රාජ්‍ය නොවන සංවිධානය ආරම්භ කරන අතර ඩිලන්ත විතානගේද ඊට සම්බන්ධ වේ. පසුකලෙක එහි ඇති වූ ගැටුමක් හේතුවෙන් ආර්නි ෆියර්ටොෆ් ඉන් විසිවී යන අතර වෙනත් කණ්ඩායමක් එහි බලය ලබාගනී. ආර්නි ෆියර්ටොෆ් විසිවෙද්දී ඩිලන්ත විතානගේ ද ඔහු සමග ඉවත් වේ. මේ අනුව ආර්නි ෆියර්ටොෆ් නම් නෝර්වේ මුදල් ලබා දෙන්නා ඩිලන්තගේ විශ්වාසදායී මිතුරෙක් බවට පත් වේ. රුසියාවේ පැරණි අයිටී අධ්‍යාපනය ලැබූවෙක් වන ඩිලන්ත විතානගේ කොහෙන් හෝ මුදල් කඩාගෙන ව්‍යාපෘති ආරම්භ කර මුදල් හම්බ කරගන්නා පුද්ගලයෙක් වන අතර පළමුවෙන්ම ඔහු අන්දවා ඇත්තේ එජාප ආණ්ඩු කාලේ තරුණ සේවා සභාවයි. පරිඝනක දැනුම තරුණයන්ට ලබා දීමේ ව්‍යාපෘතියක් අරඹා පසුව සල්ලි අහවර වන විට අතහැර දමා තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.