Breaking
24 Feb 2025, Mon

දඩයම් කුමාරිහාමි මෛත්‍රීලපාලව අල්ලස් කොමිසමට ගෙන්නනු…

දඩයම් කුමාරිහාමි ‘දිල් රුක්ෂි ‘ මෛත්‍රීලපාලව අල්ලස් කොමිසමට ගෙන්නනු… මෙන්න ජනාධිපතිවරනයේදී විවිධ පක්ෂ වල හා කන්ඩායම්වල සහයොගය ලබාගැනීම සදහා  පොරොන්දු වූ පරිදි මහජන වියදමින් ලබා දුන් අල්ලස්….. 

1) පාර්ලිමේන්තු බහුතරයක් නොමැති, කිසිදා තනිව චන්දයක් දිනිය නොහැකි රනිල් වික්‍රමසිංහ අගමැති කිරීම

2) සුදු කොඩි බොරු කතාවක් ගොතා  සෑබෑ රණවිරුවන් යුධ අපාරාදකරුවන් ලෙස හංවඩුගසන්නට ජාත්‍යන්තරයට මග පෑදු  සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් කිරීම

3) හැරෙන හැරෙන පැත්තට දිව නැමන බලය වෙනුවෙන් අම්මා අප්ප උනත් විකුනන චම්පික රනවකට ඔහු ඉතා ආශා කරන විදුලි බල හා බලශක්තී ඇමති කම නැවත ලබා දීම

4) ක්‍රිකට් ගහනවා ඇරුනු විට ජීවිතයට කිසිවක් හරියට කලමනාකරනය කර නැති, අත් ගැසූ සියල්ල අනාගත්, පලපුරුද්දක් නැති අර්ජුන රනතුගට රටේ ආර්තිකයේ වැදගත්ම අමාත්‍යන්ශ වන වරාය හා ගුවන් ඇමතිකම දීම.

5) චන්ද පදනම දෙදරා ගොස් යන එන මං නැතිව සිටි, රනිල්ගේ වත්මන් අතකොලු, අනුර කුමාර දිසානායක ජාතික විධායක සභාවට පත්කිරීම

6) පක්ෂය විසින් එදා ප්‍රතික්ෂෙප කරන ලද, අද කිසිදු නිල චන්ද බලයක් නැති චන්ද්‍රිකා කුමාරනතුග ජාතික විධායක සභාවට පත්කොට, පක්ෂයේ අනුශාසක හා ව්‍යවස්ථා සම්පාදක මන්ඩල සභාපති ලෙස නව පත්වීමක් දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල සියලු තීරන ගැනීමේ  බලතල ලබා දීම

7) ගෙදර ගෑනීගේ වත් චන්දය නැති වික්‍රමබාහු කරුනාරත්න  ජාතික විධායක මන්ඩලයට පත්කිරීම

8) ශ්‍රී ලංකා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුවත් නොවන  හිරුනිකා ප්‍රෙමචන්ද්‍ර, සොලන්ගාඅරච්චි ප්‍රමුඛ බඩගෝස්තරයන් පස් දෙනෙකුට පක්ෂයේ ජෙෂ්ඨයන් නෙරපා ලබා ගත් මද්‍යම කාරක සභික තනතුරු ලබා දීම.

9) දස දහස් ගනනක් රණවිරුවන් හා සිවිල් වැසියන්   ජීවිත පූජා කොට 30 වසරක යුද්දයකින් පසු මහින්ද රාජපක්ෂ උදාර නායකත්වය හරහා දිනු මව්බිම ඊලාම්වාදීනට පාවා දෙමින් උතුරේ යුද කදවුරු ඉවත් කරන්නටත් දෙමල සන්ධානයේ පාක්ෂිකයන්ට එම ඉඩම් ලබා දීමට කටයුතු ඇරබීම

10) රනිල්ගේ සුලුතර ආන්ඩුව මාසයක් ඇතුලත කඩා වැටෙන බව දුටු විට එය වලකා ලීමට ශ්‍රී ලංකා පක්ෂයේ බඩගෝස්තර කරුවන් පිරිසක් හදුනාගෙන ඔවුන්ට ඇමතිකම් දී සුලුතර රජය ශක්තිමත් කිරීම

මීටත් වඩා අල්ලස් තවත් තිබේද?

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.