Breaking
23 Feb 2025, Sun

‘උන්ඩියල්’මාෆියා රවීට මෛත්‍රී පාලනයෙන් හොද කලක්

පුතා ගුටිකැවට මට මොකෑ – මම් අද ගොඩ 

‘උන්ඩියල්’ ක්‍රමය මඟින් කළු සල්ලි භාවිතා කරමින් කෝටි ගණනින් මුදල් උපයන නීති විරෝධී ව්‍යාපාරික ජාලයක් කොළඹ හා රටපුරා ක්‍රියාත්මක වන බව පොලිස් බුද්ධි අංශ මඟින් තොරතුරු අනාවරණය කරගත් පසුව එම මාෆියාකරුවන් සමග එකතුවු වත්මන් යාපනය දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා රුපියල් මිලියන ගණනක් කප්පම් ලෙස ගත් බව ප්‍රසිද්ධ රහසකි.

කොළඹ වංචා විමර්ශන අංශය විසින් පිටකොටුවේ කළු සල්ලි මධ්‍යස්ථාන කිහිපයක්ම වැටලු අතර විදේශගතව සිටින  කොටි ත්‍රස්තවාදීන් ද මහා පරිමාණයෙන් මේ කළු සල්ලි ජාවාරමට සම්බන්ධ වී සිටි බවටත් තොරතුරු අනාවරණය වි තිබුන අතර එවැනි ප්‍රභල කණ්ඩායමකින් රුපියල් මිලියින 50ක මුදලක් ලබාගනිමින් ඔහුන්ට උදවුකල බවද ප්‍රසිද්ධ රහසකි.

අවස්ථා ගණනාවකදි රවී වෛද්‍යාලංකාර මාරුකිරිම් වලට ලක්වු අතර මේ වන විට මෛත්‍රී ආණ්ඩුවේ ඔහුට ඇත්තේ මහා පිළිගැනිමකි ඊට හේතු කිහිපයක් තිබේ. එකක් නම් තමන්ගේ පුතා (අසේල වෛද්‍යාලංකාර) මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ පුත් දහම් සිරිසේනගෙන් අම්බානකට ගුටිකා බල්ලෙක් මෙන් සිටිම පමණක්ම නොවේ.”රටේ ඊළඟ අගමැති අපේ තාත්තා” යනුවෙන් පවසමින්ය.

අනත දුෂිතයෙකු වි නන්නත්තාර වී සිටි රවී පසුගියදා බෙදුම්වාදීන්ගේ ඡන්ද වලින් මෛත්‍රී ජයග්‍රහණය කල අවස්ථාවේ උතුරේ පිස්සු බල්ලන් මෙන් හැසිරෙමින් ආරක්ෂක අංශ අසරණ තත්ත්වයට පත් කල අවස්ථාවේ මෛත්‍රීට කඩේ නොව පොලේ යමින්  යාපනය ප්‍රදේශයේ කිසිදු ආකාරයක ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් පිළිබඳ වාර්තා නොවන බවට මධ්‍ය සංදර්ශකයා විම හේතුවෙන් මෛත්‍රීට එක දමා තිබේ.

පොලීසිය සහ හමුදාව යාපනය අර්ධද්වීපයේ උපරිම ආරක්ෂාව තහවුරු කර ඇති බව යාපනය අර්ධද්වීපයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරවන පුද්ගයින් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන බවටද ඔහු එදා පුරසාරම් දෙසිය.

එදා -මම අසරණ වුණා – අසේල වෛද්‍යාලංකාර

අද -තාත්තා කඩේ ගියා.

“මමයි මගේ වයිෆුයි පාසිකුඩා ආවෙ දවස්‌ කීපයක්‌ නතරවෙලා විනෝදවෙන්න. මා එක්‌ක මගේ තවත් යාලුවෙකුයි එයාගෙ වයිෆුයි ඇවිත් හිටියා.ඔය සිද්ධිය වෙච්ච දවසේ අපි බෝට්‌ටු සවාරියක්‌ ගියා. ඒ ගිහින් ඇවිත් ගොඩබැස්‌ස වෙලාවෙ කොල්ලො 15 ක්‌ විතර බීච් එකේ හිටියා. එතන හිටිය එක්‌කෙනෙක්‌ එයාගේ නාන ඇඳුම් පහත් කරගෙන මගේ වයිෆ්ට පේන්න අශෝභන විදිහට හැසිරුණා.ඒ අතරේ ඒ අයගෙන් කෙනෙක්‌ මගේ වයිෆ්ගෙ පින්තූර ගන්න පටන් ගත්තා.”

“මම ඒ පුද්ගලයා ළඟට ගිහින් කිව්වා මචං මේ මගේ වයිෆ් එයාගෙ පිංතූර ගන්න එපා. ගත්ත පිංතූර ටික මකලා දාන්න කියලා.ඒ වෙලාවෙ එයා කිව්වා උඹගෙ වයිෆ්ගෙ පිංතූර අපි ගත්තෙ නැහැ. උඹ යන අතක්‌ බලාගෙන පලයන් කියලා. මම දිගින් දිගටම කිව්වා පිංතූර ටික මකලා දන්න කියලා.”

“ඒත් එක්‌කම එතන හිටිය කෙනෙක්‌ මාව තල්ලු කළා. මම බිම ඇදගෙන වැටුණා. ඒ වෙලාවෙ එතන හිටිය අය මට හොඳටම ගහන්න පටන් ගත්තා.”

එදා- අධිකරණයෙන් සාධාරණයක්‌ ඉටුවෙයි – නියෝජ්‍ය පොලිස්‌පති රවී වෛද්‍යාලංකාර

අද -‘උන්ඩියල්’ කාරයන්ගේ මාෆියාව මම දුන්න සහය මාට්ටු උනොත් ඇපත් නෑ

“පාසිකුඩා වෙරළේදී සිද්ධවෙච්ච දේ ගැන මම ඉන්නෙ හරිම කනගාටුවෙන්. ඇමැතිතුමාගෙ පුතා ඇතුළු පිරිස මගේ ලේලිගෙ ඡායාරූප ගන්න ගිය වෙලාවෙ තමයි ඔය ප්‍රශ්නෙ ඇතිවෙලා තියෙන්නෙ.මේ සිද්ධිය වෙනකොට මම හිටියෙ මඩකලපුවෙ මගේ කාර්යාලයේ. මම පුතාව බලන්න එනකොට අතරමගදි එයාව හම්බවුණා. හෝටල් කාර්යමණ්‌ඩලය පුතාව රෝහලට අරගෙන යන වෙලාවෙ මට හම්බ වුණේ.”

“මම පුතාව අරගෙන මඩකලපුව රෝහලට ගියා. පොලිස්‌ නිලධාරීන්ට උපදෙස්‌ දුන්නා සාධාරණ පරීක්‍ෂණයක්‌ කරන්න කියලා. අඩුම තරමින් මම මඩකලපුව පොලිසියටවත් ගියෙ නැහැ මේ පරීක්‍ෂණ කෙරෙන ආකාරය ගැන බලන්න.මම හිතනවා මගේ පුතාට වෙච්ච අසාධාරණයට අධිකරණයෙන් සාධාරණයක්‌ ඉෂ්ටවෙයි කියලා.”

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.