Breaking
23 Feb 2025, Sun

මහින්ද විරෝධී මඩ පොත ලිව්වේ මෛත්‍රී කියපු විදියටයි….ගහන්නේ පොරොවෙන්ද? උදෑල්ලෙන්ද තින්දුව ඔබ සතුයි!

මේ ගැනත් සිතන්න පක්ෂය රැකගෙන්න” යනුවෙන් මහින්ද විරෝධී මඩ පොත මුද්‍රණය කිරිමේ කණ්ඩායම සහ  එම පොතේ අතුරුදහන්ව සිටි කතෘ අධිකරණයට අපහස කර සිරගත වු,පසුගිය ජනාධිපතිවරණ සමයේ චන්ද්‍රිකාව නිර්වස්ත්‍ර කරන බවට කඩප්පුලි කතා කී එස්.බි දිසානායක බව අනාවරණය කිරිමත් සමග අද සවස ලංකාවේ මාධ්‍ය හරහා එහි වගකිම බාර ගැනිමට  කඩප්පුලි එස්.බි දිසානායක කටයුතු කර තිබේ.

මාධ්‍ය හමුවේ කඩප්පුලි එස්.බි අනාවරණය කර ඇත්තේ ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදේස් මත තමන් එම පොත ලියු බවත් ඉන්පසු තමන් ඇතුලු කණ්ඩායමක් එය මුද්‍රණය කර බෙදාහැරීමට කටයුතු කල බවයි.

ඡන්දයට කලින්  හැම දේම  බැරි වී ඇති සිරිසේන දැන් ඡන්දය ඉල්ලීමට ඉදිරිපත් වී ඇති බවට තැන තැන ප්‍රසිද්ධියේ කී  කඩප්පුලි එස්.බි දිසානායකම යොදා ගනිමින් මෛත්‍රීපාල සිරිසේන රටට දි ඇත්තේ මරු ආදර්ශයකි.

දැන් ඒ  කඩප්පුලි එස්.බි දිසානායක උත්සහ කරනුයේ එදා එක්සත් ජාතික පක්ෂයට කල දේ අද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට කිරිමටය.මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට මඩ ගසා එතුමාව අපකිර්තියට පත් කිරිමටය.හැබැයි  කඩප්පුලි එස්.බි දිසානායකට පොඩ්ඩක් වැරදි ඇති බව මතක් කර දියයුතුය.

රනිල් වැනි දෙකටම නැති නායකයෙකුට දෙකට කැඩෙන්නට ගැසුවාට…හැමදාම රෑ වෙනකම් විස්කි ගසා දවල් වෙනකම් කාටහෝ ගුලී වි නිදියා ගත් විස්කි ලතාට එලව එලවා ගැසුවත්….ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පිං අගමැතිවරයා ඉදිරියේ බොලා වැනි කඩප්පුලියන් සමග දෙකට නැමු මෛත්‍රීපාල සිරිසේන වැනි අය අල්ලේ නැටවුවද මහින්ද රාජපක්ෂට එවැනි සෙල්ලම් දැමිමට රටේ ජනතාව ඉඩ නොතබන බව  කඩප්පුලි එස්.බි දිසානායක  මතක තබාගෙන ජිවත් විම හොද බව අප මතක් ර දෙන්නෙමු.

දිසානායක මුදියන්සේලාගේ සුමනවීර බංඩාර දිසානායක හෙවත් එජාප කොන්ත්‍රාත්තුවක් අරගෙන  ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරිමට කටයුතු කරන ශ්‍රිලනිප ප්‍රභාකරන් හඟුරන්කෙතදි පරාජය වන දිනය වැඩි ඇතක නොවේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.