Breaking
23 Feb 2025, Sun

දන්නවද මේ කවුද කියලා? නම රොහාන් වැලිවිට. සිනමා සහ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයෙක්. මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් කථිකාචාර්ය තුමෙක් ලබා දුන් තොරතුරු අනුවයි මේ දේවල් හෙළි කරන්නේ. සාමාන්‍යයෙන් මහින්ද පාක්ෂිකයින්ව විවෙචනය නොකිරීමේ සම්ප්‍රදායක් මට තිබුණත් මොහු ඇත්තටම මහින්ද පාක්ෂිකයෙක්දැයි යන පැනය මේ ටික කියවීමෙන් ඔබටත් ඇතිවේවි.

මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පසුගිය කාලයේ පැවැත්වුණ නුගේගොඩ, මහනුවර සහ රත්නපුර රැළි සජීවීව විකාශය කිරීම බාර ගෙන තිබුණේ මොහුයි. ඊට අමතරව මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මාධ්‍ය නිවේදන කරනුද දක්නට ලැබුණා.

මොහු මාධ්‍යය සම්බන්ධීකාරක වරයෙක් වශයෙන් මාධ්‍ය වෙත නිවේදන නිකුත් කළද මහින්ද රාජපක්ෂ මහතා මොහුව නිල වශයෙන් තවමත් සම්බන්ධ කරගෙන නෑ.

පසුගිය ජන රැළි තුනම මොහුගේ චන්ද්‍රිකා රූපවාහිනී සේවාව හරහා සජීවීව අන්තර්ජාලයේ විකාශය කරද්දී ඒවා ඇණහිටීම් දක්නට ලැබුණා. See This එසේ වූයේ රජයෙන් කරපු යම් බාධාකිරීම් නිසා නිසා හෝ මොහුගේ අඩුපාඩු / නොසැලකිල්ල නිසා හෝ නැතිනම් මොහු සිතාමතාම කළ වැඩක් නිසා විය හැකියි. ඒ කෙසේ වුවද එහි වගකීම ඇත්තේ මොහුටයි.

යම් විදිහකින් රජයෙන් වීඩියෝ බ්ලොක් කිරීම් සිදුකළද අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවයක් යොදාගනිමින් ඇනෝනිමස් ප්‍රොක්සි සර්වර් එකක එන්ක්‍රිප්ෂන් එකක් හරහා වීඩියෝ ලයිව් ස්ට්‍රීමිං කිරීමට හැකි විය යුතුයි. සැටලයිට් ටීවී එකක් තිබෙනවා කියන කෙනෙකුට ඒකවත් කරගැනීමට නොහැකිනම් ඇති පලේ කුමක්ද?

“තිනෙත” නමින් ටීවී එකක් මීට පෙර ඔබ අසා තිබෙනවාද? ඒක බලන කෙනෙක් ලංකාවේ නෑ. ඔහු ඒක ප්‍රචාරය කරගන්න යොදා ගත්තේ මහින්ද මහතාගේ රැළියයි. එම විකාශය යම් හේතුවක් මත නතර වු පසුව රොහාන් වැලිවිට සිදුකළේ තම නාලිකාවේ ප්‍රචාරක දැන්වීම් පළ කිරීමයි. මෙන්න See This අපේ මිනිස්සු පුද්ගලික කටයුතු පවා අතපසු කරගෙන මහින්ද මහතාට සහාය දක්වද්දී, මේ මනුස්සයා එතුමාගේ රැළිය පවා විකුණමින් සිදුකළේ බිස්නස් එකක්. ඔන්න අඩුම තරමින් කොහොම හරි ඒක විකාශය කළානම් තව කමක් නෑ.

මොහුගේ ඉතිහාසය එතරම් හොඳ තත්ත්වයක නෑ. මොහුගේ පුතා සහ තවත් ගැහැණු ළමයෙක් අතර පලහිලව්වක් වී අවසානයේදී පුතා විසින් එම ගැහැණු ළමයාව පැහැර ගැනීමට තැත් කරන අතර එහිදී ඔහුගේ පුතාව අත් අඩංගුවට පත් වෙනවා. එවිට මෙම රොහාන් වැලිවිට එවකට මහින්ද මහතාගේ මාධ්‍ය සම්බන්ධීකාරක තනතුරේ නම යොදවා පුතාව නිදහස් කරගන්නවා.උපුටා ගැන්ම මොහුට මහින්ද ගැන කැක්කුමක් තිබුණානම් කළ යුතුව තිබුණේ එදිනම තම තනතුරෙන් ඉල්ලා අස් වීමයි. එහෙත් මොහු කළේ මහින්දව ඇපේට තබා පුතාව බේරා ගැනීම. කෙසේ හෝ එම සිද්ධිය මහින්ද මහතාගෙන් වසං කිරීමටත් තම මාධ්‍ය තනතුරේ සබඳතා යොදා ගත්තා. පසුව මෙය දැනගත් මහින්ද මහතා මොහුව ඉවත් කරනවා. එවිට විපක්ෂ මාධ්‍ය මගින් මහින්ද මහතාට මඩ ගසා අවසන්.

රොහාන් වැලිවිට මීට පෙර චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග වැඩ කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසුවද චන්ද්‍රිකා සමග සාදයකටද සහභාගී වුණා.

ඊට අමතරව මොහු බැසිල් රාජපක්ෂගේ ගජ යාලුවෙක්. විවෘත කිරීම් ආදිය සිදුකළේ දෙන්නා එකට.

මොහු චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. කිසියම් කාන්තාවකට ප්‍රධාන චරිතය දීමටනම් ඒ සඳහා මොහු ලිංගික අල්ලස් ලබා ගන්නා බවට ක්ෂේත්‍රයේ අය අතර කතාවක් පවතිනවා. ඉතින් එවන් චෝදනා සහිත පුද්ගලයෙක්ව මහින්ද මහතා අසලට ඒමට හැදීම කිසි සේත්ම සුදුසු නෑ.

සී එස් එන් නාලිකාව ආරම්භයේදී රොහාන් වැලිවිට ඊටත් සම්බන්ධ වී තිබෙනවා. එහිදී මොහුට භාර දුන් පළමු ව්යාසපෘතිය අසාර්ථක වුණා. ඒ විතරක් නෙමෙයි එයට ලබා ගත් මුදල් වලටත් වුණ දෙයක් නෑ. සී එස් එන් නාලිකාවට ලැබුණ දෙයකුත් නෑ. එනිසා මොහුව සී එස් එන් ආයතනයෙන් ඉවත් කරනු ලැබුවා.

වස්සානයේ සෙනෙහස චිත්‍රපටය විකාශය කිරීමට නොහැකි වූයේත් මෙම රොහාන් වැලිවිටගේ අකාර්යක්ෂමතාවයක් නිසයි. පහත ලිපියේ ඒ ගැන දැක්වෙනවා. එවන් පුද්ගලයෙක්ට තීරණාත්මක අවස්ථාවක මාධ්‍ය සම්බන්ධීකරණයකට සුදුසු ද?

මොහු මාධ්‍යවේදීන්ට දක්වන උද්ධච්ඡ ස්වභාවය නිසා බොහෝ මාධ්‍යවවේදීන් මොහු සමග අමනාප වී සිටිනවා. නිකරුණේ මිනිස්සුන්ට බැනීමත්, මොහුගේ මෝඩ කම නිසාත් අනිත් අය රුස්සන්නේ නෑ.

වෙනකක් තියා පසුගිය දවසක යහපාලනය එපා වූ විශ්ව විද්‍යාල ක්‍රියාකාරී තරුණ පිරිසක් පැමිණ මහින්ද මහතාව මුණ ගැසීමට අවශ්‍යයි කියනවා. එහිදී රොහාන් වැලිවිට මැදට පැන එම තරුණයින්ව ආපසු හරවා යැවූ බවකුයි දැනගන්න ලැබුණේ.

පසුගිය කාලයේ මහින්ද මහතා සහ සමහර මාධ්‍යවේදීන් අතර විරසකයට මොහු බලපෑවා. ඉතින් මොහු නිසා නැවතත් මාධ්‍යවේදීන් මහින්ද මහතාගෙන් විරසක වෙනවාට අප කැමති නෑ.

රොහාන් වැලිවිට වතාවක් ජයන්ත වික්‍රමසිංහ සහ ඔහුගේ ආමි එකේ පුතාගෙන් ගුටි කා ඇපලෝ රෝහලටත් ඇතුළත් වෙනවා. ඊට හේතු වී තිබෙන්නේ රොහාන් වැලිවිට සිදුකරන ලද වංචාවක්.  ඒ වගේ වංචාකාරයෙක් මහින්දට ලං වෙන්න හදන්නේනම් හොඳකට නෙමේ.

මෙච්චර දේවල් කරලත් මොහු මහින්ද රාජපක්ෂ මහතාට සමීප වීමට හදන්නේ නම හෙළි කළ නොහැකි ජේෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරියෙකුගේ හයියෙනුයි. එතුමා මෙය දකිනවානම් ඔන්න ඔබතුමාට අනතුරු අඟවන්න කැමතියි, මේ මනුස්සයා දවසක ඔබතුමා ගොඩ නගා ගත් කීර්ති නාමයත් උගස් කරනවා.

මහින්ද මහතාට වැඩ කළ බොහෝ අය තම ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරලා අන්තිමට කළේ එතුමාට වල කපපු එක. එහිදී මහින්ද මහතා ඒ ගැන ක්‍රියාමාර්ගයක් අරන් විනයානුකූලව කටයුතු කරන්න ගියාම කරන්නේ අනිත් පැත්තට පනින එක. ඒ වගේ පාවාදීම් යළිත් සිදුවෙනවාට අපි කැමති නෑ. රොහාන් වැලිවිට යනු සේවයක් කරන කෙනෙක් නෙමෙයි, බිස්නස් කාරයෙක්.

මොහු දක්ෂයෙක් නම් (ඔය දයාන් ජනතිලක වගේ) ඔන්න මොන විරෝධතා තිබුණත් අපි ඒවා නොසලකා හරිනවා. ඒත් මොහුගේ ඇති දක්ෂතාවය කුමක්ද? මොහු අන්තර්ජලය ගැන හෝ බ්‍රෝඩ්කාස්ටිං ගැන දන්න දෙයක් නෑ. මොහුට සැටලයිට් ටීවී එකක් තියෙනවා කිව්වත් ඒක බලන්නේ ඔහුයි ඔහුගේ කාර්ය මණ්ඩලයයි විතරයි වගේ.

කොප්ටර් කැමරා තියෙන නිර්මාණශීලී තරුණයින් ස්වෙච්ඡාවෙන්ම මහින්ද මහතාට කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව උදව් කරන හැටි අපි දැක තිබෙනවා. රොහාන් වැලිවිට වගේ අදක්ෂයින්ට ඉඩ දීමෙන් අර ස්වෙච්ඡාවෙන් වැඩ කරන දක්ෂ තරුණයින් පවා කළ කිරෙනවා.

මේ වෙලාවේ මිනිස්සු මහින්ද මහත්තයාට එක් වන්නේ වටේ ඉන්න කවුරුවත් නිසා නොවෙයි, “මහින්ද කියන්නේ නමක් නොව රටක් නිසයි”. එහෙව් එකේ රොහාන් වැලිවිටව තවදුරටත් තියාගෙන ප්‍රශ්න ඇතිකරගත යුතු නෑ…!

මේ දේවල් පුද්ගලිකව මහින්ද මහත්තයාට කියන්න තිබුණානම් තමයි හොඳ. ඒත් මට එතුමාව ඕන ඕන වෙලාවට මුණ ගැසීමට නොහැකියි. එනිසා එතුමාව නිතර හමුවෙන මහත්මයින්ගේ අවධානයට යොමු වේවා.

මේක කියවා ටොයියන් ෆෝම් වෙන්න ඕනෑ නෑ. යහපාලනයට එක් වී සිටින මර්වින් සිලවා, ඩඩ්ලි සිරිසේන, දුමින්ද සිල්වා, එස් බී දිසානායක ආදීන්ගෙන් මෛත්‍රීපාලට ප්‍රවේශම් වන ලෙස ලිපියක් ලිව්වොත් එය මෙගාබයිට් සිය ගාණක ලිපියක් වේවි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.