Breaking
24 Feb 2025, Mon

වැලිඅමුණ පගාව සහ ශ්‍රි ලංකන් විකිණීම හෙළිදරවුවෙන් යහපාලනය කුජිත වේ

Silumina:ජේ.සී. වැලිඅමුණට රුපියල් කෝටි 23ක් දි සැදු ශ්‍රී ලංකන් ගුවන් සමාගම සැදු වාර්තාව අමු පචයක් බවත් සහ  ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝටි 3000 කොමිස් වලට විකුණා දැමිමට සුදානමින් සිටින බවටත් ක අනාවරණයන් හේතුවෙන් යහපාලන ආණ්ඩුවට අම්බානකට උණ ගෙන තිබෙන බව අද යහපාලන රෙදි සෝදන සිළුමිණ පුවතින් පැහැදිලි වේ.

යහපාලන මඩකරියන්ගේ සාමාන්‍ය ස්වරුපය හොදින්ම නිරුපණය කරමින් හමස් පෙට්ටීයට ගිය “වැලිඅමුණ කමිටු වාර්තාව ආපසු හැරවීමේ සැලැසුමක්” ඇති බවටත් ඒ සදහා වැලිඅමුණ කමිටු වාර්තාවට එරෙහිව මාධ්‍ය සහ නීති අංශ ඔස්සේ මෙහෙයුමක් දියත් කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් ගුවන් තොටුපළ වෘත්තීය සමිතියකට රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් ලැබී ඇතැයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසන බවට වාර්තා කර තිබේ.

ආණ්ඩුවේ පච මල්ල හදිසියේම මේ පුවත් වාර්තාකරනුයේ නිකම්ම නොවේ එයට ප්‍රබලම හේතුව වනුයේ ලබන 15 වැනිදා වන විට සිදුවිමට යන කෝටි 3000ක  යහපාලන ගීගා ඩීල් එක පිළිබඳව කරන ලද හෙලිදරව්ව සහ NGO කාක්කේකු වන ජේ.සී. වැලිඅමුණට කෝටි 23ක් ලබාදි බොරු වාර්තාව සකස් කල බවට සිදුවු අනාවරණයන් බව දැන් ඉතා පැහැදිලිය.

~~උපුටා ගැන්ම ~~සිළුමිණ මඩකරි පුවත්පත

චූදිතයන් රකින්න කෝටි 03ක සල්ලි මල්ලක්!
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවූ බව කියන මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳව හෙළිදරව් කළ වැලිඅමුණ කමිටු වාර්තාවට එරෙහිව මාධ්‍ය සහ නීති අංශ ඔස්සේ මෙහෙයුමක් දියත් කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් ගුවන් තොටුපළ වෘත්තීය සමිතියකට රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් ලැබී ඇතැයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසයි.

මේ මෙහෙයුම සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් අදාළ වෘත්තීය සමිතියේ ප්‍රබලයන් පිරිසකගේ සහ වැලිඅමුණ කොමිසම විසින් චෝදනා එල්ල කරන ලද හිටපු ප්‍රබල නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් පසුගිය සතියේ පවත්වා ඇතැයි ‘සිළුමිණ’ ට වාර්තා වේ.

මේ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් වැලිඅමුණ කමිටු වාර්තාවේ අඩංගු කරුණු විවේචනයට ලක් කරමින් එම වෘත්තීය සමිතිය විසින් මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කිරීමට නියමිත ය.

හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන්ගේ චරිත ඝාතනය කිරීමේ අරමුණින් අදාළ කොමිසම විසින් සාවද්‍ය හා තහවුරු නොකළ කරුණු පදනම් කරගෙන මෙම කමිට‍ු වාර්තාව සකස් කොට ඇතැයි එම වෘත්තීය සමිතියේ ප්‍රබලයන් මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කරනු ඇත.එයට අමතරව මෙම කමිටු වාර්තාවට සහ එය සකස් කළ කමිටු සාමාජිකයන්ට එරෙහිව නෛතික පියවර ගත යුතු බවත් එම සාකච්ඡාවේදී ප්‍රකාශ වී තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වා ඇති එම සමාගමේ හිටපු ප්‍රබලයන් ප්‍රකාශ කොට ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන්ට වැඩිම හානියක් සිදු වුණේ මේ වැලිඅමුණ කමිටු වාර්තාවෙන් බවයි. මේ සම්බන්ධයෙන් නෛතික පියවර ගැනීමට මේ පිරිස රටේ ප්‍රමුඛ නීතිඥයන් කිහිප දෙනකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කොට තිබුණත්, එම නීතිඥයන් මේ කාර්යයට මැදිහත් වීම තරයේ ප්‍රතික්ෂේප ‍කළ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ‘සිළුමිණ’ ට අනාවරණය කරයි.

කෙසේ ‍වුවත් අවසානයේ එක් නීතිඥයකු පමණක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එකඟත්වය පළ කොට ඇති අතර, එම සාකච්ඡාව සඳහා පමණක් අදාළ නීතිඥයාට රුපියල් මිලියනයක මුදලක් ගෙවා තිබේ.

එයට අමතරව වැලිඅමුණ කමිටු වාර්තාවට සහ කමිටු සාමාජිකයන්ට එරෙහිව ප්‍රවෘත්ති නිර්මාණය කිරීම සඳහා වෙබ් අඩවි කිහිපයකට සහ මාධ්‍යවේදීන් පිරිසකට ද මුදල් ලබාදීමට මෙම වෘත්තීය සමිතිය ක්‍රියා කරමින් සිටින බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

~~උපුටා ගැන්ම අවසන් ~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.