Breaking
23 Feb 2025, Sun

රනිල්,මෛත්‍රී මේ දත කන්නේ මහින්ද නැත්තට ම නැති කිරීමටය

හෙට අනිද්දා පළාත් පාලන ආයතන විසුරුවා හැරීමට සූදානමක් වෙයි. බොහෝ පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වී ඇති අතර තවත් කිහිපයක නිල කාලය මාස කිහිපයකින් නිම වෙයි. මේ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ගත හැකි විකල්ප ක්‍රියා මාර්ග තුනක් වෙයි. පළමුවෙන් ම පළාත් පාලන ආයතන විසූරුවා හැර ඒ වෙනුවෙන් මැතිවරණ වහාම පැවැත්වීම ය. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය අනුව කළ යුතු යහපත් ම කාර්යය එය ය. එමගින් පළාත් පාලන ආයතනවලට තම නියෝජිතයන් පත්කර ගැනීමේ අයිතිය ජනතාවට හිමිවෙයි. 

දෙවනුව කළ හැක්කේ පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දිර්ඝ කිරීම ය. එමගින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට පහරක් එල්ල වේ යැයි කෙනකුට තර්ක කළ හැකි ය. එසේ වුවත් ඒ සඳහා අණ පනත් යටතේ අවසර තිබීමත් පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් ජනතාව විසින් පත්කරනු ලැබ තිබීමත් හේතුවෙන් එසේ කාලය දීර්ඝ කිරීම යම් ආකාරයකට යුක්ති යුක්ත කළ හැකි ය. අනෙක් අතට මහා මැතිවරණ සූදානමක් ඇති බැවින් හා එසේ මහා මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් ජනාධිපතිට හා අගමැති යන විධායක බලතල හවුල් කරුවන්ට තිබේ නම් මහා මැතිවරණයක් සමග පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වීම අවුලකට තුඩු දිය හැකි බැවින්, පළාත් සභා මැතිවරණ අවුරුද්කින් කල් දමා තිබෙන පළාත් පාලන ආයතන එලෙස ම පවත්වාගෙන යෑම රටට හා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර නොවන බව ජනතාවට එත්තු ගැන්වීම එතරම් අපහසු කරුණක් නොවනු ඇත. 

පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඇති තුන්වැනි විකල්පය ඒ ආයතන විසුරුවා හැර ලේකම්වරුන් යටතට පත් කිරීම ය. ඒ සඳහා ද විධිවිධාන ඇති නමුත් එය කිසි ආකාරයකින්වත් ප්‍රජාතන්ත්‍රවාදී යැයි කිව හැකි නො වේ.  ලේකම්වරු කිසිම අර්ථනිරූපණයක් අනුව ජනතා නියෝජිතයෝ නො වෙති. ඔවුහු වැටුප් ලබන රජයේ සේවකයෝ පමණක් ම වෙති. එවැන්නන් යටතේ පළාත් පාලන ආයතන ක්‍රියාත්මක කිරීමට පික්පොකට් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ කිනම් ප්‍රජාතන්ත්‍රවාදයකට එකඟ ව ද? 

අද පළාත් පාලන ආයතනවලින් අති විශාල ප්‍රමාණයක් ශ්‍රී ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයකින් සමන්විත වන බව කවුරුත් පාහේ දනිති. එමෙන් ම පළාත් පාලන ආයතන සඳහා මේ මොහොතේ මැතිවරණ පැවැත්වුවහොත් ශ්‍රී ල නි පක්‍ෂයේ මහින්ද කණ්ඩායම ජයග්‍රහණය කරන බව රනිල් වික්‍රමසිංහ මෙන් ම මෛත්‍රිපාල සිරිසේන ද දනියි. ඔවුන් දෙදෙනාගේ ම පොදු අපේක්‍ෂාව මහින්ද රාජපක්‍ෂ නැත්තට ම නැති කිරීම ය. ඒ සඳහා ඕනෑම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා මාර්ගයකට එළඹීමට ද ඔවුන්ට ලජ්ජාවක් හෝ බියක් හෝ නැත.සමස්තයක් ලෙස පළාත් පාලන ආයතන මහින්ද රාජපක්‍ෂ වටා ඇති බැවින් ජනාධිපති අගමැති විධායක යුවළ පළාත් පාලන ආයතන ලේකම්වරුන් යටතට පත්කර මහින්ද රාජපක්‍ෂ දුර්වල කිරීමට කටයුතු කරන බව පැහැදිලි ය. 

අද මෛත්‍රිපාල සිරිසේන කටයුතු කරන්නේ රනිල් වික්‍රමසිංහ හා බටහිරයන්ට හා ඉන්දීයයන්ට අවශ්‍ය ආකාරයට මිස අඩුම තරමෙන් ශ්‍රී ල නි පක්‍ෂයේ තම කණ්ඩායමට අවශ්‍ය ආකාරයටවත් නොවන බව පැහැදිලි ය. ශ්‍රී ල නි පක්‍ෂයේ බහුතරය බවට පත්වී ඇති මහින්ද කණ්ඩායමට අද පළාත් පාලන ආයතනවල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී  අයිතිය රැක ගැනීමට ද ඉදිර්පත් වීමට සිදු වී ඇත. එසේ කිරීමේ දී පෙනී යන ප්‍රධාන කරුණක් නම් මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂයට ම බාධාවක් වී ඇති බව ය. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ ඊනියා සභාපති වුව ද පක්‍ෂය රැකීමට වෙනුවට දුර්වල කිරීමට වෙහෙසෙයි. ඔහු කියන්නේ එකකි. කරන්නේ තවත් එකකි. ඔහු අඩුම තරමෙන් පක්‍ෂයේ සභාපතිත්වයෙන් ඉවත් කිරීම ශ්‍රී ල නි පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ  මූලික වගකීමක් බවට පත් වී ඇත.    

නලින් ද සිල්වා 


2015 මැයි 10

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.