LNN SPY

එජාපයට යහපාලනය හා මෛත්‍රීපාල වහ වේ

මින් ඉදිරියට පැවැත්වෙන රැස්විම් සහ මාධ්‍ය සාකච්ඡා වලදි යහපාලනය සහ මෛත්‍රීපාල යන නාමය භාවිතා නොකර සිටින ලෙසට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදි තිබෙන බව එජාප අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

එජාප මහා ලේකම් කබිර් හෂිම් ගෙන්වා රනිල් වික්‍රමසිංහ මේ සම්බන්ධයෙන් පැහැදිලි කර ඇති අතර මින් ඉදිරියට දින 100ක් තුල ජනතාවට සහන දුන් බවත් එය කල හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂට උපරිමයෙන් මඩ ගසන ලෙසත් දන්වා තිබේ.

මේ අතර මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන අතර සිදුවු සාකච්ඡාවෙන් පසුව එජාපය තුල අර්බුද රැසක් මතුවි ඇති අතර යලිත් වරක් රනිල්ට එරෙහිව පක්ෂය තුල ක්‍රියාත්මක වු කල්ලියද යලි සාකච්ඡා ආරම්භ කර තිබෙන බවද ඔහු සදහන් කළා. 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top