Breaking
23 Feb 2025, Sun

රනිල් මෛත්‍රිපාල යමපාලනයට වක්‍ර ව ආධාර කළ ජෙප්පන්ට පැන යන්න දෙන්න එපා

අද රට අවුලක වෙයි. කවුදෝ කීවාක් මෙන් ආණ්ඩුවක් ඇත්තේ සියඹලාණ්ඩුවේ පමණකි. මෛත්‍රිපාල සිරිසේන අද රතන හිමියන්, චම්පක, ප්රාජිත, නිමල් සිරිපාල, එස් බී දිසානායක වටකර ගෙන රනිල්ට හා මහින්දට බියෙන් ජීවත් වෙයි. එහෙත් ඔහු සියල්ලන්ට වඩා බටහිරට බය වෙයි. ඔහු බටහිරයන් ක්‍රියා කරන ආකාරය, ඔවුන් තමන්ට අවශ්‍ය රාජ්‍ය නායකයන් පත්කරන ආකාරය, තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරන විට ඒ රාජ්‍ය නායකයන් ම හොඳින් හෝ නරකින් හෝ ඉවත්කරන ආකාරය දනියි. 

මුහුණ දිය හැක්කේ මුල සිට ම ඔවුන්ගේ අතකොළුවක් නො වීමෙනි. එහෙත් අගමැති කමට කෑදර වූ මෛත්‍රිපාල බටහිරයන්ට නමස්කාර කර ඔවුන්ගේ කොන්දේසි පිළිගත්තේ රාජපක්‍ෂලාගෙන් පමණක් නොව ශ්‍රී ල නි පක්‍ෂයෙන් ද, රටෙන් ද ජාතියෙන් ද පළිගැනීමට ය. අද ඔහු කළ යුත්තේ බටහිරයන්ට කුද ගසා ගැනීමට කියා ජාතියෙන් සමාව ගැනීම ය. එහෙත් ඔහුට එසේ කිරීමට නො හැකි ය.

මේ වන විට සුසිල් ප්‍රේම්ජයන්ත ද මහින්ද පිළට එකතු වීමේ ලක්‍ෂණ පහළ වී ඇත. අවසානයේ දී මෛත්‍රිපාලට මෛත්‍රිපාලවත් ඉතිරි වේද යන ප්‍රශ්නය ඇසීමට සිදු වී ඇත. දින එකසිය පනහ පිරෙන විට ඔහුට සහාය ලබා ගැනීම පිණිස තව තවත් ඔහුගේ පිළේ ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට ඇමතිකම් දීමට සිදු වී තිබේ. ඒ එ ජා පක්‍ෂයට විරුද්ධව ය. ප්‍රසිද්ධියේ කුමක් කීවත් එ ජා පක්‍ෂය අද මෛත්‍රිපාලට විරුද්ධ ය. මෛත්‍රිපාල ලාබ ජනප්‍රියභාවය සඳහා ලාබ සපත්තු සොයමින් යන්නේ අප්‍රසිද්ධියේ නො වේ. දින එකසිය පනහකින් මෙතරම් පර්හානියකට පත්වූ ආණ්ඩුවක් නැත. පළමු දිනයේ ම එය පික්පොකට් ආණ්ඩුවක් බවට පත්විය.

මෛත්‍රිපාල රනිල් පික්පොකට් ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා එ ජා ප මූලික ව ක්‍රියාත්මක විය. එමෙන් ම දෙමළ ජාතික සංධානය ද බටහිරයන්ගේ හා ඉන්දීයයන්ගේ අවශ්‍යතා ඉටුකරමින් මෛත්‍රිපාලට ආධාර කෙළේ ය. මෛත්‍රිපාල සමග රනිල් වෙතට ගිය ශ්‍රී ල නි පාක්‍ෂිකයෝ ද පික්පොකට් ආණ්ඩුව බලයට පත්කිරීමට ක්‍රියාකළහ. පික්පොකට් ආණ්ඩුව බලයට පත්කිරීමට බටහිරයන් හා ඉන්දීයයන් ක්‍රියා කෙළේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ ඊනියා රාජපක්‍ෂ රෙජිමය විනාශ කිරීමට ය. ඔවුහු සෝභිත හිමියන් ආදීන් යොදාගෙන දෙමළ ත්‍රස්තවාදය පරාජය කර රට නිල නොවන වශයෙන් ද එක්සේසත් කළ කතාව නොකියා ඊනියා යහපාලනයක් ගැන කතා කළහ. සෝභිත හිමියෝ ද එලෙස යමපාලනයට කර ගැසූහ. අද ද යහපාලනයක් ගැන කියමින් රනිල්ගේ පොලිස් මාෆියා කොට්ඨාශයක් ඇති කර රාජපක්‍ෂ හිතවාදීන්ගෙන් පළිගන්නා අතර දෙමළ ජාතිවාදයට කප්පන් දෙති. එමගින් නැවතත් දෙමළ ත්‍රස්තවාදයක් ඇති කිරීමට කටයුතු කරති. එ ජා පක්‍ෂයේ ඇත්තේ උපාසක උපාසිකාවන් පමණක් ද? ඔවුන්ට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා නැත්තේ එබැවින් ද? 

රනිල් මෛත්‍රිපාල අද බෙදී අවසන් ය. ඔවුන් බලයට පත්කිරීමට කටයුතු කළ පිරිස් අතරෙන් ඉතාමත් ද්‍රෝහි ව්‍යාජ පිළිවෙතක් අනුගමනය කරන්නේ ජාතික හෙළ උරුමය හා ජනතා විමුක්ති පෙරමුණ ය. අද හෙළ උරුමය රනිල් විරොධී ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. ඔවුහු මෛත්‍රිපාල වෙනුවෙන් නොයෙකුත් කරුණු මත රනිල් විවේචනය කරති. එහෙත් ඔවුන් බලයට පත්කිරීමට ආධාර කෙළේ (ඔවුන්ගේ සහාය වැදගත් නොවීම වෙන ම කරුණකි) මෛත්‍රිපාල පමණක් නො වේ. ඔවුහු රනිල්ට ද ආධාර කළහ. රනිල් මෛත්‍රිපාල ආණ්ඩුවෙන් මේ දේ කරාවි යැයි ඔවුන්ට කල් තබා කීමට නොහැකි විණි නම් ඉන් කියැවෙන්නේ ඔවුන්ගේ දේශපාලනය වැරදි බව ය. ඔවුහු අද රනිල් අත්හැර යති. හෙට ඔවුන් මෛත්‍රිපාල ද හැර යෑමට ඉඩ ඇත. ඔවුහු අවස්ථාවාදියෝ ය. ඔවුන්ගේ ද මූල ඇත්තේ අවස්ථාවාදී ජ වි පෙ දේශපාලනයෙහි ය. ඔවුන්ට තම පාපයෙන් කර හැර යෑමට ඉඩ නොතබිය යුතු ය. මේ අවස්ථාවාදීන් දේශපාලනයෙන් අතුගා දැමිය යුතු ය.

රනිල් මෛත්‍රිපාල යමපාලනයට වක්‍ර ව ආධාර කළ ජ වි පෙ අද මුළුමනින් ම පික්පොකට් ආණ්ඩුවෙන් කර හැර යෑමට සූදානම් වෙයි. ඔවුහු ද අවස්ථාවාදියෝ ය. ඔවුන් වඩාත් බර මෛත්‍රිපාලට නොව රනිල්ට ය. එහෙත් ඔවුන්ට ද කර හැර යෑමට ඉඩ දිය නො යුතු ය. ඔවුන්ට ද දේශපාලන දැක්මක් නැත. ආණ්ඩුවේ සියළු පවුවලට ජ වි පෙරමුණ ද ජාතික හෙළ උරුමය ද වග කිව යුතු ය.

නලින් ද සිල්වා


2015 ජූනි 05

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.